A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජනරළ - ගල් කරන අකුරු


ජනරළ පුවත් පත දිගින් දිගටම සිදු කරණ අකුරු හොරකම් කිරීමේ ක්‍රියාවලිය නැවත වතාවක් සිදුකර ඇති අන්දම පසුගිය දිනවල ෆේසබුක් හරහා එහාමෙහා වෙමින් තිබුණි. ඒ මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළකර තිබූ ශෝක සටහනක් විකෘති කර උපුටා ගත් බවක් සඳහන් නොකර තමන්ගේ වගේ පුවත් පතෙහි සටහන් කිරීමෙනුයි. මේ ශෝක සටහන මුද්‍රණය කර බෙදාහැර තිබුණේ වසර තිහකටත් අධික කාලයක් මහාචාර්යවරයාගේ දුක් දොම්නස් සොයා බලමින් ළඟින්ම හිඳි ශාන්තා පද්මපෙරුම සහෝදරිය හා තවත් හිතවතුන් කිහිප දෙනෙක් වූ  විජය නන්දන පෙරේරා, උදේනී ජයවීර හා රනිල් ඇල්විටිගල යන අයවළුන්. ෆේසබුක් මඟින් මේ චෝදනාව එල්ලකර තිබුණේ විජය නන්දන පෙරේරා විසින්.  

අපට හසුවෙන්නේ අප දන්නා දේ පමණි. තවත් කොතෙකුත් බුද්ධිමය දේපල සොරකම් කිරීම් තිබිය හැක. ලියන අකුරු වල හිඟයක් ඇත්නම් අකුරු ගල් කිරීම නවතා පුවත් පත පළ නොකර සිටීම පුවත් පතෙහි දැන් ඉන්න කට්ටියගේ අනාගතයට හොඳ බැව් නම් නොකියාම බැරිය.

මේ කතාව ඊට එහා ගිය කතාවකි.

සදාචාරයක් නැති ඕනෑම කෙනෙකුට තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම පිණිස ජිවත්ව සිටින කෙනෙකුට වඩා මිය ගිය ශ්‍රේෂඨයෙකු ලේසියෙන් තමන් සතුකර ගත හැක. මිය ගිය මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයා ගැන මේ කතාව ද එවැන්නක් වේ. පසුගිය සතියේ ජනරළ පුවත්පත මෙන්ම එහි අන්තර්ජාල පිටුව ද මහාචාර්යවරයා වෙනුවෙන් මහා ඉඩක් වෙන් කර තිබුණි. පුවත් පත් විශේෂ අතිරේකයක් පවා පළකර තිබුණි. අන්තර්ජාල අඩවිය “සුචරිත ගම්ලත්ගේ අත්සණ“ යනුවෙන් පිටුවක් ම වෙන් කර තිබුණි. තමන්ගේ වපසරීන් තුළ මහාචාර්ය වරයාව ඇගයීම සඳහා  ඕනෑම පුදගලයෙකුට අයිතියක් ඇත. ආණ්ඩුවේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් පවා ඔහුගෙන් සිංහල භාෂාවට වූ සේවය අගයා ලිපි පළ නර තිබුණි. එහෙත් සුවරිත ගම්ලත් සහෝදරයාගේ කාර්ය භාරය ඇගයීමකට වඩා මොවුන්ගේ ඇඟවුම වන්නේ මහාචාර්ය වරයා ජීවත්ව සිටිය දී ජනරළ පුවත්පත මෙහෙයවන පෙසප කණ්ඩායම හා මහාචාර්ය වරයා එක්ව කටයුතු කළ බවකුයි. එහෙමත් නැතිනම් මහාචාර්යවරයාගේ දේශපාලන භාවිතාව පෙසප දේශපාලන භාවිතාව සමපාත වන බවකුයි. මේ දෙබිඩි භාවය ලෙසින් අප මතු කරන්නේ  මොවුන් හා මහාචාර්යවරයා අතර අතීත කතාව අපට අමතක කළ නොහැක්කක් බැවිණි.

