A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සමලිංගිකයන්ට එරෙහි විෂමලිංගිකයින්ගේ රුදාව


සිංහලයින්ගේ ඔළුව ඉදිමීම කෙසේද යත් බහුතරයක් හිතාගෙන ඉන්නේ මුළු ලෝකයම බලාගෙන ඉන්නේ සිංහල ජාතිය වඳ කිරීමට බවයි. ඔවුන ට අනුව එහි එක් පියවරක් වන්නේ කෝටි ගණනින් වියදම් කර ලංකාවේ සංමලිංගික සම්බන්ධතා සීඝ්‍රයෙන් ප්‍රචලිත කිරීමයි. ඒ අනුව පසුගිය දා අනුරාධපුරයේ පැවැත්වූ සමලිංගික වැඩ මුළුවක් සම්බන්ධව පරල වූ බොහෝ දෙනෙක් සිටියහ.

ලෝකයේ රටවල් දිනෙන් දින සමලිංගික විවාහ අනුමත කිරීම සඳහා හෝ සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉඩ සලසා දීම සඳහා යොමු වෙද්දී ලෝකයේ දෙසීයක්ට ආසන්න රටවල් වලින් තවමත් සමලිංගික සම්බන්ධතා තහනම් වන්නේ රටවල් හැත්තෑපහකට ආසන්න ප්‍රමාණයකයි. ලංකාව ද ඉන් එක් රටකි.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්වීම ගැන කුපිත වූ අයෙක් ගේ ලිපියක් පසුගියදා ලක්බිමෙහි පළවී තිබුණි. එයට අනුව සමලිංගික සම්බන්ධතා පැවැත්වීම පිළිකුල් සහගත කරුණකි. ඔවුහු මාණසික රෝගියෝ වෙති. සාමාන්‍ය මිනිසුන් නොවෙති. එමඟින් සුව කළ නොහැකි මාරාන්තික රෝග බෝවේ. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයෙක් පැවසූ බවක් ද එහි සඳහන් වේ.

අප සතුව ඇති අත් දැකීම අනුව සමලිංගිකයින් යනු විෂමලිංගිකයින් හා සමානම සාමාන්‍ය මනුෂ්‍යයෝ වෙති. සාහිත්‍ය යේ හෝ කලාවේ හෝ වේවා ඔවුනට එකම සංවේදනා පිහිටා ඇත. ඔවුන් අප මෙන්ම එදිනෙදා ලෝකය හා ගැටෙති. දරුවන් ට ආදරය කරති. ගැහැණු-පිරිමි, පිරිමි-ගැහැණු ඇසුරෙහි වෙති. දුක, කඳුළ හා සිනහව හොඳින් හඳුනති. බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ගේ සිට සංගීතඥ එල්ටන් ජෝන් මෙන්ම මැතකදී ලංකාවට පැමිණි ලේඛක ෂ්‍යාම් සෙල්වදොරෛ යනු එවැනි ප්‍රසිද්ධියේ පෙනී සිටි-පෙනී සිටින සමලිංගිකයෝ වෙති.

පුරුෂ සමලිංගිකයින් ගේ ලිංගික ක්‍රමවේදයන් තුළ සීඝ්‍රව ලිංගික රෝග බෝවීමේ අවදානමක් ඇති නමුදු ආරක්ෂා රහිතව සිදු කරණ ඕනෑම ලිංගික ක්‍රියාවක් මඟින් සමලිංගිකයන්ට මෙන්ම විෂමලිංගිකයන්ට ද එවැනි රෝග බෝවීමේ දැඩි අවධානමක් ඇත. එම රෝගය මාරාණ්තික නම් එය විෂම ලිංගිකයාට හා සමානව සමලිංගිකයාට ද මාරාණ්තික වේ. සමලිංගික  සේවනයන්ට පුරුදු වූවන්ට නැති සුන්දර ලෝකයේ අත් දැකීම ගැන එම ප්‍රකාශය සිදුකළ විෂම ලිංගික වෛද්‍යවරයා ගෙන්ම ප්‍රශ්ණ කළ යුත්තකි.

