A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පියාමැස්සෝ විකාරය


ලංකාව ඇතුලත මේ මෙහොතේ චිත්‍රපටියක් තහනම් කර ඇත.  අන්තර්ජාලයේ වෙබ් අඩවි වල සිට සිට විවිධ පොත් පත් ඇතුළුව අනෙකුත් මාදිලියේ සාහිත්‍ය හා කලා කෘති පමණක් නොව ජීවත්වීමේ අයිතිය ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තීරණය කරණ කල් හී උන්ට අවැසි පරිදි චිත්‍රපටයක් තහනම් කිරීම යනු මහ ලොකු දෙයක් වන්නේ මේ දූපතේ  සිටින විකල්ප සිනමා කරුවන් කිහිප දෙනාට පමණි. එය ආණඩුවට කඩේ යන එහෙත් බඩු ගන්නා නොගන්නා ජයන්ත-සෝමරත්න-ජැක්සන් වැන්නවුන් ට අදාල නැත. අදාල වන්නේ හඳගම-ප්‍රසන්න-ධර්මසිරි-දිවුලා කුලකයට පමණි. තුන්වන කුලකය වන විමුක්ති-සංජීව කුලකයට මෙවැනි තහනම් කිරීම ආශිර්වාදයකි. “පියාඹන මාළුවෝ“ (සමාවෙන්න “ඉගිල්ලෙන මාළුවෝ“) හැදූ සංජීව පුෂ්පකුමාරම පවසන පරිදි ඒ සිදුවීම් ක්‍රියදාමය ම ඔහුගේ අමන්දාන්නදයට හේතුවී ඇත.

බොහෝ නිර්මාණ කරුවන්ට ඇති උත්පත්ති ලෙඩක් වන්නේ තම නිර්මාණය ගැන තමන් ම ටෝක්ස් නෙළීමේ අසනීපයයි. සිනමා නිර්මාණකරුවන්ට එය වඩාත් දරුණුව ඇත. විශේෂයෙන්ම දැක්මක් නැති ටෙක්නික් ඇති රූප-හඬ අමුණන්නෝ කතා කරන්නට ගිය විට නාන්නේ ඇද ගෙනය.

යුද විරෝධී යැයි කියන “සුළඟ එනු පිණිස“ (තිරු ලිපිය නොවේ. එ නමින්ම වූ චිත්‍රපටිය) තැනු විමුක්ති ජයසුන්දර ගේ නෑම කෙලවර වූයේ රාජපක්ෂ ආණඩුවේ කුණු අපුල්ලමිනි. සිනමා කරුවන් විදෙස් සම්මාන දිනා ගැනීම විහිළුවක් වී ඇති නමුදු ඔහු දිනූ කෑන්ස් උළෙලෙ හි සම්මානය අති විශිෂ්ඨ බව ඇත්තකි. එහෙත් එය කෘතිය අභිබවා “සම්මාන ලබා ගැනීමේ ක්‍රියාවලිය“ තුළ වූ හැකියාව මඟින් ලබා ගත් සම්මානයක් බැව් (අනෙකුත් සාධක වලට අමතරව) ඔහු විසින්ම ඔප්පු කරණු ලැබුවේ ඔහුගේම  සම්පූරණයෙන් ම අසාර්ථක වූ වෙනත් කෘති වලිනි. අවසානයේ හොඳ සිනමාකරුවෙකු කෙසේ වෙතත් බොහො දෙනෙකුන් ගේ පිළිකුල ට බඳුන් වු අවස්ථාවාදී අපත තරුණයෙක් හදිසියේ පා වෙවී සිටි රැඩිකල් අහසින් මහ පොලොවට පාත්විණි. කිසිවෙකු පවසා තිබූ පරිදි ඔහුගේ තිර පිටපත ලියූ පියල් කාරියවසම් ව පමණක් නොව ඔහුව සිනමාවට මුල් අකුරු කරවූ සුදත් මහදිවුල්වැව වත් ඔහුට මුල සිටම මතකයේ තිබුණේ නැත.

