A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළාට කෙළ‍වෙන තෙක් ආයෙමත් බලා සිටීමට සිදුවීම


“දෙමළා ඉවරයි“ කියා සිතාගෙන සිටිය උම්මත්තක සිංහල ජාතිවාදීන් නන්නත්තාර වූයේ පසුගිය දා පලාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ උතුරේ දෙමළ ජනතාව අළුගසා දමා නැඟිටීමෙනි. රාජපක්ෂලාගේ සිට රණවක-වීරවංශලා මූලික “අපි කියන විදියට ඉන්නවනම් හිටු“ පන්නයේ දෙමළ විරෝධී දකුණේ සිංහලයා දැන් ඇසිපිය නොහෙළා උතුර දෙස බලා සිටින්නේ ඒ දෙමළා ට කෙළවෙන්නේ කොයි මොහොතේ ද යන්න දැන ගැනීමටයි. දැන් ඔවුන්ට වෙන වැඩක් නොමැත. “දිවුරුම් දෙන දවසට අරයා ආවේ නැහැ - ඇමතිකම් වලට වලි - අරයා දිවුරුම් දුන්නේ අරහේ - මහ ඇමති ආයෙමත් අරලියගහ මැදුරේ“ වැනි හිත හදාගන්නා නියායේ ප්‍රවෘත්තීන් වලින් ඔවුහු සැනසෙති.

ඒ අතරතුර තවදුරටත් මරා දමා කෙළවර නොවුණු ඒ දෙමළාගේ කෙළවීම කෙළවර කිරීම සඳහා විවිධාකාරයෙන් දකුණ ලැහැස්තිවෙති. යුද හමුදාපති දයා රත්නායක දෙමළාගේ බෙල්ල ගලවන බවට තර්ජනය කරන විට මහින්ද රාජපක්ෂ සුපුරුදු මොර්තේ න්‍යාය යොදවා මහ ඇමති විග්නේශ්වරන් ව බා ගැනීමේ මානුෂික මෙහෙයුමට අවතීර්ණ වී සිටී. ඒ අනුව විග්නේශ්වරන්ට සමූහ ඡායාරූප ලබා දීමේ සිට  කැබිනට් රැස්වීම වලට රැගෙන ඒමේ හරහා පොදු රාජ්‍ය මණ්ඩල සැසිය ඇමතීම දක්වා මෙහෙයවීමට ඔහු සමත් වී ඇත.

If you can't beat 'em, join 'em යනු ඉංග්‍රිසියේ ප්‍රකට කියමනකි. අවැසි පරිදි එය දෙ ආකාරයකට අරුත් ගැන්විය හැකිය. පළමු වැන්න වන්නේ යමෙකුට අනෙකෙකුව පරාජය කිරීමට නොහැකි නම් අනෙකාගේ පිළිවෙතට එකතු වී නිහඬවම ඔවුන් අනුගමනය කිරීමයි (දයාසිරි ක්‍රමවේදය). දෙවැන්න වන්නේ යමෙකුට අනෙකෙකුව එක් වර පරාජය කිරීමට නොහැකි නම් අනෙකාගේ පිළිවෙතට එකතු වී ඔවුන් අනුගමනය කරන බැව් පෙන්වා කෙමෙන් කෙමෙන් කුමන්ත්‍රණ මඟින් විනාශ කර දැමීමයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රකට මොර්තේ න්‍යාය අර්ථ නිරූපනය කරන්නේ දෙවැන්නයි. යුද සංහාරය හා මැතිවරණ ප්‍රතිඵල මඟින් විනාශ කර දැමිය නොහැකි වූ දෙමළා ව යටින් ගේම දී කෙළවා දැමීම ඔහුගේ වෑයමයි.

