A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ප්‍රභාකරන් නැති පාඩුව - කතා තුනක්


ගොතපු නෙමේ අහපු ඇත්ත කතා තුනක්.

1.
මරණය අතේ තියාගෙන හිටියත් ලොක්කගේ ඉඳලා සොක්කා දක්වාම ආරක්ෂක හමුදාවල හිටය කට්ටියට යුද්දෙ කියන්නෙ හැම ආකාරයකම සැප උල්පතක්. යුද්දෙ ඉවර වුණා විතරයි ලොක්කන්ට සැප ඉතුරු වෙලා සොක්කන්ගෙන් මේ සැප කෑල්ල ගැලවුණා විතරක් නෙමෙයි තැන තැන පීචං වෙන්නත් සිද්දවුණා. පාරවල් හැදිලි, වල් කෙටිලි, බදාම ඇනිලි, මුට්ට කර ගැහිලි එකී මෙකී නොකී සියළු ආකාරයේ කට්ටවල් මේ දවස්වල අපේ රණවිරු සොල්දාදුවෝ කනවා එපා නොකියන්න. කන්දොස්කිරියාවල කෙළවරක් නැහැ. සාජන්ල කැප්ටන්ල සෝල්ජර්ස්ලගෙන් හරකුන්ගෙන් වගේ වැඩ ගන්නකොට අරුං නාහෙන් අඬනවා මොකක්ද සර් මේ කරුමෙ කියලා. ඒ වගේ වෙලාවක ආමි එකේ එක ගජබා කැප්ටන් කෙනෙක් මෙහෙම කිව්වලු.

‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව මරා ගත්තනම් හු.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’

තාත්තා කෙනෙක් වගේ කිව්වෙ ප්‍රභාකරන්ට.

2.
උතුරු නැගෙනහිර වනාන්තර කියන්නෙ කොටි සංවිධානයේ දැඩි නීති යටතේ යුද්දය ඉවර වෙනකම්ම හොඳින් ආරක්ෂාවුණු වනානතර කලාපයක් බව කොටි සංවිධානයට එරෙහිව මතවාද දරණ අයගේ වුවත් පිළිගැනීමක්. කපන කපන ගහක් ගානේ නැවත පැල සිටුවීම පමණක් නොවෙයි ඒවා නිසි පරිදි උස මහත් වෙනතම් රැක බලා ගැනීමත් වගකීමෙන් යුක්තව සිදුවුණා. හොරෙන් ගස් කපන්නන්ට දැඩි දඬුවම් ලැබුණා. ඒත් යුද්දෙ ඉවර උනත් හරි සිංහල දේශපාලුවො ආණඩුවේ අනුදැනුම ඇතිව ඒ පලාත් වල ගස් කපන්න ගත්තෙ හිටු කියල. ජාතික වනාන්තර බහුජාතික සමාගම් වලට විකුණල දාන්නෙ අම්මා අප්පගේ බූදලය වගේ.මේ යන විදියට වැඩි කලක් නොගිහින්ම එක පැලයක්වත් ඉතුරු වෙන්නෙ නැති බව මෙන්න මේ ටිකත් එක්කම කිව්වේ ගහකොළ මත්තෙම නැහෙන පරිසර හිතකාමියෙක්.

‘අර යකා රටෙන් කෑල්ලක් ඉල්ලුවා තමයි. ඒ වුනාට මචං රුක් දෙයියෙක් වගේ ඒ මනුස්සය රැක බලාගත්ත කැලෑ ටික....මුං වනසනවා පුතෝ උතුරු නැගෙහිර සහරාව වෙනකම්ම’

3
යූඑන්පී එක ඉවරයි. ෆොන්සේකා ඔරු ක‍ඳේ පාරු කවි කියනවා, ජවිපෙ පණ අදිනවා, වැඩක් වෙයි කියල හිතුවට පෙසපෙ කරන කියන දෙයක් උන් වත් දන්නෙ නැතිව ළදරු මරණනෙකට ගොදුරු වෙලා. මිනිස්සු හැමෝම තම තමන්ගෙ පාඩුවෙ ගතමනාවක් හොයාගෙන පවුලෙ වැඩක් බලාගෙන ටෙලියක් වැඳගෙන ගෙවල් අස්සසෙම ඉන්නවා. කවදාද මේ රාජපක්ෂ කරුමෙන් ගැලවෙන්න කියන බලාපොරොත්තුවක් තියාගන්න මොකෙකුටවත්  පුළුවන් කමක් නැහැ. ඒ වගේ නන්නත්තාර වෙලා ගිය අපේ හිතවතෙක් මෙහෙම කිව්වා.

