A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දයාන් ජයතිලක: සිංහයාට ඇඳීමේ ඇබෑර්තුව


ජාතිවාදී ‘දිවයින‘ පත්තරේ කීර්ති වර්ණකුලසූරිය හැරෙන්නට ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය යේ සහය ඇතිව ලංකා ආණ්ඩුව ඊලාම් දෙමළ ජනයා වර්ගසංහාරය කළ බවට තීන්දු කළ නිත්‍ය මහජන විනිශ්චය සභාව (Permanent Peoples' Tribunal) පිළිබඳව ඒ ගැන කතා කර තිබුණේ විදෙස් කටයුතු වලින් මේ දිනවල පාරට විසිවී ඇති දයාන් ජයතිලක පමණි. එහෙත් ඒ වැඩිපුරම ලබන මාර්තුවේ ජිනීවා එ.ජා සැසියට ‘මාව යවන්නකෝ‘ යන බයාදු ඉල්ලීම නොකියා කීමට උපයෝගී කර ගැනීමටය. මේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස හරහා ද පසුගිය දා මාධ්‍යගත කර තිබුණි. යම් යම් තොරතුරු නිවරැදි නොවූවත් මෙම සාකච්චාව මඟින් නිත්‍ය මහජන විනිශ්චය සභාව සතු බලය ගැන පැහැදිලි විග්‍රහයක් දයාන් විසින් ඉදිරිපත් කර තිබුණි.

දයාන්ගේ මතයට අනුව බර්ට්‍රම් රසල් හා ෂෝන්-පෝල් සාත් කාලයේ තරම් කීර්තිමත් බවක් නැතිමුත් අපකීර්තිමත් බවක් ද නැති නිත්‍ය මහජන විනිශ්චය සභාව පිළිබඳ ලොව වාමාංශික කඳවුර තුළ ඇත්තේ ඉමහත් කීර්තියකි. නිත්‍ය මහජන අධිකරණය බිහිවීම පිළීබඳව ඔහු පවසන දෑ සත්‍ය නොවේ.

නිත්‍ය මහජන විනිශ්චය සභාව යනු වියට්නාමයට එරෙහි ඇමෙරිකානු මිලිටරි මැදිහත් වීම විනිශ්චය කිරීම සඳහා බර්ට්‍රම් රසල් හා ෂෝන්-පෝල් සාත් විසින් 1967 දී පිහිටුවන ලද රසල් විනිශ්චය සභාව (Russell Tribunal) හෙවත් ජාත්‍යන්තර යුධ අධිකරණ විනිශ්චය සභාවේ (International War Crime Tribunal) දිගුවකි. ඉතාලියේ රෝමය පදනම්ව 1979 දී බිහිවුණු නිත්‍ය මහජන විනිශ්චය සභාවේ නිර්මාතෘ ලේලියෝ බාස්සෝ ද රසල් විනිශ්චය සභාවේ හිටපු සාමාජිකයෙකි. වාමාංශික පදනමක් සහිත  මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාව ලේලියෝ බාස්සෝ පදනමේ ජාත්‍යන්තර අංශයේ ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වේ. ජාතික හා ජාත්‍යන්තර නීතිය නිවරැදිව ක්‍රියාත්මක නොවන අවස්ථාවල දී සිදුවන අපරාධ විනිශ්චය කිරීම මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාවේ ප්‍රධානතම කාර්‍යයකි. විශේෂයෙන්ම පවතින ධනේශවර ආණ්ඩු විසින්ම සමූල ඝාතන හා යුධ අපරාධ සිදු කරණ කල්හි ජාතික නීතීන් ක්‍රියාත්මක නොවේ. අධිරාජ්‍යවාදී බටහිර රටවල් එවැනිම අපරාධ සිදුකරණ කල්හී ජාත්‍යන්තර නීතිය ද ක්‍රියාත්මක නොවේ.

