A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කුමාර ලා ගේ යතුර හා කැරැල්ල


හිරිවැටිච්ච දූපතට තුඩ නොකැඩිච්ච එන්නතක් විදිහට “කැරැල්ල“ නම් මාසික සඟරාවක් එලි දක්වා ඇත. මතුපිටින් කැරැල්ල ගසන්නෝ කවුදැයි දන්නා නමුදු යටි පෙළෙහි කැරලිකාරයෝ කවුදැයි අපි නොදනිමු. කැරැල්ලේ අව්‍යාජ අරමුණ ධනේශ්වරයට එරෙහි වීම නම්, මාක්ස්-ලෙනින්වාදී නිවැරැදි දෘශ්ටියක් සහිතව හෙට දවසේ වඩාත් හොඳ සමාජයක් සඳහා වූ අරමුණ පෙරදැරිකර ගෙන පෙරට එන්නේ නම් එවැනි උත්සාහයක් සඳහා හෘද්‍යාංගමව සුබ පතන්නට අපි මැලි නොවෙමු.

“කැරැල්ල“ මේ වන විට අතට නොලැබුණ ත් ජේවීපී අනුර කුමාර දිසානායක-පෙසප කුමාර් ගුණරත්නම්-ශ්‍රීලපෙප දීප්ති කුමාර ගුණරත්න ගේ ඡායාරූපයන් පසුබිම් කර “යතුර කොයි කුමාර අතේ ද“ හෙඩිම සහිතව එහි පූර්ව ප්‍රචාරක ෆේස්බුක් සටහන (සමහර විට සඟරාවේ මුල පිටුව) දුටු විට එම සඟරාවේ දැක්ම ද ගැඹුර ද දිශානතිය ද සම්බන්ද ව ගැටළුවක් නිසැකවම මතුවේ. ඔය කියන්නේ ගෙදරක දොරේ “යතුර“ ගැන නොවන බැව් අපි උපකල්පනය කළෙමු.  කැරැල්ල අදහස් කරන්නේ ලංකාවේ රැඩිකල් වාම දේශපාලනයේ හෝ රැඩිකල් තාරුණ්‍ය යේ “යතුර“ ගැන නම්, මේ වන විට නම් ඔය කුමාරලා කිසිවෙකු සතුව එය නැති බවත් සුවිශේෂිත ආශ්චර්යයක් සිදු නොවුන හොත් හැර අනාගතයේ එවැනි යතුරක් හිමි කර ගැනීමේ ඔවුනට ඇති ඉඩ කඩ ද ඉතා අඩු බවත් අපි හොඳාකාරවම දන්නෙමු.

පෙසප සහ කුමාර් ගුණරත්නම්

ජවිපෙන් කැඩී වෙන් වී ගියත් සම්ප්‍රදායික ජවිපෙ මතයන් හිසෙහි දරාගෙන සිටී. ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි අතර පට්ට ගසන “බෙදුම්වාදයේ“ නාමයෙන් තවදුරටත් ජාතිවාදයම වපුරයි. ජාතික ගැටළුව සම්බන්ධව ජවිපෙ මතයෙම සිටී. ඔහුගේම “සම අයිතිය“ ට අනුව ජාතික ගැටළුව යනු චෙක් පොයින්ට් එකකදී දෙමළාගේ හැඳුනුම්පත පරීක්ෂා කර සිංහලයාගේ හැඳුනුම්පත පරීක්ෂා නොකිරීම තරම් සරලය. දේශපාලන දැනුමෙන් ඌනය. දර්ශණයෙන් දිළිඳුය. මාක්ස්-ලෙනින්වාදය හෝ නිර්ධන පංති විප්ලවය යනු වචනමාත්‍රයන් පමණි. පෙසප නිල-නොනිල ප්‍රකාශණයක් වූ මේ වන විට ඉඳහිට වෙළඳපොලට එන ජනරළ (ජනරළෙහි ඇත්තෝ කැරුල්ලේ ද ඇති බැව් මතක් කරමු) පුවත් පතෙහි පළවෙන ලිපි වල ඇති නිස්සාර බව මෙන්ම ආරාධිත ලියන්නනගේ වචන හරඹ උන්මත්තකකාමී බව ද දකින විට ඇති වන්නේ අප්‍රසන්න බවකි.