යුද හමුදාපති දයා රත්නායක තවදුරටත් දෙමළාගේ බෙල්ල ගලවන බවට පවසන්නේ, ඇමෙරිකාව ඇතුළු ලොව සියළුම පෙර අපෙර දිග රටවල් හා ජවිපෙ ඇතුළු දකුණේ සියළුම වාම-දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයන්ගේ සහයෝගය ඇතිව වන්නිය වසර හතරකට ඉහත දී වර්ග සංහාරයකට ලක් කිරීමෙන් ද අනතුරුවය. එ ලෙස බෙලි ගලවා රිටි වල හිටුවා හිස සුන්කඳ දෙස බලා සිටීමට සැලැස්වූ ලංකා හමුදාවේ අතීතය දකුණේ අපට ද හොඳින්ම මතකය. එයට බිලි වූයේ හැට දහසක් වූ ජවිපෙ ක්‍රියා කාරීන් හා හිතවාදීන් පමණක් නොව දකුණේ ද අහිංසක පුරවැසියන්ය.

සිංහලයා යනු එතරම් කාලකණ්ණි අත් දැකීමක් ඇතිව එම ඝාතක හමුදාවම යොදවා තවත් සහෝදර ජනතාවක් විනාශ කිරීම සඳහා ආශිර්වාද කළ ජාතියකි. අප, 1987-1989 දී දකුණේ හත්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළ මිනීමරු හමුදාව ලවා තුන්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළා යැයි පවසන කොටි විනාශ කිරීම සඳහා බෝධි පූජා පැවැත්වූ ජාතියකි. 1983 ජූලියේ දී දවස් හතරක දී තුන් දාහකට වැඩි දෙමළුන් මරා අවුරුදු 17 කදී සිංහලයින් තුන් දාහක් ( චම්පික රණවකගේ “කොටි විනිවිදීම“ ට අනුව 1983-2000 දක්වා කොටි සංවිධානය සිදු කළ ඝාතන සංඛ්‍යාව 3042 කි) මරා දැමූ දෙමළාට සාප කළ ජාතියකි. දෙමළා විනාශ කිරීමට අවැසි වූ විට ඉතිහාසය පුරාම අපි සිදු කර ඇත්තේ ජාතියක් ජම්මයක් ඇති එවුන් නොකරනා වැඩය. කොහොමටත් අපිට හරියනවාට ත් වඩා සතුටක් දෙමළාට කෙළවෙන විට අපිට ලැබේ. ඒ අපේ සිංහල කමය. ජාතියේ ස්වභාවය ය.

ප්‍රභාකරන් හට ලියුම් විතරක් ලියූ ආනන්ද සංගරී හා ඩග්ලස්-කේපී-කරුණා යන දේශපාලන මළකුණු අත්හැර දැමූව ද ජනප්‍රිය දේශපාලනයේදී දෙමළා හා සිංහලයා කියා වෙනසක් නොමැත. එබැවින් ටීඑන්ඒ හෝ වාසුදේව-මස්සිනා විග්නේශවරන් යනු කෙතෙක් දුරට සිය නිජබිමේ දෙමළා ගේ උරුමය වෙනුවෙන් පෙනී සිටිනු ඇත්දැයි යන්න හෙට දවසේ අවිනිශ්චිත ය. රාජපක්ෂ වරුන්ගේ හැකියාවේ තරම අනුව ටීඑන්ඒ දෙදරීමේ වේගය තීරණය වන්නේ නම් එය දෙමළාගේ ම අවාසනාවය.

පසුගිය මැතිවරණයේ දී ටීඑන්ඒ සඳහා, ප්‍රභාකරන් වීරයෙකු බැව් පැවසීමට සිදුවීමෙන් හෝ කොටි සංවිධානයේ විරු ගීතිකා වේදීකාවල ගැයීමට සිදුවීමෙන් හෝ ප්‍රභාකරන්ගේ ඡායාරූප මුද්‍රණය කර බෙදා හැරීමට සිදුවීමෙන් හෝ අද ඉතිරී වී සිටින කුඩුපට්ටම් වී ගිය දෙමළාගෙන් සියයට අසූවක් මහ පොළොව දෙදරවා පෙන්වා දුන්නේ මරණය මතින් වුව තමන් පිළිගන්නේ කොටි සංවිධානයේ දේශපාලන මතය බවයි. එනම් දෙමළා සතු වෙනම රටක ජීවත් වීමේ හෝ ස්වයං නිර්ණය අයිතියයි. 

