A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඇඳුමක් හැඳ පැමිණෙන්නැයි පුබුදු ජයගොඩට මානව හිමිකම් කොමිසමෙන් තරයේ අවවාද

මාතලේ මිනී වලෙන් සොයා ගන්නා ලදි ඇට කටු අසූ හත-අසූ නවය යුගයට අයත් බැව් මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පරීක්ෂක කණ්ඩායම පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි. මෙම මාතලේ මිනී වල යනු මේ වකවානුවේ මරා දැමූ හැට දහසකට අධික තරුණ තරුණියන් ඝාතනයන් හි තවත් එක සාක්ෂියක් පමණි. වාර්තා වලට අනුව එවකට මාතලේ ප්‍රදේශය භාරව සිටි ගෝඨාභය රාජපක්ෂ හා ශවේන්ද්‍ර සිල්වා මේ ඝාතන වලට වගකිවයුතු වෙයි. දෙදාස් හත-දෙදාස් නවය කාලයේ වන්නියේ සිදු කරණ ලද යුද අපරාද වලට චෝදනා ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ හා ශවේන්ද්‍ර සිල්වා හමුදා නිලධාරීන් පළමුව චෝදනා ලැබිය යුතුව තිබුණේ ඒ හැට දහසකට අධික ඝාතනයන්ටය.

සිංහල ජාතිවාදීන්ට මතක් කර දෙනවා නම් මරා දැමුවන්ගෙන් සියයට අනුනවයක්ම දකුණේ සිංහලයන්ය. බුඃද්ධාගම් අන්තවාදීන්ට මතක් කර දෙනවානම් තිස් අවුරුද්දක කාලයක යුද්ධය අතරතුරදී මරණයට පත්වූ හාමුදුරුවන් සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් එම කාලය අතරතුර ආණ්ඩුවේ නිල හා නොනිල හමුදාවන් අතින් මැරුම් කෑහ. අල්ලා ගත් සිංහල තරුණීයන් සියල්ලම පාහේ වරක් හෝ කිහිපවරක් තිනව හෝ කණ්ඩායම් වශයෙන් දූෂණය කරණ ලදි. අත් අඩංගුවට පත් බොහෝ දෙනා ඝාතනය කිරීමට කලින් අමානුෂික ලෙස වධ බන්ධනයට පත්විය. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු තමන්ගේ නායකයින් සියල්ලම ඇතුළුව මරා දැමු මේ හැට දහසට වැඩියෙන්ම ගොදුරුවූයේ ජවිපෙට කෙළින්ම සම්බන්ධ වූ හෝ සහය දුන් තරුණ තරුණියන්ය. මෙය දකුණේ එවකට අප අත්වින්ද යථාර්ථයයි. යමෙකුට අවස්ථාවදීව උවමනාවෙන් අමතක කළ හැකි වුවද මෙය කිසිදු ලෙසකින් අමතක විය නොහැකි ම්ලේච්ච ඛේදවාචකයකි.

එහෙත් පසුගිය වකවානුවේ ජවිපෙ උඩියටිකරු වී කොටි සංවිධනය සමූල ඝාතනය කිරීම සඳහා මේ ආණ්ඩුවේ මිනීමරු හමුදා රණවිරුවන් ලෙසින් අබිසෙස් කරණ ලද්දේ කිසිම හිරිකිතයක් නැතිවය. ඔවුන් ආණ්ඩුවේ හමුදාවන්ගේ සුචරිත භාවය විනීත කම සාක්කි ඉදිරිපත් කරන්නට තරම් යුහුසුළු විය. රණවිරුවන්ට සෙත් පත් බෝධි පූජා පවත්වන්නට ගම්වල ජවිපෙ සාමාජිකයින් යොමුකරවන ලදි. හමුදාව හා සටන් කිරීමට තමන්ගේ රතු හමුදාව එවන්නට සූදානම් බැව් සෝමවංශ-කුමාර්ලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළෝය. තම සහෝදර සහෝදරයින් ඝාතනයට ලක් කරණ ලද මිනීමරු හමුදා මෙහෙය වන ඔය කියන නව ලිබරල් වාදයේ පළමු ඉනිමේ ඒජන්ත මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට හා යුද්ධය අවසන් වනතුරු බලය පවත්වා ගැනීම සදහා මෙම ජවිපෙ සිය කොන්දේසි විරහිත සහය දුන්නේය. පුබුදු ජයගොඩ යනු එම ජවිපෙ  හි මධ්‍යම කාරක සභාවෙහි සාමාජිකයෙකි. මෙම ක්‍රියාවලීන් සඳහා ඔහුගේ දායකත්වය හා ඔහු ගේ  පෙසපෙ නායක කුමාර්ගේ දායකත්වය එවකට අති ප්‍රබල විය. කෙලවර වන්නෙ හමුදා ආණ්ඩුවකින් බැව් දැන දැනත් මොවුන් එයින් නොනැවතී තවත් යුද අපරාධකරුවෙකු වූ සරත් ෆොන්සේකා බලයට පත් කීරීම සඳහා ද ඇපකැප වූයේය. ඔහුගේ නිවසේ පැවති කාර්යාලයේ මාධ්‍ය කටයුතු මෙහෙය වූයේ ද පුබුදු ජයගොඩ විසිනි.