නිවරැදි වාම දේශපාලන දැක්ම ක් නොමැති වූ බැවින්ම ජවිපෙන් කැඩී වෙන් වී පිහිටුවාගත් තදියම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට නන්නත්තාරය. පෙසප ලේකම් සහ න්‍යයාචාර්ය පුබුදු ජයගොඩ ගේ නව ලිබරල් ගිරා පෝතක වචන වලට කළ හැක්කක් නොවීය. කේඩරයන් සංවිධානගත කිරීමේ ශක්තිය කුමාර් ගුණරත්නම් වෙත ඇති නමුත් රටින් බැහැරව සිටීමට සිදුවීමේ කරුමයෙන් සියල්ල අහෝසි වී ගොස් ඇත.
පෙසප යනු වාමාංශික පක්ෂයක් නොවේ. වාමාංශික යැයි පෙනි සිටි දක්ෂිණාංශික සංශෝධනවාදී පක්ෂයකි. ඒ සඳහා තව දුරටත් සමාජවාදී කඳවුරේ පැවැත්මක් නැත.

ජවිපෙ සහ අනුර කුමාර

පට්ටම ජාතිවාදියෙකි. විටෙක වර්ගවාදී ආගම්වාදී චම්පික හා වීරවංශ ට නොදෙවැනිය. පසුගිය දා 13 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නිකුත් කරන ලද ඔහුගේ ප්‍රකාශ මහින්ද  රාජපක්ෂ ඇතුළුව ඕනෑම ජාතිවාදියෙකු අභිබවා යෑමට හැකි තරමේ විය. දේශපාලන න්‍යාය පිළිබඳ මෙලෝ හසරක් නොදනී. මාක්ස්-ලෙනින්වාදය යනු කට පාඩමින් ටිල්වින් වේදිකවේ කියවනනවා ඇසුණු වචන කීපයක් පමණි. මහින්ද රාජපක්ෂ මෙන්ම සරත් ෆොන්සේකාව ද බලයට රැගෙන ඒමට දක්කා ගෙන ගොස් ජවිපෙ සතු වූ විශ්වාසනීයත්වය ද ගෞරවයද සියතින්ම විනාශ කර ගත්තේය.

ටිල්වින් අහිංසක පොතේ ගුරු චරිතය රඟන විට මේ වන විට ත් රාජපක්ෂ ලා සමඟ නිරතුරුවම අනුර කුමාරගේ ගනුදෙනු පවතී. එමෙන්ම ජවිපෙ ලාල්කාන්ත ගේ සියළුම වෘත්තිය සමිති ව්‍යාපාර තීන්දු සිද්ධ වන්නේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව බැව් නොදන්නේ අන්ධ ජවිපෙ පාක්ෂිකයෝ පමණකි. මොවුන්ගේ පිටින් දක්වන සීමා සහිත රාජපක්ෂ විරෝධය හා බෙරිහන් දෙන බෙදුම්වාදයට එරෙහි වීම පවා මහින්ද රාජපක්ෂගේ මොර්තෙ දේශපාලනයේ උවමනාවයි.

ඉතිහාසය පුරාම කිසිවෙකු ජවිපෙන් වෙන්වූ හොත් ජවිපෙ එම පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඉතාමත් කෘර හා අයුරිනි. මෘගයෝ විලසිනි. එම තැනැත්තාගේ විනාශය වෙනුවෙන් ඔවුහු සියල්ල සිදු කරති. අනුර කුමාර යනු ජවිපෙ සිටින එවන් බොහො අය මෙන්ම ජවිපෙන් වෙන් වූ වන්ට විෂ විදින පන්න පන්නා පලිගන්නා සර්පයෙකි. දිමුතු ආටිගල සමඟ කාමරයක සිට අත් අඩංගුවට පත් වූ මොහොතේ සිට රටින් පිටුවහල් කිරීම දක්වා ක්‍රියාදාමයම අභිරහසක් නමුදු අන්තිම මොහොත දක්වා එකට ප්ලේන්ටිය බිව් කුමාර් ගුණරත්නම් වැන්නෙක්ව “ඉවර“ කිරීම දක්වා ගෝඨාභයට උපදෙස් දුන්නේ අනුර කුමාර බැව් යන්න හමුදා ඉහල නිලයන් අතර ප්‍රසිද්ධ රහසකි. අප ලැබුණු තොරතුරු අනුව විමල් වීරවංශ වැනි සතෙක් පවා එදා කුමාර් ගුණරත්නම් ට එරෙහිව එවැනි මාරාන්තික උපදෙසක් දීමට මැලි වී ඇත.

