A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පෙන්නුවොත් අතගාපල්ලා ! නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ !

අපේ නඩුකාර උන්නාන්සේ  කෙනෙක්  ලිංගික අතවරයට ලක්වූ කාන්තවක් අතවරයට ලක් වූ මොහොතේ සංවරව හැඳ හිටියේ දැයි සෙවීමට පසුගිය දා පොලීසියට නියෝග කර තිබුණි. එවෙලෙහි හැඳ සිටි ඇඳුම් එලෙසින් ම අන්දවා එම කාන්තාව උසාවියට ගෙනවිත් එම දසුනෙන් නඩුකාර උන්නාන්සේ ට ලිංගික උත්තේජනයක් සිද්දවන්නේ නම් ලිංගික අතවරය සිදු කළ පිරිමින්ගේ වරදක් නැතැයි නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පුදුමයට පත් නොවන්න! මේ අපේ ධර්මද්වීපය යි.

ස්ත්‍රී දූෂණ සහ ලිංගික බලහත්කාරය සඳහා ස්ත්‍රීන්ගේ රූප ස්වභාවය, ඇඳුමේ ස්වභාවය හෝ හැසිරීමේ ස්වභාවය වැදගත් නොවන බැව් පර්යේෂණ මඟින් ඔප්පුකර ඇත්තකි. වරදකරුවන් වූ ස්ත්‍රී දූෂකයින් හා ලිංගික අපරාධකරුවන් ආශ්‍රිතව සිදුකරණ එම දත්ත සමීක්ෂණ හා පර්යේෂණ වල ප්‍රතිඵලයක් වූයේ ඔවුනට වැදගත් වී තීබුණේ වඩාත්ම දුර්වල හා තමන්ට පහසුවෙන් හසුරවා ගත හැකි ගොදුරක් සොයා ගැනීම පමණක් බවයි. එමෙන්ම මෙම අපරාධ වලින් සියයට 70 ක්ම සිදු කර ඇත්තේ එම කාන්ත පාර්ශවයන් හොඳින්ම දන්නා හඳුනන පුද්ගලයින් වීමද විශේෂයි.

ලිංගික පීඩා සිදු කිරීම හෝ ලිංගික අවශ්‍යතා පාලනය කර ගත නොහැකි වීම පිරිමින්ගේ ජන්ම ගතියක් යන්න පට්ට මිත්‍යාවකි.  බහුතරයක් පිරිමින් මෙම අපරාධ සිදු නොකරති. ලිංගික අපරාධ ඉතාමත්ම අවම සමාජයන් ද ලොව පවතී. ලිංගික අපරාධ සිදු කරණ සියල්ලෝම මානසික රෝගීන් යන්න ද සත්‍ය නොවේ. එමෙන්ම ස්ත්‍රී දූෂකයන් බහුතරයක් ම විවාහකයින් ය.

ගැහැණුන් මත වරද පටවා අත සෝදා ගැනීමට බොහෝවිට මේ සියළු මිත්‍යාවන් පතුරුවන්නේ පිරිමින් ම විසිනි. ඊට අමතරව “අපි නම් පත්තිනි අම්මලා“ යනුවෙන් හිතාගෙන සිටින  කාන්තාවෝද මෙම මිත්‍යාවන් සඳහා උඩ ගෙඩි දෙති. ඔවුන් නොදන්නේ ඊලඟ ගොදුර ඔවුන් විය හැකි බව පමණකි.

ස්ත්‍රීන්ගේ රූප ස්වභාවය, ඇඳුමේ ස්වභාවය හෝ හැසිරීමේ ස්වභාවය ලිංගික බලහත්කාර කම් සඳහා උත්තේජන සපයන්නේ නම් ස්වභාවයෙන් අවලස්සන ගැහැණුන් දූෂණයට ලක්වන්නේ නැත. වැඩිවියට නොපැමිණි කුඩා දැරිවියන් ලිංගික අතවර වලට ලක්වන්නේ නැත. සර්වාංගයම වසාගෙන සිටින මුස්ලිම් කාන්තාවන් හොඳින්ම ආරක්ෂාකාරී සහිතය. පිරිමි දරුවන් හා පිරිමින් ට එරෙහිව කවදාවත්ම ලිංගික පීඩා නැත. එහෙත් තත්වය එසේ නොවේ. ප්‍රතිශතයන් වශයෙන් ගත හොත ඉහත කී එක් එක් කොට්ඨාශයන් හී ඇත්තේ සංසන්දනාත්මකව ඉහළ අගයන්ය.

ස්ත්‍රී දූෂණ සහ ලිංගික බලහත්කාරයන් සඳහා වඩාත්ම හේතුවන්නේ සමාජයන් පුරා පැතීරී පවතින ලිංගික පීඩාවය. පුහු සංසකෘතික සීමාවන් හී හිර කොට තබා ඇති සදාචාරායන්ය. සම්පූර්ණයෙන් ම හෝ ප්‍රමාණාත්මකව ලිංගික අධ්‍යාපනයක් නොලැබීමය. ඔක්කෝටම වඩා ස්ත්‍රිය දුබල යැයි සිතා ඇයට දක්වන දෙවන පංතියේ සැලකිල්ල නිසාවෙන් ලැබිය යුතු නිසි ගෞරවය ඈ වෙත ලබා නොදීම නිසාවෙනි. ඈ බොහෝ පිරිමින්ගේ පාවිච්චිය සඳහා වූ වචනාර්ථයෙන් ම  බඩුවකි.

