A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හෙළ උරුමයේ බිලි පූජාව

ගිනි තබාගෙන මිය යන්නට තරම් ලංකාවේ ඇති එකම ප්‍රශ්නය ගව ඝාතනය යැයි සිතා ඉන්නා ලංකාවේ කකුල් දෙකේ හරක් ගව ඝාතනය නවත්වන්නැයි වලිග උස්සමින් බෙරිහන් දෙමින් සිටිති. උතුරෙහි දෙමළ මිනිසුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරා දමන තෙක් සාදූ සාදූ කිව් මේ පරපුරට හරක්ගේ වටිනාකම දැනෙන්නේ කෙහෙල්මල් අවිංහිසාවාදයක් නොව අද දවසේ රාජපක්ෂ පවුල රැකීමේ හා හෙට දවසේ තම තමන්ගේ බලය රැක ගැනීමේ දේශපාලන අවස්ථාවදය බව ඕනෑම හරකෙකුට තේරුම් ගත හැක. ඌරෙක් කුකුළෙක් එළුවෙක් මැරුවාට කමක් නැහැ (නැත්තම් බේබදු පරපුරට බයිට් නැති වෙනවානේ) වාගේ අපේ සිංහළයාට දෙමල්ලු  මැරුවාට මොකක්වත් දැනෙන්නේ නැත. ඒ වගේම ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මරා දමන ආණ්ඩුවිරෝධීන්ගේ මරණ මේ උරුම පරම්පරාවට දැනෙන්නේ නැත. දැනේනනේ හරකාව පමණි.

ජාතිවාදයෙන් ඇඟ රිදෙන්නට ඇවිස්සී ඇති රටක ජාතිවාදයෙන් ඩෝප් වී සිටින අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකි දැයි සැක සහිතය. වම්පික රණවක ලා රතන ලා “ඇර සොයිසා..... ඇර.....“ කියන විට ඉන්ද්‍රරතන ගිනි තියා ගත්තේය. එකෙක් බිල්ලට දී ගව ඝාතනය නවත්වන්නට හැකි නම් හෙට අනිද්දා වන විට මුර්ගාගමේ මූලධර්මවාදීන් හට තවත් ඉල්ලීම් වෙනුවෙන් ඕනෑතරම් බිලි දිය හැකි වනු ඇත. දළදාව ළඟ ගිනි තියා ගැනීමට, සිරීපාදේ උඩ ඉඳං වහ බීමට, මිහින්තලෙන් බිමට පැනීමට හැකිනම් ජාතිය වෙනුවෙන් මේ කට්ටියට ආනන්දජනකය. කෙළවර වන්නේ මුස්ලිම් අන්තවාදයටත් එහායින් ඇති තලෙයිබාන් පන්නයේ රටක් අපේ දරුවන්ට ඉතිරිවීමෙනි. ආගම් අන්තවාදයට එරෙහිව හෙට දවසේ ලංකාවේ සමාජය නොනැගිටින්නේ නම් ඒ ඇතුලත සිවුරු ඇඳගත් හෙළ උරැමය, සිංහල රාවය, බොදුබල සේනා, රාවනා බලය (හහ්.. ඇයි ජවිපෙ සංඝ සම්මෙලනය) සමඟ හරක් මස් කෑම හැරෙන්නට සියළු පාප කර්ම කරණ සුදු ඇඳගත් චම්පික හා විමල් වැනි හරක් සමඟ හෙට දවසේ රට වැසියාට ඩාන්ස් කිරීමට හැකි වනු ඇත.

ඒ විහිළුව එහෙමය.

මළ සේක යැයි කියැවුනේ ගිනි තබාගත් එකා ගින්නෙන් දැවෙන තෙක් වීඩියෝගත කළ මාධ්‍යෙව්දියාව අත් අඩංගුවට ගෙන ඇති බැවිනි. ඌට ගිනි තියාගන්න පුළුවන්නම් මම වීඩියෝ කළාම මොනච යැයි මේ මාධ්‍යවේදීයාට සිතෙන්නට ඇත. අනෙක ඔහුගේ රැකියාව කැමරා කිරීම මිසක් මැරෙන එවුන් බේරා ගැනීම වේනනේ කොහොම ද. ගිනි නිවීමට අවශ්‍යවන්නේ ගිනී නිවිමේ හමුදාවය. බැරිවෙලාවත් බේරා ගත්තානම් මේ ජාතික වැදගත්කමක් සහිත සිය දිවි හානි කරගැනීම වැළක්වීම යටතේ වුව හෙළ උරුම පොලිස් කාරයෝ මේ මාධ්‍යවේදියාව අත් අඩංගුවට ගනු ඇත. දෙදාස් අට හා නවය කාලයේ රූපවාහිනී චැනල මඟින් විජයග්‍රහනයන් සේ උදේ සිට රෑ වනතෙක් දෙමළ මළ මිනී පෙන්නමින් ජනතාව ලවා විසිල් ගැස්සවූ බල්ටි ගැස්ස වූ  රටක ඝාතන වලින් ආතල් ගැනීම විනෝදාංශය වී ඇත. ඝාතන පෙන්වීම ජනමාධ්‍ය බිස්නස් එකය. මේ මාධ්‍යවේදියෝ එදා රූපවාහානී චැනල් වල ආණ්ඩුවේ ආශිර්වාදය මැද යුද්ධය වික්කේ තරඟයට මෙනි. මේ පාර ස්වර්ණවාහිනිය ඇණ ගත්තේ විකුණන්ට හැදූ ශරීරය හෙළ උරුමයට අයිති වීම නිසාවෙනි.


