A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බාලචන්ද්‍රන් හා සිංහරාජයේ ගෝනා


සිංහරාජයේ  ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළ පුවතක් ‘සිංහරාජෙ ගෝනා මැරූ අය අදම අල්ලනු‘ හෙඩිම යටතේ ලංකාදීපයේ පළවී තිබුණි. මෙය සිදුවන්නේ දොළොස් හැවිරිදි දරුවෙක් වූ බාලචන්ද්‍රන් සාහසික ලෙස ඝාතනය කෙරූ පුවත ප්‍රතික්ෂේප කරණ, අනුන් පිට පටවන එහෙමත් නැතිනම් නොදැක්කා සේ සිටින දකුණේ සිංහල සමාජයේ වීම හාස්‍යජනකය.

මෙවැනි යුද අපරාද චෝදනා එල්ලවන විට සියලු දෙනා එක පවුරක් සේ එකමුතු වීම පහුගිය කාලය පුරාම අපට දැකගත හැකිවිය. රාජපක්ෂ ආණ්ඩුව හා ගැටෙන නොගැටෙන සියළු දේශපාලඥයින් හා මාධ්‍ය‍වේදීන් බාලචන්ද්‍රන් ගේ සිද්ධිය ඇතුළු සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන්නේය. අඩුම ගණනේ කොටි සංවිධානය පිට පටවන මෙම බාලවන්ද්‍රන්ගේ මෙම ඝාතනය සිදුවූයේ කුමන පාර්ශවයකින් දැයි සොයා බැලීමට බල කිරීමක් ඉල්ලා සිටීමක් ලංකාවේ දකුණෙන් ඇසෙන්නේ නැත. රනිල් පංතිය වෙනුවෙන් පෙනී සිටින්නේය. සරත් ෆොන්සේකා තමන්ම යුද අපරාධකරුවෙකු බැවින් එයට එරෙහි වන්නේය. යුද්ධය සඳහා කොන්දේසි විරහිත සහාය දැක් වූ ජවිපෙ-පෙසපෙ ඇටිකෙහෙල් කෑවුන් මෙන් සිටින්නෝය. ඉංග්‍රිසියෙන් හා සිංහලෙන් ලියන සිංහල රාජපාක්ෂික මාධ්‍යවේදීහු කතන්දර වවන්නෝය. අධිරාජ්‍ය වේදී කුමන්ත්‍රණ මවන්නෝය.
ප්‍රගතිශීලි යැයි කියාගන්නා අනෙකුත් ව්‍යාපාර මෙන්ම පුද්ගලචරිත වල ස්වභාවයද වැඩිවෙනසක් නැත. බාලචන්ද්‍රන් ව ලංකා ආණ්ඩුවේ අනුදැනුම ඇතිව හමුදා සෙබළුන් අතින් ඝාතනය වූ බවට සැකයක් නැති වුවද එය කෙළින් පවසන්නට ඔවුන් මැළිකමක් දක්වති. පළමුව එළියට එන්නේ ‘හරි හරි කොටි සංවිධානයත් යුද අපරාද කළා‘ එහෙම නැත්තම් ‘කොටි තමයි වැඩියෙන් යුද අපරාද කළේ‘ යන කාරණාවයි. යුද අපරාද වලට දඬුවම් කිරීමට කොටි සංවිධානයක් ඉතිරි වී නැති බවත් මානව හිමිකම් රැකීමට බැඳී සිටින නීත්‍යණුකූල ආණ්ඩුව ට එරෙහි යුද අපරාද චෝදනා සොයා බලා දඬුවම් කළ යුතු වන්නේ දකුණේ සිංහලයින්ගේ ඊළඟ පරමිපරාව බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක ඝාතකයින්ගෙන් රැක ගැනීම වෙනුවෙන් බව ඔවුහු අමතක කරති. කොහොමත් ප්‍රගතිශීලි යැයි කියාගන්නා දකුණේ දේශපාලන මතවාදයන් තීරණය වන්නේ තමන්ගේ විරසක පාර්ශවය පෙනී සිටින මතවාදය මතය.

