A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජාතික ගැටළුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය



පසුගිය සතියේ මෙන්ම මීට පෙර වතාවකත් දීප්ති කුමාර ගුණරත්න සිය ත්‍රිමාණ වෙබ් අඩවිය මඟින් ජවිපෙන් වෙන් වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ ජාතික ගැටළුව සම්බන්දයෙන් සිය මතය හෙළිකර නොමැති බැව් සඳහන් කර තිබුණා. මේක තරමක ප්‍රචලිත ප්‍රලාපයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයත් ලංකාවේ ඇතුලේ දී ඉන්නේ ‘තාම කිව්වෙ නෑ‘ මතයෙ වගේ. ඒත් ජාතික ගැටළුව ඔවුන් සම්බන්දව සිය මතය පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා.  වැඩේ තියෙන්නේ ඒ සම්බන්දව ජවිපෙ මතය හා පෙසප මතය අතර කිසි වෙනසක් නැති කමයි. කොහොමත් විජේවීරට පොරකන පොරකෑමට විජේවීරගෙ මතයෙන් එහාට ගිය යමක් දෙගොල්ලන්ටම තියෙන්න විදිහක් නැහැ. මධුසමය ඉවර වෙලා වමේ අනිත් කට්ටිය පෙසප එක්ක තියෙන ගනුදෙනු අහවර කරන්නත් ඒකම එක හේතුවක්.

ඒ අනුව පෙසප කියන්නේ දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් සඳහා ඇති අයිතිය වත් ස්වයං නිර්ණය අයිතියවත් ඔවුන් පිළි නොගන්නා බවයි. පීඩිත ජාතිය සඳහා වූ මෙම අයිතිය ගැන පැහැදිලිවම සඳහන් කලේ 1913 දී ලෙනින්. අඩුම ගණනේ ධනේශ්වර සංකල්පය අනුව වූ සුළු ජාතීන් සඳහා වූ බලය බෙදීමවත් ඔවුන් ප්‍රතික්ශේප කරනවා. එල්ටීටීය සටන් වැදුණු උවමනාව පමණක් නොව එල්ටීටීය විනාශවීම ගැනද ඔවුන් මුළු හදවතින් ම සතුටු වෙන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කර තිබුණා.

පහතින් සඳහන් වෙන්නේ පෙසප ලොකු තැන කුමාර් ගුණරත්නම්, වරුණ දීප්ති හා උදුල් ප්‍රේමරත්න මේ සම්බන්දව පැහැදිලිව ප්‍රකාශ කර ඇති සාක්ෂි සටහන්.


කුමාර් ගුණරත්නම් හා Peter Boyle (Links) සංවාදය - අගෝස්තු 8, 2012:

What exactly is the FLSP's position on the national question in Sri Lanka? Doe the new party recognise the Tamil minority as an oppressed nationality with the rights of national self-determination?

Unlike the JVP, we in the FLSP believe that there is national oppression of the Tamil people and the Muslim people. But in the present circumstances in Sri Lanka we do not believe accepting self-determination or devolution of power for the Tamil majority areas will help to solve the national question. On the contrary, it will worsen the situation. At the same time we believe that there is a national oppression against the minority communities.



වරුණ දීප්ති බෙල්ජියමේ දී කළ කතාව - ජූලි 2012:

....Therefore dear Comrades, we don't believe that the solution to the national question or to the above mentioned national oppression is a separate state for the minorities and or accepting self-determination as a solution. Under the present historical circumstances we do not accept so-called devolution of power in terms of solving national question. The question of whether to maintain Sri Lanka's unitary state concept or constitution is not a question for socialists to answer. It does not matter whether it is unitary or federal, the ruling class, to maintain their system for dominance and exploitation will use any capitalist state or constitution. It will be left to the future revolution to decide what type of socialist constitution to adopt.


උදුල් ප්‍රේමරත්න The Island  - ජනවාරි 07, 2012

".....There is massive repression in the north today. If such repression intensifies, the people of the north are going to fight back at some stage. The LTTE is still active at the international level and is not finished as the government thinks. All that we are doing is to insist on normalization and democratization in the north and we are trying to fight for that together with the people of the north. We can’t just push them aside even if they had links with the LTTE. Even Kugan (one of the two disappeared activists) had worked with the LTTE earlier. We wholeheartedly welcome the destruction of the LTTE because they were promoting Tamil chauvinism......"


මම හිතන්නේ දීප්තිට වෙන කාගෙන්වත් මීට වඩා පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන එකක් නැහැ පෙසප මතය ගැන.

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. *** ස්වයං තීරණය යන්න සදොස්ය. නිවැරැදි පාරිභාෂික පදය නම් " ස්වයං නිර්ණය"යි. නිර්ණය (determination ) යනු සාක්ෂි , සාධක සහිතව සම්පරික්ෂනත්මකව තහවූරු කොට නිගමනයකට ඒමයි . එබැවින් නිර්ණය යන්න වඩාත් විද්‍යාත්මක අදහසක් ගැබ් කොට ගත් පදයකි . නමුත් තීරණය ( decision ) යන්නෙහි අරුත , සිතු හෝ හැගෙන දෙයක් ක්‍රියාවට නැගීමයි .මේ " ස්වයං තීරණය" නම් දුර්සංකල්පය ලංකාවේ දී දැනුවත්වම පරිහරණය කළේ දෙමළ ජාතියේ කපටි ආරක්ෂකයන් බව අවධාරණය කළ මනාය. එබැවින් මෙවන් සංකල්ප පරිහරණයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බැව් ඔබට දන්වනුයේ සහෝදරත්වයෙනි . --විජය නන්දන පෙරේරා --

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ස්තූතියි

      Delete
  6. ස්තුතියි විජය නන්දන - දැන සිටි එහෙත් නොදැනීම වූ වැරැද්දක්. නිවැරැදි කරන ලදි.

    ReplyDelete