A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

තණ කොළ


මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක්.

දවසක් දා හැන්දෑවක ධනවත් නීතිඥයෙක් තමන්ගෙ සුඛෝපභෝගී රථයෙ පිටුපස ආසනයේ සැපපහසුව වාඩි වෙලා නිවස බලා ගමන් කරද්දී දුප්පත් මිනිහෙක් පාරෙ අයිනක අතින් ගලව ගලවා තණ කොළ කකා ඉන්න ශෝකජනක සිද්ධියක් දැක්කා. ඩ්‍රැයිවර්ට ඉක්මණට වාහනේ නවත්වන්න කිව්ව නීතිඥයා වහාම අර මනුස්සයා ගාවට ගියා පාර පැනලා ගියා.

‘ඔහේ මොකද මේ පාර අයිනෙ තණ කොළ කන්නේ‘

‘අපිට කෑම අර ගන්න කියලා සල්ලි නැහැ මහත්තයෝ......‘

‘ඔහ්...ඇත්තද... එහෙනං යං මාත් එක්ක අපේ ගෙදර....‘

‘අනේ මහත්තයෝ... මගේ ගෑනියි දරුවො තුන්දෙනයි?‘

‘හරි හරි... ඒ ගොල්ලන්වත් අරගෙන එනවා ඉක්මණට...‘

ඔක්කොම කට්ටිය වාහනේට නැග ගත්තා. බොහොම සතුටු වෙච්ච මේ මිනිස්සුන්ට මේ සල්ලිකාර නීතිඥ වරයාව පෙනුනේ දෙවියෙක් වගේ.

‘මහත්තයෝ.. ඔබතුමා හරිම කරුණාවන්තයි...බොහොම ස්තුතියි අපිව මෙහෙම එක්කගෙන යනවට..‘

‘අයියෝ ඒක මොකක් ද....මම හරිම කැමැත්තෙන් මේ වැඩේ කරන්නේ.......ඔහේලට පුදුම සංතෝසයක් හිතේවි අපේ ගෙදරට ගියාම.....මිදුල පුරා අඩියකට වඩා උසට වැවිල කොළ පාටට තණ කොළ‘


නාටකය අහවරයි. නීතිඥ සංගමයයි අධ්‍යාපනයට සියයට හයක් ඉල්ලලා අන්තිමට තමන්ගෙ පඩිය වැඩිකරං විතරක් පැත්තකට වෙච්ච විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයයි අතරෙ වැඩි වෙනසක් නැහැ.

3 comments:

  1. නියම කතාවක් යාලු.
    කල දුටු කල වල ඉහගන්න ඔය කස්ටිය හරිම දස්සයි නොවැ .

    ReplyDelete
  2. ලංකාවෙ ජනගහනය මම හිතන්නෙ 20යි 20ස නේද?[20සි කෝටි 20ලක්ෂය]ඒකෙන් 225යි තව ටිකකටයි හැර කන්න වෙන්නෙ තණකොළ තමයි,උඩ බලන් හිටියොත්.

    ReplyDelete
  3. නීතීඥ සංගමය මේකට කෙලින් පෙනී හිටපු නීතීඥවරුත් පාවා දුන්න. විජේදාස රාජපක්ස කියන එකා මහරජා ලග දනින් වැටිලා සමාව ඉල්ලුව. උගේ බිස්නස් රටට වැඩ ඌට ලොකු වුන.

    ReplyDelete