A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

එහෙමයි අපෙ හාමුදුරුවනේ


ඩේලි මිරර් වාර්තාවක හෙඩිමට අනුව වසරකට දුම්බීම ආශ්‍රිතව සිදුවන සෘජු මරණ සංඛ්‍යාව 200,000 කි (එහි එක් තැනක මාසයකට 20,000කි තවත් තැනක වසරකට 20,000කි). ලංකාවේ වාර්ෂික මරණ අනුපාතය වූ 5.6/1000 කට ආසන්න වූ අගය (2012 දී)  සලකා බැලීමේ දී අවුරුද්දකට සිදුවන මරණ සංඛ්‍යාව 120,000 ක් පමණක් වේ. ඩේලි මිරර් හෙඩිමට අනුව වාර්ෂිකව සිදුවන මුළු මරණ සංඛ්‍යාවටත් වඩා හැට දාහක් දුම්බීමෙන් මියයති. හුටා.

සමහරවිට අපේ ත්‍රෛනිකායක මහනායක හාමුදුරුවෝ පහුගියදා ඇවිස්සී ඇත්තේ මේ අරුම පුදුම සංඛ්‍යාවෙන් විය හැක. සියළුම ව්‍යසනයන් පසෙක ලා ඔක්කෝම නිකායවල මහනායක හාමුදුරුවරු හදිසියේම සිගරට් පැකට් වල කවරයෙහි වර්ණ පින්තූරයක් දැමීම සඳහා වලිකති.

දුම්බීමෙහි (පමණක් නොව වෙනත් ඕනෑම ක්‍රියාවක) ආදීනව පෙන්වා බිය කිරිමෙන් එය වැළැක්වීම සඳහා ලැබෙන ප්‍රතිළුලය ඉතා අඩු බවත් වඩා ප්‍රතිළුල සහගත වන්නේ නිවරුදි දැනුවත් කිරීම පමණක් බව විද්වතුන් ගේ විවිධ සමීක්ෂණ මගින් සොයාගෙන ඇති කරුණකි.  සිගරට පැකට් වල නොව දුම්බීමෙහි විපාක පෙන්නුම් කරන පින්තූර දුම් බොන අයගේ බෙල්ලේ එල්ලන් ගියත් අපට කමක් නැත. අපට පව් සිද්ධ කරවන්නේ හොර-මැර-ජඩ දේශපාලකයන්ට පිරිත් නූල් බඳින්නට පමණක් ඇස් ඇරුණ සදාකාලික නින්දේ සිටි මේ මහානායක හාමුදුරුවන්ගේ ඇස් කබ කඩන්නේත් නැති ව කරන දඩිබිඩියයි.

තමන්ගේම පරපුරේ උරුම-බලසේනා-රාවණා- රාවය වැනි මැර සංඝ නිකායවල් සම්බුද්ධ ශාසනයම විනාශ කරද්දී මේ මහනායක් වරු වැඩ ඉන්නවා ද අපවත්වුණා ද දන්නේ නැත. මත් ද්‍රව්‍ය වලින් ආණ්ඩුවේ දේශපාලකයෝ රටේ තරුණ පරපුර එලිපිටම වනසති. ඝාතනය මැරකම හොරකම ස්ත්‍රී දූෂණය අසාධාරණය ඉහල සිට පහලට හැමතැනම රජ වී සමාජයද සංස්කෘතිය ද විනාශ වී අවසන්ව ඇත. වතුර ඉල්ලූ විට මරා දැමූ රතුපස් වල ඝාතන ගැන ජිප්සීස් සුනිල් පෙරේරාට තිබුණ බයිලා කැක්කුමවත් (පුහ්: .....විරෝධාකල්ප - දීප්තිගෙ වචන වලින් කිවහොත් මීයෙකුට අලියෙක් යැයි කී විට අප බැලිය යුත්තේ මීයා දෙස නොවේය.) මේ හාමුදුරුවන්ට එදා තිබුණේ නැත.

අප බලන් සිටින්නේ ඉදිවෙන්නට නියමිත “ක්‍රවුන් කලම්බු-ක්වීන්ස්බරි රිසෝට්-ජේකේඑච්“ කැසිනෝ සූදූ සැණකෙලි මන්දිර තුන ඔබ වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මැද විවෘත වෙන දාට ඊට උඩින් පායන හඳ දිහා බලා උඩුබුරලන්නටය.

2 comments:

  1. //අප බලන් සිටින්නේ ඉදිවෙන්නට නියමිත “ක්‍රවුන් කලම්බු-ක්වීන්ස්බරි රිසෝට්-ජේකේඑච්“ කැසිනෝ සූදූ සැණකෙලි මන්දිර තුන ඔබ වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මැද විවෘත වෙන දාට//

    මේක කිව්වට වෙන එකක් නෑ කියල එහෙම හිතෙනවද?

    ඇත්තටම උඩුබුරලන්න ලෑස්ති වෙන්න. දැන්ම පුරුදු වෙන්න.

    ReplyDelete