මාතලේ ඝාතන සම්බන්ධව රණවිරුවන්ට එරෙහිව පැමිණිලි කරන්නට ඇඳුමක් හැඳන් යා නොහැකි බැව් පුබුදු ජයගොඩ ට තේරුම් ගොස් තිබුණා විය හැක.

5 comments:

  1. කාගෙ කාගෙත් මුඛ පූට්ටු!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලාංකීය වමේ ව්‍යාපාරය පසුගිය කාලයේත් වර්තමානයේත් කොටස් දෙකකට වෙන්ව ඇත එනම් සිංහල බෞද්ධ ජාතිවාදයට නැබුරු කොටස සහ දෙමල ජාතිවාදයට නැබුරු කොටස යන්නෙන් අප හදුනාගෙන ඇත. ස්වයන් තීරණ අයිතිය පදනම් කරගෙන දෙමල ජාතිවාදය පදනම් වී ඇති අතර එහි ඉලක්කය වී තිබුනේ ඇති දක්ශිනාන්ෂික රජයක් බිහි කිරීමය. ඔවුන්ගේ ආර්ථික උපායමාර්ග අනුගමනය කලේ සින්ගප්පුර්වේ මොඩලයය. ඔවුන් ප්‍රධාන වසයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ නිලනොලත් සහය ලබාගෙන සිටියේය. සිංහල බෞද්ධ ජාතිවාදයද එසේමය.

    උතුරේ පැවති යුද්දය සබදිව (දෙපාර්ශවයේම) සිදු වූ මිනිස් ඝාතනත් ,මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සබදිවා ඉතා ඉහල සංවිධානාත්මක ජාත්‍යන්තර තලයේ විරෝදයක්, අප්‍රසාදයක් පවතී එයට අපගේ කිසිදු විරෝදයක් නැත. එය මිනිස් සමාජයේ ධනාත්මක වර්ධනය සදහාත් නිදහස සදහාත් ප්‍රගතිශීලී ප්‍රවේශයකි.

    නමුත් මෙම ලියුම් කරු ඉතා උවමනාවෙන් යටපත්කරන කරුණ වනුයේ ජනතා විමුක්ති පෙරමුණ විදිහට 1971 දී දිවිදුන් සොහොයුරන්ගේත් 1980 අග වකවානුවේ දිවිදුන් සහෝදරයන් වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ හෝ ලාංකීය භුමිය තුල පවා එවැනි හඩක් නොමැති වීමය. මෙම ලියුම් කරුද ඇතුළුව උතුරේ යුද්දයේදී ඇති වූ මිනිස් අයිතිවාසිකම් කඩවීම සහ ඝාතන ගැන කතාකලද 1971 සහ 1980 අගවකවනුවේ සිදු වූ එවැනිම පසුබිම ගැන දෙබඩි ප්ලිවෙතක් අනුගමනය කරන බව අපගේ වැටහීමය.ඒ වගේම 1971 සහ 1980 වකවානුවේ ඔවුන් සමස්ථ ලාංකීය නිර්ධන පන්තිය වෙනුවෙන් දිවිදුන් පිරිසක් වනවා සේම ඔවුන් සමාජවාදය වෙනුවෙන් අතිශය දුෂ්කර තත්වයන් යටතේ සටන් කල අයද වන්නෝය. ඒ අගේම 1980 වකවානුවේ ඔවුන් සටන් කලේ පැවති ධනපති රජය සමග උතුරේ කොටි සංවිධානයද එවකට පැවැති ධනපති රජය සමග යුද්ධයක නිරතව සිටින අවදියකය.

