A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සිංහලයාගේ මූණ දෙමළා පොලොවෙ ඇතිල්ලීම


පැණි මුහුණු, බත් පැකට්, අරක්කු, සෙල්ෆෝන් හා බෝක්කු/පාරවල් වලට සිංහලයා කතිරය ගසද්දී උතුරේ දෙමළා මස් ලේ මතින් නැඟිට තමන්ගේ ප්‍රතිපත්ති වලට පමණක් කතිරය ගසා කියා දුන් පාඩම දකුණේ කිසිවෙකු හෝ තේරුම් ගත්තේදැයි අපි නොදන්නෙමු. දෙමළ ජනයා එක හෙලා ඉල්ලා සිටින ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් ටීඑන්ඒ පෙනී සිටිද්දී ආණ්ඩුව සියළු කෙණහිලිකම් මැද විසින් ලබා දුන් උතුරු වසන්තයේ සියළුම භෞතික දෑ ප්‍රතික්ශේප කර තමන්ගේ නියෝජිතයින් වෙත දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමට ඔවුහු උත්සුක වූහ.

බටහිර හා පෙරදිග අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව කොටි සංවිධානය සමූල ඝාතනය කළ ද මර්ධනය මතින් නැගිට ඔවුහු ටීඑන්ඒ සංවිධානය ජයග්‍රහණය කරවූයේ කණ්ඩායම් නායක විග්නේශවරන් විසින් කොටි සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොව වීරයෙකු යැයි ප්‍රකාශ කර තිබිය දීය. සී.වී. විග්නේශවරන් යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද 132,255 ලබාගත් අතර කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක එලීලන් ගේ බිරිද වන ආනන්දි සශිදරන් මනාප ඡන්ද  87,870 ලබා දෙවන ස්ථානයට පත්විය. කොටි සංවිධානය දැඩි ලෙස විවේචනය කරමින් කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමේ ආණ්ඩුව සමඟ නිලනොවන එකඟතාවක සිටි ආනන්ද සංගරී කිලිනොචිචි දිස්ති‍්‍රක්කයේ තේරී පත්වුණු දෙවන අවසාන නියෝජිතයා ලෙස ලබා ගත හැකිවූයේ මනාප 2,896 ක් පමණි.

ඒ අතරම කොටි සංවිධානය මර්ධනය කිරීමට මහින්ද රාජපක්ෂ ධනපති ආණ්ඩුවට මානසික-කායික සහයෝගය ලබා දුන් ජවිපෙ “ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක්“ නම් වූ යෝජනා මාලාව පිළිගැනීමට උතුරේ සිටියේ 288 දෙනෙක් (0.06%) පමණි. අනෙත් පළාත් වල ඡන්ද ප්‍රතිශතයන් ද සළකා බලද්දී ජවිපෙ කූජිත වී ඇත්තේ සදාකාලිකව අබ්බගාතවය. තමන් විසින් බලයට රැගෙන ආ මහින්ද රාජපක්ෂ පමණක් නොව කර තියාගෙන ආ සරත් ෆොන්සේකා ද තුන්වන බලවේගය ලෙස තමන් අභිබවා ඉදිරියට යද්දී තමන් ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම ක්‍රියාකාරී බවින් ද දේශපාලනව නන්නත්තාර වී ඇති බව ජවිපෙ පිලිගත යුතුව ඇත.

මහින්ද රාජපක්ෂගේ මොර්තෙ දේශපාලනයට ගොදුරු වූ එජාපය අද උතුරේත් දකුණේත් වන්දනා කරුවන් මඟ හැලෙන නඩයක් පමණකි. නඩේ ගුරා වූ රනිල් වික්‍රමසිංහ යනු තවදුරටත් රාජපක්ෂ පාලනයට එරෙහිව සටන් වැදිය හැකි කැරිස්මාවක් සහිත සවිමත් නායකයෙකු නොවේ. විවධ මාර්ග වලින් නපුංසක කරනය කර තබවා ඇති රාජපක්ෂ ගේ තවත් එක් දේශපාලන ගොදුරකි.

තමන්ගේ විමුක්ති අරගලය වෙනුවෙන් සටන් වැද මියගිය දස දහස් ගණන් මහ විරුවන්ගේ මෙන්ම මරා දැමූ ලක්ෂ ගණනක් වූ අහිංසක නෑසියන්ගේ හෘද සාක්ෂයට වටිනාකමක් එකතු කිරීම ට මස් ලේ මතින් කොන්ද කෙළින් තබා ගත් උතුරේ දෙමළා මෙවර උතුරේ පළාත් සභා මැතිවරණය තුළ සමත් වූහ.

අමු අමුවේ ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් පමණක් පක්ෂ මාරුකර අත දිග හැර මැතිවරණයට මුදල් දිගහැරි දයාසිරි වැන්නවුන්ට 336,327 වාර්තා සහගත මනාප සංඛ්‍යාවක් ලබා දුන් එමෙන්ම තවදුරටත් ඒකාධිපති රාජපක්ෂ පාලනය දෑත ඔසවා අනුමත කරන “වෙඩි කෑවත් කමක් නැහැ අපිට මෙහෙම හොඳයි“ සිංහල ජනතාවක් දකුණේ අපට ඉතිරිව ඇත.

අපට අපගේ දේශපාලනය හැසිරවිය යුතුව ඇත්තේ එවන් පසුගාමී සමාජයකය.

Somawansha's photo courtesy of Sanka16mm.