ජවිපෙ දේශපාලිණිකව කූජිතය. ජනතාව අතර ද කූජිතය. එය විජේවීර විසින් තරයේ ප්‍රතික්ශේප කරණු ලැබූ ධනේශ්වරය සමඟ ඕනැවටත් වඩා මුක්කු ගසා සියතින් ම දිවි නසාගත් දේශපාලන පක්ෂයකි.

ශ්‍රීලපෙප සහ දීප්ති කුමාර ගුණරත්න

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර වෙත න්‍යායාත්මක දුර්වලතාවයක් ඇතුයි පැවසිය නොහැක්කේ ඔහුගේ ප්‍රකාශිතයේ වැරදි හෝ නිවැරැදි නොසළකන්නේ නම් ඔහු දැනුමෙන් සන්නද්ධ බැව් සත්‍යයක් බැවිනි.  බුද්ධිමතුන් යැයි අටවා ගෙන සිටි බොහෝ පූජනීය චරිත මහ පොලොව මතට වට්ටන්නට ඔහුට හැකි විය. ඔහු ජාතිවාදියෙක් යැයි පවසන්නට ද අප පසුබට නොවන්නේ පසුගිය වර්ගසංහාරික යුද්ධයට ප්‍රසිද්ධියේ විරෝධය නොපෑවද අඩුම ගණනේ අවශ්‍ය වෙලාවට ඔහු කපටිව යොදා ගන්නා නිශ්ශබ්ද වෘතය පිරෑ බැවිනි.

අප දන්නා තරමින් එහෙත් දීප්ති මාක්ස්-ලෙනින් වාදය වෙනුවෙන් පෙනී පෙනී එහෙත් පෙනී නොසිටී.  නිර්මාල්-කළ්‍යා-බුද්ධික-ප්‍රභා ඇතුළු 2004 සුනාමි කණ්ඩායමේ ප්‍රධානතම චෝදනාවක් වූයේද එයයි. ගල්කිස්ස හන්දියේ සිට කළ්‍යාගේ ගෙදරට යන ගමන් නිර්මාල් පැවසුවේ දීප්ති යනු ලංකාවේ මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයකට ඇති ප්‍රධානතම බාධාව බවත් ඔහුගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දක්ෂිණාංශික බවත්ය. එමෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුගේ පක්ෂ නාමය ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය “ශ්‍රී ලංකා“ වලින් ගැලවීමට නොහැකිවීම දීප්ති වෙත ජාතික ගැටළුව සම්බන්ධව ඇති න්‍යායික දුර්වලතාවය ඕනෑම වාමාංශිකයෙකුගේ ප්‍රශ්ණ කිරීමට ලක්වන්නකි.

තමන් දරණ දේශපාලන මතය සමාජ ගත කරනවා වෙනුවට දීප්තිගේ ඇති ප්‍රධාන දුර්වලතාවය ඔහුගෙන් කැඩී වෙන් වී ගිය හෝ ඔහුට එරෙහි වන ක්ෂුද්‍ර චරිත වලිට අම්මා මුත්තා නැතිව පහරදීමයි. දීප්ති නොදන්නා මනෝ විශ්ලේශනය වන්නේ එවැනි ක්ෂුද්‍ර චරිත වල බලපෑම සංවිධානගත ව්‍යාපරයක පැවැත්ම සඳහා ඉතා අවම බවයි. අන්තර් ජාලයේ සැරිසරන්නේ නම් දීප්ති සහ අනෙකුත් ක්ෂුද්‍ර චරිත වල “මහා වාමාංශික සංවාදයේ“ ජුගුප්සාජනක බව මේ දිනවල හොඳින් දැක බලාගත හැක. උස්මුරුත්තවට කසිප්පු බීගත් දවසට අමු තිත්ත කුණුරුපයෙන් බනිණ ගමේ ආරොං මාමාට වැළඳෙන මෙම රෝගයට දීප්ති ප්‍රතිකාර නොගන්නේ නම් “ඕක තමයි මචං දීප්තිට යන්න පුළුවං උපරිමය“ යනුවෙන් අපගේ මිත්‍රයෙකු පැවසූ දෙය පිලිගැනීමට අපට ද සිදු වන දිනය වැඩි ඈතක නොවේ.