මේ විහිළුව මෙහෙමය.

7 comments:

  1. \\\මළ සේක යැයි කියැවුනේ ගිනි තබාගත් එකා ගින්නෙන් දැවෙන තෙක් වීඩියෝගත කළ මාධ්‍යෙව්දියාව අත් අඩංගුවට ගෙන ඇති බැවිනි. ඌට ගිනි තියාගන්න පුළුවන්නම් මම වීඩියෝ කළාම මොනච යැයි මේ මාධ්‍යවේදීයාට සිතෙන්නට ඇත. අනෙක ඔහුගේ රැකියාව කැමරා කිරීම මිසක් මැරෙන එවුන් බේරා ගැනීම වේනනේ කොහොම ද. ගිනි නිවීමට අවශ්‍යවන්නේ ගිනී නිවිමේ හමුදාවය. බැරිවෙලාවත් බේරා ගත්තානම් මේ ජාතික වැදගත්කමක් සහිත සිය දිවි හානි කරගැනීම වැළක්වීම යටතේ වුව හෙළ උරුම පොලිස් කාරයෝ මේ මාධ්‍යවේදියාව අත් අඩංගුවට ගනු ඇත. දෙදාස් අට හා නවය කාලයේ රූපවාහිනී චැනල මඟින් විජයග්‍රහනයන් සේ උදේ සිට රෑ වනතෙක් දෙමළ මළ මිනී පෙන්නමින් ජනතාව ලවා විසිල් ගැස්සවූ බල්ටි ගැස්ස වූ රටක ඝාතන වලින් ආතල් ගැනීම විනෝදාංශය වී ඇත. ඝාතන පෙන්වීම ජනමාධ්‍ය බිස්නස් එකය. මේ මාධ්‍යවේදියෝ එදා රූපවාහානී චැනල් වල ආණ්ඩුවේ ආශිර්වාදය මැද යුද්ධය වික්කේ තරඟයට මෙනි. මේ පාර ස්වර්ණවාහිනිය ඇණ ගත්තේ විකුණන්ට හැදූ ශරීරය හෙළ උරුමයට අයිති වීම නිසාවෙනි./////

    +++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මේ හමෝම එකතුවෙල විහිලු කරන්නෙ අපිටනෙ. අපි කියන්නෙ රටේ මහජනතාවටනෙ.ලොකුම කරුමෙ මේව විහිලු බව තේරෙන්නෙ නැති එකනෙ දැන් අර කලින් කර විහිලුවට වඩා හොඳ සිරා විහිලුවක් කරන්න අපේ විමල් වීරවශ මහත්තයටත් හොඳ අවස්ථාවක් තියෙනව උතුරු පලාත් සභා මැතිවරනය පවත්වන්න එපා කියල .ඉතිහාස ගත වෙන්නත් හොඳ අවස්තාව. මහින්ද අයියන්ඩියෙ භය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි කියල ගිනි තියා ගන්නව. එතකොට සමස්ත ජාතියම සතු‍ටුවේවි ඒ ගැන. ඒ කියන්නෙ මරනෙ ගැන.

    ReplyDelete
  3. Gini thiyanna one nanasarata,bodu bala senawa bawudda shariyaa neethi genna hadanawa.nanasara kasippu beela weewal aragena anawa podi un baya karanna.lankawe jaathiwaadaya awissuwe nanasara bebadda thama.thama hadila inna one anunwa hadanna.

    ReplyDelete
  4. https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/q71/s480x480/400787_661518353865664_575175998_n.jpg

    ReplyDelete
  5. විමලසිරි ගම්ලත් සහ චම්පික රණවක වැනි හරකුන්ට අභයදානය පිණිස ගව ඝාතනය නවතමු!

    ReplyDelete
  6. මේ මරණය ගැන විමර්ශනයක් සිදු කර සංවිධායකයන් අත්අඩංගුවට ගත යුතුව තිබේ. මෙය සිය දිවි නසාගැනීමක් නොව බේරාගන්නා බවට පොරොන්දුවක් දී සිදු කළ රඟපෑමක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

    සිය දිවි නසාගැනීම පිළිබඳ ලිපිය මරණකරු විසින් ෆැක්ස් කර ඇත්තේ දවස් ගණනාවකට පෙර බව කොහෙදෝ සටහන් වී තිබුනු බවත් මතකය. එය එසේ නම් මෙය මිනීමැරුමක් බවට බරපතල සැකයක් මතු වේ.

    කෙසේ වුවත්, මෙම වැරදි ආදර්ශයෙන් අපගේ දරුවන් නොමග යැවීම වළක්වාගනු පිණිස එම මුග්ධ ක්‍රියාව දැඩි ලෙස හෙළාදැකිය යුතුය.

    විරෝධය පෑම සඳහා සිය දිවි නසාගැනීම වීරත්වයක් වන්නේ මරාගෙන මැරෙන තත්වයට පත් වූ ප්‍රශ්න සම්බන්ධයෙන් පමණකි. ලෝක ඉතිහාසය පෙන්වා දෙන්නේ එයයි.

    ReplyDelete
  7. http://meeghaya.wordpress.com/2013/06/01/%e0%b6%9c%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%94-%e0%b6%87

    ReplyDelete