මුතුහර ළමා සමාජයෙන් පැමිණ සිරසේ “කමත“ හැදූ බව ආඩම්බරයෙන් පවසන සංජීව පුෂපකුමාරට මේ වින්නැහිය ම සිදුවේයැයි අනාවැකි කියන්නට  කල් වැඩි නමුදු පසුගිය දිනවල ඔහුගේ චිත්‍රපට තහනමට එරෙහිව හා ඒ වටා ගොඩ නැඟුණු කතිකාවට ඔහු දැක්වූ ප්‍රතිචාර වල ඇත්තේ එවන් මඟ සලකුණු දැයි සැක හිතේ. එසේ නොවන්නට නම් චිත්‍රපට තැනීම ට අමතරව ඔළුව ගෙඩනඟා ගැනීමේ ක්‍රියා වලිය වෙනුවෙන් ඔහු විසින් මහත් වෙහෙසක් දැරිය යුතුව ඇත. උවමනාව ඇත්නම් ඒ සඳහා වූ අතලොස්සක් වූ සම්පත් සිනමා කර්මාන්තයෙන් ම ඔහුට සොයාගත හැක.

කෙසේ නමුදු තහනමට “ඉගිල්ලෙන මාළුවෝ“ තහනමට හා එම චිත්‍රපටය මූලික කරගෙන සිදු කළ සිනමා උලෙළේ තහනමට එරෙහිව රට තුළ ඇත්තේ ඉතාමත්ම මන්දගාමී ක්‍රියා කළාපයකි. “ඉගිල්ලෙන මාළුවෝ“ හරහා අයිටීන් චැනලය ගාමිණි වියන්ගොඩට පහර දෙද්දී ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සමාජ ක්‍රියාකාරිකයින් දැක් වූ උනන්දුව වත් චිත්‍රපටයේ තහණමට එරෙහිව නැත (මේ ක්‍රියකලාපය සිහි බුද්ධියෙන් විමසන්නේ නම් අපට හැඟෙන්නේ ඉගිල්ලෙන මාළුවෝ යනු “රාවය“ පුරවැසි සතු කිරීමේ මෙහෙයුමට වෙහෙසෙන ගාමිණී වියන්ගොඩ ට පහර දීමට යොදාගත් ආයුධයක් පමණක් බවයි. මිලින්ද මොරගොඩ හරහා රාවය“ ආණ්ඩුවට ගැනීමේ වෑයම අසාර්ථක වූයේ වියන්ගොඩ කණ්ඩායමේ බරපතළ මැදිහත් වීම නිසාවෙන් බැව් ආණ්ඩුව හොඳින් දනී. අවාසනාවට -අනේ වාසනාවට ද මන්දා- ඊට ගොදරු වූයේ සංජීව පුෂ්පකුමාර ගේ “ඉගිල්ලෙන මාළුවෝ“ යි).

රට තමන්ට ඕනෑ ලෙසින් පමණක් කරවීමේ රාජපක්ෂ උන්මාදය ට විශේෂයෙන්ම ඒ සදහා ගෝඨාභය මැදිහත් වුවහොත් දෙ කන් පාත් කරගෙන සිටීමේ නිවට නියාළු බවට ජාතියම මේ මොහාතේ ගොදුරුවී සිටිති. අසික්කිත ලිංගික ක්‍රියා ගැන පැවසූ විට “ඇගේ වෛරය“ රැල්ලේ චිත්‍රපට බැලූ උපාසක උපාසිකාවෝ සිල් රෙදි හදති. බෝධිසත්ව හමුදාවට අවමන් කිරීම පෙරට රැගෙන එන විට අපේ රට වැසියන්ගේ ඇඟේ වෙලෙන්නේ අමුතුම කීකරුකමකි. මතක් කර ගත හැකි නම් 1987-1989 කාලයේ 60,000 ක මරා දැමූ දස දහස් ගණන් තමන්ගේම සිංහල තරුණියන් දූෂණය කළ සිංහල හමුදාවේ “විනය‘ මනස තුළ විකල් වූ “දෙමළ“ සතුරා කෙරෙහි කෙසේ වී දැයි යන්න අනුමාන කිරීමට දෙමළ ඩයස්පෝරාවේ ගණන් හිලව් අවශ්‍ය නොවේ. අවසන් අරමුණ කුමක් වුව ද ආරක්ෂක හමුදාවට අවමාන කිරීම මතු කර ඒ හරහා කලා කෘති මර්ධනය කිරීම තුළ ඇත්තේ රට තුළ ඇති අදෘශ්‍යමාණ හෝ දෘශ්‍යමාන වුව පිළිගැනීමට අකමැති හෝ මිලිටරිකරණයයි.


