A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හෙළ උරුමයේ බිලි පූජාව

ගිනි තබාගෙන මිය යන්නට තරම් ලංකාවේ ඇති එකම ප්‍රශ්නය ගව ඝාතනය යැයි සිතා ඉන්නා ලංකාවේ කකුල් දෙකේ හරක් ගව ඝාතනය නවත්වන්නැයි වලිග උස්සමින් බෙරිහන් දෙමින් සිටිති. උතුරෙහි දෙමළ මිනිසුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරා දමන තෙක් සාදූ සාදූ කිව් මේ පරපුරට හරක්ගේ වටිනාකම දැනෙන්නේ කෙහෙල්මල් අවිංහිසාවාදයක් නොව අද දවසේ රාජපක්ෂ පවුල රැකීමේ හා හෙට දවසේ තම තමන්ගේ බලය රැක ගැනීමේ දේශපාලන අවස්ථාවදය බව ඕනෑම හරකෙකුට තේරුම් ගත හැක. ඌරෙක් කුකුළෙක් එළුවෙක් මැරුවාට කමක් නැහැ (නැත්තම් බේබදු පරපුරට බයිට් නැති වෙනවානේ) වාගේ අපේ සිංහළයාට දෙමල්ලු  මැරුවාට මොකක්වත් දැනෙන්නේ නැත. ඒ වගේම ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මරා දමන ආණ්ඩුවිරෝධීන්ගේ මරණ මේ උරුම පරම්පරාවට දැනෙන්නේ නැත. දැනේනනේ හරකාව පමණි.

ජාතිවාදයෙන් ඇඟ රිදෙන්නට ඇවිස්සී ඇති රටක ජාතිවාදයෙන් ඩෝප් වී සිටින අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකි දැයි සැක සහිතය. වම්පික රණවක ලා රතන ලා “ඇර සොයිසා..... ඇර.....“ කියන විට ඉන්ද්‍රරතන ගිනි තියා ගත්තේය. එකෙක් බිල්ලට දී ගව ඝාතනය නවත්වන්නට හැකි නම් හෙට අනිද්දා වන විට මුර්ගාගමේ මූලධර්මවාදීන් හට තවත් ඉල්ලීම් වෙනුවෙන් ඕනෑතරම් බිලි දිය හැකි වනු ඇත. දළදාව ළඟ ගිනි තියා ගැනීමට, සිරීපාදේ උඩ ඉඳං වහ බීමට, මිහින්තලෙන් බිමට පැනීමට හැකිනම් ජාතිය වෙනුවෙන් මේ කට්ටියට ආනන්දජනකය. කෙළවර වන්නේ මුස්ලිම් අන්තවාදයටත් එහායින් ඇති තලෙයිබාන් පන්නයේ රටක් අපේ දරුවන්ට ඉතිරිවීමෙනි. ආගම් අන්තවාදයට එරෙහිව හෙට දවසේ ලංකාවේ සමාජය නොනැගිටින්නේ නම් ඒ ඇතුලත සිවුරු ඇඳගත් හෙළ උරැමය, සිංහල රාවය, බොදුබල සේනා, රාවනා බලය (හහ්.. ඇයි ජවිපෙ සංඝ සම්මෙලනය) සමඟ හරක් මස් කෑම හැරෙන්නට සියළු පාප කර්ම කරණ සුදු ඇඳගත් චම්පික හා විමල් වැනි හරක් සමඟ හෙට දවසේ රට වැසියාට ඩාන්ස් කිරීමට හැකි වනු ඇත.

ඒ විහිළුව එහෙමය.

