A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මහාචාර්ය ගම්ලත්ගේ බුරහස්පති ඝාතකයෝ


භාෂා වෙළෙන්දන්ගේ සිංහල අත් බෙහෙත් හා වෙළද උපක්‍රම වලට ගොදුරුකර මහාවාර්ය සුචරිත ගම්ලත් නම් ශ්‍රේෂ්ඨ මිනිසා මරා දැමූ අන්දම මෙවර රාවයේ විමලනාත් වීරරත්නගේ කෝලම් කොලමේ සවිස්තරාත්මකව සටහන් කර තිබුණි. කොට මයුර, දොන් නදියෙ මහින්ද, සුදු සඳුන්, ජපන් සමං ප්‍රමුඛ මෙම ඝාතක කල්ලියේ නම් ගම් සහිතව ලියා තිබූ එම සටහන සීරීයස් නොවී උපහාසාත්මක ලිපියක් පමණක් වීම කනගාටුවකි. සිදුවිය යුතුව තිබුණේ මේ සම්බන්ධව බරපතළව පරීක්ෂණයක් සිදුකර මෙම ඝාතකයන් සියල්ලව නීතීය ඉදිරියට පැමිණවීමයි (නීතියක් ඇත්නම්).

වාර්තා වෙන තොරතුරු අනුව මහාචාර්යවරයා ගේ මේ මරණය ස්වභාවික එකක් නොව පිළිකා රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර දිගින් දිගටම මඤ්ඤොක්කා කොළ බෙහෙත් පොවා, අධික වේදනාවකින් කෑ ගසත්දීත් රෝද පුටුවක තබා රෝහලේ එහෙ මෙහෙ  රැගෙනයාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉක්මන් මරණයකට ගොදුරුවීමකි. ලහි ලහියේ මේ බුරහස්පති කල්ලිය මේ සියල්ල සිදු කර ඇත්තේ තමන්ගේ භාෂා බිසිනස් එකේ ෆස්ට් ඩේ එකට මහාචාර්ය වරයා රෝද පුටුවෙන් හරි රැගෙන එනවා යැයි පොර ටෝක් පවා දෙමිනි. බුරහස්පති කල්ලියට අමතරව මේ සියලු ශාන්ති කර්මයන්ට ඉඩ දී බලා සිටි මහ රෝහලේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයද මේ ඝාතනය සඳහා වග කිව යුතු වේ.

මිය ගිය මහාචාර්යවරයාට චෝදනා කිරීමෙන් අවැඩක්ම වේ. එහෙත් විමල් වීරවංශ වටා ගොඩ නැගී ඇති ඕනෑම දෙයක් විකිණිමට සුදුසු මෙවැනි අමුම අමු ජාතිවාදී සේල්ස් රෙප් හැතිකරයක් වේලාසනින් හඳුනාගැනීමට නොහැකි වීම මහාචාර්යවරයාගේ මෙන්ම මේ කල්ලිය ගැන දැන දැනත් ඒ ගැන මහාචාර්යවරයාව දැනුවත් නොකළ එතුමා වටා සිටි ප්‍රගතිශිලීන්ගේ ද වැරැද්දක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ සිදු වූයේ මහාචාර්ය වරයාගේ නිබඳ පිලිකුළට ලක්වූ රාජපක්ෂ, වීරවංශ වැනි දේශපාලන අමනයනගේ මල්වඩම් වටකර ගෙන මේ ශ්‍රේෂ්ඨ මිනිසාට සොහොන්ගත වීමටයි.

හෙට දවසේ “මහාචාර්ය සුචරිත ගම්ලත් තුමාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණු බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවිය“ යනුවෙන් මෙම වෙළඳ පාඨමාලාව ඇතුලත මහාචාර්යවරයාව දිගින් දිගටම විකිණෙන අයුරු අපට ද බලා සිටීමට සිදුවනු ඇත.

විමලනාත් වීරරත්නගේ ලිපිය මෙතනින් බලන්න.

9 comments:

  1. හත්තිලව්වයි! මෙහෙම කතාවක් මම දැනගෙන හිටියෙ නෑනෙ.

    ReplyDelete
  2. ඒ තතු දත් ආචාර්ය ධර්මසේන පතිරාජ මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසිරි බණ්‌ඩාරනායක, සුනිල් ෆොන්සේකා, අශෝක හඳගම ගාමිණී වියන්ගොඩ, උදේනි ජයවීර යන ඔවුන්ගේ චිරකාල සුමිතුරෝ ඔවුන්ට චාම් අවමඟුලක්‌ සැලසුම් කළහ. එහෙත් සිදු වූයේ අනෙකකි.