2003 ඔක්තෝම්බර් මස කොළඹදී පැවැත්වූ සිංහල දෙමළ කළා උළෙලේ සිංහල පාර්ශවය වෙනුවෙන් වූ ප්‍රධානම භූමිකාව වූයේ මහාචාර්ය ගම්ලතුන්ය. එවකට ජනරළ දේශපාලන ලියන්නෝ සමූහය “ඉරිදා ලංකා“ හි කටයුතු කළ අතර පෙසප එවකට සිටියේ ජාතිවාදය කරටියටම නග්ගවාගෙන ජවිපෙ සමඟය. “ඉරිදා ලංකා“ එකල්හි මහාචාර්ය ගම්ලත් සහෝදරයාව පතුරු ගැසුවේ ජාති ද්‍රෝහියෙකු ලෙසිනි. කොටි ත්‍රස්තවාදියෙකු ලෙසිනි. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිට රට දෙකඩ කොට විනාශ කරන්නෙක් ලෙසිනි. සිංහල දෙමළ කළා උළෙලම එදා ඔවුන් ට කොටි සංවිධානයේ වැඩකි. එදා දේශද්‍රෝහි වූ මහාචාර්යවරයාව මිය ගිය පසු පසසන, අතිරේක නිකුත් කරන අද ජනරළෙහි සිටින එදා කතු මඬුල්ලටම සදාචාරයක් නොමැති බව පවසන්නේ එබැවිනි.

පෙසප කණ්ඩායම ජවිපෙන් වෙන්වීමෙන් පසු මහාචාර්ය වරයාව මුණ ගැසීමට ගොස් තිබුණි. අළුත් වාමාංශික දේශපාලන ප්‍රවනතාවක් නම් මහාචාර්ය වරයාගේ ප්‍රධානම පැනය වන්නේ සුළු ජාතීන්ගේ අයිතිය සම්බන්ධව එම කණ්ඩායමේ මතයයි. ගම්ලත් සහෝදරයා මාක්ස්වාදියෙකු හැටියට ඉතා දැඩිව සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මියෙන තුරුම පෙනී සිටියේය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් සටන් වැදුණි. මෙම පැනයෙදී මෙම කණ්ඩායම තමන්ද ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටින බැව් පවසා තිබුණි. අපගේ මතකය නිවරැදි නම් ඉන් පසු මෙම කණ්ඩායම අගය කර මහාචාර්ය වරයා පුවත්පත් සාක්ච්චාවක් පවා ලබා දී තිබුණි. එහෙත් කල් යත්ම මහාචාර්යවරයාට පෙනී ගොස් තිබුණේ මේ කණ්ඩායම පට්ට කෙබරයක් කියා තමන්ව අන්දවා තිබූ බවකි. ස්වයං නිර්ණය අයිතිය නොව අඩුම ගණනේ බලය බෙදීමකට පවා පෙසපෙ එකඟ නොවන බැව් පෙසෙප නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැව් ඔහුට ආරංචි වී තිබුණි. පසුව මහාචාර්ය වරයා ඒ බැව් තම හිතවතුන්ට පවසමින් ජාතිවාදි පෙසප වෙත ඉතා දැඩිව දොස් පවරා තිබුණි (දැන් දකින්නටවත් නැති ආරම්භයේ පෙසප වටා සිටි වික්‍රමභාහු සහොදරයා ඇතුළු අනෙකුත වාමාංශික පක්ෂ හා කණ්ඩායම් මොවුන් අන්දවා තිබුණේත් මෙලෙසිනි). මහාචාර්යවරයා දිවි ඇති තෙක්ම සටන් වැදුණු දෙමළ ජාතීය සතු වූ පරම අයිතියක් වූ ස්වයං නිර්ණය අයිතියට එරෙහිව කටයුතු කරන එමෙන්ම මහාචාර්ය වරයාගේ දේශපාලන මතවාදයන් සමඟ කුමන ආකාරයක හෝ පෑහීමක් නැති මේ අවස්ථාවදීන් සිය පුවත්පත වූ ජනරළ හරහා මහාවාර්යවරයාව අවස්ථාවාදීව දේහපාලනිකව ඇගයීම සදාචාරාත්මක වන්නේද?

සැබෑ උවමනාවක් තිබේනම් මහාචාර්ය සුචරිත ගම්ලත් සහෝදරයා වෙත මොවුනට කළ හැකි හොඳම උපහාරය වන්නේ මිය ගිය බවවත් නොදන්නා ලෙසින් නිහඩව සිටීමයි. මිය ගිය ද එය ගම්ලතුන්ගේ ද අමන්දානන්දයට එය හේතු වනු ඇත.

