A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

“ජාතිය වඳ වෙනෝ“ යැයි මොර දෙන භික්ෂූන්ට හා උපසකයන්ට පිරිමි ගැබිණියාව


Male pregnancy හෙවත් පුරුෂ ගර්භණිතාවය මේ වන විට සාර්ථකව අත් හදා බලා ඇති හෙයින් ජාතිය වඳ නොවී බේරා ගැනීමට කෑ ගසන ගිහි හා පූජ්‍ය පිරිමින් ට දරුවන් මාස නවයක් කුසේ දරා වදන්නට ඉදිරිපත් වෙන්නැයි අප යෝජනා කරමු.

පසුගියදා පකිස්ථාන ජාතිකයෙක් අල ගෝනි තුළ රහසිගතව අසුරා උපත් පාලන එන්නත් තිස් දහසක් හොර රහසේ ලංකාවට ගෙන ආ පුවත සමඟම මේ වීරයෝ නැවතත් කෑ ගැසීම පටන් ගත්හ. පාකිස්ථාන ජාතිකයෝ සිංහල දේශපාලකයින්ගේ ආනුභාවයෙන් මුළු ජාතියේ තරුණ පරපුරම විනාශ කරන මත්ද්‍රව්‍ය රැගෙන ඒම ගැන කිසිවක් කතා නොකර එහෙමත් නැතිනම් ලාංකිකයන් වෙත සිංහල රාජ අනුහසින් සිදු වී ඇති සියළු උපද්‍රව ගැන කිසිදු සඳහනක් නොමැතිව හදිසියේ උපත් පාලනය ගැන කතා කිරීම බොදු බල පන්නයේ අසික්කිත විහිළුවකි. ඥාණසාර වර්ගයේ මරිසියකි.

දරුවන් හැදීම සඳහා අහවල් වැඩේ කිරීමට පිරිමියාට ගතවන්නේ නිමේෂයකි. එහෙත් දරුවන් දැරීමේ සිට වැදූ පසු දරුවන් ලොකු මහත් කිරීම දක්වා වූ අවුරුදු ගණනාවක් සකල දුක් විඳිම ඉවසන්නේ ගැහැණියයි. එබැවින් දරුවන් හදපල්ලා යැයි කෑ ගැසීමට පිරිමින් ට හා ඊටත් වඩා ගිහි ජීවිතයෙන් ඉවත් වී සිටින භික්ෂූන්ට පහසුය. ජාතිය වඳ වීම ගැන කැක්කුමක් ගැහැණියට නැත්තේ ඒ වේදනාව හා අමාරුකම දන්නේ ඈ පමණක් බැවිණි.

ගැහැණියගේ ශරීරය ඈ සතු අයිතියකි. දරුවන් හැදීමේ/දැරීමේ/වැදීමේ අයිතිය එබැවින් ඈ සතුය. උපත් පාලනය මෙන්ම ගබ්සාව පිළිබඳව ද පිරිමියාට වඩා අයිතියක්ව තිබිය යුත්තේ ගැහැණියටය. ජාතිය වඳ නොකිරීමේ පිරිමි ව්‍යාපාර උපත් පාලනයට මෙන්ම ගබ්සාවට එක සේ විරුද්ධය. ගබ්සාව නීතිගත නොවූ බොහෝ රටවල එය නීතිගත කිරීම සඳහා බල කෙරෙන ව්‍යාපාර බිහිවීමත් එම රාජ්‍යයන් එම අයිතිය නීතිගත කිරීම සඳහාත් යොමු වන විට ලංකාව ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මේ වන විට ලංකාව තුළ ගබ්සා කිරීම සිදු කළ හැක්කේ ගැබ් ගැනීම හේතුවෙන් හෝ දරුවා බිහිවිමේ ක්‍රියාවලිය හේතුවෙන් මවට අනතුරක් ඇත්නම් පමණි. ස්ත්‍රී දූෂණයක දී සිදුවන දරු ගැබ් හෝ නිශ්චිතව දැනගත් රොගී දරු ගැබ් විනාශ කිරීම ද ලංකා ආණ්ඩුවේ නීතිය තුළ තහනම් ය. බොහෝ රටවල් වල විවිධාකර තත්වයන් යටතේ ගබ්සාව සදහා අවසර ඇති අතර කියුබාව ද ඇතුළුව ලෝකයේ රටවල් වලින් සියයට තිහක පමණ ප්‍රමාණයක ගැහැණියගේ තනි කැමැත්ත මත පමණක් වුව ඒ සඳහා නීත්‍යාණුකූලව ඉඩ ඇත.

සෑම දරුවෙකුටම නිසි ආරක්ෂාව හා ආදරය අවශ්‍යය. එය සැපයිය නොහැක්කේ නම් ගැබ් නොවී සිටීම ද  බලාපොරොත්තු නොවූ  ගැබ් ගැනීමක දී කළලය විනාශ කිරීමේ අයිතිය එම මව හා පියා සතුය. මෙම ජාතිය වඳ නොකිරීමට එරෙහි පිරිමින් තේරුම් ගත යුත්තේ හදන්නන් වාලේ මේ ජාතියට දරුවන් වදනවාට වඩා මනුෂ්‍ය සංහතියට වැඩදායි එක දරුවෙකු හෝ හැදීමට සුදුසු සමාජයක් හා සංස්කෘතියක් බිහි කිරීම වනුවෙන් කෑ මොර දීම වඩා වැදගත් බවයි. එය නොකරන තාක් කල් ඔවැනි බෙරිහන් දීමෙන් සිදුවන්නේ ඔය කියන මහ ජාතියට ද රටට ද සිනහාවීමට ඔබ වහන්සේලාගේ මුවින් විහිළු සැපයීම පමණකි.

3 comments:

  1. well said. these thugs are good for nothing idiots trying to create trouble. lets force them to have children'

    ReplyDelete
  2. දරුවෙක් වදන්න ගැහැනියක් විඳින වේදනාව යන්තම්වත් දැනගන්න ඔය කෑ ගහන එවුන්ගෙ පුක මහල බඩයන්න විරේක බේත් දෙන්න ඕනැ. නැත්නම් වස්ති කරල පුක මහන්න ඕනැ.

    ReplyDelete
  3. සිංහල ජාතිය වඳ කිරීමේ පළමුවැනි ප්‍රයත්නය.

    පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

    මේ කවිය ලියල තියෙන්නෙ සූක්ෂම විදිහට සිංහල ජාතිය විනාශ කිරීම සඳහා බව දැන් අනාවරණය වී ඇත. තවද, ත්‍රිපිටකය පුස්කොළ පොත් වල ලියන අවස්ථාවේදී හිතා මතාම මගහැර ඇති කාරණයක් තිබේ. එනම්, සිංහලයන්ට නිවන් දැකීමට උත්සාහ කිරීම තහනම් කර ඇති බවයි. සිංහලයන් නිවන් දකින්නට පටන් ගත්තොත් අනාගතයේදී ජාතියක් නැති වී යයි. එවිට ආගම පවත්වාගෙන යාමට නොහැකිය. ආගම පවත්වාගෙන යාම වැදගත්ම කාරණය බවද ත්‍රිපිටකය ලියද්දී හිතාමතාම මගහැර තිබේ.

    ReplyDelete