A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පෙන්නුවොත් අතගාපල්ලා ! නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ !

අපේ නඩුකාර උන්නාන්සේ  කෙනෙක්  ලිංගික අතවරයට ලක්වූ කාන්තවක් අතවරයට ලක් වූ මොහොතේ සංවරව හැඳ හිටියේ දැයි සෙවීමට පසුගිය දා පොලීසියට නියෝග කර තිබුණි. එවෙලෙහි හැඳ සිටි ඇඳුම් එලෙසින් ම අන්දවා එම කාන්තාව උසාවියට ගෙනවිත් එම දසුනෙන් නඩුකාර උන්නාන්සේ ට ලිංගික උත්තේජනයක් සිද්දවන්නේ නම් ලිංගික අතවරය සිදු කළ පිරිමින්ගේ වරදක් නැතැයි නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පුදුමයට පත් නොවන්න! මේ අපේ ධර්මද්වීපය යි.

ස්ත්‍රී දූෂණ සහ ලිංගික බලහත්කාරය සඳහා ස්ත්‍රීන්ගේ රූප ස්වභාවය, ඇඳුමේ ස්වභාවය හෝ හැසිරීමේ ස්වභාවය වැදගත් නොවන බැව් පර්යේෂණ මඟින් ඔප්පුකර ඇත්තකි. වරදකරුවන් වූ ස්ත්‍රී දූෂකයින් හා ලිංගික අපරාධකරුවන් ආශ්‍රිතව සිදුකරණ එම දත්ත සමීක්ෂණ හා පර්යේෂණ වල ප්‍රතිඵලයක් වූයේ ඔවුනට වැදගත් වී තීබුණේ වඩාත්ම දුර්වල හා තමන්ට පහසුවෙන් හසුරවා ගත හැකි ගොදුරක් සොයා ගැනීම පමණක් බවයි. එමෙන්ම මෙම අපරාධ වලින් සියයට 70 ක්ම සිදු කර ඇත්තේ එම කාන්ත පාර්ශවයන් හොඳින්ම දන්නා හඳුනන පුද්ගලයින් වීමද විශේෂයි.

ලිංගික පීඩා සිදු කිරීම හෝ ලිංගික අවශ්‍යතා පාලනය කර ගත නොහැකි වීම පිරිමින්ගේ ජන්ම ගතියක් යන්න පට්ට මිත්‍යාවකි.  බහුතරයක් පිරිමින් මෙම අපරාධ සිදු නොකරති. ලිංගික අපරාධ ඉතාමත්ම අවම සමාජයන් ද ලොව පවතී. ලිංගික අපරාධ සිදු කරණ සියල්ලෝම මානසික රෝගීන් යන්න ද සත්‍ය නොවේ. එමෙන්ම ස්ත්‍රී දූෂකයන් බහුතරයක් ම විවාහකයින් ය.

ගැහැණුන් මත වරද පටවා අත සෝදා ගැනීමට බොහෝවිට මේ සියළු මිත්‍යාවන් පතුරුවන්නේ පිරිමින් ම විසිනි. ඊට අමතරව “අපි නම් පත්තිනි අම්මලා“ යනුවෙන් හිතාගෙන සිටින  කාන්තාවෝද මෙම මිත්‍යාවන් සඳහා උඩ ගෙඩි දෙති. ඔවුන් නොදන්නේ ඊලඟ ගොදුර ඔවුන් විය හැකි බව පමණකි.