අවසන් සටහන

කැරැල්ල පවසන පරිදි “යතුරෙහි“ හිමිකාරිත්ව ය ගැන කුමාරලා ගැන සදහන් කරන්නේ නම් ඒ සඳහා අඩුම ගණනේ න්‍යායාත්මකව දිළිඳු බවින් තොර  දැනුම ඇති මුත් කියා ගන්න බැරි “කෝ තාමත් කිව්වෙ නෑනෙ“ නිර්මාල රංජිත් හා  දැනුම සොයන මුත් ෆේස් බුක් හරහා නාසිසම් වැළඳුණ සුමිත් චාමින්ද වැන්නවුන් ද සුදුසුය. එමෙන්ම ප්‍රායෝගික භාවිතාව පිළිබඳ ගැටළු ඇතිමුත් තමන්ගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති වෙනුවෙන් දැඩිව පෙනී සිටින නසසප “ඇටුවම් බෑ බැවින් අනම්‍ය වූ“ වික්‍රමභාහු සහෝදරයා හා සසප “අශ්වයා පැණ ගිය පසු විග්‍රහ පමණක් ඉදිරිපත් කරන“ විජේ ඩයස් සහෝදරයා ඒ හැම දෙනාටම වඩාත් සුදුසුය.

“කැරැල්ල“ පවසන පරිදි එක්සේසත් කර ගැනීමට අපට වමක් ඉතිරිව නැත. කැරැල්ල දක්වා ඇති පරිදි කැරැල්ලේ දැක්ම කුමාරලා අතර හිර වී තිබීම ඇත්තටම අවාසනාවකි. එය සරල උදාහරණයකින් පවසන්නේ නම් ශල්‍ය වෛද්‍ය වරයාගේ කාර්යය ශල්‍ය කර්මයන් දෙස හැමදාමත් බලා සිටි හෙදියකගෙන් බලාපොරොත්තු වෙනවා වැනිය. අවශ්‍යව ඇත්තේ විෂයෙහි දක්ෂතා සහිත දැනුමෙන් සන්නද්ධ ප්‍රායෝගික භාවිතාවේ නිපුණ විද්වත් වෘත්තීකයෙකි. ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔබගේ මාපකයෙහි දර්ශකය අවමයෙහි වන විට ලැබෙන ප්‍රතිළුලය ද එවැනිම බැව් අවබෝධකර ගත යුතුව ඇත. You must raise the bar.

නසසප හා සසප ඌනන සක්‍රියතාවයෙන් ප්‍රස්ථිතිකව පවතින්නේ අපගේ පියාසර කක්ෂයට එහායින් බැවින් ඒක රාශි කර ගත හැකි මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක් හෝ “අසමත් නොවූ“ නායකත්වයක් මේ මොහොතේ ලංකාව ඇතුලත ඇතැයි අප නොසිතන්නෙමු. අපට ඉතිරිව ඇත්තේ ගොඩ නැඟිය යුතු වමකි. ඒ සඳහා ජවිපෙ මෙන්ම පෙසප යටි පෙලෙහි වඩාත් හොඳ හෙට දවසක්  වෙනුවෙන් සුබ සිහින දකින අවංක තරුණයා මෙන්ම යහපත් හෙට දවසක් සඳහා ප්‍රාර්ථනා පිරි ශිෂ්‍ය ව්‍යාපාරයේ ජවය ද සුබදායක බලාපොරොත්තුවකි. “කැරැල්ල“ හෝ අවංක උවමනාවක් සහිත වෙන යම් කණ්ඩායමකට හෝ මේ මොහොතේ ඇති අභියෝගය එයයි.