පසුගිය වසර තිහ ඇතුළත මෙන්ම අනාගතයේ දී ද උතුරේ දේශපාලනය මෙන්ම දකුණේ දේශපාලනය ද තීරණය කරණු ඇත්තේ ඒ සදාකාලික සත්‍යය යි. එම සත්‍යය වටහා නොගෙන එම   යථාර්තය පිළිනොගෙන කොළඹ දේශපාලනය ක්‍රියාත්මක වන තාක් කල් සාමයේ සමාදානයේ හා සමගියේ හිරු මේ භූමියට පායනු ඇත්තේ දහවල් කිහිපයකට පමණය. එවිට “කෙළවීම“ සඳහා වූ මාලිමාවේ සූචිකාවේ දිශානතිය වෙනස් වීමට ගත වනු ඇත්තේ ද මොහොතක කාලපරාසයකි.

11 comments:

  1. දෙමළා ඉවර වෙනකම් බලා සිටියෙ කවුද? හැබැයි දෙමළ නාසිවාදීන් ගේ වර්ග සමූලඝාතනය නම් පරාජය කළා.නැත්නම් උන්ගෙ චන්ඩිකම් වලට යට වෙන්නද කියන්නෙ .එහෙම වුනානම් උඹල කියාවි අපි පොන්නයො.දෙමළු හරි චන්ඩි.උන් එක්ක උඹලට හැරෙන්නවත් බෑ කියල.කොටි නාසිවාදීන්ට වීර කාව්‍ය රචනා කරන්න සැදී පැහැදී සිටි පල්ලිය අද අඩනවා.අඩපල්ල හොටු සූරපල්ල

    ReplyDelete
    Replies
    1. වාර්ගික සමූලඝාතනය කලේ දෙමලු. 1971 දී උතුරේ සිංහලයෝ 40,000යි. 1981 වෙනකොට 4,000යි.

      Delete
  2. well said. munta tiyenne hina mane. mun kamati naha demala war 1ken paraduna kiyala hitanna. yako ada eye idala newei elara dutu gamunu kale idala demala balanawa apita kelawanna. tawamat bariuna. mokada tawamat rata jatiya gana hitana sinhalayo inna nisa. meka aniwa demalekta jataka wechcha ekek. ekai me taramata puke amaruwa.

    ReplyDelete
  3. මේ ආයුබෝවන්ඩ , ඔහේ කියන තරම් සිංහලයෝ නරුමයෝ නම් සහ සිංහලයන්ගෙන් දෙමළුන්ට ඔය කියන තරම් අසාධාරණකම් වෙලා තියෙනවානම් ලංකාවේ සමස්ත දෙමල ජනගහණයෙන් සාතිශය බහුතරයක් උතුරු පලාතෙන් පිට සිංහල බහුතරය අතරේ ජීවත් වෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිළි කරලා දෙන්න පුලුවන්ද? මෑණියන්ගේ වස්ත්‍රය තමයි..

    ReplyDelete
    Replies
    1. 70% in North & East

      Delete
    2. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා හොඳ රිසර්ච් එකක් කරලා බලන්න . කුමාර් ගුණරත්නම් ද නිරන්තරයෙන් මතුරන ප්‍රශ්නයක් ඕක .

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. දෙමළ නාසිවාදය වෙනුවෙන් කතා කිරීම ගැන දෙමළ ජාතිකයෙක් ලෙස මට සතුටුය.ඇත්තෙන්ම අපගේ වීර කොටින් සිංහලයන් සමූලඝාතනය කර දෙමළ අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ උත්සාහය නීච හමුදාව විසිස්න් ව්‍යවර්ථ කර ඇත.සිංහල ගම්මාන වල කිරි දරුවන් පෙති ගැසීම ,බස් පිපිරවීම වැනි ප්‍රාගතිශීලී ක්‍රියා තුලින් සහෝදර හිට්ලර් හා අපගේ වීර ප්‍රභා එක සමාන ඉතිහාසික පුරුෂයෝ වෙති.එහෙත් ජය ගත් පළාත් සභාව පටන් ගත් දා සිටම අවුල් ඇති වන්නේ අපේ දෙමළ සක්කිලිකම මතු වීමෙන් යැයි කියන කතා හතුරන් තරහට කියන ඒවා බව සළ කන්න.මුලු ලෝකයේම උදව් ලැබිලාත් අපට සිංහලයා පරදන්න බැරි වීම උගේ අභීත පෞර්ෂය අපගේ සක්කිලිකම ඉක්මවා යාම බව දෙමළ විද්වත්හු පවසති.