ස්ත්‍රීන්ගේ රූප ස්වභාවය, ඇඳුමේ ස්වභාවය හෝ හැසිරීමේ ස්වභාවය ලිංගික බලහත්කාර කම් සඳහා උත්තේජන සපයන්නේ නම් ස්වභාවයෙන් අවලස්සන ගැහැණුන් දූෂණයට ලක්වන්නේ නැත. වැඩිවියට නොපැමිණි කුඩා දැරිවියන් ලිංගික අතවර වලට ලක්වන්නේ නැත. සර්වාංගයම වසාගෙන සිටින මුස්ලිම් කාන්තාවන් හොඳින්ම ආරක්ෂාකාරී සහිතය. පිරිමි දරුවන් හා පිරිමින් ට එරෙහිව කවදාවත්ම ලිංගික පීඩා නැත. එහෙත් තත්වය එසේ නොවේ. ප්‍රතිශතයන් වශයෙන් ගත හොත ඉහත කී එක් එක් කොට්ඨාශයන් හී ඇත්තේ සංසන්දනාත්මකව ඉහළ අගයන්ය.

ස්ත්‍රී දූෂණ සහ ලිංගික බලහත්කාරයන් සඳහා වඩාත්ම හේතුවන්නේ සමාජයන් පුරා පැතීරී පවතින ලිංගික පීඩාවය. පුහු සංසකෘතික සීමාවන් හී හිර කොට තබා ඇති සදාචාරායන්ය. සම්පූර්ණයෙන් ම හෝ ප්‍රමාණාත්මකව ලිංගික අධ්‍යාපනයක් නොලැබීමය. ඔක්කෝටම වඩා ස්ත්‍රිය දුබල යැයි සිතා ඇයට දක්වන දෙවන පංතියේ සැලකිල්ල නිසාවෙන් ලැබිය යුතු නිසි ගෞරවය ඈ වෙත ලබා නොදීම නිසාවෙනි. ඈ බොහෝ පිරිමින්ගේ පාවිච්චිය සඳහා වූ වචනාර්ථයෙන් ම  බඩුවකි.

මේ සියල්ල පැවසූයේ ඉහතින් සඳහන් කර ඇති පරිදි අපේ සිල් බිඳුණ නඩුකාර උන්නාන්සේගේ කතාව නිසාවෙනි. මීට පෙර ද මෑතක දී තවත් විනිසුරුවරියක් උසාවියට පැමිණි හිරුණිකාගේ ඇඳුම ගැන ද ප්‍රශ්න කර තිබුණි. ඈ එදින ඇඳ සිටි ඇඳුමෙන් උසාවියට සිදුවන හානිය දැන ගැනීමට ඒ විනිසුරුවරියගේ මනැස වෙනම ම පර්යේෂණයකට යොමු කළ යුතුය. රටක ඉහලම ස්ථරයේ පවතිනවා යැයි සැළකෙන නීති පද්ධතිය තුළින් ද මෙවැනි දෑ මතුවීම, සමාජය තුළ මේ දිනවල ජාතිය හා ආගම මුල් කරගේන ශීෂ්ට සම්පන්න සමාජයක් උදෙසා ගැට ගහන්නට හදන පුහු සදාචාරාත්මක උගුල් වල දිගුවකි. වෛරසයක් සේ එය හැම සමාජ සංස්ථාවකම ව්‍යාප්තවේ.

කුරාණයට අනුව එක පිරිමියෙකුට සමාන කිරීමට ගැහැණුන් දෙදෙනෙක් සිටිය යුතුය. පවුලක දරුවන් අතර දේපල පවා බෙදෙන්නේ ඒ අයුරිනි. එම මුස්ලිම් ආගම මූලධාර්මික අන්තවාදයක් දක්වා තල්ලු වූ රටවල් වල තවදුරටත් කාන්තාවන් වෙනුවෙන් දක්වන්නේ අතිශය පහත් වූ සැලකිල්ලකි. විවාහයට පෙර කන්‍යාභාවය අහිමි වීම හෝ වෙනත් පිරිමියෙකු හා අනියම් සම්බන්ධාවක් පැවැත්වීම කෙලවර වන්නේ ම එම කාන්තාව තමන්ගේ සහෝදරයකු  හෝ පියා අතින් මරණයට පත්වීමෙනි. එසේ මරා දැමීම ඔවුනගේ පරම්පරාවේ අභිමානයට හේතු වේ. එම කාන්තාව වෙත එම අපරාධය සිදු කළ පිරිමියා හෝ අනියම් සම්බන්දය පැවැත්වූ පිරිමියා මොනයම් හේතුවක් නිසාවෙන් හෝ කිසි දිනක දඩුවම් විඳින්නේ නැත. එය පුරුෂාධිපත්‍ය දැඩිව දරා හිඳින මුස්ලිම් ආගමික අන්තවාදයේ ස්වභාවයයි (ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයින්  අතර මෙවැනි අන්තවාදයක් නොමැති බැව් සදහන් කළ යුතුය).

