A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පාහර ආණ්ඩුව හා පාහර මාධ්‍යය


මහ වනය ගිනි ලෑ මෙන් පසුව නැඟ එන අංකුර ඇත්නම් ඒවාත් විනාශ කිරීම මේ ආණඩුවේ ඒකායන අරමුණයි.  ත්‍රස්ත විරෝධී පනත යටතේ උතුරේ දී ආණ්ඩුව නීති විරෝධී ව සරසවි සිසුන් ඉස්සීමේ හා උස්සා අතුරුදහන් කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාවලියක නිරත වනවිට වන විට දකුණේ ජනමාධ්‍යය නැවත වතාවක් කවදාවත් ඇහැරවන්න බැරි බොරු නින්දට ගොස් තිබේ.

උතුරෙහි සිටින සරසවි ශිෂ්‍ය නායකයින්, සරසවි සිසුන්, හිටපු ශිෂ්‍ය නායකයින්, පාසල් සිසුන් හා අත් අඩංගුවේ සිට පුනරුත්ථාපනය ට ලක්ව නිදහස් කළ කොටි සංවිධානයේ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීම් අමානුෂික වද හිංසාවලට ලක් කිරීම් දෙමළ ජනතාව වෙත වූ නොනවතින සංහාරයේම තවත් දිගුවකි.

ආගමික කටයුතු වෙනුවෙන් පහන් දැල්වීම හෝ මරා දැමූ සිය විරුවන් සමරා පහන් දැල්වීමද සියළු පුරවැසියන් සතු අයිතියකි. එය නොසළකා පසුගියදා මහවිරු දිනය හා සමපාතව වුණු කා(ර්)තිකයි ආගමික කටයුතු වෙනුවෙන් පැවැත් වූ පහන් පූජාවෙන් වියරු වැටී ආණ්ඩුවේ හමුදා යාපනය විශ්ව විද්‍යාලය වෙත බලහත්කාරයෙන් ඇතුළු වී පරීක්ෂා කිරීමත් එයට එරෙහිව පැවැත්වූ ශිෂ්‍ය උද්ඝෝෂණයට එරෙහිව කළ ම්ලේච්ඡ පහර දීමත් සමඟින් මේ සංහාරය ඇරඹිණ.

නැවත එල්ටීටීඊ නැඟිටීමකට ඉඩ දෙන්නේ නැතැයි ගෝඪාභය රාජපක්ෂ වහසි බස් දෙඩුවද  මෙවැනි හැසිරීම් වලින් පෙනෙන්නේ දකුණේ ආණ්ඩුව උතුරේ නිරායුධ දෙමළ තාරුණ්‍යය කෙරෙහි වුවද වූ බිය සුළු බවයි.  ආණ්ඩුව මෙන්ම දකුණේ සිංහල ජනතාවද තේරුම් නොගන්නේ  ‘හේතුව‘ සඳහා පිළියම් නොකර ‘ඵලය‘ කොයි තරම් දුරට විනාශ කළ ද ‘ඵලය‘ නැවත හට නොගනී යැයි සිතීම විකාරයක් බවයි.

මේ වන විට 45 කට අධික තරුණ තරුණියන් අත් අඩංගුවට ගෙන ඇති අතර බොහෝ දෙනෙකු ගැන නිශ්චිත තොරතුරක් නැත. අත් අඩංගුවට පත් වූවන්ගෙන් 7 දෙනෙක් නිදහස් කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වී. බවනන්දන්, ලේකම් පී. දර්ශනාන්ත්, සාමාජික එස්. සොලමන් හා සාමාජික කේ. ජෙනමජෙයන් කෲර වධ බන්ධන හා අමානුෂික ප්‍රශ්න කිරීම් වලට ප්‍රචලිත වව්නියාවේ ජෝශප් කඳවුරේ රැඳවීමෙන් අනතුරුව තවත් එවෙනිම ප්‍රසිද්ධ වධ කවුරක් වූ පොලොන්නරුවේ වැලිකන්ද රැදවුම් කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙම ශිෂ්‍යයින් හතර දෙනා වෙත තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති අතර මේවන තෙක් ඔවුන් මුණ ගැසීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට අවසර ලබා දීම හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. වැලිකන්ද සිර කඳවුර යනු 2009 ජනවාරියේ සිට කොටි සංවිධානයේ සාමාජිකයින් වධ බන්ධනයට ලක් කරමින් මේ වන විටත් හයසියයක් පමණ දෙමළ තරුණියන් රඳවා ඇති ඇඩි ආරක්ෂිත රැකවල් සහිත කඳවුරකි. මෙම කඳවුරෙහි සිටි විශාල සංඛ්‍යාවක් වරින් වර අත් අඩංගුවේදීම අතුරුදහන් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ උවමනාවට මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ ගේ අණට තවදුරටත් ශිෂ්‍ය නායකයින් දඩයම් කිරීම සිදු කෙරෙන යාපනයේ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් වෙත ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයකි. මෙම අවිනිශ්චිතභාවය මෙවර සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටින සිසුන්ටද දැඩි ව බලපා ඇත. ඒ අතරම අත් අඩංගුවට පත් සිසුන් නිදහස් කිරීමටත් විශ්ව විද්‍යාල පරිශයෙන් හමුදාව හා පොලීසිය ඉවත් කිරීමටත් බල කර පැවැත්වෙන යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ හා ආචාර්ය වරුන්ගේ වර්ජනය 14 වෙනි දිනටත් සිදුවෙමින් පවතී.

නයි නලඟනට නයා ලැබීමේ උත්තම පුවත් කලාව සතු දකුණේ ලැප්ටොප් ජනමාධ්‍යය මේ සිදු කරන්නේ දකුණේ ජනාතව වෙත පසුගිය 2008-2009 වසර වලදී මෙන් නිවරැදි පුවත් ලබා දීම වැලැක්වීමේ කුහක ස්වයං පාලනයක නිරතවීමයි. ජනතාව පෙරට ඒම කෙසේ වෙතත් මෙවැනි ජඩ මාධ්‍ය කලාවක් සඳහා හෙට දවසේත් ඉතිං කැළණියේ මර්වින් සිල්වලා ගේම පිහිටයි.

4 comments:

  1. කොහොමත් මහඑකාගේ මහ එවුන්ගේ කාලෙ ඉදලම තමන්ගෙ ලග නෑදෑයන්ගේ ඉදල අහල ගම්වල ඉහලින් උගත් එවුන්ට ඉස්සරහට එන්න දුන්නෙ නැහැ.මේක හොදටම දන්නා එකා තමා W.Raපක්ෂ දෙපිටකාට්ටුව.මේ මහ එකා කියන කතාවලින් තේරෙන්නෙ නැද්ද මුන්ගෙ ජානවලට "බලු ශුක්‍රානු"එකතුවෙලා කියල.[සැයු.අලුතින් ජානමය වශයෙන් බිහිවන බල්ලන්ට/බැල්ලියන්ට අපහාසයක් නොවේවා!]මැක්කො වහපු බල්ලො රෙද්ද ඇදපු දැන් රජවංශෙ එව්වන්ගේ අම්මලටත් !@#$%කලද කියල තමයි හිතෙන්නෙ.

    ReplyDelete
  2. උතුරේ තොරතුරු කිව්වාම දකුණ තරහ වෙනවලු.... ඇනලිටිකල් අදහසක්ලු ඒක....!!!

    ReplyDelete
  3. පත්තර බල්ලෝ

    ReplyDelete
  4. දෙමළ ජාතිවාදය වෙනුවෙන් දකුනෙ මාධ්‍ය වලටත් පෙනී ඉන්න කියලද කියන්නෙ

    ReplyDelete