මළ සේක යැයි කියැවුනේ ගිනි තබාගත් එකා ගින්නෙන් දැවෙන තෙක් වීඩියෝගත කළ මාධ්‍යෙව්දියාව අත් අඩංගුවට ගෙන ඇති බැවිනි. ඌට ගිනි තියාගන්න පුළුවන්නම් මම වීඩියෝ කළාම මොනච යැයි මේ මාධ්‍යවේදීයාට සිතෙන්නට ඇත. අනෙක ඔහුගේ රැකියාව කැමරා කිරීම මිසක් මැරෙන එවුන් බේරා ගැනීම වේනනේ කොහොම ද. ගිනි නිවීමට අවශ්‍යවන්නේ ගිනී නිවිමේ හමුදාවය. බැරිවෙලාවත් බේරා ගත්තානම් මේ ජාතික වැදගත්කමක් සහිත සිය දිවි හානි කරගැනීම වැළක්වීම යටතේ වුව හෙළ උරුම පොලිස් කාරයෝ මේ මාධ්‍යවේදියාව අත් අඩංගුවට ගනු ඇත. දෙදාස් අට හා නවය කාලයේ රූපවාහිනී චැනල මඟින් විජයග්‍රහනයන් සේ උදේ සිට රෑ වනතෙක් දෙමළ මළ මිනී පෙන්නමින් ජනතාව ලවා විසිල් ගැස්සවූ බල්ටි ගැස්ස වූ  රටක ඝාතන වලින් ආතල් ගැනීම විනෝදාංශය වී ඇත. ඝාතන පෙන්වීම ජනමාධ්‍ය බිස්නස් එකය. මේ මාධ්‍යවේදියෝ එදා රූපවාහානී චැනල් වල ආණ්ඩුවේ ආශිර්වාදය මැද යුද්ධය වික්කේ තරඟයට මෙනි. මේ පාර ස්වර්ණවාහිනිය ඇණ ගත්තේ විකුණන්ට හැදූ ශරීරය හෙළ උරුමයට අයිති වීම නිසාවෙනි.


මේ විහිළුව මෙහෙමය.

“ජාතිය වඳ වෙනෝ“ යැයි මොර දෙන භික්ෂූන්ට හා උපසකයන්ට පිරිමි ගැබිණියාව


Male pregnancy හෙවත් පුරුෂ ගර්භණිතාවය මේ වන විට සාර්ථකව අත් හදා බලා ඇති හෙයින් ජාතිය වඳ නොවී බේරා ගැනීමට කෑ ගසන ගිහි හා පූජ්‍ය පිරිමින් ට දරුවන් මාස නවයක් කුසේ දරා වදන්නට ඉදිරිපත් වෙන්නැයි අප යෝජනා කරමු.

පසුගියදා පකිස්ථාන ජාතිකයෙක් අල ගෝනි තුළ රහසිගතව අසුරා උපත් පාලන එන්නත් තිස් දහසක් හොර රහසේ ලංකාවට ගෙන ආ පුවත සමඟම මේ වීරයෝ නැවතත් කෑ ගැසීම පටන් ගත්හ. පාකිස්ථාන ජාතිකයෝ සිංහල දේශපාලකයින්ගේ ආනුභාවයෙන් මුළු ජාතියේ තරුණ පරපුරම විනාශ කරන මත්ද්‍රව්‍ය රැගෙන ඒම ගැන කිසිවක් කතා නොකර එහෙමත් නැතිනම් ලාංකිකයන් වෙත සිංහල රාජ අනුහසින් සිදු වී ඇති සියළු උපද්‍රව ගැන කිසිදු සඳහනක් නොමැතිව හදිසියේ උපත් පාලනය ගැන කතා කිරීම බොදු බල පන්නයේ අසික්කිත විහිළුවකි. ඥාණසාර වර්ගයේ මරිසියකි.

දරුවන් හැදීම සඳහා අහවල් වැඩේ කිරීමට පිරිමියාට ගතවන්නේ නිමේෂයකි. එහෙත් දරුවන් දැරීමේ සිට වැදූ පසු දරුවන් ලොකු මහත් කිරීම දක්වා වූ අවුරුදු ගණනාවක් සකල දුක් විඳිම ඉවසන්නේ ගැහැණියයි. එබැවින් දරුවන් හදපල්ලා යැයි කෑ ගැසීමට පිරිමින් ට හා ඊටත් වඩා ගිහි ජීවිතයෙන් ඉවත් වී සිටින භික්ෂූන්ට පහසුය. ජාතිය වඳ වීම ගැන කැක්කුමක් ගැහැණියට නැත්තේ ඒ වේදනාව හා අමාරුකම දන්නේ ඈ පමණක් බැවිණි.