7 comments:

  1. //මහාචාර්යවරයා දිවි ඇති තෙක්ම සටන් වැදුණු දෙමළ ජාතීය සතු වූ පරම අයිතියක් වූ ස්වයං නිර්ණය අයිතියට එරෙහිව කටයුතු කරන එමෙන්ම මහාචාර්ය වරයාගේ දේශපාලන මතවාදයන් සමඟ කුමන ආකාරයක හෝ පෑහීමක් නැති මේ අවස්ථාවදීන් සිය පුවත්පත වූ ජනරළ හරහා මහාවාර්යවරයාව අවස්ථාවාදීව දේහපාලනිකව ඇගයීම සදාචාරාත්මක වන්නේද?
    //

    මචං ලූප්හෝල් උඹ ස්වයං තීරණ අයිතිය ගැන මෙච්චර කැක්කුමෙන් කථා කරන්නේ මාක්ස්වාදී ස්ථාවරයක ඉදල ද මචං? උඹල මාක්ස්වාදයට හෙණ ආසයි නේද? නිර්ධන පංති විප්ලවේ වෙනකම් ඇගිලි ගැන ගැන නේද ඉන්නේ?

    ReplyDelete
  2. පසුව ලියමි = ගම්ලත් කියන ප්‍රපංචයෙන් තමන්ට අභිමත කෑලි එක එක නඩ අරගෙන වර්ණනා කරනවා. දිණමිනට එයා භාෂා ශාස්ත්‍රඥයෙක්.උඹලට මිනිහා ස්වයං නිර්ණය වෙනුවෙන් පෙනී හිටපු එකෙක්.මිනිහ ස්වයං නිර්ණයට පෙනී හිටියෙ මොන පදනම මතද කියන එක උඹලට අදාල නැහැ.උඹලගේ මේ බ්ලොග් එකේ ඒ පදනම ගැන වචනයක් වත් නැහැ.

    උදාහරණයක් විදිහට උඹලා කුර්දිස්ථානයේ ගරිල්ලා ව්‍යාපාරයක් උඩ දාන මේ ලිපිය ගන්න. - http://www.loopholesblog.org/2013/01/blog-post_7664.html

    මේකෙ උඹල පට්ටපල් කෙබරයක් අතහරින්නේ.මාක්ස් ලෙනින්වාදී කුර්දිස්ථාන් කම්කරු පක්ෂය.මාර ශෝක් නේද? ඇයි මෙහෙම පච කෙලින්නේ?අපි විකිපීඩියාවෙන්ම උපුටමු කො.

    //The PKK's ideology was originally a fusion of revolutionary socialism and Kurdish nationalism — although since his imprisonment, Öcalan has abandoned orthodox Marxism.//

    මෙව්ව 70 80 ගණන් වල බිහිවුන සුලු ධනේශ්වර රැඩිකල් ජනතාවාදී සංවිධාන.පලස්තීන විමුක්ති සංවිධානය කොටි සංවිධානය වගේ.මේවා මාක්ස් ලෙනින්වාදී නැහැ.ජාතිකවාදීයි.ඒ ජාතිකවාදය එක්ක ඒ යුගයේ - සෝවියට් සංගමේ තිබුණු හින්ද - මාක්ස්වාදී වැකි මිශ්‍ර කරගෙන තිබුණා.ජනරළේ සදාචාරය ගැන කථා කරන උඹල මෙහෙම පට්ට කෙබර ඇද බාන එකේ තියෙන සදාචාරය මොකක්ද?

    මේ වගේ සුලු ධනේශ්වර ගරිල්ලා ව්‍යාපාර ගම්ලත් පට්ට ගහනවා.උඹලගෙ පදනම මාක්ස්වාදී නැහැ යකෝ.උඹල සුලු ධනේශ්වර සෙට් එකක්.මැද පංතික ඩයල් ටිකක්.උඹල ඔය කරන්නෙ අනන්‍යතාවයක් හොයන එක.ධනවාදය ඇතුලෙ පරාරෝපණය උනාට පස්සෙ මිනිස්සු අනන්‍යතා හොයනවා.උඹල ඒ හින්ද දෙමළ ජාතිකවාදයට අනන්‍ය වෙලා.උඹල හිතනව ඒක මාරයි මං දැන් මාර රැඩිකල් කියල.රැඩිකල් වෙන්ඩ බොදුබල සේනා එකේ සටන්කාමී ධජ ෆේස්බුක් ප්‍රො‍ෆයිල් වලට දාගන්න අනිත් සුලු ධනේශ්වර එවුන්ගෙන් උඹල වැඩිය වෙනස් නැහැ ඕයි.

