A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ආ.... ඒ... මළේ.. අපේ ගම්ලත්නෙ


අනන්‍යතාවය නැති අය ඒක හොයා ගන්න එක එක උපක්‍රම යොදා ගන්නවා. සමහරු ප්‍රසිද්ධ පුද්ගලයින් මුණ ගැසුනාම පැනල ගිහින් කතා කරනවා හරියට  හොඳ යාළුවෝ වගේ පිට අයට පේන්නේ. අපේ එක මිත්‍රයෙක්  කතා කරද්දි මෙන්න මේ වගේ දේවල් කියනවා.

“ අමරදේව අංකල්ට දැං ඉස්සර වගේ නෙමේ සින්දු කියන්න අමාරුයි“

අපේ මිත්‍රයා අමරදේව ව ටී.වී එකන් ඇරෙන්න දැකල නැහැ.  එතන අංකල් කියන වචනෙ ඇතුලේ තියෙන්නෙත් මේ පුද්ගලයාගේ අනන්‍යතාවය හොයන හෙවිල්ල.

අන්තර්ජාලය පැත්තෙ ආවොත්  විකාරයක් තරමටම අනන්‍යතාවය හොයන ලෙඩ්ඩුන් ඉන්න විදිය හොයාගන්න පුළුවන්. සමහරු තමන්ම වෙබ් හදාගෙන තමන්ගේ රූපය ඉස්සරහින්ම දාගේන ඉන්නවා. සමහර පුද්ගලික ප්‍රවෘත්ති වෙබ් සයිට් වල ප්‍රවෘත්ති විදිහට තියෙන්නෙ තමන්ම ඉන්න ඡායාරූප එහෙමත් නැත්තම් තමන්ගේම විස්තර. යූ ටියුබ් වල තමන්ගේම වර්ණනාව කියවනවා. එහෙම නැත්තම් ලොකු ටෝක්ස් දෙනවා. තමන් විසන්ම කල්පිත ලෝකයක් ගොඩනඟා ගෙන අන්තර්ජාලය හරහා අනුන්ට පෙන්වනවා.

මේ අනන්‍යතාවය හොයන අයට ලැබුණු ලොතරැයිය තමයි ෆේස් බුක් එක. ස්වරූපවාදය හෙවත් නාසිසම්, ඒ කියන්නේ තමන්ගේම රූපය දිහා බලමින් විඳින්න ෆේස් බුක් එක කියාපු තැන. ෆේස් බුක් ඇතුලේ සමහරු කාර් වලට හේත්තුවෙලා  ඉන්න එහෙම නැත්තම් ලොකු ගෙවල් ඉස්සරහින් ඉන්න ෆොටෝස් දානවා. බියර් බොන ඒවා කෙල්ලො තුන් හතර දෙනා එක්ක ඉන්න ඒවා ජනප්‍රිය පුද්ගලයින් එක්ක ඉන්න ඒවා විවිධ රට වල ස්මාරක ළඟින් ඉන්න ඒවා ලොකු ලොකු පොත් ළඟින් තියා ගෙන ඉන්න ඒවා සුද්දොත් එක්ක ඉන්න ඒවා ලැප්ටොප්, කැමරා වට කරගෙන ඉන්න ඒවා.......එකී මෙකී නොකී  ෆොටෝස් අප්ලෝඩ් කරමින් කට්ටිය තරගෙට තමන්ගේ නැති අනන්‍යතාවය හොයනවා. එයාට තේරෙන්නෙ නැහැ සමාජය කොයි විදියටද මේක දකින්නෙ කියල. මේක කළොත් මාව ලොකුවට පෙනෙයි කියල එයාටම හිතන ඕනැම දෙයක් කරනවා. පුද්ගල චරිත ස්වභාවන් විමර්ශනය කර හඳුනාගැනීමට ෆේස් බුක් කියන්නේ අත් නෙමේ මූණු පොතක්.

මේක වෙනම කතාවක්. ඒ නැති අනන්‍යතාවය හොයන කට්ටිය මළ මිනිස්සුන්ගෙන් අනන්‍යතාවය හොයන්න හදන අන්දම ගැන.