ජාතියක් වශයෙන් සුළු ජාතික දෙමළ මිනිසුන් සඳහා නිදහස්ව නිවහල්ව ජීවත් වීම ඇතුළුව දකුණේ සිංහලයාගේ ජීවත් වීම හා අනෙකුත් මානව හිමිකම් අයිතිවාසිකම් සඳහා අවම ඉඩක් ඇති රටක සමලිංගිකයින්ගේ අයිතීන් සඳහා සටන් වැදීම තවත් දශක් ගණනාවකට ඉදිරියට දැමිය යුත්තකි. ලංකාව වැනි දූපත් මානසිකත්වය සහිත රටක විෂමලිංගික නොවන ඕනෑම ලිංගික සම්බන්ධතාවයක් සඳහා සමාජය තුළින් ම නැඟෙන්නේ ඉහත කී ලිපිය තුළ වූ විරෝධය වැනිම වූ ප්‍රතිචාරයකි. ඊට අමතරව ලංකාව තුළ සියළුම ආකාරයේ ස්ත්‍රී-පුරුෂ-ද්වි-අතරමැදි සමලිංගිකයින් සඳහා පොන්න-නපුංසක සමාජයේ පොන්න-නපුංසක ප්‍රතිචාරය ඉතාමත්ම පහත් මට්ටමේ එකකි.

සමලිංගිකත්වය යනු තමන්ගේ තේරීමක් නොවන බවත් එය විෂමලිංගික පුද්ගලයින්ට මෙන්ම පුද්ගලයාගේ ශරීරය හා මණස තුළින් ම පැන නැඟෙන පුද්ගල ආකර්ෂණයක් බවත් ජීව විද්‍යාත්මකවම ඔප්පුකර ඇත. විෂම ලිංගිකයින් තම විරුද්ධ ලිංගිකයින් සඳහා දක්වන ආකර්ෂණය හා සමානවම සමලිංගිකයින්ට තමන් හා සමාන ලිංගිකයින් සඳහා විශේෂ කැමැත්තක් ඇත. විෂමලිංගිකයෙක් වෙත සමලිංගිකයෙකු කෙරෙහි ආකර්ෂණයක් නොමැති සේම සමලිංගිකයෙක් වෙත විෂමලිංගිකයෙකු සඳහා ආකර්ෂණයක් නොමැත. බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ ඒ සත්‍යයයි. ලංකාව වැනි රටක බොහෝවිට මෙවැනි අවශ්‍යතා දැවි කෙලවර වන තෙක් තනිකඩව සිටීමෙන් හෝ ඉතා සුළු වශයෙන් පවතින රහසිගත සම්බන්ධතාවන්ට පමණක් අතීතය පුරා ම සීමා වී තිබුණි.

බොදු බැති බර ලංකාවේ සමාජය සමලිංගික සම්බන්ධතා වලට සිවුරු-සිල්රෙදි උස්සා එරෙහි වෙද්දී ලංකාවේ සමලිංගික සේවනය වඩාත් ප්‍රචලිතව ඇත්තේ පන්සල ආශ්‍රිත සංඝ සමාජය නම් උප කුලකය තුළ වීම හාස්‍යයට කරුණකි. නිවැරැදි සමීක්ෂණයක් පවත්වන්නේ නම් ලංකාවේ පන්සල් තුළ වැඩිහිටි හාමුදුරුවන් අතින් ලිංගික අපයෝජනයකට ලක් වූ එකම සාමනේර භික්ෂූන් වහන්සේ නමක් වත් සොයා ගත නොහැක. ඇත්තටම එය ළමා ලිංගික අපයෝජනයකි. අපරාධයකි. ලිංගික ක්‍රියාවන් සීමා සහිත වීම තුළ ලිංගික පීඩාව ඉහලයාම හේතුවෙන් සංඝ සමාජය තුළ වූ මෙම සමලිංගික සේවනය නිහඩ අනුමැතියක ඉතිහාසයේ සිටන් ම පැවැත් එන්නකි. කිසිවෙකු ප්‍රශ්ණ නොකරති.

දීර්ඝ කාලයක් තුළ වූ ලිංගික පීඩාව හා හුරු කරගත් සමලිංගික සේවනයන් මඟින් සමලිංගික ක්‍රියාවන් සඳහා විශේෂ කැමැත්තක් උවමනාවක් ඇති නමුදු එය පන්සලේ හාමුදුරුවන් සතු වූ තේරීමකි. අවශ්‍ය නම් සිවුරු හැර දමා ගොස් විෂමලිංගික සම්බන්ධතාවක් ඇති කර ගත හැක (දැං නම් පන්සලේ සිටම විෂමලිංගික කර්තව්‍යයත් සිදු කරණ බවට ඕනෑ තරම් පුවත් ඇත.). එහෙත් තේරීමක් සඳහා ඉඩක් නොමැති උපතින්ම සමලිංගිකයින් සඳහා ආකර්ෂණයක් ඇති පුද්ගලයින් වෙත මේ දූපත තුළ ඇත්තේ අවාසනාවන්ත ඉරණමකි.

15 comments:

  1. සම ලිංගිකයා යනු අප ඔබ වැනි තවත් එක් මිනිසුන් කොටසක් බව අපේ සමාජය කවදා තේරුම් ගනීද?