    මහාචාර්ය ගම්ලතුන් සමඟ මෑතදී එක්‌ව එතුමන්ගේ භාෂාශාස්‌ත්‍ර දැනුම ඥන සම්භාර්ය අලෙවි කර ලාභ වෙළෙඳමකට සූදානමින් සිටි පිරිසක්‌ ඒ සියලු සැලසුම් නිෂේධ කර තම බලය පාමින් අවමඟුල් උළෙලක්‌ සැකසූහ. එහිදී ඔවුන්ගේ චෞර සමාගමේ නාම පුවරුද වූ බව කෙනෙක්‌ කීහ. ගුණ කථනද නොයෙක්‌ ප්‍රශස්‌තිද මහාචාර්ය ගම්ලතුන්ගේ සීතල සිරුර මතට මුදාහරිමින් ඔව්හු හැකිතරම් ඒ ශ්‍රේෂ්ඨ විද්වතුන්ට අගෞරව කළහ. මහාචාර්ය ගම්ලතුන්ගේ ශාස්‌ත්‍රීය මෙහෙවර දත් එයට සම්මාදම්වූ අයෙක්‌ ඒ සභාවෙහි නොවූහ.

    එවේලෙහි සොහොන් බිම අසල ඔවුන්ගේ සමකාලීන විද්වත්හුද චිරාගත මිතුරෝද මේ කිමෙක්‌දැයි දුක්‌මුසුව බලා උන්හ. ඉවසුම් නොමැතිව ගිය ඩබ්ලිව් ජයසිරි ද, උපුල් ශාන්ත සන්නස්‌ගලද මේ විද්වතුන්ගේ මෘත කලේබරයන් බලයෙන් ඔසවාගෙන යන අවිචාරසමයකැයි කීහ. සැබැවින්ම ගම්ලතුන්ගේ ආස්‌ථනයට මෙබඳු අවමනක්‌ කිරීම නම් කිසිසේත් අනුමත කළ නොහැක.

    මහාචාර්ය ගම්ලතුන් ජීවමානව සිටි කල නිබඳ පෙම්රස සෙවූ අගනා පබඳක්‌ විය. ඒ ගීත ගෝවින්දයයි. පතිරාජ ප්‍රමුඛ මිතුරු කැළත් ගම්ලතුන්ගේ දුක නිබඳව බෙදා ගත් උදේනි ජයවීරත් ඔවුන්ගේ අවසන් මොහොතේදී ගීතගෝවින්දයේ ගැයුම් විසුරුවා හරින්ට යෝජනා කළැයිද වාර්තා විය. එමතු නොව කලකට පෙර ගම්ලතුන් විසින්ම දිවංගත ධම්ම ජාගොඩගේ සම්මාදම ඇතිව පණ්‌ඩිත් අමරදේවයන් ලවා ගායනාකරවූ ජාත්‍යන්තර ගීතයද එසේ විසුරවාලන්නට යෝජනා වී තිබුණි. එහෙත් ඒ සියල්ල සුළගේ පාකර යෑවූ මේ අලුත් නඩය ගම්ලතුන්ගේ සියලු අපේක්‍ෂාවන් වනසා දමමින් තම සාහිත්‍ය වෙළෙ¹ම සඳහා ඔවුන්ගේ අවසන් මොහොත යොදා ගැනීම අප තුළ ඉමහත් සංවේග දනවයි.

    මහාචාර්ය සුචරිත ගම්ලත් ශ්‍රී නාමය චිරාකල් සඡ්ජනන් තුඩ තුඩ රැව්දේවා !