ගැහැණියගේ ශරීරය ඈ සතු අයිතියකි. දරුවන් හැදීමේ/දැරීමේ/වැදීමේ අයිතිය එබැවින් ඈ සතුය. උපත් පාලනය මෙන්ම ගබ්සාව පිළිබඳව ද පිරිමියාට වඩා අයිතියක්ව තිබිය යුත්තේ ගැහැණියටය. ජාතිය වඳ නොකිරීමේ පිරිමි ව්‍යාපාර උපත් පාලනයට මෙන්ම ගබ්සාවට එක සේ විරුද්ධය. ගබ්සාව නීතිගත නොවූ බොහෝ රටවල එය නීතිගත කිරීම සඳහා බල කෙරෙන ව්‍යාපාර බිහිවීමත් එම රාජ්‍යයන් එම අයිතිය නීතිගත කිරීම සඳහාත් යොමු වන විට ලංකාව ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මේ වන විට ලංකාව තුළ ගබ්සා කිරීම සිදු කළ හැක්කේ ගැබ් ගැනීම හේතුවෙන් හෝ දරුවා බිහිවිමේ ක්‍රියාවලිය හේතුවෙන් මවට අනතුරක් ඇත්නම් පමණි. ස්ත්‍රී දූෂණයක දී සිදුවන දරු ගැබ් හෝ නිශ්චිතව දැනගත් රොගී දරු ගැබ් විනාශ කිරීම ද ලංකා ආණ්ඩුවේ නීතිය තුළ තහනම් ය. බොහෝ රටවල් වල විවිධාකර තත්වයන් යටතේ ගබ්සාව සදහා අවසර ඇති අතර කියුබාව ද ඇතුළුව ලෝකයේ රටවල් වලින් සියයට තිහක පමණ ප්‍රමාණයක ගැහැණියගේ තනි කැමැත්ත මත පමණක් වුව ඒ සඳහා නීත්‍යාණුකූලව ඉඩ ඇත.

සෑම දරුවෙකුටම නිසි ආරක්ෂාව හා ආදරය අවශ්‍යය. එය සැපයිය නොහැක්කේ නම් ගැබ් නොවී සිටීම ද  බලාපොරොත්තු නොවූ  ගැබ් ගැනීමක දී කළලය විනාශ කිරීමේ අයිතිය එම මව හා පියා සතුය. මෙම ජාතිය වඳ නොකිරීමට එරෙහි පිරිමින් තේරුම් ගත යුත්තේ හදන්නන් වාලේ මේ ජාතියට දරුවන් වදනවාට වඩා මනුෂ්‍ය සංහතියට වැඩදායි එක දරුවෙකු හෝ හැදීමට සුදුසු සමාජයක් හා සංස්කෘතියක් බිහි කිරීම වනුවෙන් කෑ මොර දීම වඩා වැදගත් බවයි. එය නොකරන තාක් කල් ඔවැනි බෙරිහන් දීමෙන් සිදුවන්නේ ඔය කියන මහ ජාතියට ද රටට ද සිනහාවීමට ඔබ වහන්සේලාගේ මුවින් විහිළු සැපයීම පමණකි.

තවත් මැයි මාසෙක පළවෙනිදාව ක්


තවත් මැයි පළමුවෙනිදාවක් උදා වී ඇත.

බංගලාදේශය මෙවර ජාත්‍යන්තර මැයි දිනයට උදාහරණයක් සපයා ඇත්තේ ධනේශවරයේ සූරා කෑමට ඇඟළුම් කම්කරුවන් හාරසීයයකට අධික සංඛ්‍යාවක් ජීවිතය පුද කිරීමෙණි.

එසේම නොවෙතත්, කම්කරු හා සකලවිධ අනෙකුත් මර්දනයන්ට  කුප්‍රකට ලංකාවේ මේ මොහොතේ උදෑසනින් ම බස් හැල්මේ ගම් දනව් කරා ඉගිල්ලෙන්නේ සෙනඟ කොළඹට කැන්දාගෙන ඒමටයි. හවස් යාමය වන විට මුළු කොළඹම නිල් කොළ හා රතෙන් වැසී යනු ඇත.

“ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය“ යන නාමයෙන්ම ලංකාව අමූලික කෙබරයකි. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් වත් සමාජවාදයක් වත් නැත. වියට්නාමය හැරෙන්නට “සමාජවාදී“ යන්න රටක නමකට ඈඳෙන්නේ ලංකාවට පමණි. 1975 දී ඇමෙරිකාණු යුද්ධයෙන් පසුව වියට්නාමය ට ඒ සඳහා යම් හෝ අයිතියක් ඇති මුත් ලංකාවේ ඒය යොදාගන්නේ ඒ රටෙහි ජනතාව මහ දවාලේ ඇන්දවීමටය. ඉන් එහාට ගොස් ලංකාවේ බලයේ සිටි හා සිටින එජාප ශ්‍රීලනිප සියළුම ධනපති ආණ්ඩු ජාත්‍යන්තර කම්කරු දිනය ද සමරති. එජාපය කොළ පාටින්ද ශ්‍රීලනිප ය නිල් හා පරණ වමට පින්සිද්දවෙන්න රත ලා වට දවටමින් ද එය සමරති. කම්කරු අයිතීන් පාගා දමන හා කම්කරුවන් මරා දමණ ධනපති ආණ්ඩු කම්කරු දිනය සැමරීම හාස්‍යජනක නොවන්නේ අපට ඒ තරමටම එය පුරුදු බැවිනි. රටේ නාමයෙහි සමාජවාදී“ යන්නට අර්ථයක් නැතුවා සේම ධනපති ආණ්ඩු සමරණ කම්කරු දිනයට ද අර්ථයක් නැත. එය හුදෙක්ම බත් පැකට් එකකට අරක්කු ටිකකට කුලියට ගත් ශරීර දහස් ගණනාවක් කොළඹට අරං ඇවිත් සංගීතයට නටවන දේශපාලන පාක්ෂිකයන්ගේ දවසකි.

ජවිපෙ මෙන්ම පෙසප ද මැයි දිනය සමරති. වඩාත් ආකර්ශණීයම මැයි දිනයන් සැමරීමේ ගෞරවය හිමිවන්නේ ඔවුන්ටය. තරුණ ජවය ද හැකියාවද නිර්මාණාත්මක බව ද රැඳුණු පරම්පරාවෙන් රක්ත වර්ණයෙන් බැබලෙන මැයි රැළි හා පෙළපාලි තරඟයක් මෙවර පැවැත්වෙනු ඇත. පෙසප මෙන්ම ජවිපෙද උත්සහ කරන්නේ තම තමන්ගේ ශක්තිය පෙන්වන්නටයි. හැකියාව මෙන්ම ප්‍රමාණාත්මක බව ද වැදගත්ය. ඔළු ගෙඩි සංඛ්‍යාව හීන වේගෙන යන පෙසප මෙවර වැඩි බලයක් දමා තිබෙන්නේ වෙනදා මෙන්ම සරසවි වෙතටය. පුළුවන් තරම් සරසවි සිසු සිසුවියන් සහභාගී කර නොගත්තොත් වැඩේ අනාථය.

ජවිපෙ නමෙහි ඇති බලය නිසාවෙන් ප්‍රමාණාත්මකව වැඩි සෙනඟක් රැගෙන ඒමට තවමත් නොහැකියාවක් නැත. එහෙත් ජවිපෙ පුළුවන් තරම් උත්සහ කරන්නේ පෙසප කූජීත කිරීමටය. ඒ නිසාවෙන් ඔවුන් ද මේවර ඒ සඳහා සියළු බර යොදා ඇත.

ජවිපෙ හා පෙසප ඉහළ නායකත්වයේ ඇති අවස්ථාවාදී දේශපාලනය කෙසේ වුව ඔවුනගේ මේ මැයි රැළි හා පෙළපාලි සඳහා කොළඹට ඇදෙන පහල මට්ටමේ සියල්ලම පැමිණෙන්නේ පිරිපුන් අවංක හැඟිමෙනි. ඔවුන් හැමෝගෙම ප්‍රාර්ථනාව වන්නේ වඩා සුබවාදී හෙට දවසකි. තම දූ දරුවන් වෙත පැහැබැර හෙට දවසකි. කම්කරු අයිතීන් කෙසේ වෙතත් ඒ බලාපොරොත්තුවේ හැඟීම ඔවුන් වෙත ඇත.

කවදා හෝ දිනෙක මාක්ස්-ලෙනින්වාදී දෘශ්ටියක් සහිත, අවස්ථාවාදී නොවන නිවරැදි දේශපාලන අරගලයක් ඇතුලත පෙරගමන් කරුවන් වීමට සිටින දැවැන්ත, රතු කොඩි යටින් ඇදෙන මේ පරපුර කවදත් දනවන්නේ ආශ්වාදනීයජනක හැඟීමකි.