චන්ද්‍රකුමාර වික්‍රමරත්න එක්ක වඩේ කාළ ප්ලේන්ටිය බිව්ව හැමෝම කිව්වෙ එයාට “කුමාර“ කියල. එහෙම නැත්තම් “කුමාර මහත්තයා“ හරි “කුමාර සහෝදරය“ හරි කියල. අපි දන්න කුමාරට “චන්දරේ“ කියල කියන්න කෙනෙක් හිටියෙ පත්තරේට ආවට පස්සේ සුනිල් මාධව විතරයි. කුමාර මළාට පස්සේ මළ මිනිසුන්ගෙන් අනන්‍යතාවය හොයන කට්ට්ය කුමාරව හොරකම් කරනවා. පත්තර කෑලි වලින් එකතු කර ගත්ත කුමාර‍ගෙ කවි වලින් පොත් ගහනවා. එයා ගැන දේශන තියනවා.  ලිපි ලියනවා.  කවි ලියනවා .එයා ගැන හරියට කතා කරන්නේ අතිජාත මිත්‍ර‍යෙක් වගේ. හැබැයි ඔක්කොම වගේ වැඩේ පටන් ගන්නේ චන්දරේ“ කියල කියාගෙන. චන්දරේකියල කුමාරගෙ බඩ බදාගෙන හිටපු යාළුවෙක් වගේ දේශනේ පටන් ගන්න කොටම ඉතින් දෙල්කඳ විජිත මහත්තයගේ කට කොනකට හිනාවක් එන්නේ..මේ මළ එකාගෙනුත් අනන්‍යතාවය සොයන එවුන් ගැන පව් කියල හිතන ගමන්. කුමාර ගෙ තවත් තියෙනවා. ඒත් දැං ඇති.... දැං මේ අපේ ගම්ලත් ගැන.

මහාචාර්ය සුචරිත ගම්ලත් ව ගත්තත් එහෙම තමයි. මහාචාර්යතුමා ගැන ලියැවුණු කතා තොගයක් පහුගිය දවස්වල පත්තර වල වගේම අන්තර්ජාලයෙත් පළවුනා. සමහරු ඉන්නේ හරියට මහාචාර්යතුමාට ට මචං කියලා කතා කරා වගේ. තවත් සමහරු මහාචාර්යතුමාව නොදැක නිදාගත්තෙ නෑ වගේ  දවස ගානේම හම්බ වෙලා කතා කරල තියෙනවා. දුරකථනයෙන් උපදෙස් අරං තියෙනවා. ඇත්ත ද බොරුද කියල මැරිච්ච මණුස්සයගෙන් අහන්න කියලැයි.

මේ කතා ඇහුවාම මටත් මහාචාර්යතුමා එක්ක තිබුණු සම්බන්ධතාවය ගැන කියන්න හිතුණා. හැබැයි මේක ඇත්තමම ඇත්ත කතාවක්.

අඩුම ගානේ සතියකට දෙකකට සැරයක්වත් මම අපේ සර්ව ඒ කියන්නේ සුචරිත ගම්ලත් මහාචාර්ය තුමාව හම්බ වෙන්න යනවා. ඒත් දවසක් අහම්බෙන් කොළඹ ලේක් හවුස් එකේ පඩිපෙල ගාවදි දි මාව දැක්ක ගමන්..

“මොකද ලූපෙ සෑහෙන්න කාලෙකට පස්සෙ“  සර් ඇහුවා.

“මොන මහ කාලයක් ද සර්... ගිය සතියෙත් මං ආවෙ“

“බොරු කියන්න එපා බං උඹ එහෙනම් පාරෙ අනිත් පැත්තට වෙලා අපේ හෝමගම ගේ දිහා පලං ඉඳල යන්නැති. ඒක නෙමෙයි ලූපයෝ... උඹට ඔය විදියෙ ඩෙනිම් කලිසම් කියක් තියනවද“

“ඇයි සර් මට අළුත් ඩෙනිමක්වත් අරං දෙන්න හිතුන ද“  මම ඉහ වහා ගිය සතුටින් ඇසුවෙමි.

