A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මුරලි චක් නොකරන්නේ පන්දුව පමණි


ටෙස්ට් කඩුළු 800 ක අනගි වාර්තාවකට හිමිකම් කියන මුත්තයියා මුරලිදරන් පළාතම අමන්දානන්දයට පත් කරන සිය සුපුරුදු පොල් අඩි පහරවල් හා සමාන ප්‍රකාශ කිහිපයක් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට එරෙහිව ප්‍රතාශ කර තිබුණි. ඔහුට අනුව ඔහු දෙමළෙකි. එහෙත් ඔහු වැනි දෙමළුන්ට කරදරයක් නැත. උතුරු නැගෙනහිර දෙමළුන් ද ඉතා සාමකාමීව උතුරු වසන්තයේ අරුණළු දකිමින් සිටිති.

එහෙත් තත්වය එසේ නොවන බැව් මුරලි පවා දන්නා බැව් නො අනුමානය.  2009/10 බර අවි යුද්ධයෙන් අනතුරුව මේ වන තෙක්ම ස්ත්‍රී දූෂණ, අතුරුදහන් කිරීම්, ඉඩම් පැහැර ගැනීම් ඇතුළු සියළුම ආකාරයේ මර්දනයන් හා මානව හිමිකම් අහෝසි කරවීම් රාජ්‍යය හා මිලිටරිය අනුග්‍රහයෙන් උතුරු නැගෙනහිර සිදුවන බැව් අවදියෙන් සිටින සියල්ලන් දන්නා කාරණාවකි.

අපට අනුව නම් මුරලි දෙමළ අනන්‍යතාවක් හිමි සිංහලයෙකි. ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් සහිත මුරලිගේ දෙමාපියන් සඳහා සිංහල සමාජයේ සාර්ථක වෙළෙන්දන් වීමට හැකිව ඇත්තේ ඒ සිංහල බවට අනුගත වීම තුළිනි. එමෙන්ම ධනේශ්වර පන්තියේ දී ජාතිය සාධකයක් නොවී ගැට ගැසීම සිදු වන්නේ මුදල් මතය. කදිරගාමර් ගේ දෙමළ බව ධනපති සිංහල පංතියට අදාල නොවන්නේ එබැවිනි. රාජ්‍යය ජාතිය පොදු සාධකයක් බවට පත් කරන්නේ පීඩක හා පීඩිත පන්තිය එකට ගැට ගැසීමට අවශ්‍ය වූ විටිය. එවිට ජාතිවාදයෙන් අන්ධ වන්නෝ තමාගේ නිවැරදි සතුරා වූ පීඩක පන්තිය හඳුනාගත නොහැකිවීමේ රෝගයෙන් පෙළෙති. ඒ මායිම නොහඳුනති. සමස්ත දෙමළ ජනතාව කදිරගාමර් හා මුරලි තුළින් දකිති.

1994 දෙසැමිබර් සුනාමියේ දී මුරලි සියල්ල රැගෙන සිය සුබ සාධන කටයුතු සඳහා හනිකව දිව ගියේ සුනාමියෙන් දැඩිවම හානියට පත් එමෙන්ම තම සහෝදර දෙමළා සිටි නැගෙනහිර පළාතට නොව දකුණු පළාතටය. තමන්ගේ ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් ඇති පරපුර තවමත් තේ වතු වල “ලැයින්“ පේලීයේ ඉතා දුක්ඛිත තත්වයක සිටිති. ඔවුන් හට ජීවත් වීමේ අවම පහසුකම් නැති අතර මුරලි එය නො දකින්නේ වෙයි. මේ මොහොතේ සිය පරපුරෙහි ලක්ෂගාණක් මරා දැමූ යුද අපරාධ කරුවන් ආරක්ෂ කිරීමට අසත්‍ය ප්‍රකාශ කිරීමේ ඇම්බසඩර් බවට ද පත්ව සිටී.

මුරලි හා ප්‍රමෝද්‍ය එකතුව ආරම්භ කරන ලද ඇමෙරිකාණු බහුජාතික සමාගමක් වූ ඩෝල් කෙසෙල් ව්‍යාපාරය සඳහා සෝමාවතියේ රක්ෂිත වනාන්තර වලින් අක්කර 5000 ක් ආරක්ෂක හමුදා ආධාරයෙන් ලබා ගෙන සිදු කර ඇති භුමිය සූරා කෑම ට මෙන්ම සිය සහෝදරයාගේ නීති වීරෝධී එතනෝල් ව්‍යාපාර සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය නිසාවෙන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ට වීම අනිවාර්‍යය විය හැක. එහෙත් තමන්ගේ සගයා වෙත ලැයින්“ පේලීයේ පොඩි ටීවී දෙස බලාගෙන හුරේ දමපු  පරපුර සහ යුද්ධය අතර තුරේදී පවා පෝර්ටබල් රේඩියෝ කණ අස්සේ ගසාගෙන විසිල් ගහපු පරපුර ද  ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් ලෝකය තුළ බබලවා ගෙන සිටි කීර්ති නාමය නොදන්නා දෙමළෙට යාමෙන් මුත්තයියා මුරලිදරන් තවදුරටත් විනාශ කරගෙන තිබේ.


සබැඳි ලිපි:

4 comments:

  1. අහම්බෙන් කියවන්න ලැබුනත් ඔබතුමාගේ මේ ලිපිය මම බොහෝ සේ අගය කරනවා.

    සුපිරි ධනපති පන්තියටත් නාගරික දිළිඳු සමාජයටත් ජාතිකත්වය හෝ ආගමික භේදය බල නොපාන බව ලස්සනට උදාහරණ කිහිපයකින් විස්තර කරලා තිබුන මහාචාර්ය චන්දිම ගෝමස් ගේ පහත දැක්වෙන ලිපියේ. මේ ලිපියෙන් මට තේරුණා ඒ විග්‍රහය හරියටම හරි බව.

    http://chandimagomes.blogspot.com/2013/08/to-protect-buddhism-in-sri-lanka.html

    ReplyDelete
  2. He was a wealthy person even before he became a cricketer and he became a billionaire by cricket.He never cared a hang about Tamils.He was always up to fame and money disregarding humanity.He and himself!

    ReplyDelete
  3. ලංකාවේ ධනපති දෙමල අය සිංහල විධියට අනුගත වෙලා තමන්ගේ වැඩ කරගෙන යනවා... ඒ වගේම විදේශ වල ඉන්න ධනපති දෙමල අය ලංකාවේ දෙමල මිනිස්සුන්ව විකුණාගෙන හොඳට හම්බ කරනවා ... ඕකයි ඇත්ත තත්වේ.

    ReplyDelete
  4. http://www.lankaegossipnews.com/2013/12/blog-post_8302.html#more

    මේ බ්ලොගය මාක්ස්වාදී ආස්ථානයක සිට කරගෙන යන්නකි.ඔවුන්ට අනුව කොටින් කළ අපරාධ ප්‍රගතිශීලීය.

    ReplyDelete