A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඉතිරි වී ඇති අන්තරය හා නජිත් ඉන්දික


ලංකාවේ ශත්තිමත් ගොවි-කම්කරු-ධීවර පංතියක් නොමැති වුව එම ප්‍රජාවන්ගේ දරුවන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තු සැමවිටමත් දැල්වේ. එහි ශක්තිමත් බව හා කැපකිරීම්  අතීතයේ විටින් විට ඔප්පු කර ඇති අතර එහි තීරණාත්මක ඉම වූයේ ජවිපෙ මූලිකත්වයෙන් දකුණේ පැන නැඟුණු 87-89 අරගලයයි. එම ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවා වූයේ අන්තරයයි. එමෙන්ම තවමත් එවන් ශිෂ්‍ය ව්‍යාපරයක් ගැන කිසිවෙකු කතා කරන්නේ නම් ඒ වෙනුර-බාලේ-ත්‍රීමා ගේ අන්තරයයි. ඒ අන්තරයට නජිත් ඉන්දික නම් වූ වෛද්‍ය ශිෂ්‍යයෙකු නව කැඳවුම්කරු වශයෙන් පත්ව තිබේ.

ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව ගැන කවුරු කෙසේ සඳහන් කළ ද එවකට අන්තරය සතු වූ ශක්තිය, ජවය හා විශ්වාසනීය බව මේ මොහොතේ එය සතුව නැත. කොළඹ, යාපනය  හා මොරටුව පමණක් නොව එහි බලය පවත්වාගෙන සිටින අනෙකුත් සරසවි වල පවා වරෙක අන්තරය යනු අධ්‍යාපනයේ ගැලවුම්කරු වශයෙන් පවත්වාගෙන සිටි ප්‍රතිභාව අධ්‍යාපනයේ කඩාකප්පල්කාරයා දක්වාම බොහෝ විට පහත වැටී ඇත. සමාජ ඛේදවාචකයම එහි ප්‍රතිනිර්මාණය වන නමුදු හැමවිටම සමාජයට වඩා ඉදිරිගාමී ව සිටි ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්වයට පත්වීමට 90 දශකයෙන් පසු ජවිපෙ හා මේ මොහොතේ පෙසප ද වගකිවයුතුව ඇත. එහි ආසන්නම නිර්ලජ්ජිත ස්වභාවය නජිත් ඉන්දික අන්තරයට පත් කිරීමට යෑමේ දී සිදු වූ ජවිපෙ-පෙසප කුමන්ත්‍රණය පසුගිය දා අන්තර්ජාලයේ තැනින් තැන පළ වී තිබුණි. එය ශිෂ්‍ය ව්‍යාපාරයක් සඳහා නායකයෙකු පත් කරගැනීමට වඩා වූයේ  පෙසප විසින් තමන්ගේ බලය අන්තරය තුළ රැක ගැනීමේ හා ජවිපෙ තමන්ගේ බලය අන්තරය තුළ නැවත ලබා ගැනීමේ ප්‍රාථමික දේශපාලන උගුලක් ලෙසිනි.

අන්තරයට සැමදාමත් තිබුණේ වාමාංශික භාවිතාවකි. ඊටත් වඩා රාජ්‍ය කප්පාදුවන්ට හා රාජ්‍ය මර්ධනයට එරෙහිව ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමේ හැකියාවකි. සමාජ අරගලයන් හීදී සමාජයට වඩා ඉදිරියෙන් සිටීමට හෝ ඒ හා බද්ධව අරගල කිරීමේ ශක්තියකි. අතීතයේ අන්තරයට ජවිපෙ නැඹුරුවක් තිබුණ ද එහි නායකත්වය ජවිපෙ අතකොළු නොවූ බොහෝ අවස්ථා තිබුණි. (සුදත් ගැන කථා කිරීම වෙනම මාතෘකාවක් නමුදු එවන් නායකත්වයක අවසාන පුරුක වූයේ සුදත් අලහකෝන් සහෝදරයායි. ඔහුගේ පරිණත නායකත්වයයි). නායකත්වයේ බලය තමන් සතු වූවද  වූවද එය වෙනස්ම ධාරාවක් ලෙස පක්ෂයට සමාන්තරව ගමන් කිරීමට ජවිපෙ ඉඩහැර තිබුණි. මක් නිසාද යත් එහි ශක්තිය ජවිපෙ නායකත්වය එවකට මැනවින් දැන සිටි බැවිණි. එබැවින් ම එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට හෝ සටන්පාඨ වලට කෙළින්ම මැදිහත් නොවී ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පමණක් මැදිහත් වීම නිසාවෙන් අන්තරයට බහුතරයක් ශිෂ්‍ය ප්‍රජාවකගේ ආදරය ද ගෞරවය  ද නිතැතින්ම හිමිවිය.

