A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පහේ ශිෂ්‍යත්වය අහෝසියි : මැදමුලනෙන් ඇවිල්ලත් ගමට ම කෙළීම


සහනය අසහනයක් වූ කල අසහනය දුරු කරලීමේ දී ලැබූ සහනය ද අහෝසි වන්නේ නම් අරමුණ වී ඇත්තේ අසහනය දුරු කරලීම පමණක් නොව එම සහනය ද අහෝසි කිරීමයි. ලංකාවේ මැතිවරණ අතුරතුරේදී අඩුම ගණනේ මිනීමැරුම් දෙක තුනකින් කෙළවර වන චන්ද කෝළාහල ඇති විට අප ඒවා අවම කර ගැනීමට උත්සහා කරනවා හැර සර්ව ජන චන්ද බලය අහෝසි කරන්නැයි නො  ඉල්ලමු.

5 වසර ශිෂ්‍යත්වය විභාගය නිසා පැන නැගී ඇති ප්‍රශ්න විසඳීම සඳහා එම විභාගය අහෝසිකිරී‍මෙන් සිදුවන්නේ එම ප්‍රශ්න අහෝසිවීම ම නොව දිස්ත්‍රික් පදනමකින් තොරව රට ඇතුලත ඉතාම දුෂ්කර ප්‍ර‍දේශයක දරුවෙකුට වුව වැඩිපහසුකම් සහිත පාසලකට ඇතුළුවීමේ වරම ද අහෝසි වීම යන්න තේරුම් ගැනීමට 5 ශිෂ්‍යත්වයත් සමත් වීමවත් අවශ්‍ය නොවේ. මැදමුලනේ මහින්ද රාජපක්ෂ, තකතීරු බන්දුල ගුණවර්ධන හරාහා මේ සිදුකරන්නේ නාගරික පන්තිය වෙත සියළු වරප්‍රසාද සහිත අධ්‍යාපනය ඉතිරිකර ගමේ දරුවාට  ඒ සඳහා ඇති එකම ඉඩකඩත් අහෝසි කිරීමයි. ඒ අනුව ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශයක් යැයි සඳහන් කරමින් ජාතික අපරාධයක් වූ මෙම කප්පාදුව ලංකාවේ අධ්‍යපනය විනාශ කිරීමේ පියා වශයෙන් කිරුළු දරා සිටින බන්දුල ගුණවර්ධන අතින් 2016 දී සිදු කිරීමට නියමිතයි. 

1943 සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී දරුවන්ට උසස් අධ්‍යාපනයේ දොර විවර කිරීම සඳහා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඇරඹිමෙන් දක්ෂ දරුවන්ට වැඩිපහසුකම් සහිත පාසල් හි අධ්‍යාපනය ලබා ගැනීමට වාසනාව උදාවිය. නිදහස් අධ්‍යපනයේ පියා වශයෙන් නම්බු නාම ලැබූ කන්නන්ගරයන් විසින් මේ වරප්‍රසාය ලබා දෙන ලද්දේ ගම හා නගරය අතර වූ පාසැල් අධ්‍යාපනයේ භෞතික විෂමතාවය සලකා ගෙනයි. මේ වසර වන විට ශිෂ්‍යත්වය සමත් දරුවන්ගෙන් 30,000 ක් පමණ පාසැල් දරුවන් සංඛ්‍යාවක් වැඩිපහසුකම් සහිත පාසල් සඳහා තේරී පත් වේ.