විප්ලවවාදී සිද්ධාන්තයන් මඟහැර විප්ලවීය ව්‍යාපාරයක් සඳහා ඉඩක් නොමැත. පෙරටුගාමී සටන්කරුවාගේ කාර්යභාරය මුදුන්පත් කරගත හැක්කේ ඉතාමත්ම උසස් සිද්ධාන්තයන් මඟින් මෙහෙයවෙන පක්ෂයක් මඟින් පමණි. එංගල්ස් පැවසූ පරිදි දේශපාලන හා ආර්ථික අරගලය හා සමානවම සිද්ධාන්තමය අරගලය ද වැදගත් වේ.

                - වී. අයි.ලෙනින් - කළයුත්තේ කුමක්ද, 1902

14 comments:

  1. /* ඉතිහාසය පුරාම කිසිවෙකු ජවිපෙන් වෙන්වූ හොත් ජවිපෙ එම පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඉතාමත් කෘර හා අයුරිනි. */

    /* තමන් දරණ දේශපාලන මතය සමාජ ගත කරනවා වෙනුවට දීප්තිගේ ඇති ප්‍රධාන දුර්වලතාවය ඔහුගෙන් කැඩී වෙන් වී ගිය හෝ ඔහුට එරෙහි වන ක්ෂුද්‍ර චරිත වලිට අම්මා මුත්තා නැතිව පහරදීමයි. */

    මට නම් තේරෙන විදියට කවුරුත් එකයි,
    ශ්‍රීලනිප සහ යුඇම්පී
    සිරිලංකා සහ මහජන පක්‍ෂය
    etc etc

    ReplyDelete
  2. අනුර කුමාර පසුගිය දිනවල ලංකාවේ නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන්න සංගමයක් පිහිටුවා ගෙන අර්ජුන එක්ක දැඟලුවා මට මතකයි.

    1. http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html

    2. http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

    උන් දෙන්නාට අනුව ඒ සඳහා කළ යුතුව තිබුණේ ෆොන්සේකාව නිදහස් කිරීමයි.

    දැන් ඒ වැඩේ හරිනේ. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවලා වෙන්න ඇති!

    ReplyDelete
  3. තමුසෙ කව්ද ඕයි!

    ReplyDelete
    Replies
    1. හිනා යනව ඕයි මේවට! ඇනෝවෙක් ප්‍රොෆයිල් කාරයෙක්ගෙන් අහනව "තමුසෙ කවුද ඕයි?" කියල.........!!!

      Delete
    2. ඒ අපේ හැටි ඕයි. අපි අනුන් ගැන ඇහුවට අපි කව්ද කියල කියන්නෑ ඕයි.

      Delete
  4. මේක බැරෑරුම් ප්‍රශ්නයක් තමයි. යතුර කවුරු අතේද?
    යතුර දැන් කවුරු අතේ තිබුනත්, දොර අරින වෙලාවට ඒක අතේ තියාගන ඉන්න කෙනා තමයි වැදගත්. දොර අරින්න පුළුවන් වෙලාවට යතුර හංගන එවුනුත් ඉන්න පුළුවනි.

    1917දී සෝවියට් දේශය පිහිටවපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 1914 සම්මේලනයට සහභාගි වුනේ සාමාජිකයෝ කී දෙනෙක් කියල හිතනවද? ඔළු ගෙඩි එකතු කරගත්ත පළියට ජවිපෙට විප්ලවේ කරන්න බැරි වුනා වගේම දැන් ඔළු ගෙඩි නැති පළියට විප්ලවේ කරන්න බැහැයි කියල හිතන්න පුළුවන්ද? නසසප, සසප වුනත් ඔළු ගෙඩි ගොඩකට වඩා ශක්තිමත්. ලංකාවෙ ජනගහනයෙන් සීයට තිස් නමයක්ද කොහෙද ගත්ත රනිල් ගැන කතා කරන ගාණටම බාහුලා විජේ ඩයස්ලා ගැනත් කතා කරනව දේශපාලනයෙදි

    ReplyDelete
  5. /// අන්තර් ජාලයේ සැරිසරන්නේ නම් දීප්ති සහ අනෙකුත් ක්ෂුද්‍ර චරිත වල “මහා වාමාංශික සංවාදයේ“ ජුගුප්සාජනක බව මේ දිනවල හොඳින් දැක බලාගත හැක///.