සුදත්ගෙන් පසු අන්තරය යනු එවකට ජවිපෙට මේ මොහොතේ පෙසපට ද විවෘතව ම තමන්ගේ බලය පෙන්වීම සඳහා වූ අතකොළුවකි. බේදවාචකය වන්නේ ජවිපෙ හා පෙසප පටු දේශපාලන මතවාදයන් මේ මොහොතේ ඉතිරි වී ඇති අන්තරය තුළින් නිර්ලජ්ජී ලෙස ඉස්මතු වීමයි. ප්‍රබල සටන් පාඨ තේරීමේ දී හැමදාමත් දැඩි විනයක් ද ශක්තියක් සතු වූ අන්තරයට අද දවසේ පෙසපේ ලසිත් (පුබුදු හෙවත් ගැටළුවා) සහෝදරයාගේ ප්‍රාථමික හා ලාබ දේශපාලණ උපක්‍රම මතැ යැපීමට සිදුව ඇත. නජිත් ඉන්දික ගේ පැමිනීමට පෙරාතුව පසුගිය ජනවාරි 27 පැවති “නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි“ සිසු ජන පෙලගැස්ම මෑතකම උදාහරණයයි.  පෙසපේ උවමනාවට මෙවැනි ප්‍රධාන ධාරාවේ අසාර්ථක දේශපාලන නිමිති තෝරා ගැනීමට පළමුව අන්තරය මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ශිෂ්‍ය ප්‍රජාව අතර ගිලි හී ඇති විශ්වාසය දිනාගැනීම, සිසු සටන් සඳහා දෙමාපියන්ගේ සහයෝගය දිනාගැනීම හා සරසවි පාලන අධිකාරිය හා උරෙන් උර සටන වැදිය හැකි ජවයක් ගොඩනැඟීමයි.

පසුගියදා ලක්බිම පුවත් පතෙහි නජිත් ඉන්දිකගේ සාකච්චාවේ දී සඳහන් කළ පරිදි තමන් මාක්ස් ලෙනින් වාදියෙක්ය වෛද්‍ය වෘත්තියට වඩා  දේශපාලනය කිරීම වැදගත්ය වැනි දිලිසෙන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ පරාජිත හො පහසුවෙන් අතහැර දමන අරගල වෙනුවට (අන්තරය විසින් ලසිත්ලාව මෙහෙයවූ යුගයේ දී මොරටුව සරසවියෙන් එන්ඩීටී පාඨමාලාව ඉවත් නොකිරීම ට තරම් ශක්තියක් එහි වූව ද ලසිත්ලා විසින් අන්තරය මෙහෙයවන කල් හී එන්ඩීටී පාඨමාලාව මොරටුව සරසවි භූමියෙන් ඉවත්කර ගෙන යාමට සිදු වීම එක් උදාහරණයකි) ජයග්‍රහණයෙන් කෙළවර කරගත හැකි ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැඟීමයි. එහි වූ ප්‍රෞඪත්වය හා ගෞරවාන්විත බව නැවත ඇතිකර ගැනීමයි. තමන්ගේ දේශපාලන මතවාදයන් බැහැර කර තමන්ගේ දේශපාලන ගුරුන් මඟහැර එහි ඉත්තෙකු නොවී බලය ලැබුණු මේ මොහොතේ නජිත් ඉන්දික සතුවිය යුත්තේ එම අභියෝගයයි. එවන් නායකත්වයක් සඳහා අපගේ ආශිර්වාදය ද හිමි වෙයි.