    පසුකාලීනව එම ව්‍යාපාරයම තමුන්ගේ මතවාදය පසෙකලා ජාතිවාදීන් සමග ලියුම් කරු සදහන් කරන ජාතිවාදී ප්‍රවණතාවන්ට යොමු වනවිට අභ්‍යන්තරව දීර්ග සටනක් කිරීම තුලින් වමේ ව්‍යාපාරය වෙත නව ප්‍රවේශයක් ලබාදෙන්නට එම ව්‍යාපාරය තුලින්ම පිරිසක් බිහිවීමත් තම අතීත ක්‍රියාමාර්ග දෙස විචාරශීලී , ස්වයන් විවේචනයක් රටට ඉදිරිපත්කර එය තවදුරටත් සාකච්චාව සදහාත් ,අලුත් දෙය එකතු කිරීමටත් ඉඩ ප්‍රස්ථා ඇතිකරලීමත් අප දකිනුයේ වමේ ව්‍යාපාරයේ පරමාදර්සයන් සැපයීමක් වගේම ධනාත්මක ප්‍රවේශයක් විදිහටය.

    වමේ වයාපාරය NGO හෝ බටහිර හෝ UNO හෝ වෙනත් අධිරාජ්‍ය වාදීන්ගේ ඇටයුමක් ඉදිරියේ දන නොගසවා, එය එම බිමෙහි නිර්ධන පන්තියෙහි සමගියත් ,නිර්ධන පන්තිය ජයග්‍රහණයත් දක්වා මහෙය වීමේ අවශ්‍යතාව අප අවධාරණය කල යුතු වේ.

    මිනිසාට වරද වටහගැනීමටත් එය නිවැරදි කරගෙන නව ජවයකින් වැඩකිරීමටත් ඇති අයිතිය ප්‍රශ්න කල නොහැක.

    නමුත් මේ හැම ඝාතනයක්ම මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය වීමක්ය. ධනපති කුලී හමුදාවනටමේ කිසිවක් අවශ්‍ය නැත, ඔවුන් ධනපතියාගේ පැවැත්ම වෙනුවෙන් අනසක ඉටුකරයි එයත් සමග සටහන තබන මමද එකගය.

    ReplyDelete
  4. ~ශ්‍රී ලංකාවේ සමාජවාදය වලපල්ලට ඇද දැමූ වාමංශික පක්ෂ~

    ඉස්සර ලංකාවේ මිනිස්සුන්ට සමාජවාදීන්ව පෙනුණේ පීඩිත පන්තියේ දුක තේරෙන,මානව දයාවෙන් යුත් ජනතාව වෙනුවෙන් සටන්වදින අවංක පුද්ගලයන් හැටියට.නමුත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජය සමාජවාදය දකින්නේ අමනයන්ගේ දර්ශනයක් හැටියටය.සමාජවාදීන්ව නිතර මිනිසුන් පිළිකුල් කරනවා.ඇත්තෙන්ම මේ සංක්‍රාන්තියට මග පෑ හේතුව මොකද්ද?