    මේ කියවීම සඳහා ලින්ක් ටිකක් සපයන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. http://www.pathula.com/index.php/archives/6095
      http://www.pathula.com/index.php/archives/6098

      A lot on facebook:
      https://www.facebook.com/nidahase.sulanga?fref=ts
      https://www.facebook.com/thunidas

      Delete
  6. සුනෙත්October 2, 2013 at 1:52 PM

    ලූප් හෝල්ස් බ්ලොගය ලියන්නා , පුදුම මාර්ක්ස්වාදී භාවිතාවක් තියෙන කෙනෙක්. දැනට ලංකාවේ ඉන්න සියලුම මර්ක්ස්වාදීන්, ඒ මත දරන්නන් සියල්ලම කසිකබල් මර්ක්ස්වාදෙන් පිට පැනපු පොරවල් විදියට අර්ථ දක්වන්න තරම් පොරක් . බුකියේ පොරත්වය සහ භුමියේ දේශපාලනය අතර පරතරය ලූප් හෝල් මර්ක්ස්වාදීන් අත්විඳ නැතිබව පෙනෙනවා.

    ReplyDelete
  7. සුනෙත්October 2, 2013 at 1:52 PM

    ලූප් හෝල්ස් බ්ලොගය ලියන්නා , පුදුම මාර්ක්ස්වාදී භාවිතාවක් තියෙන කෙනෙක්. දැනට ලංකාවේ ඉන්න සියලුම මර්ක්ස්වාදීන්, ඒ මත දරන්නන් සියල්ලම කසිකබල් මර්ක්ස්වාදෙන් පිට පැනපු පොරවල් විදියට අර්ථ දක්වන්න තරම් පොරක් . බුකියේ පොරත්වය සහ භුමියේ දේශපාලනය අතර පරතරය ලූප් හෝල් මර්ක්ස්වාදීන් අත්විඳ නැතිබව පෙනෙනවා.

    ReplyDelete
  8. සුනෙත්October 2, 2013 at 1:52 PM

    ලූප් හෝල්ස් බ්ලොගය ලියන්නා , පුදුම මාර්ක්ස්වාදී භාවිතාවක් තියෙන කෙනෙක්. දැනට ලංකාවේ ඉන්න සියලුම මර්ක්ස්වාදීන්, ඒ මත දරන්නන් සියල්ලම කසිකබල් මර්ක්ස්වාදෙන් පිට පැනපු පොරවල් විදියට අර්ථ දක්වන්න තරම් පොරක් . බුකියේ පොරත්වය සහ භුමියේ දේශපාලනය අතර පරතරය ලූප් හෝල් මර්ක්ස්වාදීන් අත්විඳ නැතිබව පෙනෙනවා.

    ReplyDelete
  9. දැනට ලංකාවේ ඉන්න සියලුම මාර්ක්ස්වාදීන් !!!!
    භුමියේ දේශපාලනය !!!!

    ReplyDelete
  10. මේ තුන්කට්ටුව අතේ ඇත්තේ විප්ලවයේ යතුර නොව අගුලයි !

    ReplyDelete
  11. යතුරෙන් දොර අරිනව වගේ විප්ලව කරන්න පුළුවන්ද?... මුන්ට පිස්සු ද? නෑ නෑ මට පිස්සු ඕයි.... මට පිස්සු... මට හොදටම පිස්සු... මට පිස්සු හැදුනා... ආයෙ මට ගොඩ ඒමක් නෑ. ඒක විතරයි මට තිබුණෙ නැත්තෙ.

    (හැබැයි ‍මේ සගරාවට දීප්ති කැමති ඇති. ඇයි? මිනිහගෙ පොටෝ එක දාල තිබුණනෙ. අපේ ගෙට එහා පැත්තෙ ඉන්නව කුමාර කියල පොරක්. මං හිතන්නෙ මිනිහ ළග තමයි යතුර තිබුණෙ.)

    ReplyDelete