A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මහා බෝධි පුජා පිංකම

මහා බෝධි පුජා පිංකම

රතුපස්වලට පානීය ජලය ඉල්ලූ වැලිවේරියේ දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ගෙන් නුවර කොළඹ මාර්ගය බැලුම්මහරේදී මුදා ගත් ලොව විනීතම හමුදාව ලෙස අබිසෙස් ලත් වීරෝධාර රණවිරුවන්ට

ත්‍රස්තවාදීන් දෙදෙනෙක් ජීවිතක්යෂට පත් කර අසූ එක් දෙනෙක් රෝහල් ගත කළ වැඩ බාර ගතු දවසේම වැඩ ඇල්ලූ නව යුද හමුදාපති දයා රත්නායක මහතාට

දැහැමෙන් සෙමෙන් රට ආරක්ෂා කරණ සේනාධිනායකාධිපති, ව්‍යවස්ථාදායකාධිපති, විධායකාධිපති, අධිකරණයාධිපති, මූල්‍යාධිපති සීමාරහිත රාජපක්ෂ සහෝදරයෝ සහ සමාගමට

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අබමල් රේණුවක තරමටවත් සහායක් නොදැක්වූ අපගේ දේශපාලන පක්ෂ සියල්ලේම නායක නායිකාවන්ට

රූකාන්ත-චන්දූලේඛාගේ කොන්ඩය කැපූ බාබර්ලාව අවුරුදු හතරකට සිරගෙට යැවීම වැනි දැවැන්ත පුවතක් යටපත් කර මෙම වීරෝධාර සටන ලොකු අකුරින් ජාතික පුවත් පත්වල මුල් පිටුවේ සටහන් කළ අපගේ අභීත මාධ්‍යවේදීන්ට

සෙත්පතා මහා බෝධි පූජා පිංකමක් ඇතුළු ධර්ම දේශනා, බුද්ධපුජා, සාංගීක දාන, සෙත්පිරිත්  එදා දෙමළුන් මැරූ සතුටට කිරිබත් කෑ සැදැහැවතුන්ගේ ම සහභාගීත්වයෙන් හෙට දිනයේ මුළු දවස පුරාම මාලපල්ල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ශාස්ත‍්‍රපති පණ්ඩිත අග‍්‍රහැර කස්සප හිමිපාණෝ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ!

පිං කැමැත්තෝ පැමිණෙත්වා!

දත් මිටි කකා කියමි* තෙරුවන් සරණයි!!!

පසු සටහන
පාර වැහුවෑයින්නෙ ගැහුවෙ. පාර නොවහා ඕක කළා නම් ඉවරනෙවැනි මසුරං කතා කියන අයට සෙත් පැතීමට වෙනම පූජාවක් පැවැත්වේ.


*ආරියවංශ රණවීර උන්නැහැගෙ කවියකින් ඉස්සුවෙමු

15 comments:

  1. A very informative piece of writing.I love its sarcasm very much.

    ReplyDelete
  2. නියම උපහාසය.. මේක දැක්කේ තරියා නිසා.. අන්න මගේ බ්ලොගෙත් එල්ලුවා..

    ReplyDelete
  3. කිරිබත් පාටි නැද්ද බං?

    ReplyDelete
  4. මොකක්ද ඔය ලින්ක් එ? ඒක කෙලින්ම දාන්න බැරිද? දැන් vchnanel කියලා එකක් හරහා යි යන්නේ

    ReplyDelete
    Replies
    1. http://www.lankaenews.com/Sinhala/news.php?id=23036
      මේක අපි බලන්නෙ ඔතනින් තමයි

      Delete
  5. මුන් වතුරට කොහොමත් බයයි.

    ReplyDelete
  6. මේ සත් ක්‍රියාවට සහභාගි වූ වීරෝධාර රණ විරුවන්ටත්, මේ සත් ක්‍රියාවට නියෝග දුන් සහෝදර සමාගමටත්, මේ සියලු දෙනගේම අම්මලටත් කවදම හරි තෙරුවන් සරණයි. අපිට එතකොට සාදු!....සාදු!....සාදු!... කියන්න පුලුවන්.

