A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කහ සිවුරු කල්ලි


අපේ මහ ගෙදර තිබුණේ පිරිවෙනක් අසලම බැවින් සුබ වැඩකට අපි ගෙදරින් එලියට බහින කොට අපේ අම්මා නිතරම කිව්වේ හාමුදුරුවො කෙනෙක් එනවා නම් මඟ ඇරල පලයං කියාය. හාමුදුරුවො දැක්ක දැක්ක තැන කෙනෙක් දණ ගහල වඳින අපේ අම්මා එහෙම කියන්නේ මොකදැයි ඒ දවස්වල අපට තිබුනේ පුදුම කුතුහලයකි. ඒත් අපේ අම්මා පෙර මඟට හාමුදුරුවො කෙනෙක් දකින එක මූසල බැව් කියා ඇත්තේ මන්දැයි අද වන විට අපි හැමෝටම හොඳින්ම තේරේ. දවසින් දවසම හාමුදුරුවෝ කියන ජාතිය දෑසට නොපෙනී ඉන්න එක තරම් වාසනාවක් තවත් කොහෙන්දැයි යන්න අපට ඒ උනනාන්සේලාම තේරුම් කර දෙති.

බොදු බල සේනා, රාවණා පරපුර, සිංහල රාවය වැනි එකී මෙකී නොකී රජයේ හෝ රජයේ අනෙකුත් පාර්ශවයන්ගේ ආශිර්වාදය හා ආයෝජන මත ඇවිස්සෙන මෙම අළුගුත්තේරු නිකායන් මේ රටෙහි මොන යම් හෝ සදාචාරයක් සංස්කෘතියක් ඉතිරි වී ඇත්නම් එයත් සදහටම කුඩුපට්ටම් කර දමමින් තිබේ. ජාතිවාදය හා ආගම්වාදය යනු ඕනෑම තැනක ඉතා ලේසියෙන් ඇවිලිය හැකි දේවල්ය. ඒසේ අවුළුවා දැමීමෙන් සිදුවන හානිය ගිනිය නොහැකි තරම් බැව් ලෝක ඉතිහාසය පුරාම උදාහරණ වලින් සපයයි. එබැවින් ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම ඉඩ නොදී සිටීම බුද්ධිමත් දේශපාලකයින්ගේ වගකීමයි. එහෙත් අපට සිටින්නේ තමන්ගේ සුඛ විහරණය උදෙසා පාලකයින්   පස්ස පැත්ත මදියි නොකියන්න ලෙවන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා තමන්ගේ දෙපා මුලම ඕනෑම ආකාරයේ විනාශයක් සිදු කරණ ජාතියේ හැතිකරයකි. මෙය ආරම්භ වූයේ චම්පික රණවක මහ දායකයා මූල් වී හෙළ උරුමයේ සංඝ පරපුර දේශපාලනයට ඇද ගෙන ඒමත් සමඟය. රණවක සාමය උදෙසා යුද්ධය පෙන්වා නාගරික මධ්‍යම පංතිය තුළ ජාතිවාදය අවුස්සද්දී කුමාර්-සෝමවංශ පරම්පරාව ගමේ ගහේ පොල් කඩපු සුමනේරිස් මාමාවත් ජාතිවාදී තාප්පයට තියා ඇණ ගැහුවේය. 2009 මැයි වන විට මේ අයට පිං සිද්දවෙන්නට රටම සිටියේ ජාතිවාදයෙන් වයින් වූ සිංහල රූකඩයන් මෙනි.

ඉන්දියන් සාගරය පිරිසදු කරගැනීම උදෙසා මේ රටෙහි ජාතිවාදය ඇවිලීම චීන හා බටහිර උවමනාවක් වූවා සේම ආගම් වාදය ඇවිලීමේ වෙන උවමනාවන් ඇත්නම් එය ද ඉදිරියේ දී යම් මොහොතක හෙළිවනු ඇත. ඒ කෙසේ වෙතත් වයින් අවසන් වී නිශ්චල වූ ශරීර යලිත් සෙලවිය යුතුව තිබේ. ආණ්ඩුව ඒ සඳහා මේ පාර රණවකලා හරහා එලියට ගත්තේ ආගම්වාදයයි. තවදුරටත් දෙමළ විරෝධයක් ඇවිලිය නොහැකි බැවින් දෙමළ විරෝධය මේ වන විට අදෙන්නේ මුස්ලිම් විරෝධය ගොඩ නඟනු පිණිසය. හලාල් ගැලවීම, මුස්ලිම් වෙළෙන්දන් වැට්ටවීම මේ වනවිට මුස්ලිම් වරුන් රටෙන් එළවීම දක්වා පැතිර ගොස් තිබේ. අහිංසකයින් ගේ ආගම ලෙසින් ලොව ප්‍රචලිතව ඇති බුද්ධාගම “වරෙං ඩෝ“ මැර ආගමක් දක්වා වෙනස් වී ඇත. බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන  සංඝ පරපුරක්  බිහිකරන බැව් මේ නිකායෝ පවසති. මේ පරපුරේ හැසිරීම සහ පාරේ අජරාමරේට බීලා කුණුහරුපෙන් බෙරිහන් දෙන මිනිසුන්ගේ වෙනසක් ඇත්නම් කියා දෙනු මැනවි.