    කියන්න කණගාටුයි,අද ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය බල්ලට ගිහින්.ඒකට ප්‍රධානතම හේතුව වාමංශික පක්ෂ වල දේශපාලඥයන්ගේ වගකීම් රහිත,අත්තනෝමතික ක්‍රියාකලාපයයි.රෝහණ විජේවීර වැනි උතුම් අරමුණු සහිත වාමාංශික දේශපාලඥයන් අද සොයාගන්නට ඉතා අපහසුය.ශ්‍රී ලංකාවේ සමාජවාදීන්ගේ බලකණු ‍යැයි හැඳින්වෙන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද නිකන් ම නිකන් පුස්සවල් බවට පත් වී ඇත.සියයක දෙසියයක පිරිසක් වත් රැස්කරගෙන රැස්වීමක් පවත්වන්නට බැරි තරමට ජනතා විමුක්ති පෙරමුණ අසරණ වී ඇත.එයට හේතුව ඔවුන්ගේම ක්‍රියා පටිපාටියයි.සමාජවාදය සහ ආගම පටලවා ගනිමින් ජෝසප් ස්ටාලින් ගේ අනාගමික ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පන්සල් පල්ලි වලට ගිනිතියමින් පූජ්‍ය පක්ෂයට ගරහමින්,ඔවුනට හිරිහැර කරමින් "ආගමක් අවශ්‍ය නැතැ"යි කියමින් ඩෙඟා නැටූ හැටි අපට තවමත් මතකය.එමෙන්ම 89යෙ විප්ලවය මුදලට පාවාදුන්න ජ.වි.පෙ සාමාජිකයන් බොහෝමයක් සිටියා.විප්ලවවාදීන් අතර අසමගිය පතුරුවමින්,සාමාන්‍ය ජනතාව හා විප්ලවවාදීන් අතර ගැටුම් ඇති කරමින් විප්ලවය පාවදුන්න ජ.වි.පේ සාමාජිකයන් බොහෝමයක් සිටියා.කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී පක්ෂයට නව විප්ලවවාදි බලවේගයක් සෑදීමට ඕන තරම් කාලය හා ශ්‍රමය තිබුණි.එහෙත් ඔවුහු ඒ කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකළහ.කෙසේ හෝ ඡන්ද ටිකක් අරගෙන,පාර්ලිමේන්තූ ආසන කිහිපයක් ලබා "සොමියේ" සිටීම ඔවුන්ගේ අරමුණ විය.පීඩිත ජනතාවගේ දුක් අඳෝනා ඡන්ද බවට පත් කරගන්න ඔවුන් නොකළ දෙයක් නොමැත.විශ්ව විද්‍යාල සිසුන්ට බොරු විප්ලවයක් මවා පාමින් පෝස්ටර් අලවන්නට සහ වෙනත් තුට්ටු දෙකේ වැඩවලට ඔවුන්ව යොදාගනිමින් තම තමන්ගේ මඩිය තර කරගන්න දඟලන වාමංශික පක්ෂ සාමාජිකයන් ජනතා බලවේගයක් තනන්න සිතන්නෙවත් නොමැත.මන්ද ඔවුනට එතකොට "සොමියේ" සිටීමට නොහැකි බැවිනි.

    එදා රෝහණ විජේවීර වැනි විප්ලවවාදීන් උගුරේ ලේ රහ වැටෙනකන් පීඩිත පන්තිය වෙනුවෙන් කතාකරපු හැටි ඔවුනට අමතකය,එදා විජේවීරලා,ගමනායකලා විප්ලවය වෙනුවෙන් ආරක්ෂක අංශ වලින් බැට කෑ හැටි ඔවුනට අමතකය.බටලන්දෙදී අහිංසක පීඩිත පන්තිය වෙනුවෙන් විප්ලවවාදීන් 60,000ක් තම ජිවිත පුද කල හැටි ඔවුනට අමතකය.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදුණු සමාජවාදී විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් ඔවුහු වචනයක් වත් කතා නොකළහ.ඔවුන් 1990 සිට මේ දක්වා කරේ ආණ්ඩුවේ ඇද කුද හොයමින් ඒවා සටන්පාඨ කොට තමන්ට ඡන්ද කිහිපයක් ලැබීමට සැලැස්වීම පමණි.

    කොළඹ හතේ මන්දිර වල ජීවත් වන,ප්‍රාඩෝ වලින්,බෙන්ස් වලින් යන,ෆයිව් ස්ටාර් හොටෙල් වල "විප්ලව" කරන,ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවෙ ඉඳන් විප්ලව ගැන බයිලා දොඩන මෙවැනි නමට පමණක් වාමාංශිකයන්ට තවත් අපි රැවටෙමුද?සමාජවාදය ඩොලර් සත වලට පාවාදුන්න මෙවැනි පුද්ගලයන් නව ජනතා බලවේගයක් ආරම්භ කරන දවසට ඉර බටහිරෙන් නැගෙනු ඇති බව නොඅනුමානය.

    තවත් මෙවැනි ඉත්තන් වී පලක් නොමැත,නව ජනතාවාදී බලවේගයක් තැනීමට කාලය පැමිණ ඇත.වාමංශික පක්ෂ වලට කඩේ නොයන මේ රටට සැබවින්ම ආදරය කරන,පීඩිත පන්තිය වෙනුවෙන් අවංකව සටන් කිරීමේ වුවමනාව ඇති සමාජවාදීන් මේ රටේ තවමත් සිටිනවා.ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන නව ජනතාවාදී බලවේගයක් තැනීමට දැන් කාලය පැමිණ ඇත.

    -නව විප්ලවවාදයේ ගිනිසිළුව

    https://www.facebook.com/pages/%E0%B6%B1%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80/472239589514094?fref=ts

    ReplyDelete
  5. ~ශ්‍රී ලංකාවේ සමාජවාදය වලපල්ලට ඇද දැමූ වාමංශික පක්ෂ~