A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙ‍මළු නෙමෙයි “හොඳ සිංහල“ තුනක් ආණ්ඩුවේ හමුදා විසින් මරා දමා තිබේ


යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්‍රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් උන් දෙමෙල්ලුනෙ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. රණ විරුවෝ ජාතියේ මුර දේවතාවෝ වූහ. රණ විරුවෝ මිහිපිට දෙවියන් සේ පිදුම් ලදහ. එවකට වන්නියයේ දෙමළාට එස වූ මිලිටරි ගිනි අවි දකුණට හැරෙන්නට ගතවන දිනය වැඩි ඈතක් නොවන බැව් අප එහෙත් ඒ අතරවාරයේ පුනා පුනා පැවසුවෙමු. එය අපට වූ අනාවැකි කීමේ හැකියාවක් නොවේ. අපේ පරපුරේ සියල්ලම දකුණේ දී අසූවේ දශකයේ අග භාගයේ විඳි යතාර්ථය අප මතකයේ තිබූ බැවිනි.

ලෝකයේ කොතැනක වත් ම්ලේඡ්ච නොවූ මිලිටරි හමුදාවක් නැත. එහි පැවැත්ම ම බිහිකරන්නේ අමානුෂික සොල්දාදුවෙකි. එය එහි අවශ්‍යතාවය යි. හමුදාව ඇතුලත වූ නිලධාරිවාදය හා පුරුෂාධිපත්‍ය තුළ ම ඇත්තේ ශාරීරික-මානසික-ලිංගික පීඩාවෙන් පිරි සමාජ කුළකයකි. ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක හැදියවෙන් හා බුද්ධිමත් භාවයෙන් තොර පාලකයින් රාජ්‍යය ද හමුදාව ද මෙහෙයවන කල්හී එය අතිශයින් භයානකය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යනු ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා වූ  මුර බල්ලන් සමුහයකින් සැදි ආයතනයන් පමණක් වේ.

තනි තනි හුදෙකලා ඝාතනයන් කොතෙකුත් වූ නමුදු යුද විජයග්‍රහනයෙන් පසුව මහජන විරෝධතාවයක දී ආරක්ෂක හමුදා මඟින් සිංහලයින් හට පහර දී මරා දැමුවේ පසුගිය දා වැලිවේරියේ දී පවත්වන් ලද උද්ඝෝෂණයේ දීය (ප්‍රකාශිත මරා දැමූවන් ගණන තුනක් වූ නමුදු සන්ඩේ ටයිම්ස් සඳහන් කළ අඩුම ගණනේ හයක් වූ සංඛ්‍යාව තවමත් කිසිවෙක් ප්‍රතික්ශේප කර නොමැත). මෙම පහරදීම බොහෝ දෙනෙකුට ගෙන ආවේ “වෙන්න බෑ“ වගේ අමුත්ම ආකාරයේ විශ්මයකි. පොලිසිය ගැහුවත් “අපේ දෙයියෝ හමුදාවනම් අපිට අත තියන්නේ නෑ“ වගේ හැඟීමක් බොහෝ අය වෙත තිබූ බැව් පසුව සමහරෙකු සිදුකරණ ලද ප්‍රකාශවලින් අපට පෙනුණි. සැනින් වූ එම විශ්වාශය භංගවීම ට කිසිවෙකු මෙසේ ප්‍රතික්‍රියා දක්වා තිබුණි.

“මීට වඩා හොදයි ලංකාවටම බෝම්බයක් ගහලා අපි ඔක්කෝවම මරල දැම්මනං“

“දෙපාරක් හමුදාවට ලේ දන් දීපු මේ අත මට දැං කපල දාන්න හිතෙනවා“

“සිංහල අපිට මෙහෙම නම් උතුරෙ දෙමෙලුන්ට කොහොම දෙන්න ඇති ද“

“ අපි බෝධි පූජා තිබ්බ හමුදාවනෙ අපිට මෙහෙම කරේ“

“පෝලිමට වාඩි කරවල පල්ලිය ඇතුලෙදි පොළුවලින් ගැහුවා“

“මහ පාරේ නෙමේ අතු පාරවල් වල ගිහින් ඔලුවට වෙඩි තිබ්බෙ“

“තුවාලකාරයන් ව ඉසිපිරිතාලෙකට ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ“

දශක කීපයක අතීතය මතක තිබ්බා නම් හෝ පසුගිය වකවානුවේ වන්නියේ සිද්ද කරණ ලද සංහාරය ගැන පොඩි දැනුමක් හෝ තිබුණි නම් මේ වැනි දෑ අපිට ඇසෙන්න ට ඉඩ නොතිබුණි. අවාසනාවකට අමතක වීම සිංහලයාගේ ජාන වලින් ම ඔවුනට ලැබෙන දායාදයකි. එහෙත් පසුගිය වකවානුවේ වන්නියේ සිදු වූ දෑ ඇත්තටම මේ මිනිස්සු දැනගෙන හිටියෙ නැද්ද යන්න අපට ද පැණයකි.