රටේ පුරවැසියන් මෙන්ම දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් අන් අයගේ ගෞවරයට පාත්‍ර වූ මාදුළුවාවේ සෝභිත හා බෙල්ලන්විල විමලරතන වැනි හාමුදුරුවන් පවා මේ මොහෙතේ හැසිරෙන්නේ නින්දෙන් මෙනි. හලාල් ලේබල් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වැරැද්දක් ඇත්නම් එය නිවරැදි කරනු විනා අන් ආගමක් අදහන අයට ඇති අයිතිය සළකා හලාල් ආහාර වලට ඉඩ දීම වෙනුවට ඔවුන් පවා ඒ මොහොතේ සිටියේ ඊට එරෙහිවය. මේ හැමෝම ආණ්ඩුව දෙමළු මරද්දී රණවිරුවන්ට පින් දුන්න බව මොහොතකට අමතක කරමු. තමන් පෙනී සිටින තමන් යැපෙන බුද්ධ දේශනාවට අමු අමුවේ පිටින් කල්ලි ගහන සිවුරු කොල්ල කල්ලි වලට එරෙහිව මෙවැනි හිමිවරුන්වත් නොනැගිටන්නේ නම් ගිහි දායකයිනි නුඹලාට වත් ඉතිං සිද්දවෙන්නේ කැති මන්නා අතට ගන්නය.

බුද්ධාගම ආගමක් වශයෙන් පැවතීම හෝ විනාශ වීම අපට වැදගත් නැත.  එහෙත් අප සැලෙන්නේ ඒ ආගම වටා ගොඩ නැඟුණු සංස්කෘතිය, සදාචාරය හා හික්මීම මේ ගනින්නාන්සේලා විසින් නිශ්ශබ්ද සිංහලයාගේ ඇස් පනා පිටම විනාශ කර දමන බැවිනි.  ඡන්ද උරුම හාමුදුරුවෝ විසින් බෝ කරන ලද මෙම විනාශය තුළ බුඃ බල්ලන්  සංවීධානාත්මකව රට පුරා ඇවිලෙද්දී තමන් විසින්ම විනාශ වූ බුද්ධාගම් පරපුරේ සාක්කී ඕනෑ තරම් අපට අසන්නට ලැබේ. බේබදු හාමුදුරාවරු, ස්ත්‍රී දූෂක හාමුදුරුවරු, ළමා අපයොජක හාමුදුරුවරු, මීනීමරු හාමුදුරුවරු, හොරු හාමුදුරුවරු, ධර්ම වෙළෙන්දන් වූ බිස්නස් හාමුදුරුවරු කසාද හාමුදුරුවරු ගැන දවස ගානේ පත්තර වල පලවේ. වැඩි ඈතක් යන්නට කලියෙන් දානෙ පන්සලට නොගිහින් දෙනන්න තරම් හාමුදුරුවන් අප්‍රසන්න වන කාලයක් ළඟදීමඋදාවෙන බව නම් සහතිකය. එ දිනට කන්න හොයාගෙන ගෙවල් ගානේ එන මේ සිවුරු කෑලි දකින විට ගම් වල ගෑනු ගෙවල් ඇතුලේ තමන්ගේ දරු දැරිවියන් හංගන ගමන් “ගිහිං උයාගෙන කාපං“ යැයි මූණටම කියන්නටත් මැලි නොවෙනු ඇත.

4 comments:

  1. සැර වැඩියි
    සුලු තරයක් නේද ඔය උම්බෑ කියන්නේ. තවත් පිරිසක් කෙට එළ දෙන්නු වගේ පස්සේ දුවනවා.
    සිල්වත් ගුණවත් හාමුදුරුවරු එමට ඉන්නවා!

    ReplyDelete
  2. මේක තමයි සත්‍යය.ඉතාමත් තීරණාත්මක අවස්ථා වලදී පවා මහ තැන්වල වැඩ සිටින හාමුදුරුවරු නිහඩව ඉන්නව.අද වෙද්දි මුස්ලිම් මුදල් තිබෙන අය යුරෝපාකරයේ රටවලට සහ බැරිම අය මැලේසියාවෙ සෙකන්ඩ් හෝම් ක්‍රමයට රට හැර යාමට පටන් අරගෙන.

    ReplyDelete
  3. ane palayan booruwa yanna. jatiya, agama gana uba danna itigediyak naha.

    ReplyDelete
  4. හොද ලිපියක් මචන්..කියන්ට තියෙන දේ ලුණු මිරිස් ඇතිවම කියල ..තියෙනවා. ඔන්න උඩහින් ෆේස් බුක් බෞද්දයෙක් මතුවෙල තියෙන්නේ.. බුද්දාලම්බන ප්‍රීතියක් මට එන්නේ මුන් වගේ එවුන් දෙක්කහම...කාලකන්නි..!!

    ReplyDelete