13 comments:

  1. අනික් සියළුම පළාත් සභාවලට සාපේක්ෂව, ඉහලම බුද්ධිමතුන් පිරිසක් විසින් පාළනය කරන පළාත් සභාව ලෙසත් උතුරු පළාත් සභාව පත් වෙනවා.

    ReplyDelete
  2. UNP කාරයෙක්ගේ දුක

    ReplyDelete
  3. බල්ලෝ කොටියාගෙ බෝම්බෙකට අහුවෙලා තෝ මැරිලා ගියේ නැත්තේ මොකද කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. you correct,that is the way "they" try to brain wash majority sinhalese brain.they write in sinhalese about their "dreams".how that writer said LTTE'S as heroes,
      we should need to salute people who gave their vote against TNA,because they are the great one who has dream to live with us as proud Sri Lankan.

      Delete
  4. /* කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක එලීලන් ගේ බිරිද වන ආනන්දි සශිදරන් මනාප ඡන්ද 87,870 ලබා දෙවන ස්ථානයට පත්විය. */

    සිංහල දෙමල සමානත්වය බලන්න.

    සිරිමා, චන්ද්‍රිකා, ශ්‍රීමනී අතුලත්මුදලි, ශ්‍රීමනී දිසානායක වැන්නියන් සිහිවිය.

    ReplyDelete
  5. uthure demalun kaladeta samanama pilithurak dakune sihalungen labunu chandaya bawa obata notherenawa viya nohaka. padanamak wirahitha thawath ek lipiyak kiyaweemata weema gana kanagatuwemi.
    The PC poll showed polarization of nationalism in both sinhalese and tamil majority. It strikes me that you didn't see that point.

    ReplyDelete
  6. both sides of the storyand food for thought:)
    http://peramunerala.wordpress.com/tag/taboosubjects/



    ReplyDelete
  7. මෙතන ගැටළුව උතුරේ දෙමළ ජාතිවාදය පරාජය කරන්නට රජය සමත් නොවීමයි.ඉන්දියාවෙන්.මැලේසියාවෙන් හෝ සින්ගප්පූරුවෙන් කොටසක් නොඉල්ලා ( කන්ඩ හම්බ වෙන බව දන්න නිසා ) බුදුදහම ඇති ලන්කාවෙන් කොටසක් කඩා ගැනීම ලේසි බව සිතා ලෝකයේ සියළුම රටවල සහාය ඇතිව ගෙන ගිය ත්‍රස්තවාදය පරාජය කිරීම ජනතාව ලැබූ ජයකි.දෙමළ ත්‍රස්තවාදීන්ට ලන්කාවෙන් කොටසක් ඉල්ලා සිටීමට කිසිදු අයිතියක් නැත.උතුරේ ජනතාව ප්‍රතිපත්ති වලට චන්දය දුන් බව ඔබ කියයි.දකුනේ ජනතාවද චන්දය දුන්නේ ප්‍රතිපත්තිවලට තමයි.

    මුළු ලෙඔකයේම සහාය ලබගත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමම වීරෝදාර හමුදාවේ ජයක් නොවේද? ජේ වී පී ත්‍රස්තවාදීන් මෙන්ම කොටි ත්‍රස්තවාදීන්ද මර්ධනය කළ යුතුය.මැර බලයෙන් ආන්ඩු අල්ලන්නට ජේවීපී කාරයාට අයිතියක් නැති සේම මැර බලයෙන් රට කැබලි කරන්නට කොටියාටද අයිතියක් නැත.

    සිංහල ගම්මාන පිටින් වනසමින් වර්ග සමූලඝාතනයක නියැලුන ප්‍රභාකරන් සමාන කළ හැක්කේ හිට්ලර්ටය.ඇත්තෙන්ම කොටි යුද්ධය ජය ගත්තානම් මෙරට සියළුම සිංහලයන් සමූලඝාතනය කරනවා නො අනුමානය.

    ReplyDelete
  8. අපට අපගේ දේශපාලනය හැසිරවිය යුතුව ඇත්තේ එවන් පසුගාමී සමාජයකය.//
    එහෙම නැතිව දෙමළ නාසිවාදය අනුමත කරන්න කියලාද කියන්නේ.සිංහල ගම්මානවලට ඇවිත් කිරි දරුවො පෙතිගහපු ,බස්වලට වෙඩි තියල මරපු ඒ තිරිසන් ම්ලේච්ඡයන් සමස්ත ශිෂ්ට ලෝකයම එරෙහි වුනා.ඒත් කිසිම කෙනෙක් අපට බාධා කළා මිස සහාය දුන්නේ නෑ.
    කොටි දිනුවානම් මේ වගෙ බ්ලොග් වල උන්ගෙ අපරාධ වර්නනා කරමින් ලිපි ලියාවි

    ReplyDelete
  9. තමන්ගේ විමුක්ති අරගලය වෙනුවෙන් සටන් වැද මියගිය දස දහස් ගණන් මහ විරුවන්ගේ මෙන්ම මරා දැමූ ලක්ෂ ගණනක් වූ අහිංසක නෑසියන්ගේ හෘද සාක්ෂයට වටිනාකමක් එකතු කිරීම ට මස් ලේ මතින් කොන්ද කෙළින් තබා ගත් උතුරේ දෙමළා මෙවර උතුරේ පළාත් සභා මැතිවරණය තුළ සමත් වූහ.//

    මේක නම් ඉතිරිවුන කොටි කන්ඩායමක් කරන බ්ලොග් එකක් වගෙයි.ඒකනෙ මිනීමරු නාසිවාදීන්ට වීරයො කියන්නෙ

    ReplyDelete