එහෙත් තමන්ගේ උපාධිය අවසන් නොකිරීම පටන් ගත් තැනම ප්‍රකාශ කරන ශිෂ්‍ය නායකයෙකු (අරගලය විසින් අවසානය වෙනස් ලෙස තීන්දු කිරීම වෙනමම කතාවකි) වේ නම් ඔහු කෙරහි විශ්වාසය තබන්නට කිසිවෙකු නොවන බව තේරුම් ගන්නට උසස් පෙළ සමත් විය යුතු නොවේ. එය එසේ වෙනතාක් කල් එස්බී වැනි වාචාලයන්ට හා සරසවි පාලකයින්ට අන්තරය යනු විභාග පාස් වෙන්න බැරි කාලකණ්ණි පිරිසකගේ කණ්ඩායමක් වශයෙන් හැඳින්වීමට අපහසුවක් ද නොවේ (එසේ පැවසීම සැළකිය යුතු කාරණාවක් යැයි අපි නොඅදහමු). එමෙන්ම තමන්ගේ දේශපාලන සගයින් පමණක් වටකරගත් හුදෙකලා ශිෂ්‍ය කණ්ඩායමක නියමුවෙක් වී අවසානයේ පෙසප හෝ ජවිපෙ පටු දේශපාලනයේ තවත් ගොදුරක් ව ඔවුන්ගේ තවත් එක් පළාත් සභා හෝ මහා මැතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් සමාජගත විම පමණක් ම අනිවාර්‍යවේ.

9 comments:

  1. මාලක සිල්වා මැතිතුමා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් , ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාල ආකෘති තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක කළේ. අලුතින් ගහපු බිල්ඩින් පවා ඒ මොඩ්ල් එකේ. දැන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් පවා විදේශ සිසුන් එනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න. ඒ තරමට අපේ අධ්‍යාපනය ලෝකේ ඩිමාන්ඩ්.

    එතකොට අන්තරේ ඒවාට විරුද්ද උනේ නැද්ද ?

    හොක්... හොක් ...හොක් ..අන්තරේ නේද ? බලන්න පුතා අර බී එම් ඩබ්ලිව් එකේ ඇවිත් බැහැපු ටයි එකක් දාගත්ත පොෂ් කොල්ලා බස බස ගලා ඉංග්‍රීසියෙන් දේශීය විදේශීය සරසවි සිසුන්ට කථා කරන හැටි. ඊයේ කැන්ටිමේ දුන්න මෙක්සිකන් ෆුඩ් වල ලුණු ටිකක් මදි වෙලා , ඒකට විරෝධය පළ කරනවා . එයා තමයි අන්තරේ කැඳවුම්කරු.

    වෙන්න බැහැ , ඒ කාලේ හිටියේ හිඟන ලුක් එක තියන, කෙට්ටු , කළු මුනේ සිරියාවක් නැති ක්‍රෝධය , හීනමානය ඔළුවට ගහපු , යටි ගිරියෙන් කෑ ගහන .........

    හරි හරි සමාජය වෙනස් වෙනවා .... දැන් ඉන්නේ පොෂ් කොල්ලෝ සෙට් එකක් ,

    ReplyDelete
  2. ලූප්හෝල්ස්ට තිබෙන්නේ කුහකකම විනා නිර්ව්‍යාජ වමේ භාවිතාවක් නොවන බව පෙන්වන ඉතා අනගි උදාහරණයකි මේ සටහන. ලූප්හෝල්ස්ගේ තර්කය වන්නේ - ඒ කාලයේ අවිශිබම මාරයි දැන් ඒක පෙසප-ජවිපෙ අතකොලුවක් වී තිබේ - යන්නය. එතනදී ඔහු අවිශිබම පොදු ප්‍රශ්න ගැන කථා කරන්ට වීම නිශේධනීය දෙයක් ලෙසත් සිසු ගැටලු ගැන විතරක් කථා කිරීම ශිෂ්‍ය ප්‍රජාවගේ සහය දිනාගත හැකි හොද දෙයක් විදිහටත් දකී. අපි එකින් එක විමසමු.