    ගාමිණී සුමනසේකර
    http://www.divaina.com/2013/04/07/nimna04.html

    ReplyDelete
  3. මේ භාෂා ඇකඩමිය මුලින් පටන් ගන්නට සැලසුම් කර තිබුණේ නොමිලේ දැනුම බෙදා දෙන්නටය.සාමූහික කවි පොතක් මුද්‍රණය කර එය දොරට වඩමින් ඔවුන් කීවේද භාෂා ඇකඩමියේ අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බවකි.එමතු නොවේ,පුවත්පත්වල කෙටි පුවත් පළ කරමින් කීවේද එයමය.එහෙත් එක්වරම භාෂා ඇකඩමියේ අධ්‍යාපනයට සුපිරි මිලක් නියම කරමින් ලීෆ්ලට ආදිය තැපෑලේ පැමිණෙන්නට විය.
    කිසි හිරිකිතයක් නොමැතිවම ප්‍රාමාණික උගතුන්ගේ නම් අළෙවි කරමින් ඔවුන් භාෂා බිස්නසයට එළැඹිණි.ගම්ලතුන්ද ඔවුන්ගේ උගුලේ වැ‍ටුණේ නොසිතූ ලෙසය.අවසානයේ ගම්ලතුන්ගේ ශ්‍රී නාමය කෙළසමින් ඔවුන් නැටූ නාඩගම ඉතා පිළිකුල්සහගතය.

    ReplyDelete
  4. මෙතන කුමාර ලියනගේ වගේ බුරහස්පතිතදයින් සමහරුන්ගේ නම් නැත්තේ ඇයි මෙයා?

    ReplyDelete
  5. මේ ඇවිල්ලා දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දුන්න අවස්ථාවක්. තමුන්ගේ දැඩි දෘෂ්ඨිය හා උගත් මාන්නය නිසා තමුන් උපන් ජාතියට ආගමට ගරහමින් බඩ වියත උදෙසා විකිණී ගිය, විරුද්ධවාදීන්ගේ පෞද්ගලික කුණු පවා අවුස්සමින් නින්දිත ප්‍රහාරයන් එල්ල කල අපේ කාලයේ උගත් අමනයකුගේ අවසාන ජවනිකාවයි.

    මේ ප්‍රතිචාරය කෙරෙහි උරණ නොවී ඔහු ගිය මග අදටත් යන, යන්නට සිතා සිටින ජනයින් හට කිව යුත්තේ, මා කෙරෙහි උරණ නොවී මිහි පිටදීම තමන් කල පව් වලට හිලවු වන සේ පිළිකාවක් වැළදී නිසි පරිදි ප්‍රතිකාරවත් නොලැබී දුක්ඛිත අන්දමට මිය යන්නට යෙදුන ගම්ලත් නම් වූ සත්වයා දෙස බලා පවින් වැලකී ආගමකට (තමුන් අදහන කුමන හෝ වේවා එහි හරයට අනුකූලව දැහැමිව) දහමකට අනුව දිවි ගෙවන්න යන්නයි.

    ReplyDelete
  6. මේකාට පුදුම තරහක් නේ තියෙන්නේ මිය ගිය පඬි තුමා එක්ක ,බලාගෙනයි සහෝදරයා සමරවිට උඹට පිළිකාවක් විහිලුවට වගේ හැදිලා දුක් විදියි.දැන් රටේ හොරකම් නොකරන ,තමාගේ අනන්‍යතාවයට ගරු කරගෙන යන මිනිස්සුන්නට් උඹල වගේ හරක් ඔය විදයට නම් ගරු කරන්නේ ,උඹ ගැන මොන කතා ද බන්.උඹල වගේ කාලකන්නි තමයි ඔය අර ශ්‍රේෂ්ට මිහිහව බලු කරේ මැරුණට පස්සේ .
    උඹ වගේ ජඩයෙක් කෙරිහි උරණ වෙන්න ඕනේ නැහැ නමුත් මතක තියාගන්න ඇඟිලි 5 හෙන් 4 රක් උඹගේ පැත්තට හැරෙනවා කියල .උපන් ජාතියට ආගමට අඩුමගානේ උඹ ගරු කරනවද ?යකෝ රටේ මහා එකා( ජනධිපති මහින්ද රාජපක්ෂ) උත් ආගම වවන් කන කාලයක් බන් මේක. බලපන්න්කෝ උඹේ අස් ඇරලා , මට පෙන්නේ උඹගේ අස් වල පිළිකාවක් දා කොහෙද , හරියට පෙන්නේ නැත්තේ .උපන් ජාතියට අදරේ නිසා තමයි සුචරිත ගම්ලත් පඬි තුමා සිංහල උඹලට , අපිට ලංකාවේ හැමටෝම උගන්නන්න උත්සහ කරේ . "සිංහලයේ පඬි සුචරිත ගම්ලත් " කියන නාමයවත් උඹ අහල නැතුව ඇති.යකෝ උඹට කිසිම දෙයක් තේරෙන්නේ නැති ගොනෙක් ද එහෙම නැත්නම් හාල් පාරුවෙක්ද බන්?