අර්ධ නාගරික ප්‍රදේශයන් හී යම් වර්ධනයක් ඇති වුවත් ඉන් වසර 70 කට පසුව ත් අපට දකින්නට ලැබෙන්නේ දැනුම-පහසුකම්-අභියෝග හමුවේ අඩු හෝ වැඩි වශයෙන් එම විෂමතාවයයි. එම විෂමතාවය නිසා වැඩිපහසුකම් සහිත පාසැලකට තම දරුවා ඇතුලත් කර ගැනීමට දෙමව්පියෝ කළ හැකි සියළුම දෑ කරති. ඇති තරම් මුදල් ඇත්නම් ලංකාවේ ඕනෑම පාසැලක ට දරුවෙක් ඇතුලත් කරවාගැනීමට හැකි බව යථාර්ථයයි. එසේ නොමැති විට ශිෂ්‍යත්වය විභාගය සඳහා තම දරුවන් මරව මරවා ඉගැන්වීමේ සිට මව්වරුන් තමන්ගේ ඇඟ විදුහල්පතිවරුන්ට විකිණිම දක්වා ඕනෑම දෙයක් ඉටු කිරීම මැලි නොවෙති.  තරඟකාරීත්වය කෙසේද යත් එය ලංකාවේ දරුවන් ඇති සෑම පවුලකට ම මේ මොහොතේ ඇති දැවැන්තම අභියෝගයයි.

පාසැලක් සොයා ගැනීම සඳහා දෙමව්පියන් සිදුකරන අරගලයේදී කුඩා දරුවන්ගේ මනස පීඩාවට පත්වන්නේ ශිෂ්‍යත්වය විභාගය නිසා පමණක් නොවේ. හොර ඔප්පු, විදුලි බිල්, ජල බිල් සඳහා දෙමව්පියන් සිදු කරණ සියළු හොර මැරකම් සියල්ල සිදුවන්නේ දරුවන් ඉදිරිපිටය. ඒ සියළු බොරු සඳහා දරුවන් පුරුදු පුහුණු කරවනු ලබයි. දරුවන් ඉදිරිපිටම විදුහල්පති හෝ ඔහුගේ නියොජිතයින්ට පගාව දෙති. නියමිත පාසැල නියමිත කාලයේ දී නොලබෙන විට දෙමාපියන්ගේ සටන අතර තුර දරුවාට නැවත් පාසැලක් ලැබෙන තෙක් ගෙදර නවතිවන්නට පවා සිදුවේ.

5 වසර ශිෂ්‍යත්වය විභාගය නිසා දරුවන් වෙත මෙන්ම දෙමාපියන් වෙතද ඉතා විශාල මානසික පීඩනයක් ඇතිවන බැව් අප ද පිළිගන්නා නමුදු එය එසේ සිදුවී ඇත්තේ එම විභාගය සහ එහි පරමාර්ථයන්ගේ දෝෂයකින් නොව වැඩිපහසුකම් සහිත පාසලක් සොයා ගැනීමේ ඉහතින් සඳහන් කළ අභියෝගය බව යන්න තේරුම් ගැනීම අත්‍යාවශ්‍යව තිබේ. ඉතා සීමිත පිරිසක් දරුවන්ගේ හැකියාවන් බැබලවීමේ අරමුණින් 5 ශිෂ්‍යත්වය විභාගය සඳහා දරුවන් මෙහෙය වූවත් ඉතාමත්ම බහුතරයකගේ අරමුණ වන්නේ හොඳ පාසැලක් සොයා ගැනීමේ අරමුණයි. බන්දුල ගුණවර්ධන බෙරිහන් දිදී පවසන පරිදි ප්‍රාදේශීය පාසැල් සංවර්ධනය කරන්නේ නම් වැඩිපහසුකම් සහිත වෙනත් පාසැල් සොයාගනීමේ මාරාන්තික අභියෝගය වෙනුවෙන් දෙමව්පියන්ට හෝ දරුවන්ට මෙතරම් කැප කිරීමට අවශ්‍ය නොවේ. එවන් පාසැලක් තම ජීවත්වන ප්‍රදේශය ආසන්නයේ තිබේ නම් දෙමව්පියෝ 5 ශිෂ්‍යත්වය විභාගය වෙනුවෙන් තම දරුවන්ව පීඩාවට පත් කිරීමට උනන්දු නොවෙති.