    ReplyDelete
  7. http://lakbima.lk/index.php?option=com_content&view=article&id=15066:------28-&catid=61:2012-08-07-09-39-46&Itemid=77
    “අපි බෝධි පූජා තියල. පිරිත් කියල ත්‍රස්තවාදීන්ගෙන් රැකගත් දරුවෝ ඇයි වතුර ‍පොදක් ඉල්ලා සිටින ගම්වැසියන්ට මේ ආකාරයට පහර දෙන්නේ” හමුදා ප්‍රහාර හමුවේ මව්වරු අඳෝනා දෙන්නට වූයේ එසේය.

    ReplyDelete
  8. අලුතින් හිතන්න වෙනව හැමෝටම.විජාතික බලවේග ,ජාත්‍යාන්තර කුමන්ත්‍රන කීවට සුද්ද හිටියෙ නැත්නම් මොකකින් මොකක් වෙයිද කියන්න බෑ.යුධ අපරාධ ,චැනල් 4 වගෙ ඒවටත් ජනතාව නිශ්ශබ්ද වෙයි මීට පස්සෙ

    ReplyDelete
    Replies
    1. මම ඒ වෙලාවෙ ටිකක් හැඟීම් බර වුනා.ඒකයි මෙහෙම කොමෙන්ට් එකක් දැම්මෙ.මම දැන් ඒ බ්ලොග් එකත් වහලා.මේ කොමෙන්ට් එක ගැන දැන් පසු තැවෙනවා

      Delete
  9. කාන්තාවන්ට සහ ළමුන්ටත් පොලු පහර එල්ල විය. මේ තරම් දරුණු ලෙස පහර එල්ල කිරීමක් මීට පෙර කිසිදාක අප දැක නැතැයි ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් පවසති.

    කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ.

    බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා එම අවස්ථාවේ ජීප් රථයක් උඩට නැග උස් හඬින් පැවසුවේ “ඒවා ගැන අපිට වැඩක් නැහැ..” යනුවෙනි. මෙම මෙහෙයුමට යුධ හමුදා කමාන්ඩෝ බලකායේ කර්නල් ශාමාල් සිල්වා ද සහභාගිවී ඇත.

    ජනතාවට පහර දීම සඳහා යොදවනු ලැබූ හමුදා කණ්ඩය යුද සමයේ රටේ ඉතා ජනප්‍රිය හමුදා කණ්ඩය වූ 58 කණ්ඩය බව දැන ගන්නට තිබේ. මන්නාරමේ සිට මුලතිව් දක්වා එල්.ටි.ටි.ඊ. සමග දරුණු යුද්ධයකට මෙම හමුදා කණ්ඩය මුහුණ දී සිටියදී රටේ ජනතාව ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූහ.

    ලක්බිම

    ReplyDelete
  10. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීම සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
  11. ප්‍රකාශිත හෝ අප්‍රකාශිත යුද්ධයක දී මැරෙන්නෙ අහිංසක මිනිසුන් නමි ඒකෙ වෙනසක් නැත. අප්‍රකාශිත යුද්ධයකදී ඔය හමුදාව දකුණේ හැට දහසකට වඩා වරකදී මරා දමා දමා තිබුණි.

    ReplyDelete
  12. එදා දෙමළුන් මැරූ සතුටට කිරිබත් කෑ සැදැහැවතුන්ගේ ම සහභාගීත්වයෙන් හෙට දිනයේ //කවුද දෙමළු මැරුවෙ.යුද්ධෙදි මැරුම් කෑවෙ නිවට කොටි තරස්තවාදීන්.වුන් දෙමළ නාසිවාදීන් බව ඇත්ත.එහෙම නම් මිත්‍ර පාක්ෂිකයන් දෙවන ලෝක සංග්‍රාමෙදි කොච්චර නම් ජර්මානුවො මරන්න ඇද්ද.යුද්දෙන් කොටි දිනුවනම් අවුස්විට්ස් වැනි වධකාගාර වල දෙමළ නොවන සියල්ලන්ම මරා දමාවි

    ReplyDelete