A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ගැහැණුන් දෙසිය ගණන් තුන්සිය ගණන් සමඟ නිදි වැදීම

අප ජීවත් වන්නේ ගැහැණුන් දෙසිය ගණන් තුන්සිය ගණන් සමඟ නිදි වදින දේශපාලඥයින් සිටින රටකය. පසුගියදා ගුරුවරියක් දණගැස්සවූ ආණ්ඩුවේ පළාත් සභා මන්ත්‍රී වරයාට එරෙහිව දිගහැරුණු නඩුවේ සාක්කි අනුව එම මන්ත්‍රීවරයා එම ගුරුවරිය ව දණ ගස්සවා ඇත්තේ තමන් ගැහැණුන් තුන්සීයකට වඩා ප්‍රමාණයක් සමඟ ලිංගිකව හැසිරී ඇති බැව් සුද්ද සිංහලෙන් ම පවසමිනි. මීට පෙර වාර්තා වූයේ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වූ සාරුවා සුනිල් තමන්ගේ සිය දෙසියවන ස්ත්‍රී දූෂණ කර්තව්‍යයෙන් පසුව ආණ්ඩුවෙ ප්‍රධානීන් සියල්ල්ටම පාහේ දැවැන්ත රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බවයි.

ලිංගික නොහැකියාවන් ටෝක්ස් වලින් දිදී ඇවිදීමේ මානසික ව්‍යාධි වලින් පෙළෙනවුන් ද සිටින බැවින් මේ සියල්ල සම්පූර්ණයෙන් ම සත්‍ය නොවන්නට ඉඩ ඇති නමුදු රැකියාවන් හා වෙනත් අරමුණු වෙනුවෙන් ලිංගික අල්ලස් හා ලිංගික බලහත්කාරය බහුලව පවතින ලංකාව වැනි රටක නොවිය හැකි දෙයක් ද නොවේ. නිමල් සිරිපාල වැන්නවුන් වැඩ වැරදී පාර පුරා නිරුවතින් දිව ගිය අයුරු අප අසා තිබුණත් මෙවන් තොරතුරු අසද්දී අපට දැන් දැනේනේ ඔහු ගැන අනුකම්පාවකි. මේ වනවිට කවදාවත් නොමැති තරමට ලංකාව ඇතුලත දේශපාලඥයෝ ලිංගික අල්ලස් හා බලහත්කාරකම් සඳහා සිය බලය අයුතු ලෙස යොදා ගනී. අරුමය කිමැයි? රට කරවන්නේම එවන් ලිංගික අල්ලස් සඳහා එවකට කප් ගැසූ නායකයෙකි.

ආසියානු මානව හිමිකම් කොමිසම මඟින් පසුගිය ජූලි 14 දා පැවැත්වූ මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව අනුව සෑම පැය එකහමාරකට ම වරක් බුදුන් තුන් වරක් වැඩියා කියන මේ ලංකාවේ ඔබගේ සහෝදරියක් හෝ දියණියක් දූෂණයට ලක්වෙති. කාන්තාවන් සඳහා වූ ගෘහස්ත හිංසනය සැලකීමේදී ලොවෙහි පස්වෙනි ස්ථානයෙහි සිටින ලංකාවේ ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන යොදාගන්නා කාන්තාවන්ගෙන් 95% ක් ලිංගික බලහත්කාරකම් වලට ගොදුරු වේ. ඒ අනුව බස් හා දුම්රියෙහි ගමන් ගන්නා කාන්තාවන්ගෙන් ලිංගික පීඩාවට පත් නොවන්නෙක් නොසිටින තරම්ය. මේ සියළු සංඛ්‍යා ලේඛණ වාර්තා වූ සිද්ධීන් ගෙන් පමණකි. ලංකාව වැනි සමාජයක ස්ත්‍රී දූෂණ ඇතුළු ලිංගික අපයෝජනයන් වාර්තාවන්නේ ඉතාමත්ම අඩුවෙනි. ආසියානු මානව හිමිකම් කොමිසම දක්වන්නේ නීතිය නිවරැදිව ක්‍රියාත්මක නොවීමත්  අපරාධකරුවන්ව රජය මඟින්ම ආරක්ෂා කිරීමත් යන කරුණු හේතුවෙන් මෙම කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි මෙම අපරාධ සීඝ්‍රයෙන් වැඩිවන බවයි. මේ වන විට ලංකාවේ නීති පද්ධතිය මඟින් එහි සාමන්‍ය පුරවැසියා හට රැකවරණයක් ලැබෙන්නේ ඉතාමත් ම අවම වශයෙනි.