ප්‍රාදේශීය මට්ටමින් පාසැල් සංවර්ධනය කිරීමේ සුපුරුදු  දේශපාලන පොරොන්දු වලට රැවටී මේ මොහොතේ අම්මලාගේ විභාගයඅහෝසි කිරීමේ බන්දුල ගුණවර්ධනගේ තීරණයත් සමඟ අත්වැල් බැඳගැත් බොහෝ දෙනා සිටී. පසුගිය මහින්ද රාපක්ෂ පාලනය තුළ පාසැල් වසා දැමුවා හැරෙන්නට (2012 සැප්තැම්බර් සිට 2013 අප්‍රේල් දක්වා මාස හත ඇතුලත පාසැල් 36 ක් වසා දමා ඇත) සංවර්ධනය කළ පාසැලක් නොමැත. පාසැලක් සංවර්ධනය කිරීම යනු ගොඩනැගිලි සෑදීම නොවේ. එය හා බැදුණු දැවැන්ත පරිපාලනමය ක්‍රියාදාමයකි. ඒ සඳහා අවැසි සම්පත් සිතූ සැනින් පහල නොවේ.

ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා“  යන තර්කයෙන් වැඩි පහසුකම් සහිත පාසැල් සඳහා ඇතුල්වීමට සටන් වැදීමට එරෙහිවන්නෝ ද බන්දුලගේ නිවේදනයෙන් සතුටු වී සිටිති. එහෙත් වැඩි පහසුකම් සහිත (විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ) පාසල් වල අධ්‍යාපනය ලැබීමෙන් ලැබෙන වරප්‍රසාද එහි අත් දැකීම් ඇත්තෝ දනිති. නිර්දේශිත දැනුමට අමතරව අවශ්‍ය බොහෝ බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීමේ පහසුකමේ සිට හෙට දවස සඳහා පාසැල් පරිශ්‍රය තුලින් ලැබෙන සමාජානුගත වීමේ හුරුව ද මේ පාසැල් වලින් නොඅඩුව ලැබේ. සරලව පැවසුවහොත්  වැඩිපහසුකම් සහිත පාසැල් වලින් පිටත්වන බොහෝ දරුවන් ලබා ගත් නිර්දේශිත දැනුමට අමතරව  අළුගසා දමා“ පාසැල් දිවිය අවසන් කර තිබේ.

5 ශිෂ්‍යත්වය විභාගය අහෝසිකිරීම යනු නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ම එක් පියවරකි. හැකියාවන් ඇති දුප්පත් දරුවන්ට හැකියාවන්ට සුදුසු පරිසරයක් ඇති දැනුම් මධ්‍යස්ථාන අහිමි කිරීමේ වෑයමකි. දෙමව්පියන්ගේ හා දරුවන්ගේ “පීඩාව“ ඉස්මතුකර ගමේ එකාට කෙළවා නාගරික සුළු ධනේශ්වර පන්තිය සතුටු කිරීමේ උවමනාවකි. කොළඹ පාසැලක් සොයාගැනීම නොව බඳගිරියේ සිටින දරුවාට අම්බලන්තොට තේරපුත්ථ මහා විද්‍යාලයට ඇතුල්වීමේ අවස්ථාව ද එමඟින් අහෝසිකර තිබේ.  අද දවසේ අවිශිබම, සශිස, විශිස ආදී එකි මෙකී නොකී ශිෂ්‍ය ව්‍යාපාර හා %6 ඉල්ලා පඩිය විතරක් වැඩිකරගත් ෆූටා කළ යුත්තේ මේ අධ්‍යාපන කප්පාදුව ට එරෙහිව සටන් වැදීමයි. එහෙත් මේ මොහොතේ අවාසානාවකට පුවත්පත් නිවේදනයක් හෝ නිකුත් කිරීමේ උවමනාව තිබුණේ ලංකා ගුරු සංගමයට පමණි.


14 comments:

  1. මැදමූලන යුගය තිබුනේ මීට කලින්.....දැන් තියෙන්නේ කාල්ටන් යුගය....ඒක පොශ්.

