A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කැලැන්ඩර් නව වසරක ප්‍රාර්ථනය









දෙමළෙකුට අත වනන්නට කලින්
උන්ගෙ අයිතිය පිළිගත හැකි
නැති වමක් නො සොයා
සැබෑ වමක් ගොඩ නැඟිය හැකි
කන්දක පොර ටෝක්ස් නොදී
දූපතෙන් හිස ඔසවා ගත හැකි
පැනසර විය හැකි තරම්
දැනුම උකහා ගත හැකි
සුබ නව වසරක් වේවා !

කරුමය යැයි නො හිතා
අයිතීන් සඳහා සටන් වැදිය හැකි
අවිද්‍යාව මිත්‍යාව පරයා
විද්‍යාව සත්‍යය ය විශ්වාස කළ හැකි
වෙන් වෙන් ව නො ඉඳ
එක්ව සටන් කළ හැකි
පීඩකයින්ට එරෙහිව
නොබියව නැගී සිටිය හැකි
සුබ නව වසරක් වේවා !

ජාතිවාදීන් ආගම්වාදීන්
ඇසුරෙන් පලවා හැරිය හැකි
ඊනියා වම්මුන්ව
පතුරු ගසා නිරුවත් කළ හැකි
රටින් එළ වූ උන්ව කැඳවා
බඩ බදා සිනා සිය හැකි
හිත හොඳ ඇති එවුන්
හෙටත් සුබ උදෑසන අරං එති සකි
සුබ නව වසරක් වේවා !

ලූප්හෝල්ස් 

3 comments:

  1. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  2. "හිත හොඳ ඇති එවුන්
    හෙටත් සුබ උදෑසන අරං එති සකි
    සුබ නව වසරක් වේවා !"

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා !

    ReplyDelete