    ReplyDelete
    Replies
    1. V. intelligent article. I'm a woman who loves the husband and not at all a homo sex practitioner. But this article shows you very true biological facts. Nobody can judge another person without knowing the real truth. Homo sex practitioners are also people like us. They are not at all responsible for their sexuality.

      Delete
  2. well said man. Keep it up. (y)

    ReplyDelete
  3. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?
    ලංකාවට නවීන සංස්කෘතිය සහ තාක්ෂණ දැනුම ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. උඩුකය නොවසමින්, එක ගෙයි කමින්, රුකුලේ පැදීම, බුලත් හිරය වැනි හිරිකිත ලිංගික චර්යාවල යෙදෙමින් සිටි ලාංකිකයා නවීන ශිෂ්ඨාචාරයට සහ විනයකට යටත් කරන්නේ බටහිර සුද්දා විසිනි.
    - See more at: http://www.hotandfastnews.com/2013/07/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. Ane manda sinhalayata thiyena mona gon sanskruthiyakda kiyala... oyage kathawa hariyatama hari...munta olu kiyala deyak eththema nehe.. math sinhala nam thama... eth gon wwidiyata hithana uwamnawak nehe... eththatama oya wage hithana aya thama me rata hadanna uwana nam sitiya yuthu...nethnam gon siwuru horu newi

      Delete
  4. වැලේ වැල් නැතුව ණයට කකා බිබී තමන්ගේ මහ ලොකු අතීතේ ගැන පම්පෝරි ගහන මේ වගේ කම්මැලි ජාතියක් වඳ කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ නිකම්ම වඳ වෙලා යනවා

    ReplyDelete
    Replies
    1. Hariyata hari kathawa!

      Delete
  5. ඒ රටවල් 75 වැඩිහරියක් මුස්ලිම් රටවල්

    ReplyDelete
    Replies
    1. ලංකාවත් මුස්ලිම් රටවලුත් ඉන්නෙ එකම පේළියේ නේද කෙළගත්තට?

      Delete
  6. මේක ලියාපු එකා අනිවාර්යෙන්ම කොලු කාරයෙකි.ඔකුන්ගෙන් අපේ ළමයි බේරාගැනීමට ඔය යක්කුන්ව ගාලු මුවදොරට ගෙන්වා සියලු ආගමික වත්වත් කර එල්ලා දැමීය යුතුය

    ReplyDelete
    Replies
    1. මට කලින්ම කියන්න තියෙන්නේ, ඔච්චර කරන්න හයියක් තියෙනවා නම්, ano විදිහට මේකට කොටන්නේ නැතුව, කෙලින්ම එන්නේ නැත්තේ ඇයි ,එහෙම එවුන්ට තමා සමාජයේ පොන්නයෝ කියන්නේ.
      තමාගේ ලිංගික අවශ්‍යතාවය තෝරාගෙන ඇත්තේ තමන්ගේම ශරීරය මිස, වෙනත් කරුණක් නොවන බව අද පිළිගත් මතයයි. ඒ තමන් උපන් හැටි. ඔහේ කියන විදිහට කට්ටිය එල්ලලා දැම්මොත්, ලංකාවේ ජනගහනය තව සියයට දහයක් වත් ඉතිරි වෙන්නේ නැති වේවි. ඔය කයිය ගහන කොයි අප්පුහාමිලාත්, ජිවිතේ දවසක් හරි මේ ආතල් එක රසවිඳලා තියෙනවා. ඒ හැමෝම, ස්මලින්ගිකයෝ (gay) නෙමෙයි.
      හොඳට විවාහ ජිවිතේට ඇතුල් වෙලා, රටට සේවයක් කරමින් ඉන්නවා.
      ඔහෙලා වාගේ එහෙම දෙයක්වත් කරගන්න බැරිවෙච්ච කුහකයෝ, එක්තරා ප්‍රමානෙකුත් ඉන්නවා. ඉතින් අපි ඒ අයට අනුකම්පා කරනවා හැර වෙන මක් කොරන්නද.
      හැබැයි ඔය වාගේ උන් තමා, පොඩි කොල්ලෙක්ගේ ගල් දෙකක් දැක්කමත්, උට අරින්න ට්‍රයි කරන්නේ.
      අර හක්කේ බුදුරැස්..බොක්කේ දඩමස් වාගේ තමා.

      Delete
    2. niyamai gamini oyage kathawa..

      Delete
    3. Gamini is another unfortunate person who lost his personality.
      ඔය කයිය ගහන කොයි අප්පුහාමිලාත්, ජිවිතේ දවසක් හරි මේ ආතල් එක රසවිඳලා තියෙනවා. = It is your experience. Somebody has used you for his entertainments.

      Delete