රෝම ලන්දේසී නීතිය රකින්නට දිවුරා පොරොන්දු දුන් වුන් සිංහල බෞද්ධ අන්තවාදී ගෝත්‍රවාදී සමාජයක පුහු සදාචාරාත්මක මතවාදයන් ඔළුවේ දරාගෙන තීන්දු තීරණ දීමෙන් ඉතාමත්ම මෑතක දී එහි වනචාරී ප්‍රතිඵලයන් අපේ පරම්පරාවේ සියල්ලන්ටම අත්විඳින්නට සිදුවන බැව් නොඅනුමානය. 

උහුලාගත නොහැකි වේදනාවන් සමඟ සෙල්ලම් කිරීමේ පාහර කම

දියවන්නා හරක් පට්ටියේ හරකෙක් හයියෙන් ආයෙමත් හයියෙන් උම්බෑ කියා තිබේ. කිසිම වගකීමක් නැති ප්‍රකාශ නිකුත් කිරීමට සුප්‍රසිද්ධ අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත්තේ ප්‍රගීත් එක්නැලි ගොඩ ප්‍රංශයේ ජීවත්ව සිටිනා බවකි. දන්නේ කොහොමද යැයි ඇසූවිට පවසන්නේ යාළුවෝ කට්ටියක් බොන්න සෙට් වෙච්ච වෙලාවක් පැවසූ බවකි.

ප්‍රගීත් එක්නැලිගොඩ කොහේ හෝ ජීවත්ව සිටී නම් ඒ ගැන වඩාත් සතුටු වන්නේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා හා ඔහුගේ දරු දෙදෙනා බව නොරහසකි. එහෙත් අරුන්දික හා මෙවැනිම ප්‍රකාශයක් මීට පෙර පැවසූ මොහාන් පීරීස් (දැන් ආසියාවේ ආශ්චර්‍යයේ අගවිනිසුරු) වැන්නවුන් මේ සෙල්ලම් කරන්නේ ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ හිත යට දැවෙන ගින්දර වැනි වේදනාවන් සමඟය. ඔවුන්ගේ වේදනාවන් වල ප්‍රමාණයන් හඳුනාගන්නට සමත් කිසිවෙක් ඔහුව අතුරුදහන් කරවූ ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය නොහැකි මුත් හැකර කටවල් වලින් මේ දුප්පතුන් තිදෙනා ගේ සිත් නොරිද්දීමට සමත් සමාජයක ජීවත් වීමේ අයිතියවත් ඔවුනට තිබිය යුතුය.

අරුන්දික ට කේන්තිගොස් තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට විවිධ හිරිහැර සිදුකරන බවට ප‍්‍රචාර පැතිර යන බැවිනි. කවුරුත් දන්නා මාධ්‍ය ආයතන ගිනි තැබීම් හා විනාශ කිරීම් හැරුණු විට මාධ්‍ය මර්දනයේ සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට නම් පහතින් ඇති මරා දැමූ  හෝ අතුරුදහන් කරවූ මාධ්‍යවේදීන්ගේ නාමාවලිය බැලීමෙන් ම වටහා ගත හැක.



අපේ අවාසනාවකට හරකුන්ගේ වාසනාවට උන්ට අභයදානය ලැබී ඇත.