    ගම්ලත් හිටියෙ උඹලගෙ ගොං ස්ථාවරයේ නෙමෙයි.මිනිහ ස්වයං නිර්ණයට පක්ෂ වෙනකොට ඒක ගැඹුරු මාක්ස්වාදී ස්ථාවරයක් මතයි සිද්ද වෙන්නෙ.එතකොට විකොස ස්වයං නිර්ණය බැහැර කරනකොට ඒකටත් ගැඹුරු දේශපාලනික පදනමක් තිබෙනවා.උඹල කරන්නෙත් මෙතැනදී දිනමිණ කරන එකම තමයි.ගම්ලත් කියන ප්‍රපංචයෙන් තමුන්ට අභිමත කෑල්ලක් අරන් උඩ දාන එක.

    ReplyDelete
    Replies
    1. කවුද මේ කබ්බා! විකිපිඩියාවෙන්ද උඹ පී.කේ.කේ ගැන උපුටා දක්වන්නේ. හරිම පොරක් තමයි. ඇයි කුමාර් ගුණරත්නම් හරි සෝමවංශ හරි උපුටා දක්වපංකෝ. අත් අඩංගුවට පත්වුනාට පස්සේ කිසිම කෙනෙකුට හමුවන්න නොදී අත් අඩංගුවේ තියාගෙන ඉන්න මිනිහෙක් කරන ප්‍රකාශවලින් විමුක්ති ව්‍යාපාරයක ස්ථාවරය මනින්න යන්නේ උඹලා වාගේ ගොබ්බයෝ විතරයි.

      ඒ වාගේම අත් අඩංගුවට පත්වීමෙන් පසු දිනගණනාවක් සතුරු අතුඅඩංගුවේ ඉදලා නිදහස් වෙලා පැය 24ක් යන්න ඉස්සෙල්ලා සංවිධානය ඇතුලේ තවමත් සංවාදයට ලක්වෙමින් පවතිනවායි කියන කාරණා ගැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තමන්ගේ තනි පුද්ගලික ස්ථාවරය ( එහෙම නැත්නම් රජයේ මර්දන අංශයට වෙච්ච පොරොන්දු අනුව ) ප්‍රකාශකරන්න තදියම් වෙන එවුන් නායකයෝ වෙන්න පුලුවන් වෙන්නත් උඹලා වාගේ ගොබ්බයෝ ඉන්න පක්ෂෙක විතරයි.

      ඒ අනුව බලන කොට ඕෂලාන්ගේ ස්ථාවර වෙනස් වෙන එක ගැන අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ඕෂලාන් කියන දේවල් සහ ප්‍රකාශ ඒ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් නැති බවත් මොන පිඩියාවකින් හරි හොයලා දැනගනින්.

      ගම්ලත් සුළු ධනේෂ්වර ව්‍යාපාර සම්බන්ධව කරන විවේචන තුළ දී පීඩිත ජාතීන්ගේ ජාතික විමුක්ති ව්‍යාපාර හා ස්වයංතීරණ අයිතිය හා සම්බන්ධ ලෙනින්වාදි ස්ථාවරයට පටහැනි දෙයක් තියෙනවානම් උපුටා දක්වලා පෙන්වපං! තොපි මහජාතිවාදයට සෝමවංශලා එක්ක එක්කහු වෙලා කත් අදින කාලේ ගම්ලත් කොටියෙක් කියලා මරාගෙන කන්න හැදුවා. දැන් පීඩිත ජාතින්ගේ විමුක්ති ව්‍යාපාරවලට ගම්ලත් විරුද්ධවුනා කියලා බේගල් ඇදබානවා.

      මේ ෆේස් බුක් ෆ්‍රොෆයිල් ගැනයි, අනන්‍යතාව ගැනයි , මැද පන්තික ඩයල් ගැනයි,කියන කතා ගැන හොද පිළිතුරක් සමහරුන්ගේ ෆේස්බුක් ‍‍ෆ්‍රොෆයිල්වලම තියෙනවා. අනන්‍යතාවක් අහිමිවීම වීම කොච්චර බරපතල ප්‍රශ්නයක්ද යන්න සමහර "මාක්ස්වාදින්" ගේ ෆේස්බුක් ෆ්‍රොෆයිල්වලින්ම පේනවා.

