A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගම්වාදය පරදවමු


ලංකාවේ දේශපාලනය කරන මාක්ස්-ලෙනින්වාදී යැයි කියාගන්නා දේශපාලන පක්ෂ වලට සහ වාමාංශික කියල තමන්ම කියවා ගන්න (වෙන කවුරුවත් නම් කියන්නෙ නැහැ) තනි චූන් ගන්න කීප දෙනාට කටක් ඇරල “සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගම්වාදය පරදවමු“ කියල කියන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා. 

ඕක ඇඟේම තියෙන අමාරුවක්. ඒ වගේම ඒක ලංකාව ඇතුලෙ දේශපාලනය කරද්දි සිංහල ජාතිවාදන් ට යටවෙලා නන්නත්තාර වෙලා යයි කියල බයට ඒකට කෙළින් විරුද්ධ වෙන්න බැරි කිචියට අනෙකුත් සුළු ජාතික පක්ෂ වල තියෙන ජාතිවාදයක් කොනකින් හරි ගාවලා ගන්න තරමට අවස්ථාවාදී වෙනවා.

මේක මතක් වුනේ පහුගිය දවස්වල ජවිපෙ, පෙසප මෙන්ම පෙසප දේශපාලනය පස්සෙ ඇදෙන අවිශිබම ත් මේ “අමුතු“ ජාතිවාදයට එරෙහිව කතා කරල තිබුණා. අවිශිබම ගහපු පෝස්ටරේ තිබුණේ “සියළුම ජාතිවාදයන්ට හා ආගම්වාදයන්ට එරෙහිව පෙළගැසෙමු!“. මේක තමයි විජේවීරගෙ පරපුරේම සටන් පාඨය. “සියළුම“ වචනය නැතුව ඒක කියන්න බයයි.

ලෙනින් ට අනුව පීඩිත පන්තියේ ජාතිකවාදය තුළ තිබෙන මහ ජාතියේ පීඩනයට එරෙහිව නැගී සිටීමේ පොදු ප්‍රජාතාන්ත්‍රික අන්තර්ගතය උදෙසා මාක්ස්වාදීන් කොන්දේසී විරහිතව සහයෝගය දිය යුතුව වෙනවා. පීඩිත පන්තියේ ජාතික වාදය හා මහ ජාතියේ ජාතිකවාදය කියන්නේ දෙකක්. එය වෙන්කර හඳුනාගත යුතු අතර මාක්ස් ලෙනින්වාදීන් හැටියට අප පීඩික මහාජාතියේ ජාතිකවාදයට එරෙහිව සටන් වැදිය යුතු අතර පීඩිතයාගේ අරගලය ජාතිකවාදී වුවද එයට හෝ සහයදිය යුතු වන්නේ නිර්ධන පන්තියේ විමුක්තියක් උදෙසා වූ අරගලයක් නිදහස් නොවූ ජාතියකින් බලාපොරොත්තු  විය නොහැක්කක් බැවින්.

පහළ මට්ටමේ සහෝදරයින් පෝස්ටර් ගහනවා ඇරෙන්න වෙන දෙයක් දන්නේ නැහැ. ඉහළ මට්ටමේ අයට මාක්ස්වාදී දේශපාලනයක් පොතකින් පතකින් ඉගෙනගෙනවත් නැහැ. එදා වේල දේශපාලනය අපේ රටේ හැම තැකනටම පොදුයි. අපි මේ රටේ වර්තමාන තත්වය ගැන පොඩ්ඩක් හිතල බලමු. මේ වන විට ඔය දෙමළ ජාතිකවාදය මේ වන විට ලක්ෂයක් මිනිසුන් සමඟින් පොළවටම සමතලා කරල ඉවරයි. බොදු බලු සේනාව අවුස්සන මුස්ලිම් ජාතිකවාදයක් ඇරුණුකොට එතන ලංකාවෙ මුස්ලිම්වරුන් තුළ මොනයම් ආකාරයක වත් ජාතිවාදයක් නැහැ. සාමාන්‍ය බුද්ධියක් ඇති අමු අමු සිංහල ජාතිවාදියා උනත් කියයි මෙතන තියෙන්නේ මහ ජාතිය වූ සිංහලයාගේ ජාතිවාදය හා එම බෞද්ධයන්ගේ ආගම්වාදය බව. ඒක පීඩිත සුළු ජාතිය මත විශේෂයෙන්ම මේ මොහොතේ දෙමළ ජනතාව කරන්න පුළුවන් හැම ආකාරයකින්ම පීඩනයකට ලක්කරමින් තිබෙනවා

ඒත් කොන්ද කෙළින් තියාගෙන “සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගම්වාදය පරදවමු“ කියන්න පුළුවන්කමක් මේ ඊනියා වාමාංශිකයින්ට නැහැ. 

5 comments:

  1. සිංහල-බෞද්ධ අන්තවාදය තමන්ව දකින්නේ පීඩිත පන්තියක් ලෙස වීම විශේෂයෙන් සඳහන් කල යුතුයි. ඔවුන්ට අනුව (සුළු ජාතීන් නිසා) ඔවුන් පීඩාවට පත් වී සිටින බැවින්, සුළු ජාතීන්ට එරෙහිව අන්තවාදය හසුරුවන්නට ඔවුන් ස්වයං වාරයක් තමන්ටම ලබා දී සිටිති. තමන් පීඩිත ලෙස දැකීමට මොළ ශෝධනය කර ඇති බව මදකට පසෙකකට තබමු. සිංහල-බෞද්ධ අන්තවාදීන් ඉදිරිපත් කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නැති වීම මෙතන ලොකුම ප්‍රශ්නයයි. ජනගහනය සම්භන්ධයෙන් හෝ හලාල් සහතිකය සම්භන්ධයෙන් හෝ මතුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ගොතන ලබන දේවල්ය.

    ReplyDelete
  2. සුද්දන්ගෙ වර්ණභේදයේදී කලු මිනිස්සුන්ගෙ ජාතිවාදයක් ගැන කවුරුත් කිව්වෙත් නැහැනෙ

    ReplyDelete
  3. "අවිශිබම ගහපු පෝස්ටරේ තිබුණේ “සියළුම ජාතිවාදයන්ට හා ආගම්වාදයන්ට එරෙහිව පෙළගැසෙමු!“. මේක තමයි විජේවීරගෙ පරපුරේම සටන් පාඨය. “සියළුම“ වචනය නැතුව ඒක කියන්න බයයි."

    එතකොට මුස්ලිම් සහ දෙමළ ජාතිවාදය කියලා කියන්න loopholes බයයිද?


    "මේ වන විට ඔය දෙමළ ජාතිකවාදය මේ වන විට ලක්ෂයක් මිනිසුන් සමඟින් පොළවටම සමතලා කරල ඉවරයි"
    ඇත්තටම ලක්ෂයක් සමතලා කරනවා loopholes දැක්කද? එතකොට දැන් ඉන්න උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අලුතින් ගෙවල් හදන හැටි කෝවිල් හදන එක දැක්කේ නැද්ද? මම ඒ පැතිවල හිටපු නිසා දන්නවා. එම දේවල් ගැනත් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. එතකොට මුස්ලිම් සහ දෙමළ ජාතිවාදය කියලා කියන්න loopholes බයයිද?//ඒක තමයි අපටත් අහන්න වෙන්නෙ.සල්ලිවලට ලියනවනම් ඉතින් කමක් නෑ.එහෙම නැතිනම් න්‍යායාත්මක දිළිදුකම තමයි

      Delete
  4. දැන් මෙතනදි කියනවා දෙමළ ජාතිවාදය ලක්ෂයක් මරල පැරැද්දුව කියල එතනදි වක්‍රාකාරයෙන් පිළිගන්නව සුළු ජාතික ජාතිවාදාය්ක් තිබුන කියල.කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඒකට.හරි එහෙමනම් සුළු ජාතික ජාතිවාදය සාධාරනද.සුළු ජාතික ජාතිවාදයෙන් මත් වෙලා බස් පුපුරවන එක සාධාරනද?

    ReplyDelete