A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

චේ - මාර ආතල් ඕයි


2004 මහ මැතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ධනේශ්වර ආණ්ඩුව බලයට පත් කර ඒ ධනපති ආණ්ඩුවේ ම ඇමති මණ්ඩලයේ ඉඳන් වැව් හාරන්නට චේ ගුවේරා ට හැකිවිය.

2005 සැප්තැම්බර් 08 වෙනිදා අරලියගහ මන්දිරයේ දී ටිල්වින් සිල්වා ඒකාධිපති මහින්ද රාජපක්ෂ බලයට රැගෙන ඒමට ගිවිසුම් අත්සන් කරණ විට චේ ගුවේරා පැත්තක සිට මහින්ද චින්තනය පොත් පිංචෙන් පවන් සැලුවේය.

සුළු ජාතික දෙමළ පීඩිත ජනයා අවි ආයුධ රැගෙන මහ ජාතියේ ආණ්ඩුවට එරෙහිව සටන් වදින විට ආණ්ඩුවේ මිනී මරු හමුදාවට සෙත් පත්න්නට ජවිපෙ රතු හමුදා බෝධි පූජා පවත්වන විට රණවිරුවන්ට පලන්දන්නට දේශ හිතෛශී චේ ගුවේරා මානෙල් මල් නෙළුවේය.

ආණ්ඩුවේ රණවිරුවෝ ලක්ෂයකට අධික දෙමළුන් මරා දමා විජයග්‍රහනය සමරද්දී ජාතිවාදී චේ ගුවේරා කොළඹ පාරවල් ගානේ සිංහ කොඩි වන වනා ඇවිද්දේය. රතිඤ්ඤා පත්තු කළේය. බෙදුම්වාදය සමඟ කිරිබත් කෑවේය.

දෙමළ ජනයාට යාන්තමින් හෝ සහනයක් විය හැකි යන ජනප්‍රිය මතයේ සිට හෝ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ට සහයෝගය නොදී ධනේෂ්වර ආණ්ඩුවේ මතයටත් වඩා ජාතිවාදී වී චේ ගුවේරා ජාතික පත්තර වල බෙරිහන් දුනනේය.

2010 ජනාධිපතිවරණයේ දී බැටිස්ටාගේ හමුදාවේ ජෙනරාල්වරුන් තරමටම ම්ලේච්ච යුද අපරාධ කරුවෙකු වූ සරත් ෆොන්සේකාව බලයට ගෙන ඒමට නොහැකි වී අවසන රාජපක්ෂ ආණ්ඩුව සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගනිද්දි චේ ගුවේරා අනුර දිසානායක සමඟ ඔලුවෙ අත ගසා ගත්තේය.

පක්ෂය පාවා දුන් එවුන්ට චේ ගුවේරාගෙන් සමාවක් නැත. කුමාර් ගුණරත්නම් ට කෙළවන්නට චේ ගුවේරා අනුර දිසානායක සමඟ ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දූන්නේය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්නට ලාල් කාන්ත බැසිල් ට හා මහින්ද ට දුරකථන ඇමතුම් දෙද්දී චේ ගුවේරා සිටියේ ලාල් කාන්ත සමග ෂොට් එකක් දමන ගමන්ය.

අනුර දිසානායක හා ලාල් කාන්ත සමඟ චේ ගුවේරා රාජපක්ෂලා සමඟ ගනුදෙනුව හොඳින් කෙරෙන බැවින් ඉතිරි තරුණ පරපුර රාජපක්ෂකරණයෙන් බේරා ගත යුතුව ඇත. රාජපක්ෂලා සමඟ ගනුදෙනුවට දෙන්නෙක් හොඳටම ඇතිය.

සරසිවි සිසුන් හා ආචාර්ය වරුන් අධ්‍යාපනය සඳහා 6% කට පාරට බහිද්දී චේ ගුවේරා සිටියේ කුමාර් ගුණරත්නම් පලහිලව්වෙන් අන්දුන්කුන්දුන් වී බත්තරමුල්ලේ මූලස්ථානයේ මර නින්දේය.

හදිස්සියේම මිත්‍යා මත වලින් තරුණ පරපුර බේරගන්නට මතක් වුවත් චේ ගුවේරා සෝමවංශ අමරසිංහ සමඟ සෙට් වී විඥානවාදී දෙවියන් ඉදිරියේ ඉඳ හිට භෞතිකවාදී පොල් ගැසුවේය.

ඇත්තට ම ඉතිං ජවිපෙට චේ ගුවේරා සමරන්නට අයිතියක් ඇත.


පසු සටහන

බොලීවියන් ජනාධිපති රෙනෙ බාරින්ටොස් ගේ නියෝගය ලැබී චේ ගුවේරා මරා දැමීමට දැමීමට 1967 ඔක්තෝම්බර් 9 දා  සිය කැමැත්තෙන්ම ඉදිරිපත්වූ බොලීවියන් හමුදාවේ සාජන්ට්වරයෙකු වූ මාරියෝ ටෙරෑන්, ලා හිගුවේරා හි පාසැල් ගොඩනැගිල්ලක් තුළ දී ඔහු වෙත ලඟා වන විටත් 2013 ඔක්තෝම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ පැවැත්වීමට නියමිත බයිසිකල් පැදීමේ සමරු උත්සවය ගැන ආරංචි වී සියවසේ ඒ ශ්‍රේෂඨතම විප්ලවවාදියා සිය දිවි හානි කරගෙන තිබුණි.

6 comments:

  1. කවුරුකරත් හොද වෑඩක් නේ කරන්නේ.
    වයස්බේදයක් නෑතුව මුලු ලoකාවම පසුගාමී ධනේශ්වර සිහින වලින් හිරිවෑටිලා කාලකන්නිකමට තල්ලුවෙලා තියන මේ වගේ වෙලාවක්' චේ' වගේ මනුස්සයෙක් ගෑන කාතා කරන ඵක කොච්චර වටිනවද?අනික ජවිපෙ හරි පෙරටුගාමී හරි මුන් වෑරදි නම් උබලට පුලුවන්නේ ආදර්ශයෙන් වෑඩක් කරලා පෙන්නන්න.ඵතකොට කවුරුත් ජවිපෙට හරි පෙරටුගාමීන්ට හරි රෑවටෙන ඵකක් නෑ.අපි හෑමෝටම පුලුවන් උබලගේ අඩිපාරේ ඈවිත් සමාජවාදය ගොඩනගන්න.

    ReplyDelete
  2. උබලගේ අඩිපාරේ ඈවිත් :)

    ReplyDelete
  3. චේව සැමරිය හැකිවන්නේ විප්ලවීය භාවිතාවකින් පමණි. වාර්ෂික සංදර්ශන වලින් නොවෙයි.

    ReplyDelete
  4. "අනුර දිසානායක හා ලාල් කාන්ත සමඟ චේ ගුවේරා රාජපක්ෂලා සමඟ ගනුදෙනුව" what do you mean by this???
    Is ther a hidden deal between JVP and MR regime????

    ReplyDelete
    Replies
    1. http://www.loopholesblog.org/2013/09/blog-post_30.html

      Delete
  5. ජ. වි .පෙ දේශපාලන ඉතිහාසය අනුව ඒ හැටියට ගත්කල මොවුන්ට අයිතියක් ඇත්තේ චේ නොව පිනෝචේ සමරන්නටයි .

    ReplyDelete