    1. // පොදු ප්‍රශ්න // අවිශිබම පසුගිය වසර 2ක පමණ කාලය තුල සිය දැක්මේ සැලකිය යුතු වෙනසක් සිදුකරගෙන තිබෙන අතර සිසුන්ගේ ප්‍රශ්න සමාජයේ ප්‍රශ්න වලින් වෙන් කල නොහැකියි කියන පදනම උඩ පොදු ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කිරීමේ වැඩි නැඹුරුවක් දක්වමින් ඇත. වෘත්තීය සමිති සහ වෙනත් බහුජන සංවිධාන සමග ගනුදෙනු වැඩි කරගැනීම එහිදී ගත් එක් පියවරකි. ශිෂ්‍ය ගැටලු ගැන විතරක් කථා කරමින් සමාජයේ සෙසු ප්‍රශ්න නොතකා හැර සිටීම ඇත්තටම පොදු ශිෂ්‍ය මනෝභාවය තුල තිබෙන නිශේධනීය ලක්ෂණයකි. උදාහරණයක් විදිහට පුද්ගලික විවි වහන්න කථා කරන වෛද්‍ය ශිෂ්‍යයෝ සමාජයේ ප්‍රශ්න ගැන සංවේදී නොවීම දැක්විය හැක. ශිෂ්‍ය ව්‍යාපාරයට මේ තත්වයට අතික්‍රමණය කරමින් තමා නායකත්වය දෙන බලවේගය සාධනීය පැත්තට වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුය. ඒ නිසා අවිශිබම පොදු ප්‍රශ්න ගැනත් කථා කරන්ට පටන් ගැනීම හොද දෙයකි. අනෙකාගේ ප්‍රශ්න ගැන කථා කරන තරමට පටු අනන්‍යතා දේශපාලනයකට නතු නොවී ශිෂ්‍ය ව්‍යාපාරය කරන දේශපාලනය පුලුල් වේ. අනික 80 ගණන් වල පොදු ප්‍රශ්න ගැන අවිශිබම කථා කලේ නැහැ කියන එක පට්ටපල් බොරුවකි. අවිශිබම පෞරුෂය තිබ්බා කියා ලූප්හෝල් කියන යුගයේ අවිශිබම පැහැදිලිවම සමාජයේ පොදු ප්‍රශ්න වලදී පෙනී සිටි අතර ( ඒවායේ සාධනීයතා හා නිශේධනීයතා වෙනම සාකච්ඡා කළ හැක) ජවිපෙ - අවිශිබම සම්බන්ධයත් ඒ කාලයේ එලෙසම තිබුණි.

    2.//කොළඹ, යාපනය හා මොරටුව පමණක් නොව එහි බලය පවත්වාගෙන සිටින අනෙකුත් සරසවි වල පවා වරෙක අන්තරය යනු අධ්‍යාපනයේ ගැලවුම්කරු වශයෙන් පවත්වාගෙන සිටි ප්‍රතිභාව අධ්‍යාපනයේ කඩාකප්පල්කාරයා දක්වාම බොහෝ විට පහත වැටී ඇත. //

    එස්.බී. දිසානායකගේ වචන ලූප්හොල් ගේ කටින් පිටවීම සිනහ උපදවන සුලු ඛේදවාචකයකි. මේ වනවිටත් රජරට ගලහ හංදියේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපවාස කෙරෙමින් ඇත.ඒවාට ගිහින් බැලුවොත් අවිශිබම කරන්නේ කඩාකප්පල් කරන එකද කියා දැනගන්නට පුලුවන. ලුප්හෝල්ස් රට ඉන්න නිසා ඒක කරන එක ටිකක් අමාරු බව දනිමි. ලංකාවේ ඉන්න කෙනෙක්ගෙන් වත් ෆස්ට් හෑන්ඩ් තොරතුරු අරගෙන ඒ ටික හොයාගන්න.

