A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

උහුලාගත නොහැකි වේදනාවන් සමඟ සෙල්ලම් කිරීමේ පාහර කම

දියවන්නා හරක් පට්ටියේ හරකෙක් හයියෙන් ආයෙමත් හයියෙන් උම්බෑ කියා තිබේ. කිසිම වගකීමක් නැති ප්‍රකාශ නිකුත් කිරීමට සුප්‍රසිද්ධ අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත්තේ ප්‍රගීත් එක්නැලි ගොඩ ප්‍රංශයේ ජීවත්ව සිටිනා බවකි. දන්නේ කොහොමද යැයි ඇසූවිට පවසන්නේ යාළුවෝ කට්ටියක් බොන්න සෙට් වෙච්ච වෙලාවක් පැවසූ බවකි.

ප්‍රගීත් එක්නැලිගොඩ කොහේ හෝ ජීවත්ව සිටී නම් ඒ ගැන වඩාත් සතුටු වන්නේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා හා ඔහුගේ දරු දෙදෙනා බව නොරහසකි. එහෙත් අරුන්දික හා මෙවැනිම ප්‍රකාශයක් මීට පෙර පැවසූ මොහාන් පීරීස් (දැන් ආසියාවේ ආශ්චර්‍යයේ අගවිනිසුරු) වැන්නවුන් මේ සෙල්ලම් කරන්නේ ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ හිත යට දැවෙන ගින්දර වැනි වේදනාවන් සමඟය. ඔවුන්ගේ වේදනාවන් වල ප්‍රමාණයන් හඳුනාගන්නට සමත් කිසිවෙක් ඔහුව අතුරුදහන් කරවූ ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය නොහැකි මුත් හැකර කටවල් වලින් මේ දුප්පතුන් තිදෙනා ගේ සිත් නොරිද්දීමට සමත් සමාජයක ජීවත් වීමේ අයිතියවත් ඔවුනට තිබිය යුතුය.

අරුන්දික ට කේන්තිගොස් තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට විවිධ හිරිහැර සිදුකරන බවට ප‍්‍රචාර පැතිර යන බැවිනි. කවුරුත් දන්නා මාධ්‍ය ආයතන ගිනි තැබීම් හා විනාශ කිරීම් හැරුණු විට මාධ්‍ය මර්දනයේ සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට නම් පහතින් ඇති මරා දැමූ  හෝ අතුරුදහන් කරවූ මාධ්‍යවේදීන්ගේ නාමාවලිය බැලීමෙන් ම වටහා ගත හැක.



අපේ අවාසනාවකට හරකුන්ගේ වාසනාවට උන්ට අභයදානය ලැබී ඇත.

6 comments:

  1. පාර්ලිමේන්තුව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එවුන් ඒකට යවන එකේ විපාක නේද මේ? උන්ට දොස් කියල වැඩක් නෑ, යවන එවුන්ටයි බූ වල්ලෙන් තලන්න ඕනැ.

    ReplyDelete
  2. කව්ද මුන්ව පාර්ලිමේන්තු යැව්වේ ....? අපි නොවී නොකළ වරදකට අපි දඩුවම් විඳිනවා..

    ReplyDelete
  3. Ohoma aathak paathak naki kalakanni parlimenthu yawwahama ohoma wachala katha aha aha inna thamayi wenne!

    ReplyDelete
  4. Maadya vediyo kiyana aya athareth noyekuth harak innawa. Raten panala gihin horen inn aya innawa; samaharu ratata mada gahanawa.
    I don't see a difference between these two groups of "Harak."

    ReplyDelete
  5. මේකෙ මොකක් හරි තියෙනවා.. සිරසට කතා කරන්න මංජුලගෙ නම්බර් එක දීල තිබුණෙත් අරුන්දික තමයි..මංජුල‍ගෙ කතාවෙත් අවිශ්වාස ගතියක් තියන්නෙ..ඇනගන්න එක නා ගන්න එක මේකෙ ලකුණක් නෙ.

    ReplyDelete
  6. අරුන්දික වගේම මංජුලත් විශ්වාස කරන්න බෑ. මංජුල නිදහස් මාධ්‍ය වියාපාරයේ සල්ලිවලින් අරක්කු බීලා එකවුන්ට බැලන්ස් කරගන්න බැරුව රට ගියා. මංජුලට ආංඩුවෙන් තර්ජන තියෙනවලු. හැබැයි ඒ ආංඩුවෙන්ම මංජුලට සම්මාන දෙනවා. මෙයා අරැන්දිකත් එක්ක බොන්න ඇති. බීල කරපු දේවල් මතකත් නැතුව ඇති.

    ReplyDelete