A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

චීන්නු දියෙහි කිමිදෙති අහසෙහි ඉගිලෙති


චීනයෙන් ණය අරං චීන සැලසුමකට චීන ඉදිකිරීම් සමාගමකින් චීන කොන්ත්‍රාත්කාරයෝ දාගෙන චීන බඩු වලින් චීනයේ උවමනාවට චිනයෙන් හදපු හම්බන්තොට වරායට කිට්ටුවෙන් චීනයේ ආරාධිතයින් ගෙන්වාගෙන ඔන්න විවෘත කළා චීන ගුවන් තොටුපළ. දැං ඉතිං අපිට තියෙනවා චීනෙට පිං සිද්දවෙන්න මහින්ද රාජපක්ෂ (චීන) වරායක්. මහින්ද රාජපක්ෂ (චීන) ගුවන් තොටුපළක්.

චීන ෂැංග්‍රි ලා හෝටලයක් කිට්ටුවෙන් හදනවලු. චීන්නුන්ට අක්කර දෙදහස් පන්සීයක බදු රහිත කලාපයක් හදනවලු. චීන්නුන්ට වන සතුන් පෙන්නලා සල්ලිත් හොයනවලු. චම්පික රණවක කුක්කා ලව්වා මුස්ලිම් වරුන් අරාබියට එලවලා චීන්නුන්ට  අපි ඔය කියන හෙළය සදහටම විකුණමු.

එක චැනල් එකක් ඇති රටක ගෙදර සාලෙට ටීවී දෙකක් තිබීමෙන් ඇති එකම දෙය අපිට ටීවී දෙකක් තියෙනවා යැයි උදම් ඇනීමට වඩා යමක් නොවන බව නොදන්නා සිංහලයා ණයට අරං හදපු මත්තල කැලේ හදපු  ගුවන් තොටුපළ ගැන කියවමින් අඩම්බරෙන් ඇවිදියි. බහුතරයක් රටේ මගීන් බස් නැවතුමත් නැතිව වැස්සට තෙමෙද්දී  මේ මහ කැළේ ගුවන් තොටුපලක් හැදුවේ හම්බන්තොට වරායට අවශ්‍ය ගමනාගමන-යටිතල පහසුකම් සහා චීන ආණ්ඩුවේ උවමනාවට හා රාජපක්ෂනම ගැසීමට මහින්දගේ උවමනාවට බැව් හීනෙකින් වත් හිතන්නට ඔවුන් අකමැතිය. එහෙම කිව්වොත් ඒකා රටේ සංවර්ධනය ගැන ඉරිසියාවෙන් පෙලෙන එකෙකි.  

එහෙත් භු දේශපාලන තලයේ ඇමෙරිකාව හා ඉන්දියාව මේ පුවතත් සමගින් අවධානය යොමු කර සිටින්නේ කළාපයක් වශයෙන් ගත් කළ දකුණු ඉන්දියානු කළාපයේ චීන රජය විසින් අළුතින් ගුවන් තොටුපලක් ඉදිකිරීමෙන් ව්‍යාප්ත කරණ ලද චීන බල ව්‍යුහය ගැනයි. එමගින් ජාත්‍යන්තරය දැනුවත් වන්නේ ලංකාවට අළුත් ගුවන් තොටුපලක් ලැබීමක් වශයෙන් නොව චීන බලය තව දුරටත් එම කළාපයේ බලය තහවුරු කිරීමෙන් බටහිරට ඇති අවාසිදායක තත්ත්වයන් හා අනතුර ගැන විමසිලිමත් වීම සඳහා පමණි.

කාටූනය ඩේලි මිරර් එකෙන් අහුලා ගත්තෙමු.

3 comments:

  1. කොහොමත් සෙල්ල කතරගම පැත්තෙ කැලයක් එලි කරල,මෙහෙ වැඩට ආපු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම උන කොන්ඩෙ කපපු චයිනා කම්කරුවන්ව දාන්න ලෝකෙ ලොකුම සහ පරිසර හිතකාමී සිර කදවුර දැම්මත් පුදුම විය යුතු නැත.
    >>// ණය ගන්නේ අප කන්න නොව...තොපේ උපදින්න ඉන්න හැතිකරේ සදහාය\\<<

    ReplyDelete
    Replies
    1. Kenji @ Japan අර My life as a gaijin බ්ලෝග් එක ලියන කෙනාද?

      Delete
  2. දැං ශ්‍රී ලංකා නෙමේ චී ලංකා

    ReplyDelete