    ReplyDelete
  7. මගේ නම Lauda.උඩ කොමෙන්ට් එක ලීවේ මමයි. "මේකට පුදුම තරහක් කියල" මම ලිව්වේ April 7 ලියපු ඔය හිත හරිනැති කෙප්ප හරකාගේ කතාවට.loopහෝල් ලියන මල්ලිට එහෙම නෙවෙයි හරිද .

    ReplyDelete
  8. බොහෝ කාලයක් මේ භාෂා ඇකඩමිය ,ගම්ලතුන් රෝගාතුරවීමේ සිට මෘත දේහය කොල්ල කැවාය කියන කථාන්දරය දක්වා විමසිල්ලෙන් බලා සිටියෙමි

    ගම්ලතුන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් යම් කාරණා ඇද ගැනීම ඔහුට අගෞරවයක් වුනත් ඔහුගේ අවසන් කාලයේදී නාමික භාර්යාව ලෙස සිටි කාන්තාව හෝ ඔහුගේ පවුලේ වෙනත් කිසිවකු හෝ රෝගාතුර මහාචාර්යවරයා පිළිබඳ දැක්විය යුතු සැලකිල්ල නොදැක්වූ බව නොරහසක්.

    බෘහස්පති කල්ලියේ අපේක්ෂාව මුදල් ඉපයීම හෝ එසේ නොවන්නට ඇත. එසේම භාෂාව ඉගැන්විම හෝ එසේ නොවන්නටද ඇත. එහෙත් මේ ධර්මසිරිලා, වියන්ගොඩලා, උදේනිලා, ඩබ්. ජසසිරිලා , දිවයිනේ සුමනසේකරලා,රාවයේ විමලනාත්ලා හෝ සන්නස්ගලලා ,මහාචාර්‍යවරයා අතේ සතේ නැතිවී ඩික්ෂන‍රිය ගසා නන්න පෝල් වී සිටි කාලයේදී සිටියේ කොහේදැයි අපි නොදනිමු. මේ මහත්වරුන් අද හෙට මහාචාරර්යවරයා මැරෙනවාය කියා නිවුස් එක ලැබුණු විගස ෆයර් වී හතර අතේ එතුමාගේ ගුණ වයන්නට ගත් හැටි අපට මතක තියේ. ඔය තිබූ කරුණාවේ දයාවේ නාමයෙන් එතුමාව ලෝකයේ අනිත් කොනට හෝ ගෙනිහින් සුවපත්කරන්නට ලක්සෙට කොඩි දැමූ සන්න්සගලලාට ,එදා අමතක වූවා විය යුතුය.

    නාට්‍ය ආශ්‍රිත කලා භාවිතාවන් පිළිබඳ අධ්‍යයන ක්‍රියාවලියකදී මේ "නාමික භාර්‍යාව" විවාහක දෙදරු පියෙක්වූ ගම්ලතුන්ට පංගාර්තු කිරීමට සහය දැක්වූයේද ඔය කියන ධර්මසිරිලාම බව දන්නෝ දනිති. ධර්මසිරිට, ජාගොඩට කරගන්නට බැරිවූ බොහෝ කෙළි මහාචාර්‍යවරයාට හැකි වූ බැවින් එතුමා මිය යන තෙක්ම කරගන්නට බැරිවූ එතුමාගේ( සජීවී වස්තූන් කෙසේ වෙතත්) බුද්ධිමය දේපල කොටසට කටුව ගැහිල්ල මේ කාට කාටත් බරපතල වේදනාවක් වූයේ එතමා මේ උන්දලාගේ කෙරුවාව ඒ වන විටත් වටහාගෙන සිටි නිසා විය යුතුය. එතුමා අවසන් කාලයේ බ්‍රහස්පති කාරයන්ට එකතු වී සිටීම ගහෙන් වැටුනු එකාට ගොනා ඇනිල්ලක් වන්නේ ඒ නිසාය.