    ReplyDelete
  2. මෙහෙම දෙයක් තිබුන ඇමරිකාවේ කැලැන්ඩරේක.
    ආණ්ඩුවේ කෙනෙක් කියනවා, "උඹල හිතනවානම් අපි ඇතිකරපු ප්‍රශ්න භයානකයි කියල, පොඩ්ඩක් ඉඳපන් අපි විසඳුම් දෙනකම්."
    ආණ්ඩුව බිහිකරන ප්‍රශ්න වලට වඩා ආණ්ඩුව දෙන විසදුම් අසාර්ථකයි සහෝදරයා.

    ReplyDelete
  3. කන්නංගර පටන් ගත්තේ හතේ ශිෂ්‍යත්වය නේද?

    ReplyDelete
  4. මුන් කරොත් කරන්නෙ අර මහදැනමුත්ත කලා වගෙ වැඩමයි

    ReplyDelete
  5. http://www.divaina.com/2013/12/26/news19.html

    //ග්‍රාමීය පාසල් සංවර්ධනය නොකර පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට කටයුතු කරනු ලැබුවහොත් ඊට එරෙහිව රටපුරා විරෝධතා ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය අවධාරණය කර සිටී.

    මේ සඳහා උසස්‌ අධ්‍යාපන සිසුන් දෙමාපියන් ඇතුළු විවිධ බලවේග එක්‌කර ගන්නා බව පෙරේදා (24 වැනිදා) නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එම බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර මහතා පැවැසීය.

    ග්‍රාමීය සහ අඩු පහසුකම් පාසල්වල දක්‍ෂ දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත්වී පහසුකම් සහිත පාසල්වලට පැමිණීම වැළැක්‌වීමේ අරමුණෙන් සහ ඇතිහැකි අයගේ දරුවන්ව පමණක්‌ පහසුකම් සහිත පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අරමුණෙන් ශිෂ්‍යත්වය අහෝසි කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජය අදහස්‌ කර ඇතැයි සංජීව බණ්‌ඩාර මහතා චෝදනා කළේය.

    පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පෙර ජාතික පාසල්, නවෝද්‍යා පාසල්, සපිරි පාසල් නමින් විවිධ නම් භාවිතා කරමින් සිටිනවාට වඩා අධ්‍යාපන බලධාරීන් කළ යුතු වන්නේ සෑම දරුවකුටම එක හා සමානව අධ්‍යාපනය ලැබිය හැකි පාසල් නිර්මාණය කිරීම බවද ඔහු කීය.
    //

    දැන් ලියපං පුලුවන් නම් ලූප්හෝල්ස් එකේ තිබුණු සටහනට බය වෙලා අන්තරේ මාධ්‍ය හමුවක් කැදවූවා කියල.

    ReplyDelete
    Replies
    1. Media Showcase is the best for IUSF ;)

      Delete
    2. ane palayan yanna kuhakayaa :)

      Delete
  6. මොකක්ද බං මේ ලිපියේ තියෙන වාමාංශික කම? උඹලා ලිබරල්ලු. මොකටද ශිෂ්‍යත්වය? මේ සමාජයේ ඉහළ පංති වලට බඩ ගාන්න තියෙන සුලු ධනේශ්වර හීන වලට ඉනිමං බදින එකයි ධනේශ්වර අධ්‍යාපනයෙන් කරන්නෙ. උඹල ඒ ධනේශ්වර අධ්‍යාපනය පීඩිත පංතියට දෙන්න කියල මරාගෙන මැරෙන්න හදනවා. ඒක වාමාංශිකයිද? තොපි වාම හම පොරවගත් ලිබරල් පක්කු.

    ReplyDelete
  7. අඩෝ ලූප්හෝල්ස් - මොකද උඹ නිහඩ? මගේ විවේචනයට උත්තරයක් දෙන්න නැද්ද? උඹල හිතාගෙන ඉන්නෙ ධනේශ්වර අධ්‍යාපනයට පීඩිතයින් ගාල් කරන්න ෆයිට් කරන එක හෙණ වාමාංශික සටන කියලද?