      Delete
    2. අනේ හුකේ පී.කේ.කේ!දැන් උඹ මොකද මේ ට්‍රැක් මාරු කරලා.උඹ පටන් ගත්තේ පී.කේ.කේ මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරයක් කියලා. දැන් උඹ කියනව ඒක පීඩිත ජාතීන්ගේ ජාතික විමුක්ති ව්‍යාපාරයක් කියල.ඉස්සෙල්ලා ඉගෙන ගනින් ජාතික විමුක්ති ව්‍යාපාරයක් කියන්නෙ එකක් මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරයක් කියන්නෙ තව එකක්.ජාතික විමුක්ති ව්‍යාපාරයක අරමුණ ස්වයං නිර්ණ අයිතිය දිනාගන්න එක.මාක්ස්වාදී ව්‍යාපාරයක අරමුණ නිර්ධන පංති විප්ලවය ජයග්‍රහණය කරවන එක.උඹලා පීකේකේ මාක්ස් ලෙනින්වාදි කියපු එකයි මෙතැන තියෙන කෙබරය!!ගම්ලත් මෙව්ව මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාර නෙමෙයි සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර කියන එක ඉතාම නිශ්චිතව කිවුවා.
      මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාර කම්කරු පංතිය මත පදනම් විය යුතුයි කියන එක ගම්ලත් දිගින් දිගටම කිවුව.

      ඒ වගේම මං කිව්වද බොල ගම්ලත් ජාතික විමුක්ති ව්‍යාපාර වලට විරුද්ධ උනා කියලා. තෝ එතැනම මගේ අදහසුත් විකෘති කරනවා.අනුන්ගේ සදාචාරය හොයන්න ඉස්සෙල්ලා තොපේ සදාචාරය හදාගනිවු!

      // හැබැයි ඕෂලාන් කියන දේවල් සහ ප්‍රකාශ ඒ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් නැති බවත් මොන පිඩියාවකින් හරි හොයලා දැනගනින්.
      //

      මේ වගේ කථා හොදයි පැටියො උඹට හිත හදාගන්ඩ.පක්ෂයේ නායකයා තමුන් මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරනව කියනව.හැබැයි ඒක ව්‍යාපාරයට බලපෑමක් නැල්ලු.එහෙනම් ව්‍යාපාරය කියන්ඩ එපැයි ඒක අපේ මතය නෙමෙයි කියල.එහෙම කිවුවද? අනේ තොපේ මාක්ස් වාදී පීකේකේ එක!තොපි මහ පොළොවෙ කරන දේශපාලනයකුත් නැහැ. ආතල් එකේ වෙබ් සයිට් එකක් කරගෙන සුලු ධනේශ්වර ආතල් එකක් ගන්න එක විතරයි මේ කරන්නෙ.අනික මොකද බං උඹේම බ්ලොග් එකේ ඇනෝනිමස් කමෙන්ට් දාගන්නෙ? තරහ වැඩි කමට ලොග් වෙන්ඩ අමතක උනාද ඇඩ්මින් විදිහට? :D:D

      Delete
    3. Live with your fantasy, we don’t want to interrupt. Loopholes is not willing to reply any “Anonymous” opportunistic craps. Try to understand your bunk asking other’s anonymity while you appear unidentified.

      Delete
    4. උඹලත් ආතල් පොරවල් බං.මගේ කමෙන්ටුවට උඹම ඇනෝනිමස් ඇවිත් උත්තරයක් ගහනව කවුද මේ කබ්බා කියල. ඊට පස්සේ ආපහු ඇඩ්මින් විදිහට ලොග් වෙලා ඉංගිරිසියෙන් ලියනව ඇනෝනිමස් අයට උත්තර දෙන්නෙ නැල්ලු.මං මෙතැන දේශපාලන කරුණක්නෙ මහත්තයෝ මතු කරල තියෙන්නෙ.පීකේකේ මාක්ස් ලෙනින්වාදී කියල පචයක් ගැහුවා.ඊට පස්සෙ ආපහු කියනව ඒක පීඩිත ජාතියක විමුක්ති ව්‍යාපාරයක් ලු.මේ පරස්පරය ගැන ඇහුවම කියනව ඇනොනිමස්ලට උත්තර දෙන්නෙ නැල්ලු.අනේ හුකේ පීකේකේ!!

      Delete
  3. පෙරට්ටො ගැන කතාකරලා වැඩක් නැහැ ඕයි. උන් ඉවරයි.

    ReplyDelete