    ReplyDelete
    Replies
    1. සිංහල දන්න නමුත් ඇනෝවෙක් ;)

      Delete
  6. සිංහලයා යනු එතරම් කාලකණ්ණි අත් දැකීමක් ඇතිව එම ඝාතක හමුදාවම යොදවා තවත් සහෝදර ජනතාවක් විනාශ කිරීම සඳහා ආශිර්වාද කළ ජාතියකි. අප, 1987-1989 දී දකුණේ හත්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළ මිනීමරු හමුදාව ලවා තුන්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළා යැයි පවසන කොටි විනාශ කිරීම සඳහා බෝධි පූජා පැවැත්වූ ජාතියකි. 1983 ජූලියේ දී දවස් හතරක දී තුන් දාහකට වැඩි දෙමළුන් මරා අවුරුදු 17 කදී සිංහලයින් තුන් දාහක් ( චම්පික රණවකගේ “කොටි විනිවිදීම“ ට අනුව 1983-2000 දක්වා කොටි සංවිධානය සිදු කළ ඝාතන සංඛ්‍යාව 3042 කි) මරා දැමූ දෙමළාට සාප කළ ජාතියකි. දෙමළා විනාශ කිරීමට අවැසි වූ විට ඉතිහාසය පුරාම අපි සිදු කර ඇත්තේ ජාතියක් ජම්මයක් ඇති එවුන් නොකරනා වැඩය. කොහොමටත් අපිට හරියනවාට ත් වඩා සතුටක් දෙමළාට කෙළවෙන විට අපිට ලැබේ. ඒ අපේ සිංහල කමය. ජාතියේ ස්වභාවය ය.//

    මේකෙන් කියන්න කොටි කරපු අපරාධ හරි.ඒව මර්ධනය කරපු එක වරදියි කියල.කොටි පරාජය වුන එක ගැන සිත් වේදනාවෙන් ඉච්ඡා භංගතව්යට පත් වෙච්ච කෙනෙක් මේක ලියන බව පේනව.කොටි මර්ධනය කරන්න ලංකාවෙ හමුදාව හොඳ නැත්නම් කවුද හොද? කොටින් තරම් ම්ලේච්ඡ සංවිධානයක් මේ මිහිතලයේ තිබිලා නෑ.1983 ඉදන් මේ වෙනකම් කොටි අහිංසකයො 30,000 ක්වත් මරල තිබෙනවා.ඒ කියන්නෙ ආරක්ෂක අංශවල අය හැර.



    දෙමළට කෙලවෙනකම් ආයෙ බලා ඉන්න දෙයක් නෑ.ඌට කොහොමත් කෙළවෙනව.මේ ලිපිය සිංහලයන් ගැන වෛරෙන් ලියවුනක් බව පේනව.ජාතිවාදෙ වපුරල දිනාගත්ත පළාත් සභාව කරගන්න වත් දෙමළට බෑ.

    ReplyDelete
  7. මැතිවරන වේදිකාවෙ ප්‍රභාකරන් කියන ම්ලේච්ඡ අලුගෝසුව ගැන කීව කියන්නෙ දෙමළු කියන්නෙත් ම්ලේච්ඡ පහත් ජාතියක් බවයි පේන්නෙ.දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ හිට්ලර්ගෙ ජාතික සමාජවාදී පක්ෂය තහනම් කළා.හිට්ලර්ගෙ ගුණ කියන්න කාටවත් ඉඩ ලැබුනෙ නෑ.නමුත් උතුරෙ ප්‍රභාකරන්ගෙ ගුණ කියන්නෙ සිංහලයගෙ තිබෙන සහනශීලී කම නිසයි.දෙමළුනේ ඒකට පින් දීපල්ල

    ReplyDelete