    බ්‍රහස්පතිකාරයන් අතර සිටින මහින්ද සහ සඳුන් ජවිපෙන් කැඩී ආ කල්ලියේ ය. මහලොකු උගතුන්ද නොවේ. විශ්වවිද්‍යාලයේද නොගොස් ඇතුවා වියයුතුය. ඒත් බ්‍රහස්පති කතාව ,ඔවුන්ගේ ඇකඩමිය පහුගිය කාලයේ නැගලාම ගියේය. බාසාව කොනක සිට හදාරන්නට ඇම්ම තිබූ "එක සීයක" පමණක පිරිසක් මග වියදම් ගෙවාගෙන , මාසෙට පන්ති ෆීසුත් ගෙවාගෙන බ්‍රහස්පතියට එන්නේ මේ කාලයේය. එකෙක්ගෙන් ගන්නේ මාසෙට එක්දාස් දෙසීයකි. දේශකයන්ට දිනක දේශනයකට (පැයතුනක) තුන්හතරදාහක් ගෙවන බව කියයි. මහාචාර්‍යවරයාට එක් දිනක් හෝ මේ පන්තියට උගන්නන්නට නොහැකි වූයේ හදිසියේ උත්සන්න වූ පෙනහළු පිළිකා රෝග තත්වය නිසාවෙනි.

    මේ කථාන්දරයේ වැදගත්ම හරියයි. අවසන් කාලයේ මුදල් අතින් හෝ ශාරීරික වශයෙන් දුබලව සිටි ගම්ලතුන්ගේ සහයට ඔය කලින් කී පණ්ඩිතයන් එකෙක්වත් නො ආ නිසාම බෘහස්පතිය වැඩේට බැස්සේය. ගම්ලතුන් බලා ගැනීමේ සිට රෝගයට සුදුසු ආහාර පිළිබඳ සොයා බලන අතරතුර පිළිකා සෛල මර්ධනයට විටමින් B 17 සහිත ආහාර වල අසාමාන්‍ය ශක්තියක් පවතින බව මේ කල්ලිය හොයා ගනී. ඒ අනුව විටමින් B 17 සුලබතම ආහාරය ලෙස මඤ්ඤොක්කා අල ,ආහාර ගිලීමට අපහසු මහාචාර්‍යවරයාට දියර වශයෙන් ලබා දෙන්නේ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ප්‍රමුඛ මහරෝහලේ දොස්තරලාගේද අනු දැනුම පිට ය. ධර්මසිරි, විමලනාත්, ගාමිණී කල්ලියට දැන් රජ මගුල් ය. නැට්ටෙන් අල්ලාගෙන "අලියා මේ වගේය "කියා වැනුවා වාගේ "මඤ්ඤොක්කා කොළ කැව්වාය", "මඤ්ඤොක්කා ගිල්ලෙව්වාය" කියන කතන්දර හැදෙන්නේ ඔය පදනමේ හිටය.

    පෙනහළු පිළිකාවක් හැදිලාත්, අච්චර හිත් වේදනා තිබිලාත් මහාචාර්‍යතුමා පරමායුෂ විඳින්නට තරම් වාසනාවන්ත විය. සිහිය විකල්වී, ඇඳේම මලමුත්‍රා කරගෙන දුක්විඳින්නට සිදු වුණේද නැත. ඒ එතුමාගේ පින පව ය.

    අදහන ධර්මයට, දර්ශනයට හෝ නරුමකමට අනුව අපට එක එක විදිහට මරණය නිර්වචනය කරගත හැකිය. ඒත් කවුරුන් හෝ මිය ගිය පසු ඇත්තටම සිදුවූයේ කුමක්ද කියා මලගියවුන්ගේ අසා ගැනීමට බැරි එක කොයි තරම් නම් නරක කෙලියක්ද කියා හිතෙන්නේ මෙහෙම වෙලාවට ය.


    ReplyDelete
    Replies
    1. අම්මටසිරි , මේ උඩින් ලියල තියෙන එකා මම හිතන්නේ මැරෙන මොහොතේ ළඟ හිටපු බත් බූරුවෙක් වගෙයි . කියවගෙන යනකොට හිතෙනවා මු වගේ දීල තියෙන්නේ මඤ්ඤොක්කා අල කියල ,මුව අරන් යන්න ඕනේ පොලිසියට ඉස්සෙල්ලම . මු දොස්තරටත් උගන්නන හදන නූගත් පොරක් .
      මේකා කතා කරනවා බුද්ධිමය දෙපලත් ගැන. යකෝ මූට තියෙන උවමනාව. මේ බූරු පැටියෝ උඹේ වැඩක් කරගනින් හොදේ. උබ අර පඬිතුමාගේ කව්ද දේපල ගැන කතා කරන්න,ඒ ශ්‍රේෂ්ට පුද්ගලයාව මරාගෙන තියෙන්නේ උඹේ උවමනාවට වගේ තමයි මට පෙන්නේ .ශ්‍රේෂ්ට පුද්ගලයන්ට ගරුකරපන් බූරු කතා ලියන්නේ නැතුව .

      Delete