A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ටිල්වින් සහ ලෙනින් මොරායස්


මෑතක දී පැවැත්වුණු ලෙනින් මොරායස් ගුණානුස්මරණ කතාවකින් කොටසක්.

“සහෝදර සහෝදරියනි, ලෙනින් මොරයස් නියන්නෙ වෙනින් කවුරුත් නෙමෙයි සිංහල සිනමාවේ සිටි දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නිර්මාණශීලි කැමරා ශිල්පියෙක්. මේ ලෙනින් මා කිසි කලක දැක නෑ සහෝදරවරුනි. ඒත් ඔහු තැනූ චිත්‍රපට 15 ම මම නරඹා තියෙනවා.මතකද සහෝදරවරුනි  ඔහු එදා අධ්‍යක්ෂණය කළ සූරයන්ගෙත් සූරයා, අභිරහස, එදත් සූරයා අදත් සූරයා, හොඳම වෙලාව, හොඳයි නරකයි, ඔන්න බබෝ බිල්ලෝ එනවා, ආවා සොයා ආදරේ, ඔන්න මාමේ කෙල්ල පැනපි, සූරයා සූරයාමයි, හිතුවොත් හිතුවාමයි, ආදරෙයි මං ආදරෙයි, හිත මිතුරා වැනි සිනමා පට නැරඹූ  අපිට ඒ නිර්මාණ වෙනින් කාගේවත් නොව ලෙනින් මොරායස්ගේ බව සක්සුදක් සේ වැටහුණා.

එහෙව් ලෙනින් මිය ගොස් මේ 28 වැනිදාට අවුරුදු හතක් වෙනවා සහෝදර සහෝදරියනි. වෙන ලෙනින්ලාට වඩ මා මේ ලෙනින්ට කැමැතියි. දැං ඉන්න බොරු චිත්‍රපට අධ්‍යක්ෂක කුකුල් පැටවුන්ට මොනවද කරන්න පුළුවන්. මම අභියෝග කරනවා පුළුවන්නම් මේ කුකුල් පැටවුන්ට ඔන්න බබෝ බිල්ලෝ එනවා වගේ එක බයිස්කෝප් එකක් හදල පෙන්නන්න“


මේ ටික ලිව්වෙ පස්සෙ.

තමන්ගෙ පවුලෙම අන්ත දූෂිතයින් වටකර ගෙන ඉන්න මහින්ද රාජපක්ෂට  “දූෂිතයා කොතැන හිටියත් දඬුවම් කරනවා“ කියලා කියන්න ලැජ්ජාවක් නැත්තම්  වී.අයි. ලෙනින් කියන ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාගේ-මාක්ස්වාදියාගේ දර්ශනය හෝ ක්‍රියාපිළිවෙත අබමල් රේණුවක් තරමකටවත් පිළිපදින්නෙ නැතිව අවස්ථාවාදී-ජාතිවාදී-සිංහල-කළුතර ටිල්වින්ට වී.අයි. ලෙනින් සහෝදරයා ගැන සමරු දේශනයක් කරන්න ඇයි බැරි කියල ඇහුවොත් අපිටත් උත්තර නෑ තමයි.

ලෙනින් මොරායස් ගැන විස්තර සරසවි පත්තරේ තියෙනවා.

3 comments:

  1. සැබෑ ලෙනින් වුවත් කයිය තරම් කෙරුවාව යහපත් ලෙස කළැයි කිව නොහැකිය.විප්ලවයෙන් පසු පවතී පළමු පාර්ලිමේන්තු රැස්වීම පාදඩයන් ලවා කඩාකප්පල් කිරීම,රුසියන් මුස්ලිම් වරුන්ට කල හිරිහැර ආදිය ලෙනින්ගේ තරම කියා පායි.

    ReplyDelete
  2. සැබෑ ලෙනින් වුවත් කයිය තරම් කෙරුවාව යහපත් ලෙස කළැයි කිව නොහැකිය.විප්ලවයෙන් පසු පවතී පළමු පාර්ලිමේන්තු රැස්වීම පාදඩයන් ලවා කඩාකප්පල් කිරීම,රුසියන් මුස්ලිම් වරුන්ට කල හිරිහැර ආදිය ලෙනින්ගේ තරම කියා පායි.

    මේ කියන කතාව සාධක සහිතව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete