A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හලාල් නොවූ නාමල්


නීති ප‍්‍රවේශ විභාගයේ ප්‍රතිඵල හලාල් වී ඇති බවක් පසුගියදා චම්පික රණවක විසින් ප්‍රකාශ කිරීම මඟින් ඒත්තු ගන්වනු ලැබූයේ මුස්ලිම් ශිෂ්‍යයින් වැඩි ප්‍රතිශතයක් එම විභාගයෙන් සමත් වීම තුළ මුස්ලිම් ජාතිය වෙනුවෙන් යම් කිසි ආකාරයක විශේෂ වරප්‍රසාදයක් ඔවුනට හිමි වී ඇති බවකුයි. එම කතාවෙහි සමස්ථය තුළ ඔහු තුළ ඇති සිංහල ජාතිවාදයේ උන්මත්තකාමී බවද අන් ජාතීන් නොසළකා හැරීමේ මහන්තත්වය ද නොඅඩුව තිබුණි.

නීති ප‍්‍රවේශ විභාගය පමණක් නොව ලංකාවේ සමස්ථ විභාග ක්‍රමයම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සියලලෝම දනිති. ජාති භේදයකින් තොරව වාසිය ලැබෙන පළවෙනි අවස්ථාවේ දීම ක්‍රියාත්මක වී විභාග වංචාවන්ට උදව් දුන් හා ඒවායේ ඵල නෙලා ගත්තවුන් ඕනෑ තරම් ඇත. මෙ රටෙහි බහුතරයක් වූ සිංහල ජාතිය වශයෙන් මෙවැනි දේ වලින් උපරිම ඵල නෙලා ගත්තේ සිංහලයින් වුව ද මෙවර චමිපිකලාට කැක්කුම හට ගත්තේ එ වැනිම හොර වැඩක් (කර ඇත්නම්) මුස්ලිම් වරුන් සිදු කර ඇති නිසාවෙනි. කොටින්ම පැහැදිලි කරතොත් සමස්ථ විභාග නීති රීති සියල්ල පසෙකලා වෙන් කරන ලද සීතල කාමරයක එයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් සහිතව විභාගයට මුහුණ දුන්නා යැයි මාධ්‍යවල පවසා තිබුණු රටේ නායකයාගෙ නාමල නීති විද්‍යාලයේ විභාගයක් වංචා කරද්දී චම්පිකලාගේ මුවෙහි පිරී තිබුණේ අරලිය ගහ මන්දිරයේ අසූචිය. එ දාත් අධිකරණ ඇමතිව සිටියේ මුස්ලිම් ජාතික රාවුෆ් එකීම් මහතාය. එහෙත් එදා චම්පිකට රටේ නාමල හලාල් නොවීය.

විභාග වංචාවක් හෙළි කිරීමටත් වඩා මෙහි ඇත්තේ මේ මෙහොටත් ඇවිලිය යුතුව ඇති මුස්ලිම් විරෝධය ය. මක් නිසාද යත් චම්පිකලාගේ ‘දෙමළ සතුරා’ අද වන විට මතුපිටින් අහෝසී වී ඇති නිසාවෙන් අළුත් ‘මුස්ලිම් සතුරා’ මැවීමේ කාර්යභාරය දැන් ඔවුන් මතට පැමිණ ඇත. ‍එසේ නොවුන හොත් චම්පිකලාගේ දේශපාලන පැවැත්ම ඉතා සීඝ්‍රයෙන් අහෝසි වී යාමට ඉඩක් ඇති බැවිණි.

ජාතිකවාදය-ජාතිවාදය සිංහල දේශපාලනය තුළ ඈත අතීතයේ සිට තිබුණු නමුදු උම්මත්තක ජාතිවාදය සිංහල දේශපාලනය තුළට ප්‍රායෝගිකව රැගෙන ඒමේ හැකියාව තිබුණේ චම්පිකටය. සාර්ථක වූයේ චම්පිකය. උම්මත්තක ජාතිවාදය සදහා වූ  සිංහල ඉල්ලුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණේ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ සිටින අවදියේදීමය. වාද්දුවේ දී පරණවිතානලා-රතනලා සමඟ අත් අඩංගුවට පත්වීමත් සමඟම සිය ජාතිවාදී දේශපාලනය සියුම්වත් පුළුල්වත් විශ්ව විද්‍යාල දේශපාලනය තුළ ව්‍යාප්ත කිරීමට ඔහු සමත් වූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වන විට සිවුර හැඳගත් පරපුරක් වටකර ගෙන ජාතික දේශපාලනය තුළට ද අත ගසා තිබුණි. මොහුගේ උම්මත්තක ජාතිවාදයෙන් උපරිම ඵල නෙලා ගත්තේ මහින්ද රාජපක්ෂ ය. කුමාර්-සෝමවංශ-විමල් මූලික වූ ජවිපෙ තමන් සමඟ උම්මත්තක ජාතිවාදය වෙනුවෙන් එක පෙළට ඉන්දුවා ගැනීම දක්වා ඔහුට සිංහළ පොළව සකස් කර ගැනීමට හැකිවී තිබුණි. සමාජය තුළ පැතිරෙමින් පැවතුණු මෙම ජාතිවාදයට එරෙහිවීමට සිටි ලංකාවේ තාරුණ්‍යය කුමාර්-සෝමවංශ-විමල් ජවිපෙ නමින් කූඩු කර දමා අගුළු ලා තිබූ බැවින් චම්පික මුල් වූ එම ක්‍රියාවලිය රාජපක්ෂ රෙජීමය ට “ඕන මඟුලක් කරගන්නට“ රට භුක්තියට පැවරීමේ සිට දෙමළුන් ලක්ෂයක් මරා දැමීම නිසාවෙන් ලංකාව සඳහා ජාත්‍යයන්තරය වෙතින් “ඝාතන භූමිය“ යනුවෙන් නම් පට බැඳිම දක්වා දිගු විය.