කුමක් හෝ හේතු මත රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙනෙන යුද අපරාද  ප්‍රතික්ෂේප කරද්දී සිංහරාජයේ ගෝනා වෙනුවෙන් ලංකාවේ දකුණ ඊට වඩා සංවේදීය.

බාලචන්ද්‍රන් යනු කොටි සංවිධානයේ නායකයාගේ දරුවෙකු වීමත් ඔහුව උවමනාවෙන් වෙඩිතබා මරා දමා ඇති බවට ඇති සාක්ෂිත් මරණයට මොහෙතකට පෙරාතුව ලබාගන්නා ලද එම ජීවත්ව සිටින දරුවාගේ සංවේදී ඡායාරූපයත් නිසාවෙන් ඔහු ව මේ මොහොතේ විශේෂිත වන්නේය. නැඟෙමින් පවතින රාජපක්ෂ විරෝධය නිසාවෙන් මෙවර අඩුම ගණනේ පුවතක් වශයෙන් වත් වෙබ් අඩවි කිහිපයක පමණක් මෙම පුවත පළවිය. බාලචන්ද්‍රන් නිමිත්තක්බ වූ කවි කිහිපයක් පුවත් පත්වල පළවිය. අන්තර්ජාලයේ ඒවා හුවමාරුවිය. එහෙත් බාලචන්ද්‍රන් යනු මරා 2007-2009 කාලයේ වන්නියේ දී මරා දැමූ හෝ යුද ප්‍රහාර වලින් මිය ගිය දහස් ගණන් දරුවන්ගෙන් එක් අයෙකු පමණි. ඒ දිනවල දේශපාලඥයින් මාධ්‍ය‍වේදීන් මානව හිමිකම් සංවිධාන, බ්ලොග්/වෙබ් කරුවන් සියළුම පාර්ශවයන් සිටියේ මීටත් වඩා දැඩි අන්ධකාරයේය. එහෙත් කවි වල නිමිත්තක් වීමට වඩා ඔබ්බෙන් බාලචන්ද්‍රන් කුඩා දරුවාගේ ඝාතනය රාජපක්ෂ ආණ්ඩුවේ යුද අපරාද චෝදනා ඔප්පු කර ගැනීම සඳහා බල කිරීමක් දක්වා වූ ඇහැරීමක් දකුණේ සිංහල ප්‍රගතිශිලීන් විසින් සිදුවිය යුතුය. 71, 1987-1989 හා  2007-2009 සමූල ඝාතනයන් නැවත වර නැඟුනොත් එය සිදුවන්නේ අද දවසේ නිහඬව හිඳින ප්‍රගතිශිලීන්ගේ දරු දැරිවියන් වෙත බැව් ඔවුහු අමතක කරන්නේ නම් එය ඔවුන්ගේම අවාසනාවකි.

 ඒ කෙසේ වෙතත් දෙමළ හෝ සිංහල දොළොස් හැවිරිදි කුඩා දරුවෙක් අඩුම ගණනේ කැලේ සිටින ගෝනෙකුටත් වඩා අහිංසක බැව් ලංකාවේ දකුණට තේරුම් යා යුතුය.

2 comments:

  1. ඔය මරාදාපු අසරණ ගෝණා ගේ තාත්තා හොඳ ගෝණෙක්. ඒකයි වෙනස. මේක වඳ කෙසෙල් මොටයි තියරියේ විලෝමය.

    ReplyDelete
  2. දැනගනින්, ගඳපාන ගහ කියන්නෙ ආක්‍රමනශීලී ශාකයක්, මහගස් ඉගිල්ලුවට වැඩක් නැහැ, පොඩි ඒවත් ලොකු වෙනව. ඒවත් උගුල්ලන්න ඕනේ.

    පොඩි එකා උනාට මරලා දාපු එකම තමයි හොඳ, නැත්තන් පස්සට කරදර වෙන්න ඉඩ තියෙනවා.

    උඹට සිංහල පොඩි උන් සිය ගනන් මරල දානකොට ඔය දුක තිබ්බෙ නැත්ද ( එතකොට බ්ලොග් තියෙන්න නැතුව ඇතී)

    - මම අවංකවම ජාතිවාදියෙක්

    අනිත් එක හැම දේම තේරුම් ගන්න ඕනේ දකුන විතරද බූරුවො

    ReplyDelete