මේ තොරතුරු අනුව ඔය කියන දෙසිය ගණන් තුන්සිය ගණන් පොර ටෝක් පමණක් ම නොවන්නටත් බොහෝ විට ඉඩ ඇත. තමන්ගේ දියණියට හෝ සොහොයුරියට හෝ බිරිඳට හෝ යමක් සිදු නොවෙනතාක් කල් බොහෝ ලාංකිකයෝ චීන ආධාර යටතේ සිදුවන සංවර්ධනය ගැන පුරසාරම් දොඩමින් මධු විතක් තොලගාමින් සිටිති. එසේ සිදු වුවද එය තමන්ගේ පෙර කරුමයට සිදු වූවක් යැයි සිතන්නට තරම් බුද්ධාලම්භන හැඟීමකින් රට වැසියෝ ඔද වැඩී සිටිති.

6 comments:

  1. ඉන්දියාවෙ නූගත් ගෑනුනට තියෙන කැක්කුමක් අපේ රටේ නැහැ. කොච්චර සමූහ දූෂණ උනත් අපේ එකෙක් පාරට බහින්නෙ නැහැ.

    ReplyDelete
  2. බරපතල කාරනයක්.
    සීයට----ප්‍රාදේශීය සභා
    තුන්සීයට---පලාත් සභා
    පන්සීයට----පාර්ලිමේන්තුව
    දාහට----ජනාධිපතිකම
    ආඩම්බරයි!!!ආඩම්බරයි!!!!ඔහොම යං

    ReplyDelete
  3. Wena ekkak thiya ada kellekuta thiya wayasaka kanthawakatawath maha papaka bus ekkaka thaniyama yanna puluwanda ? Paharayange karadarayak nethuwa.

    ReplyDelete
  4. මේක තමයි ආසියවෙ ආශ්චර්යය. ඒකනෙ ලොකු ලොක්කන්ගෙ කොල්ලො පිටරටවල් වලිනුත් කෑලි ගේන්නෙ.එතකොට ප්‍රාදේශීය සභා, පලාත් සභා එවුන්ගෙ වාර්තාව කැඩුවාම කෙලින්ම ජනාධිපති කම. එතකොට ඔය දෙසීය, තුන්සීය දූෂණය කරල වාර්තා තියපු කට්ටියගෙ ගෑනුත් අඩුම තරමින් පිරිමි සීයක් හමාරක්වත් දූෂණය කරල නැතෑ.

    ReplyDelete
  5. අද දවසෙ ගැහැණු දරුවෙක්ව තනියම පාරකට බස්සන්න තියා ගෑණු ඇඳුමක් වැලකවත් වනන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගූගල් සර්ච් හරහා ලෝකයේ වැඩිම සෙක්ස් සර්ච් කරන රට. ඔය ලංකාවෙ සියයට පනහක්වත් ඉන්ටෙර්නෙට් පහසුකම් තිබිලද? බොදු බල සේනා කට්ටියටත් ඕනැ අහවල් වැඩේ කරන එක වැඩි කරන්නනෙ.
    ලිංගික බලහත්කාරකම් වලින් එලි දැක්වෙන්නෙ කීයෙන් කීයද? බොහොමයක් ලැජ්ජාව නිසා සඟව ගෙන ඉන්නෙ. ගැහැණු දරුවෙකුට ලිංගික බලහත්කාරකමක් උනා කියල දැනගත්තොත් ඒ ගෑණු දරුවට ආයෙ කසාදයක් බඳින්න අපේ සමාජය ඉඩක් තියන්නෙ නැහැ.ඉන් පස්සෙ සමාජය හඳුන්වන්නෙ "ඕක බඩුව" කියල. බඩුව කියල නිකං ඉන්නෙත් නැහැ අනින්න තමයි බලන්නෙ.

    ReplyDelete
  6. ආඩම්බරයි!!!ආඩම්බරයි!!!!ඔහොම යං

    ReplyDelete