A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

චයිනීස් ස්ටයිල්


කඩින් කඩ දුවන නොදුවන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය චීනයට ලබා දීමට විදුලි බල මණ්ඩලයේ ඉහල පුටුවල සූදානමක් ඇතත් එය එසේ නොවන බව නව ඇමතිනී පවිත්‍රා දේවිය පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශකර තිබුණා. චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1350 ණයමුදලක් යටතේ චීන සමාගමක් විසින් ම ගොඩනංවන ලද මෙම බලාගාරය නිසා ඉහග තැන්වල බොහෝ දෙනෙකුගේ කල්ල මරේ වුවත් බලාපොරොත්තු වූ පරිදි විදුලිබලය නිපදවීමට නොහැකි වුණා. බලාගාරය දුවන්නේ කොයි මොහොතේ නවතීදැයි නොදැනයි. පවිත්‍රා දේවිය ගේ කතාව කෙසේ වෙතත් චීනය මෙය පවරා ගැනීමට අවශ්‍ය තටයුතු සිදුකරමින් සිටින බව විදුලිබල මන්ඩලය ඇතුලෙන් ඇහෙනවා. කොහොමත් පවිත්‍රා දේවිය විදුලි බල මණඩලයට ආණ්ඩුව විසින් පත් කරණු ලැබූවේ මහින්ද ට අවශ්‍ය දේවල් කන්කරච්චලයක් නැතිව කරගැනීමට බැව් රහසක් නොවේ.

ණය ලබා දීම-ව්‍යාපෘතිය අසාර්ථකවීම-පවරා ගැනීම යන ක්‍රමවේදය චයිනීස් ස්ටයිල් එක බව සඳහා වූ අළුත්ම සාක්ෂිය පකිස්ථානයේ ග්වාදාර් වරාය පහුගියදා වීන රජය වෙත ලබා දීමෙනුයි. ඉන්දියානු සාගර කලාපයේ නාවුක වරායන් ඉදිකිරීමේ සැලැස්ම (String of Pearls) තුළ ග්වාදාර් වරාය මෙන්ම හම්බන්තොට වරායද තිබෙනවා. ග්වාදාර් වරාය ගොඩ නැංවූයේත් චීන ණය ආධාර යටතේ. පකිස්ථානයේ එවකට සිටි ජනාධිපති මුෂාරෆ් ඇමෙරිකාව සතුටු කිරීමට වරායේ පරිපාලනය සිංගප්පූරු සමාගමකට පිරිනැමුවත් චීනය විසින් පකිස්ථානයේ දැන් සිටින ජනාධිපති සර්දාරී සමඟ එකතු වී එය තමන් සතුකර ගැනීමට සමත් වූවා. එම පවරාගැනීමට හේතුව වශයෙන් සදහන් වෙන්නේත් ග්වාදාර් වරාය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් එමඟින් ලාභ ඉපයීම නොහැකි බවත්ය. එමෙන්ම සිංගප්පූරු පී.එස්.ඒ. සමාගම එලවා දැමීමට අවශ්‍ය වටපිටාව නියමිත වේලාවේදී පකිස්ථානය විසින්ම සකසා දෙනවා.

ණය ලබා දීම-ව්‍යාපෘතිය අසාර්ථකවීම-පවරා ගැනීම යන චයිනීස් ස්ටයිල් එක නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ට මෙන්ම හම්බන්තොට වරායටත් අදාලයි. චීනය සමඟ මඩිය තර කර ගැනීමේ ගනුදෙනු සඳහා පකිස්ථානයේ ජනාධිපති සර්දාරී මෙන්ම ලංකාවේ මහින්දත් ප්‍රසිද්ධයි. ඒ අනුව මේ ව්‍යාපෘතීන් චයිනීස් ස්ටයිල් එකේ ගොදුරු බවට පත්වන බව නොඅනුමානයි. අපට ඇත්තේ මෙම පවරා ගැනීම් සිදුවන දවස් ගැන අවබෝධයක් නැතිකම පමණි.

චීනයට අවැසි විදුලි බලය-අධිවේගී මාර්ග-ගුවන් තොටුපල වැනි යටිතල පහසුකම් ඔවුන්ගේම ආධාර යටතේ සීඝ්‍රයෙන් වැඩි දියුණු කරගනිද් දී හම්බන්තොට වරායේ සිදු කිරීමට නියමිත නාවුක කටයුතු වලට අමතරව චීන නැව් සඳහා වූ තෙල් ගබඩා සංකීර්ණය ද ඉන්දියානු සාගර කලාපයේ මුහුදු කොල්ලකරුවන් ට එරෙහිව චීන මිලිටරි මූලස්ථානය පිහිටුවීම ද අද දවසේ භු දේශපාලනික තත්වයන් අනුව නොවැලැක්විය හැක්කක්.

විශාල කර බැලීමට රූපය මත ක්ලික් කරන්න

No comments:

Post a Comment