‘ඉස්සරත් මෙහෙම කාලවල් තිබුණා බං ගැලවීමක් පේන තෙක්මානෙක වත් නැති. ඒත් මොකක්ම හරි බලාපොරොත්තුවක් තිබුණා මරාගෙන මැරෙන එකෙක්වත් ඇවිල්ල බදාගෙන මුංව වාශ්ප කරල දායි කියල. දැං ඉතිං හිටපියව් ඇටි කෙහෙල් කාපු එවුන් වගේ..... හාට් ඇටෑක් එකක් වත් වරෝ.....කියලා හිත හිත’

13 comments:

  1. I have read three best possible humorous stories.
    They are great and wonderful.
    Thank you very much LOOPHOLES.

    ReplyDelete
  2. සුද්දන්ව එලවල කරගත්ත එකේ අනිත් එකතාමයි,කොටින්ව නැතිකරල කරගෙන තියෙන්නෙත්."දෙවන නිදහස ලබා දුන් පියාගේ" පරපුරම පුකවල් උඩ දාගෙන රට කන හැටි දැන් ඉතින් බලාගන ඉදියව් ජනතාවනේ!!!!!!!

    ReplyDelete
  3. යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

    ගසා දුම් බඹර පරපුර එලවාපං
    කඩා ගත් මීය රස කරමින් කාපං
    මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
    එපා ලෙවකන්න කෑ අත හෝදාපං

    මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
    පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
    ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
    අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

    ReplyDelete
  4. අනේ ඔව් ඒ පින් කඳ හිටියනං නිදහසේ බෝම්බෙකට අහුවෙලා මැරිල යන්න තිබුණ :D

    ReplyDelete
  5. There is something beyond the stories. That’s true buddy. Sinhalese will realize one day that how is the Tamil struggle is important to the progressive politics in the South of the island.
    Thanks!

    ReplyDelete
  6. ඒකම තමා හේත්හු වෙලා තියෙන්නේ... මේ අමනෝඥ පාලනයට.....

    ReplyDelete
  7. Please read
    http://142.4.27.83/

    ReplyDelete
  8. Brilliant. All are suffering under maheekaran now.

    ReplyDelete
  9. උඹලගෙ මහ ලොකු වීරය බල්ලෙක් වගෙ මැරිල උබල ඉච්ඡා භංගත්වයට පත් වෙලා ඉන්නෙ.ප්‍රශ්නෙ තිබෙන්නෙ උබලට.බයවෙලා ඉන්නෙ උබල.අනික උඹල දෙමල ජාතිවාදය අවුස්සල කොටි වීරයො කරන තාක් කල් දකුනෙත් ඊට ප්‍රතිවිරෝධය එල්ල වෙනවා.
    උඹල සිංහලයො අහිංසකයො කියල හිතල චන්ඩිකමෙන් රටෙන් කෑල්ල ගන්න ආවට දැන් සිංහල කියන වචනෙ ඇහෙනකොටත් ගූ යනව නේද? උබලගෙ ආටිකල් වලින් ඒක පේනව.උඹලගෙ වෙව්ලන මානසිකතවයට හේතුව පරාජිත දෙමල නාසිවාදයයි.හිට්ලර්ගෙ වැටීමෙන් පස්සෙ ජර්මනියෙත් උබල වගෙ පිරිසක් හිටිය.හිට්ලර් මැරුනෙ නෑ කියල ප්‍රචාර ගෙනිච්ච.
    මිත්‍ර හමුදා හිට්ලර්ගෙ නාසීන් මැරුඅව එකට උන් කීවෙ අහිංසක ජර්මානුවො මැරුව කියල.චර්චිල් ලට යුධ අපරාධකාරයො කියල බැන්න

    උබල හිතන් ඉන්නෙ ජීවන වියදම වැඩිවෙලා මහින්ද චන්දෙන් පරදින කම්ද? සිංහල ජනතාව නැවත කවදාවත් දෙමළ ජාතිවාදය හිස ඔසවන්න ඉඩ දෙන්නෙ නෑ.උබල බොර දියේ මාළුබාන්න හදුවට වැඩක් වෙන්නෙ නෑ.

    මේ බ්ලොග් එක කරන දෙමළුන්ට කොන්දක් තිබෙනවානම් මේකට හරි උත්තරයක් දීපල්ල.හැංගෙන එකද උබලගෙ දෙමළ කම.

    ReplyDelete