මේ වන විට ලංකා ආණ්ඩුවේ  ඊලාම් දෙමළ ජනයා වර්ග සංහාරය කිරීම පිළිබඳ විනිශ්චය සභාව ඇතුළුව 36 කට වඩා වැඩි තීරණාත්මක විනිශ්චය සභා සංඛ්‍යාවක් නිත්‍ය මහජන විනිශ්චය සභාව මඟින් පවත්වා ඇත. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ලංකා ආණ්ඩුවට එරෙහි මේ විනිශ්චය සභාවට හිටපු එ.ජා. සහකාර ලේකම් ඩෙනිස් හැලිඩේ ඇතුළුව ඉතා ප්‍රවීණ එමෙන්ම ලොව වාමාංශික කඳවුරේ ඉහළ පිළිගැනීමක් ඇති විනිශ්චය මණ්ඩලයක් සහභාගී විය.


දයාන් ජයතිලක නොදැන සිටියේ වුව මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාව මඟින් විත්තිට වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලිඛිතව දැන්වූ බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව මඟින් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් විනිශ්චය සභාව සඳහන් කර තිබුණි. එබැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මඟින් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශිත සියළු පොදු පැහැදිලි කිරීම් මත පදනම් ව විනිශ්චය සභාව ක්‍රියාත්මක වී ඇත.

ශ්‍රී ලාකා ආණ්ඩුව පමණක් නොව අධිරාජ්‍යවාදී ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ද බරපතළ ලෙස චෝදනාවට ලක් කර ලබා දූන් මෙම තීන්දුව ඓතිහාසික වන අතර දයාන් ජයතිලක පෙන්වා දෙන අයුරින්ම මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාවේ තීන්දුව ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැතීවීමට නියමිත මානව හිමිකම් පිළිබඳ එ.ජා. සැසියේ දී තීරණාත්මක වනු ඇතැයි යන්න බොහෝ වාමාංශිකයන්ගේ ද මතයයි. එහි දී අසාගෙන සිටිනවාට හැරෙන්නට දිව අවැසි පරිදි ඕනෑම දිශාවකට නැවිය හැකි දයාන් ජයතිලකට පවා සිදු කළ හැකි කාර්යයක් ඉතිරි නොවී තිබීම යථාර්තය යි.



පෙර සබැඳි සටහන්:

3 comments:

  1. දයාන් ජයතිලක කියන්නේ ගොඩක් දේවල් දන්න, ඒත්, ජනප්‍රිය ප්‍රතිගාමී අදහස් අයිසිං කරන්න ඒ දැනුම පාවිච්චි කරන රු. 2.50කට වඩා නො වටින ඊනියා බුද්ධිමතෙක්.

    රොහාන් ගුණරත්න කියන්නෙත් මෙයා ජාතියෙම කෙනෙක්. එයා ගැන කියනකොට අර "ගොඩක් දේවල් දන්න" කියන කෑල්ල අයින් කරන්න ඕනැ.

    මේ වගේ කට්ටිය ළඟ තිබෙන ලොකුම ආයුධය තමයි. ඉංගිරිසි. ජාතිවාදියෝ හා ගොබ්බ වාමාංශිකයෝ මුන් ළඟ මහ ලොකු දෙයක් තියෙනවා කියා හිතාගෙන ඉන්නේ මෙන්න මේ කඩ්ඩට තියෙන උපන් ගෙයි බය හෙවත් හීනමානය නිසායි.

    දයාන්ට දෙන්න ඕනැ හොඳම උත්තරේ දුන්නෙ මහින්ද.

    ReplyDelete
    Replies
    1. දැං ඔහේට දැනුමත් නෑ හරි ඉංග්‍රිසියකුත් නෑ වාමාංශිකත් නෑ ඉතිං අලුක්කාලක් වත් වටින්නේ නෑ

      Delete
  2. ඉතිහාසයෙ කුනු කූඩෙට විසි වෙච්ච, දෙමල ජාතිවාදය පොශනය කරන ජාතික / අන්තර්ජාතික කුනු වාමාන්ශිකයන්ගෙ ඊනියා ත්‍රස්ත හිතවාදී විනිශ්චය සභාවන් ගනන් ගන්නෙ කව්ද?

    ReplyDelete