A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බැසිල් සමාව ගනී ලෙවන්නෝ ලෙවති


“ගන්න බලං ඉන්න“ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට වෙඩි තියන්න යැයි හමුදාවට අණ දෙන්න පුළුවං වුනත් වෙන්න බලං ඉන්න ජනාධිපති“ බැසිල් රාජපක්ෂ ට කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ජනගහනයක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ දී සිදු වූ ආරක්ෂක හමුදා ම්ලේච්ඡ පහරදීම ගැන සමාව ඉල්ලනවා හැර වෙන විකල්පයක් නැත. ඉන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕනෑම ඉලව්වකට බහ්: බුහ්: ගාන මුට්ටි ඇමති විමල්-චම්පික සමඟ මේ සිද්ධිය ගැන සද්දෙ වසා ඇහුන්නැති ගානට  සිටිති.

හැබැයි මාධ්‍ය බාස්ලා යටතේ මාධ්‍ය අත් වැඩ කරුවෝ කිහිප දෙනෙක් ඉන් එහාටත් ගිහින් මිනීමරු හමුදාව සුද්ද පවිත්‍ර කිරීමට ලෙවති. ලංකාවේ මාධ්‍යවේදීයෝ ඉන්නේ අතලොස්සකි. සිටිය අයගෙන් කිහිප දෙනෙක් රටෙත් නැත. තව පිරිසක් ජීවතුන් අතරත් නැත. ඉන්න අයගෙන් වැඩිහරියක්  අරලිය ගහ මන්දිරයේ විස්කි වඩි බුදින මාධ්‍ය බාස්ලා යටතේ ඉන්න මාධ්‍ය අත්වැඩකාරයෝ වෙති.

වැලිවේරිය සිද්ධිය ගැන මනෝජ් අබයදීර නම් වූ එවැනි මාධ්‍ය අත් වැඩ කාරයෙක්ගේ ලිපියක් “රතුපස්‌වල වසන්තය බොඳ උනාට හමුදාව පලි නෑ!“ හෙඩිම යටතේ පසුගියදා ඉරිදා දිවයිනේ තිබුණි. මනෝජ් අබයදීර මාධ්‍ය අත්වැඩකාරයාගේ ආරක්ෂක හමුදා පක්කලිකම් ගැන හොඳ ඉතිහාසයක් ඇති නමුදු ඇස් පනාපිට දකුණේ සිද්ධවුණු මේ සිද්දිය ගැන අනෙකුත් මාධ්‍ය අත්වැඩකාරයින් ට මෙන් නිශ්ශබ්දව සිටිය නොහැකි කැසිල්ලක් ඔහුට ඇත. 

මනෝජ් අබයදීරට අනුව,

“තුවක්‌කු පත්තුවන්නේ ඉබේ නොවේ. කොකාට අත තබන මිනිසා අනුවය. ශ්‍රී ලංකා හමුදාව ලෝකයේම විනයවත් හමුදාවක්‌ ලෙස ප්‍රසංශා ලැබ තිබේ. යුද සමයේදී එල්. ටී. ටී. ඊ. තුවක්‌කුවට ප්‍රේම කරමින්, හමුදා තුවක්‌කුවට වෛර කරන ලද එන්. ජී. ඕ. නඩය හමුදාවට එරෙහි යළිත් පිටියට බැස්‌සේය.

මෙතැනදී කිවයුතුම දෙයක්‌ වන්නේ හමුදාව සතු අවම අවි බලය තවමත් ටී පනස්‌හයේ තිබීමය. හමුදාව තම ආරක්‍ෂාවට භාවිතා කරන ලද්දේ එයය. පැමිණ සිටි හමුදාව හරියට වෙඩි තිබ්බා නම් රතුපස්‌වල දෙවැනි අරන්තලාවක්‌ බඳු වීමට තිබිණි.“


රතුපස්වල උද්ඝෝෂණය විවේචනය කරමින් “උද්ඝෝෂණවලදී ප්‍රාණ ඇපකරුවන් ගැනීමේ ප්‍රශ්නය“ හෙඩිම යටතේ මෙවැනිම තකතීරු ලිපියක් අයිලන් පුවත් පතේ ප්‍රධාන කර්තෘ සී ඒ චන්ද්‍රප්‍රේම සිංහලෙන් ලිපියක් පසුගිය සඳුදා දිවයිනේ ද පළකර තිබුණි.

සී ඒ චන්ද්‍රප්‍රේම  ට අනුව,

“යම් ප්‍රශ්නයක්‌ පෙරදැරි කරගෙන උද්ඝෝෂණකරුවන් කොතනක හෝ මහා මාර්ගයක්‌ අවහිර කර සිටින්නේ නම් බලධාරීන්ගේ පළමු යුතුකම වන්නේ මුලින්ම ප්‍රාණඇපයට ගෙන සිටින මගී ජනතාව නිදහස්‌ කොට උද්ඝෝෂණකරුවන්ගේ ප්‍රශ්නය දෙස දෙවනුව බැලීමයි. මගී ජනතාව ප්‍රාණ ඇපයට ගෙන සිටින උද්ඝෝෂණකරුවන් එතනින් ඉවත් කිරීමට අනුක්‍රමික වශයෙන් බලහත්කාරය පාවිච්චි කිරීමට බලධාරීන් පසුබට නොවිය යුතුය. බැරිම තැන ජීව උණ්‌ඩ වුවත් භාවිතා කිරීම සාධාරණ වන්නේය.“


ෂෙනාලි ඩී වඩුගේ නම් වූ මාධ්‍ය අත් වැඩකාරියගේ අසික්කිතම ලිපියක් මෙවර “ද නේෂන්“ පුවත්පතේ  “Weliweriya incident leaves traces of Arab Spring “ හෙඩිම යටතේ පළවී තිබුණි. ඇයට අනුව වැලිවේරිය සිද්ධියේදී තුන්වැන්නා මිය ගොස් තිබුණේ උද්ඝෝෂකයින්ගේ පහර දීමකිනි. පල්ලිය පිටුපස සිට හමුදාවට පහරදුන් ගලක් වැදීමෙනි. හමුදාවේ ගිලන්රථයකින් රැගෙන ගොස් ජීවත් කරවිට උත්සහ කළත් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

ෂෙනාලි ඩී වඩුගේට අනුව,

Three youth died, but the third youth from Gampola did not die of gunshot injuries. The army went towards the Church to disperse the crowd that had been pelting stones from behind the church. It was the army who had evacuated the injured who were armed due to pelting of stones. The injured were taken in the army ambulance to the Gampaha hospital. Even the youth who died, from injuries caused by the use of blunt objects, was taken in the ambulance


මාධ්‍යවේදීන් රැක ගත යුතුයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් මාධ්‍ය බාස්ලා සහ මාධ්‍ය අත්වැඩ කාරයින් සඳහා ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරය තීරණය කිරීම ප්‍රගතිශිලි ජනතාව සතුය.

5 comments:

  1. කාලයක් තිබ්බා දිවයින කියන්නේ කොන්ද කෙලින් තියාගෙන කතාකරන පත්තරයක් කියලා. මම සෙනසුරාදා ඉරිදා දිවයින ගත්තාම සේරම කියවලා වගේ නැගිටින්නේ. ඒත් දැන් ඒක අරගෙන වැඩක් නෑ. බත් ඔතන්න ගන්නවටත් පාඩුයි. ඊට වඩා ලේක් හවුසියේ එකක කොළ තියනවානේ

    ReplyDelete
    Replies
    1. /* කාලයක් තිබ්බා දිවයින කියන්නේ කොන්ද කෙලින් තියාගෙන කතාකරන පත්තරයක් කියලා */

      That was in 1980s.

      Delete
  2. මුන්ට එදා ආමි එකෙන් ගැහුවා මදි

    ReplyDelete
  3. සරලවම කියන්නේ නම් සෑම පුකකටම වටිනාකමක් තිබේ.

    ReplyDelete