2009-2010 වකවානුවේ රජයේ හා පුද්ගලික සියළුම මාධ්‍යයන් ක්‍රියා කළේ එකම අරමුණක් වෙනුවෙනි. මෙහෙයවූයේ නිල හො නො නිල අයුරින් රජයේ ආරක්ෂක අංශයේ මැදිහත්වීමෙනි. එකී මාධ්‍යන් හැම එකකම වූයේ යුද විජයග්‍රහනයන් හා හමුදාවේ වීරත්වය මතු කරවීමේ තරඟ කාරීත්වයකි. රටේ සාමාන්‍ය පුරවැසියාට වඩා මාධ්‍ය ආයතන වලට නිවරුදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවන් තිබුණි. අපගේ අවාසනාවකට මාධ්‍ය ‍වේදීන් මේ රටේ නැත. සත්‍ය ප්‍රකාශ නොකීරීමේ ස්වයං වාරණයක සියල්ලම සිටියහ. අපේ මාධ්‍ය බාස්ලා යටතේ හුන් මාධ්‍ය අත්වැඩ කරුවන් කළේ රජයේ වුවමනාවන් ඉටුකර රාජ්‍යය සතුටු කිරීමයි. ඒ අතින් නම් වැලිවේරියේදී මේ මාධ්‍ය අත්වැඩ කරුවන් හමුදාවෙන් ගුටිකෑවා මදිය (ආරංචියේ හැටියට ලංකාදීපයේ එදින හමුදාවෙන් පහර කෑ වාර්ථාකාරිණියගේ ස්වාමිපුරුෂයාද හමුදාවේ සේවයේ නියුතු වූවෙකි).

අනෙක් අතට වන්නියේ සිදු කරණ ලද මේ සංහාරයේ සත්‍යය රටට හෙලි කිරීමේ වගකීම හා වැඩි හැකියාවක් තිබුණේ දකුණේ ප්‍රගතිශිලි යැයි හඟවමින් සිට ජවිපෙටයි (එවකට පෙසප ද ඇතුළුව). මක් නිසාද හමුදා ම්ලේඡචත්වයේ උපරිම අත්දැකීම හා විදේශයන් හරහා වන්නි සංහාරයේ නිවරැදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද ඔවුන් සතුව තීබීමයි. එහෙත් එවකට ජවිපෙ හැසිරීම අන්තිම ජාතිවාදී පක්ෂවලටත් වඩා කාලකණ්නි සහගත විය. සුපුරුදු දේශපාලන අවස්ථාවාදයට ගොදුරු වී මාක්සවාදී-ලෙනින්වාදී දේශපාලනය සහමුලින්ම අමතක කර දකුණේ ජනතාව මුලාවේ ම තැබීමට වූ පාලක පන්තියේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඔවුන් ඉටු කර දෙන ලදි. මෙම පාපකර්මයෙන් ජවිපෙට කවදාවත්ම ගැලවීමක් ඇත්දැයි සැක සහිතය.

“ඇද්ද උඹලට“ යනුවෙන් උපහාසාත්මකව හිනාවෙන්න හෝ “උඹලත් කාල වරෙන්“ යනුවෙන් කේන්තියෙන් අහක බලා ගන්න හෝ අප වෙත ඉඩක් නොතබන්න ට තරම්, වතුර ඉල්ලා සිදු කරණ ලද සාධාරණ උද්ඝෝෂණයේ දී රජයේ හමුදා මඟින් මරා දැමූ මේ සිංහල තරුණයින් තිදෙනා අහිංසකය. ශ්‍රී ලංකා රජයේ හමුදාව යනු මිනී මරුවෝය. ස්ත්‍රී දූෂකයෝය. මංකොල්ලකරුවෝය. එහි දී තම කරතව්‍යයන් ඉටු කර ගැනීමේ දී හා ඉටු කිරීමේ දී එම ම්ලේඡචත්වය ට දෙමළ සිංහල භේදයක් නැත.

 “කන්න ඕන ඕකුන්ව කපලා කෑලි කෑලි“ යනුවෙන් පවසා අකිල දිනේෂ් සොයුරාගේ මළ මිනිය රැගැත් පෙරහරේ සිංහල කාන්තාව මුදා හල කේන්තිය මේ මොහොතේ දී වන්නියේ ඉතිරී ව සිටින අන්තිම දෙමළාගේ නිශ්ශබ්දතාවය තුළත් පැහැදිලිවම ඇත. ඒ දෙමළා හට හඬන්නට කඳුළු ඉතිරි වී ඇත්දැයි අපි නොදනිමු. එහෙත් සිංහලයාට සිදු වූ මේ ඛේදවාචකයේ දී ඔහු සන්තෝසයෙන් හිනා නොවෙනා බැව් පමණක් සහතික වශයෙන් අපි දනිමු.  

4 comments:

  1. ජවිපෙ ක්‍රියාකාලපය ගැන නම් එක වචනයයි තියෙන්නේ කියන්න.

    නොදකින්!

    ReplyDelete
  2. MOKAKADA E WACHANAYA KIWAWANAM BALANNA. NODAKIN KIWWE MOKAKATADA.

    ReplyDelete
  3. “ඇද්ද උඹලට“ යනුවෙන් උපහාසාත්මකව හිනාවෙන්න හෝ “උඹලත් කාල වරෙන්“ යනුවෙන් කේන්තියෙන් අහක බලා ගන්න හෝ අප වෙත ඉඩක් නොතබන්න ට තරම්, වතුර ඉල්ලා සිදු කරණ ලද සාධාරණ උද්ඝෝෂණයේ දී රජයේ හමුදා මඟින් මරා දැමූ මේ සිංහල තරුණයින් තිදෙනා අහිංසකය. ශ්‍රී ලංකා රජයේ හමුදාව යනු මිනී මරුවෝය. ස්ත්‍රී දූෂකයෝය. මංකොල්ලකරුවෝය. එහි දී තම කරතව්‍යයන් ඉටු කර ගැනීමේ දී හා ඉටු කිරීමේ දී එම ම්ලේඡචත්වය ට දෙමළ සිංහල භේදයක් නැත.

    Brilliantly said!!
    JB

    ReplyDelete
  4. චැන් ෆෝ සිද්ධින් සනාත කිරීමක් කලේ. දැන් ඉතින් පේනවනේ මානුෂික මූණූවරේ හෙළුව..

    ReplyDelete