මේ සියල්ල පැවසූයේ ඉහතින් සඳහන් කර ඇති පරිදි අපේ සිල් බිඳුණ නඩුකාර උන්නාන්සේගේ කතාව නිසාවෙනි. මීට පෙර ද මෑතක දී තවත් විනිසුරුවරියක් උසාවියට පැමිණි හිරුණිකාගේ ඇඳුම ගැන ද ප්‍රශ්න කර තිබුණි. ඈ එදින ඇඳ සිටි ඇඳුමෙන් උසාවියට සිදුවන හානිය දැන ගැනීමට ඒ විනිසුරුවරියගේ මනැස වෙනම ම පර්යේෂණයකට යොමු කළ යුතුය. රටක ඉහලම ස්ථරයේ පවතිනවා යැයි සැළකෙන නීති පද්ධතිය තුළින් ද මෙවැනි දෑ මතුවීම, සමාජය තුළ මේ දිනවල ජාතිය හා ආගම මුල් කරගේන ශීෂ්ට සම්පන්න සමාජයක් උදෙසා ගැට ගහන්නට හදන පුහු සදාචාරාත්මක උගුල් වල දිගුවකි. වෛරසයක් සේ එය හැම සමාජ සංස්ථාවකම ව්‍යාප්තවේ.

කුරාණයට අනුව එක පිරිමියෙකුට සමාන කිරීමට ගැහැණුන් දෙදෙනෙක් සිටිය යුතුය. පවුලක දරුවන් අතර දේපල පවා බෙදෙන්නේ ඒ අයුරිනි. එම මුස්ලිම් ආගම මූලධාර්මික අන්තවාදයක් දක්වා තල්ලු වූ රටවල් වල තවදුරටත් කාන්තාවන් වෙනුවෙන් දක්වන්නේ අතිශය පහත් වූ සැලකිල්ලකි. විවාහයට පෙර කන්‍යාභාවය අහිමි වීම හෝ වෙනත් පිරිමියෙකු හා අනියම් සම්බන්ධාවක් පැවැත්වීම කෙලවර වන්නේ ම එම කාන්තාව තමන්ගේ සහෝදරයකු  හෝ පියා අතින් මරණයට පත්වීමෙනි. එසේ මරා දැමීම ඔවුනගේ පරම්පරාවේ අභිමානයට හේතු වේ. එම කාන්තාව වෙත එම අපරාධය සිදු කළ පිරිමියා හෝ අනියම් සම්බන්දය පැවැත්වූ පිරිමියා මොනයම් හේතුවක් නිසාවෙන් හෝ කිසි දිනක දඩුවම් විඳින්නේ නැත. එය පුරුෂාධිපත්‍ය දැඩිව දරා හිඳින මුස්ලිම් ආගමික අන්තවාදයේ ස්වභාවයයි (ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයින්  අතර මෙවැනි අන්තවාදයක් නොමැති බැව් සදහන් කළ යුතුය).

රෝම ලන්දේසී නීතිය රකින්නට දිවුරා පොරොන්දු දුන් වුන් සිංහල බෞද්ධ අන්තවාදී ගෝත්‍රවාදී සමාජයක පුහු සදාචාරාත්මක මතවාදයන් ඔළුවේ දරාගෙන තීන්දු තීරණ දීමෙන් ඉතාමත්ම මෑතක දී එහි වනචාරී ප්‍රතිඵලයන් අපේ පරම්පරාවේ සියල්ලන්ටම අත්විඳින්නට සිදුවන බැව් නොඅනුමානය. 

6 comments:

  1. මේ නඩුකාරයා විත්තිකාරයාගෙන් පගාවක්ගත්තද දන්නෙ නෑ. නැත්නම්, විත්තියේ නීතිඥයාවත් අහපු නැති ප්‍රශ්නයක් නඩුකාරයා අහන්නෙ මොකද?

    ReplyDelete
  2. මෙහෙම නොකිව්ව නම් තමයි පුදුමේ අපේ රටේ ජනතාවට අවශ්‍ය ආස දේ නඩුකාර හම්මුදුරුවෝ කියල තියෙන්නේ,බලන්න මේ ගැන මම ලියපු එකේ පොරවල් දාපු කොමෙන්ට්
    ගැහැණුන්ගේ ගල(කලව) අතගෑම සහ යුක්තියේ ආර්යාව

    ReplyDelete
  3. We know this stupid judge. He used to give blowjobs to seniors in the law college. Stupid asshole became a judge after few years.

    ReplyDelete
  4. Good article... really appreciate this..

    ReplyDelete
  5. ප්‍රවෘත්තියේ තිබුණේ මෙහෙමයි: ඒ අවස්‌ථාවේ සඳහනක්‌ කළ මහෙස්‌ත්‍රාත්වරයා කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය.
    හොරාගේ අම්මාගෙන් ...... ඇසීම

    ReplyDelete
  6. ලිපිය අගෙයි.

    මගේ නම් අදහස ලිංගික අතවර වැඩිපුරම සම්බන්ධ වන්නේ ලිංගිකත්වය/ රතිය සමග නොව බලය සමග බවයි. බලය අඩු කෙනෙක් බලය වැඩි කෙනෙකුට අතවර කරනවා අහලා තියෙනවාද?

    ReplyDelete