ලංකාව ඇතුලත මේ මෙහොතේ චිත්‍රපටියක් තහනම් කර ඇත.  වැදගත් වන්නේ කොන්දේසි විරහිතව එම තහනමට එරෙහිව අඩුම වශයෙන් විකල්ප කලා කරුවන්ගේ සමාජ ක්‍රියාකාරීන්ගේ  නැගී සිටීමයි. හඳඟම කියූ පරිදි චිත්‍රපටි යනු එසේමත් ම නොවිය හැක. අපි සිනමාවෙන් ප්‍රවෘත්ති බලන ජාතියක් බවට අනුමාන කිරීමට ආණඩුව ඉඩ ඇති බැවිණි.

සංජීව පුෂ්පකුමාරව කියවන්න පහත් ලින්ක් වලට යන්න.



4 comments:

  1. බොහෝ නිර්මාණ කරුවන්ට ඇති උත්පත්ති ලෙඩක් වන්නේ තම නිර්මාණය ගැන තමන් ම ටෝක්ස් නෙළීමේ අසනීපයයි. සිනමා නිර්මාණකරුවන්ට එය වඩාත් දරුණුව ඇත. විශේෂයෙන්ම දැක්මක් නැති ටෙක්නික් ඇති රූප-හඬ අමුණන්නෝ කතා කරන්නට ගිය විට නාන්නේ ඇද ගෙනය.
    සහතික ඇත්ත!

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත.තහනම් කරපු විදිය ගැන නම් අප්‍රියයි.වන්-අයිට ඇහැ ඇරුනේ චිත්‍රපටිය ගැන නෙමේ.රාවය අරමුදල ගැනය.අයි-වන් බලන්නේ වන්-අයි එකකින් පමනය.මම අයිවන් ගැන ලියා ඇත.

    ReplyDelete
  3. //අවසන් අරමුණ කුමක් වුව ද ආරක්ෂක හමුදාවට අවමාන කිරීම මතු කර ඒ හරහා කලා කෘති මර්ධනය කිරීම තුළ ඇත්තේ රට තුළ ඇති අදෘශ්‍යමාණ හෝ දෘශ්‍යමාන වුව පිළිගැනීමට අකමැති හෝ මිලිටරිකරණයයි.//

    සංජිව පුෂ්පකුමාර ගැනත් ඉගිල්ලෙන මාළුවෝ ගැනත් පසුගිය දිනවල අැතිතරම් සාකච්චා වූනිසා ඔබගේ පොස්ටුවේ තිබූ ඉහත සදහන් වාක්‍යය වෙත මා අැදීගියේ පසුගියදිනවල අසන්නට දකින්නට ලැබුනු ඒ හා සම්බන්ද සිදුවීමක් නිසාය. පසුගිය දිනවල දැරණියගල නූරියා වතුයායේ (නම හරිද දන්ද?) සිදුවූවා යයි කියන පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සදහා විශේෂ කාර්ය බලකාය ෙයදවීමත් ඒ සදහා ප්‍රදේශවාසීන්ගේ තිබූ කැමැත්තත් ප්‍රවෘත්ති විකාශය තුලින් දුටුවිට මට සිතුනේ, රටපුරා සංධානයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින් දාමරික ලෙස හැසිරෙන්නේ මහ අාණ්ඩවේ අවශ්‍යයතාවය මතද? යන්නයි. දේශපාලන මැරයින්ගෙන් තමන්ව බේරාගැනීමට පලාතේ පොලීසියට නොහැකි නිසා ඒ සදහා හමුදාව යොදවන්නැයි ජනතාව තුලින්ම ඉල්ලා සිටින තත්වයක් අැතිකිරීම ඒහි අරමුණ විය හැකියි. ඒවිට හදිසි නීතියකුත් නැති අවස්ථාවක වුවත් රටපුරා මිලිටරිකරණය අපහසුවකින් තොරව කරගෙන යා හැකිය.

    "වහලාට කලකදී වහල් බව මිහිරි වේ"

    ReplyDelete
  4. මේ “ඉගිල්ලෙන මාළුවෝ“ කේස් එක ගැන ලියවුණු ලිපිවල පොඩි බිබිලියෝග්‍රැෆියක් මෙතන ඇත.
    http://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.html

    ReplyDelete