A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ප්‍රා මස් වැද්දාගේ පුණ්‍ය කර්ම


“එදා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සහයෝගය දීලා මේ මල් වට්‌ටියට අපිත් අත ගහමු, දායක වෙමු ඒක විශාල පුණ්‍ය කර්මයක්‌ කියලා. නැත්නනම් ඒක මහ පවක්‌ වෙයි කියලා. ඒ පාප කර්මය තමයි අදත් යූ.එන්පීය විඳවන්නේ“

මෙහෙම කියල තිබුණේ රාජිත සේනාරත්න කියන දත් දොස්තර.

දරුවන්, මහල්ලන්, ස්ත්‍රීන් ඇතුළුව ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කර දැමූ, කෘර වධ බන්ධනයන්ට ලක් කරවූ, දූෂණය කරවූ, අනාථ අන්ත අසරණ බවට පත් කරවූ පසුගිය 2008-2009 ජනසංහාරක යුද්ධය සියළුම ශිෂ්ට සම්පන්න සමාජයන් හා මිනිසුන් මහා පාප කර්මයක් ලෙස සළකන විට තතු සියල්ල සැබැවින් ම දැනගෙන එය පූණ්‍ය කර්මයක් යැයි පැවසිය හැක්කේ වියරු ඝාතනයන් රසවිඳින මස් වැද්දෙකුට පමණි. තමන්ගේ වාසිය තකා පක්ෂ මාරු කරන ප්‍රතිපත්ති මාරු කරන වාචාල කම පාලනය කරන රාජීත වැන්නවුන් ට ඕනෑම ජඩ වැඩක් පුණ්‍ය කර්මයක් බවට ලේසියෙන් හරවා ගත හැක.

රාජිත සේනාරත්න යනු 1987-1989 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ මිනී මරු හමුදාවන්ට සහයෝගය දුන් “මහජන විමුක්ති හමුදාව“ හෙවත් කුප්‍රකට “ප්‍රා“ පැරා මිලිටරි සංවිධානයේ නායකයෙකි. මෙහි සත්‍යතාවය මොහු විසින්ම පසුගිය ජූනි මාසයේ පැවති කැබිනට් රැස්වීමක දී පිළිගෙන තිබුණු අතර ඔහු පැවසූ පරිදි එයට නායකත්වය දී ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගයි.

රාජිත සේනාරත්නට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හා අනෙකුත් සම්ප්‍රදායික වාමාංශික පක්ෂ කිහිපයක ඉහළපෙලේ නායකයන් මෙන්ම දයාන් ජයතිලක ද මිනීමරු “ප්‍රා“  සංවිධානයේ හිටපු ප්‍රබල ක්‍රියාකාරීන්වේ. 

ජවිපෙ කේඩරය පිළිබඳව ආණ්ඩුවේ හමුදාවන්ට ඔත්තු සැපයීම, හඳුනාගැනීම, පැහැර ගැනීමට උදව් සැපයීම ට අමතරව ආණ්ඩුවේ අනුදැනුම ඇතිව එම සංවිධානය විසින්ම රහසිගතව පිහිටවූ වධකාගාර මෙන්ම ඝාතක භූමි ක්‍රියාත්මක කිරීම ද මෙම “ප්‍රා“  සංවිධානය සතු වගකීම් විය. 1987-1989 දී පාසැල් යන වයසේ දරු දැරියන් ද භික්ෂුන් හයසියයක්ද ඇතුළුව දකුණේ හැට දහසක  සිංහල තරුණ තරුණියන් ඝාතනයන් ට මොවුන් සැපයුණු දායකත්වය සුළුපටු නොවේ.

පසුකාලීන ව ආණ්ඩුව හා සම්බන්ධ වී රටෙහි පරිපාලන පද්ධතියෙහි ප්‍රබල ස්ථානයක සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස කෘර ලෙස මරා දැමූ තමන්ගේම සහෝදර සහෝදරියන්ගේ ඝාතන වලට එරෙහිව යම් පමණකට හෝ ක්‍රියාත්මක වූයේ නම් රාජිත සේනාරත්න වැනි මස් වැද්දන් මේ මොහොතේ සිටිය යුත්තේ වාචාල කට වසාගෙන මහ උළු ගෙදර ගල් උගුල්ලමින් ය.

ඇඹිලිපිටියේ මිනී ඇට වලින් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියත් රාජිත සේනාරත්න බවසන පරිදි ඇයම නායකත්වය දැරූ  “ප්‍රා“  ඝාතක කල්ලියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජීවමාන සාක්කි තවමත් මේ සමාජය තුළ ඇත.

5 comments:

  1. කව්රු කලත් අපරාද අප්රාදම තමා ඔය කියන JVP එකත් ඒකාලේ සිල් අරන් හිටියේ නෑනේ තමුන්ගේ දේසපාලන විග්‍රහයට අනුව තමන්ගේ කණ්ඩායම් හරි විදියට තමe හැමෝටම පෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ යුගයේ ජේ වී පීය කළ අපරාධ ගැන නිසි විමර්ශනයක් සිදුවුනේ නෑ.ඒවාට නීතිමය පියවර ගැනුනේත් නෑ.

      Delete
  2. /* පසුකාලීන ව ආණ්ඩුව හා සම්බන්ධ වී රටෙහි පරිපාලන පද්ධතියෙහි ප්‍රබල ස්ථානයක සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස කෘර ලෙස මරා දැමූ තමන්ගේම සහෝදර සහෝදරියන්ගේ ඝාතන වලට එරෙහිව යම් පමණකට හෝ ක්‍රියාත්මක වූයේ නම් */

    එහෙම කළානම් ඉතින් දයා පතිරණ මරා දැමීම ඉඳලා විභාග කරන්න වෙනවානේ!

    ReplyDelete
    Replies
    1. ඔවු දැන් එතන තර්කය තමයි මිනීමරන්න අයිතිය තිබෙන්නේ ජවිපෙට හා කොටින්ට පමනයි කියන එක

      Delete
  3. ජවිපෙ එදා මර්ධනය නොකළා නම් අද මේ රටේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නෑ.මිනීමරුවන් කීපදෙනෙකුගෙ අන්තනෝමතික ආණ්ඩුවක් තිබෙන්නෙ.කොටි ම්ලේච්ඡයන් මර්ධනය හා සමානවම ජවිපෙ මර්ධනයත් සාධාරණයි.ආණ්ඩුවට ජවිපෙ මර්ධනය කරන්න සිදුවුනේ ජවිපෙ තුන්ඩු කෑලිවලින් කඩ වසමින් රට අකර්මන්‍ය කරමින් රට පුරාම මිනී මරන්නට පටන් ගත් නිසයි.නමුත් කොටි ම්ලේච්ඡයන් මෙන් වර්ගසමූලඝාතන වල ජවිපෙ නියැලුනේ නෑ.බස් පිපිරෙව්වේ හෝ කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා සියල්ලන් මැරුවේත් නෑ.ආගම අදහමින් සිටි අසරණයන් මැරුවේත් නෑ.මෙවැනි බ්ලොග් ලිපි ගැණ අප පුදුම නොවන්නේ ජර්මනියේ නව නාසිවාදීන් හිට්ලර් වීරත්වයට නංවන බැවිනි.නව දෙමළ නාසිවාදය තුල ප්‍රභාකරන ද වීරයෙකි.මෙහි ස්ත්‍රී දූෂන ගැනද කියා ඇත.දෙමළ තරුණියන් සංවිධානයට බදවා ගැනීමට මෙම දූෂන සිදුවිය.

    ReplyDelete