    3.ඊලග කරුණ අවිශිබම නිර්දේශපාලනික විය යුතු බවට මොහු කියන කථාවයි. මට අනුව නම් අවිශිබම තව තවත් දේශපාලනික විය යුතුය. නව ලිබරල්වාදයේ ප්‍රශ්නය අවිශිබම සාකච්ඡාවට ගන්නවා නම් එය ඉතා හොද දෙයකි. රාජ්‍යය ගැන මාක්ස්වාදී අදහස අවිශිබම පසුගිය කාලයේ විවි තුල සංවාදයට ගත්තේය. ශිෂ්‍යයා සමග දේශපාලන සංවාදයක් ගැනීම ඉතාමත් සාධනීයය. අවිශිබම නව ලිබරල්වාදය ගැන කථා කරන කොට ලූප්හොල්ස්ට රිදෙන්නේ ඇයිද කියා තේරුම් ගැනීම අමාරුය. මෙතන තියෙන්නේ ගහන්න ඕනෙ උනාම අහුවෙන ඕනෑ එකකින් ගහන න්‍යායයය. නජිත් සහෝදරයා ඊනියා උපාධිය අත් හැරිම ගැන කියන කථාව ද එවැන්නකි. වෛද්‍ය උපාධිය අතැර ඔහු අවිශිබම තෝරාගන්නේ ඔහු මුලු ශරීරයෙන්ම දේශපාලනය කරන නිසාය. ධනේශ්වරය විසින් ලබාදෙන පුහු වටිනාකම් අතැර කොමියුනිසට්වාදී දේශපාලනය තෝරාගැනීමට ඔහු සූදානම්නිසාය. ඒ තෝරාගැනීම ලූප්හෝලස්ගේ සුලු ධනේශ්වර මනෝභාවයට සෑහෙන්ට රිදවා ඇති බව පෙනේ. සීතල රටවල ඉද්දී සමහරව විට මිනිස්සු ශාරීරිකව මෙන්ම මානසිකවද 'අල' වෙනවාය. ලූප්හෝල්ස්ට ඒ දෙය සිදුවී තිබීම කණගාටුවට කරුණකි.

    - පරණ යාලුවෙක්

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි.යකොඅ එතකොට මුගෙ දෙමව්පියො දෙන්න මුව මෙතනට ගේන්න වින්ද දුක්.එවත් එතකොට
      // ධනේශ්වරය විසින් ලබාදෙන පුහු වටිනාකම් // ද??

      Delete
    2. ඊලගට , මු මේ වෙනකන් ඉගෙන ගෙන තියෙන්නේ මුන්ම ගිරිය කඩාගෙන බේරගන්න හදන "නිදහස් අධ්‍යාපනෙන" නේද..
      එතකොට එවත්...
      // ධනේශ්වරය විසින් ලබාදෙන පුහු වටිනාකම් // ද??

      Delete
    3. ඊටත් පස්සෙ දන් මුට මේ 'අවිශිබම' කියන කෙනයි' නව ලිබරල්වාදය' කියන කෙනයි එකතු වෙලා කරල තියෙන්නේ..
      ඉගෙන ගැනිමේ අයිතිය කියන,සිසු අයිතිය කප්පාදු කිරීම නෙමේද??

      Delete
    4. "parana yaluwa" well said.....and i agree … Loop hole should ask himself when he writing, how to not to be ALA and not collaborate with state terrorism within his words………

      student movement do not have a historical background of collaborating with various traitors ex : ‘wimlasiry gamlath’.
      Please avoid simply giving moral lessons to them...Loophole, you not in the position to pass judgement on anyone.

      Delete
  3. If you give up the degree you lose the student mind-set on the spot. Then you use the university undergraduates only for attaining your political agenda. IUSFSL should fight only for student rights and fight for only the oppression of the regime /the admins and build a strong student movement which can control JVP/FSP or any political party in the country. IUSFSL should be the driving force not the red political parties. Setting ahead such a low-cost politics Najith Indika will be another political victim.

    ReplyDelete
  4. සුදත් අලහකෝන් ගේ කාලයේ ජාතිවාදයෙන් තොරව ජාතික චින්තන කාරයන්ගේ ජාතිවාදය පරාජය කරන්න කටයුතු කරපු අන්තරය 94 න් පස්සේ යලිත් සිංහල ජාතිවාදයට තල්ලු කරනු ලැබුයේ අද දෙමළ ජනයාගේ කපටි ආරක්ෂකයා වන ප්‍රේම කුමාර් ගුණරත්නම් නොහොත් ගැමුණු ය . පසු කාලයේදී සුදත් දා ජාතිවාදය තුළ ගිලි ගියේය . නෙලුක් මල්ලව ටද සිදු වුයේ ඒ දේමය .

    ReplyDelete