    ReplyDelete
    Replies
    1. ////ධනේශ්වර අධ්‍යාපනයට පීඩිතයින් ගාල් කරන්න ෆයිට් කරන එක හෙණ වාමාංශික සටන කියලද?/////

      ඇනෝ......මොකක්ද මේ කියන ධනේශ්වර අධ්‍යාපනය? අපි මේ ඒදා සිටම පැවත එන අධ්‍යාපන ක්‍රමයෙම කොටස් කාරයෝ නෙමෙයිද? 1948 සිට ඔය කියන ධනේශ්වර අධ්‍යාපනය හැර වෙන අධ්‍යාපන ක්‍රමයක් අපට තිබුනාද? ඇන්. ඇම්ලා ගෙන් පසු සජීවීව රාජ්‍ය පාලනයට හවුල්වූ ජේවිපිය හෝ තිස්සලා වාසුලා ඩිව්ලා මේ ගැන නැගූ හඬක් තියේද? මා කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය නැගූ හඬ නොවේ. උඹ පොඩ්ඩක් පැහැදිලි කරපන් තරහ නැතුව. මම ලූප් හෝල් නියෝජනය කරන්නෙක් නොවේ.

      Delete
    2. මට ඕනේ මේ ලූප්හෝල් කාරයාගෙන් උත්තරයක්.මහා වාමාංශිකයා, ඇයි උඹ කට වහගෙන ඉන්නෙ? දීපං උත්තර පුලුවන් නම් බය ගුල්ලෙක් වගේ හැංගිලා ඉන්නෙ නැතිව.ධනේශ්වර අධ්‍යාපනය කියන්නේ මචං උඹ හිතන්නෙ මේ ඉස්කෝල විශ්ව විද්‍යාල දාල තියෙන්නෙ මොකට කියලද? මේව දාල තියෙන්නෙ ධනවාදයට අවශ්‍ය කරන ශ්‍රමිකයෝ බිහි කරන්න. වෙන අටමගලකට නෙමෙයි. ධනේශ්වර උවමනාව වෙනුවෙන් තමයි මේ උගන්වන්නෙ.

      Delete
  8. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ජනප්‍රිය පාසල් වලට ගිහ්ල්ල ඊට පස්සෙ O/L , A/L කරල කැම්පස් ගිහින් අන්තිමට දොස්තරල වෙලා චැනල් දාගන මුං සූරාකන්නෙ මේ රටේම මින්ස්සුන්ව. මේ වගේ තක්කඩින්ව බිහිකරන එකද නිදහස් අධ්‍යාපනේ? මේ වගේ ලබ්බෙ අධ්‍යාපනයක් වෙනුවෙන්ද වාමාංශිකයො පෙනී ඉන්නෙ? ශිෂ්‍යත්වෙ අහෝසි කරපු එකෙන් අඩුගානෙ ළමයින්ගෙ ළමා කාලයවත් නිදහසේ ගෙවාගන්ඩ ලැබෙයි. පහසුකම් සහතිත පාසලකට ගියා කියල අන්තිමට උගත් බුද්ධිමතෙක් බිහිවෙනවද? කටපාඩම් කරන මැට්ටෙක් මිසක්?

    ReplyDelete
    Replies
    1. උඹල වගේ එවුන් හින්ද තමයි පොන්නයො ධනපති පංතියට නිදහස් අධ්‍යාපනය විනාශ කරල දාන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඉඳපං සමාජවාදී අධ්‍යාපන එනකං. තොපි ඹනපති අධයාපනයෙන් ඉහලට ගිහිල්ල දැං පල්ලෙහා එකාට කෙලවනවා. තෝත් මහින්දගෙ ජාතියෙ එකෙක්කෙ

      Delete
    2. ඔව්. ධනපති පංතියට හරි ලංකාවෙ මේ පොන්නයො බිහිකරන අධ්‍යාපන ක්‍රමය විනාස කරල දාන්ඩ පුලුවන් නම් මං ඒකට ෆුල් සපෝට්.

      Delete