“උඹ මේ විකාර කතා කියනවා. උඹට ඩෙනිම් අරං දෙන්න නෙමේ මම මේ මගේ ශබ්දකෝෂය ගහන්න විදියක් ගැන හොයනවා. පුළුවන්නම් අන්න ඒක ගහන්න එකෙක් හොයල දිපං“

“මම දන්න එවුන්ට අතේ සතේ නෑ සර්“

''ලූපේ .. මේක ජාතික මට්ටමේ වැඩක්. මේ ශබ්ද කෝෂයට මම ගොඩක් මහන්සි වුනා. මේක මුද්‍රණය කරන්න කව්රුවත් භාරගන්නේ නැහැ බං. වියදම ටිකක් සැර තමයි. මොකෙක්වත්ම නැද්ද බං“

“ජීඑල් ගේ ගෝලයෙක් ඉන්නවා. ආණ්ඩුවෙ කාව හරි සෙට් කරල දෙන්නම් මොකද කියන්නෙ. මහින්ද ලොක්කත් එක්ක ෆොටෝ එකකට හිටියනම් ලක්ස ගානක් අතේ“

“අනේ පලයං ලූපයෝ යන්න. උඹ හිතුවද මං මළත් මේ ධනපති ආණ්ඩුවලින් සල්ලි ගන්නවා කියලා. ........ උඹත් එක්ක කතා කළේ නෑ කියල හිතා ගනිං නැත්තං මං මළාම කියයි මං ආණ්ඩුවෙන් මගේ ශබ්ද කෝෂෙ ගහන්න සල්ලි ඉල්ලුව කියලා“

සර්ට මළ පැන්නා. මම ආවා. යනවා කිව්වෙක් නැහැ. ප්‍රොපෙසර් ගියා නැගගෙන පඩි.

ඉතුරු කතා පහළින් ඇති ලින්ක් වලින් බලන්න. හිනා නොවන්න.


15 comments:

  1. කුමාරව මැරුණ බවක් දන්න අයෙක් නැහැ. ඇත්තටම වුණේ කුමාරව අතුරුදහන් වෙච්ච එක.

    ReplyDelete
  2. සුචරිත ගම්ලත් නැවත මැරීම
    අප යුගයේ සිටි විශිෂ්ටතම බුද්ධිමතුන් කිහිප දෙනා අතර ප්‍රමුඛයෙකු වශයෙන් හැඳින්විය හැකි , කීර්තිමත් භාෂා විශාරදයෙකු, විචාරකයෙකු හා මාක්ස්වාදියෙකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොසිනි.

    අප ඔහු ගැන ගුණ ගායනා නොකරමු.අප එයට සුදුස්සන් නොවේ.

    අනික මේ වන විට බොහෝ දෙනෙකුන් එය කරමින් සිටිති. සමහරුන් අවංකවමත් තවත් සමහරුන් තමන් ද ඔහු මෙන් බුද්ධිමතෙකැයි පෙන්වීමට " ගම්ලතුයි මමයි, අපි ඒ කාලයේ " පන්නයේ ලිපිත් ලියනු ඇත.

    මේ ආකාරයේ ලිපියක් කාලයක් තිස්සේ අතුරුදහන්ව සිට නැවත කරලියට පැමිණ සිටින පරණවිතාන නැමත්තෙක් තම බ්ලොගයේ පල කර තිබේ.

    තනතුරු හා දේශපාලන බලය වෙනුවෙන් කිසි හිරිකිතයක් නැතිව පාලකයින්ට කඩේ යන ඔහු මේ ලිපියෙන් පෙනී සිටීමට උත්සාහ කරන්නේ තමන් ගම්ලතුන්ගේ අතිජාත මිත්‍රයෙක්ව සිටි බවයි.

    ගම්ලත් මහදුරුගේ ලිපි සිළුමිනේ පල වුනේ ඔහු නිසාලු. වෙනකක් තබා සුචරිත ගම්ලත් , ඔහුගේ සුප්‍රසිද්ධ ශබ්ද කෝෂය මුද්‍රණය කිරීමට ක්‍රමයක් නැතිව තමා ලඟට ආ බවත් එවිට තමා මැදිහත් වී එයට මග පාදා දුන් බවත් ඔහු කියයි.

    තම ‍රැකියාව අහිමි කර සිටිද්දි පවා එය නැවත ලබා ගැනීමට දේශපාලකයින් පස්සේ නොයා ඉංග්‍රීසි ටියුෂන් දෙමින් දිවි ගැට ගසා ගත් සුචරිත ගම්ලත් මහාචාර්යවරයා තම පොතක් මුද්‍රණය කර ගැනීමට පරණවිතාන වැනි දේශපාලන ඇම්බැට්ටයෙක් පසුපස ගියේ නැත.