දැන් ඒ ඔහුගේ ජාතිවාද ප්‍රමෝදයේ “දෙමළ සතුරා“ මියැදෙමින් පවතී. දැන් ඇත්තේ අළුත් සතුරෙකු සොයා ගැනීමය. හලාල් විරොධයේ සිට අනෙකුත් මුස්ලිම් විරෝධී නිහීන ක්‍රියාවන් සඳහා පාරට බැස ඇති රොටුඹේ පේමරතන හා ගලබොඩඅත්තේ ඤාණසාරලා කරන්නේ මේ මොහොතේ චම්පිකලාට මහඟු මෙහෙයකි. ශ්‍රී ලංකාව යනු බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයක් සේ සළකා බලය බෙදීමක්  නොව අඩුම ගණනේ සැමට සමානාත්මතාව හිමි විය යුතු යැයි පිළිනොගන්නාතාක් කල් ජයග්‍රහකයෝ වන්නේ කා කොටා ගන්නා සමාජයක් සඳහා උන්මත්තක ජාතිවාදයට නායකත්වය දෙන චම්පිකලාමය.

(හලාල් යනු දෙවියන් වෙනුවෙන් යාඥා කොට ගෙල සිඳ මස් පිණිස සතුන් මැරීමට වඩා දෙයක් නොවන බවත් තවමත් ගෙල කපා සතුන් මැරීමේ සම්ප්‍රදායික ක්‍රම පිළිවෙත් සිදු කරණ ලංකාවේ දෙවියන් සදහා වූ එම යාඥාව හැරණු කොට සතුන් මැරීමේ දී  කිසිම වෙනසක් නොමැති බවත් මෙතුවක් කල් මුස්ලිම් මස් කඩවල මැරූ ගවයින් ගේ මස් අනුභව කෙරූ සියළුම සිංහලයින් මෙතෙක් කා ඇත්තේ හලාල් මස් බවත් කිසිවෙක් නොදනීද? මිල වැඩි නම් හලාල් ආහාර මිල දී නොගෙන සිටීමට සියළුම අය සඳහා අයිතියක් ඇත. එහෙත් හලාල් වලින් මුදල් උපයා ත්‍රස්තවාදීන්ට ආධාර සැපයීමේ බොරු ප්‍රචාර හා හලාල් වලට එරෙහි වීම හා අනෙකුත් සියළුම මුස්ලිම් විරෝධයන්ගෙන් සිදුවන්නේ චම්පිකලාට අවශ්‍ය සිය දෙවන සතුරා මැවීමට අවශ්‍ය අනුබලය පහසුවෙන්ම ලබා දීමයි)

7 comments:

  1. මේ තරම් දීර්ඝ විචාරයකින් පසුව ඔබ කියන්නේ නාමල්ට හොඳ නම් අනෙකා එයම කලානම් එහි වරදක් නැති බවද?.විභාග ප්‍රතිපල නැවත පරික්ෂා කිරීම සුදුසු නොවන බවද.?

    ReplyDelete
    Replies
    1. මෙම විභාගය පමණක් නොව සමස්ථ විභාග ක්‍රමයම පරීක්ෂෘවට භාජනය කළ යුතු බව අපගේ හැඟීමයි. ඔබ කේරුම් ගත යුත්තේ මෙම ලිපිය විභාග ක්‍රමය පුශ්ණ කිරීමට නොව ජාතිවාදීන්ගේ ඊනියා මුස්ලිම් විරෝධයට එරෙහිව ලීයූ ලිපියක් බවයි.

      Delete
  2. ඒ කියන්නේ සියඹලා ගෙනල්ලම නෑ..?

    ReplyDelete
  3. එම ප්‍රශ්ණය වෙනත් ඇසකින් දැකීමකි...

    ReplyDelete
  4. හොදම දේ කොල්ලො තුන් දෙනාගේ "තොන්ගලේ" කපල මමත් ෂරිය සමගයි කියල කිව්වනම් හරි.

    ReplyDelete
  5. මේක ලියපු එකා මොලේ උඩද දන්නෑ ඉදගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උබේ ඔලුව උඩ තමයි ඌ ඉන්නේ. අනේ පලයන් යකෝ යන්න. ලිපියක් කියවල තේරුම් ගන්න බැරි සාක්ෂරතාවක් නැති කාලකන්නි.

      Delete