    අනික ඔහුට තම පොත් මුද්‍රණය කර පල කරවා ගැනීමට කිසි අපහසුවක් තිබුණේත් නැත. ඔහුගේ පොත් පල කරන්නට ඕනෑ තරම් ප්‍රකාශකයෝ සිටියහ.

    පරණවිතාන මහතානනි.

    මියගිය ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අපහාස කිරීම සදාචාරාත්මක දෙයක් නොවේ.
    http://bitternight.blogspot.com/2013/03/blog-post_31.html

    ReplyDelete
  3. mul tika nam sampoorna aththa...

    ReplyDelete
  4. මේ උදය r තෙන්නකෝන් ගොයියා කොරන්නෙම නොදන්නා මල ඉලව් නේ ? කවි කියල වාක්කිය ලියනවා .ඒ පාර ගම්ලත් ගැන ,පහේ පන්තියේ කතා / කරත්ත කවි කියෝනවා .....අනේ උදය උන්නැහේ දන්නා ගොයිතැනක් කොරහන්කෝ ,නොදන්නා වෙළදන් වලට ගොහින් වරිගේ නහගන් නැතුව ....හප්පා ටෙරල් දන්න තරං .... ලූප්හෝල් කියන්නෙම බොරු ....අවසාන බලකනුව වැටුන කියල ...ගම්ලත්ගේ අඩුව පුරවන්ට බෑ කියලද මේ ලුප්හෝල් කියන්නේ මේ වගේ බාන් වලට ...ලුප්හෝල්ලාට පයිත්තියන් ! ---පෙරට්ටෙක් ---

    ReplyDelete
  5. මේකත් ඉතිං ඒ වගේම ලිපියක්නේ....

    ReplyDelete
  6. මට නම් පෙනෙන්නේ මේ හැමෝගෙම තියෙන්නේ කුහකකම සහ ඊර්ෂ්‍යාවයි. මෙය සුචරිත ගම්ලත් පිලිබඳ ප්‍රෂ්නයක් නොවෙයි.

    ReplyDelete
  7. මොන අනන්‍යතා අර්බුද තිබුනත් උන් නම්වලින් කියන දෙයක් කියලා තියෙනවනෙ ඒකේ මොකක්ද වැරුද්ද. නමකින් ලියන්න බැරි කොන්දක් නැති ලූස් හෝල්ට ලංකාවේ යමක් කරන්න ඕන නම් නමින් පෙනී හිටින්න.මානසික රෝගය සුවකරගෙන.

    ලූස් හෝල් ලංකාවේ නම් නෙවෙයි. හිට්ලර්ගේ අඩවියේ ඉඳුල් කන අය්යෙක් බව නම් ආරංචියි.

    ReplyDelete
  8. Common sense is not a gift, it is a punishment. Because you have to deal with everyone who doesn't have it.

    LOL

    ReplyDelete
    Replies
    1. I challenged you that, you can't write by your own name. If you are a person who has a clear political character write by your own name.

      Delete
    2. Loopholes mean loopholes.
      එන එන හැටියට ඇණගන්න සහ නාගන්න දේවල්බ්ලොග් ගතකිරීමේ වෑයම
      We are allowed to remain anonymous :)

      Delete
  9. ආණ්ඩුවේ සල්ලි ධනපතියන්ගේ සල්ලි.
    එතකොට සන්නස්ගල ටැක්ස් නොගෙවා යටි මඩි ගහපු කළු සල්ලි..? ඒවා සෝයි සල්ලි.

    මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන මට අවුලක් නෑ [අනික එතමා වගේ මහා කන්දක් ගාව අපි මොක්කුද..?] ඒත් මේ ගම්ලත් කරපු දේවල් වලින් තමන්ගේ මුස්පේන්තු දේශපාලන ගේම් ගොඩ දාගන්න හදන 2.50 හාල්පාරුවෝ තමයි මට පෙන්නන්න බැරි.

    ReplyDelete
  10. meka mare maru...athal ekak thiyana wadakne.. Loop hole berida tawath oya wage dewal hoyala liyanna.
    mahatun...

    ReplyDelete
  11. meya inne Hitlerge desheye nemi Canadawe, habai meya biridath ekke rathi keliyeth yedenneth Hitlerge rate inne kenagen ahalai kiyala thami aranchi.

    ReplyDelete
  12. ethakota swixterland panel giya eka nemeida meka karanne. kiyahallako ban hariyata.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete