A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

යැංකි ගෝඨා



යැංකි ඩිකී කිවිවෙ ජේආර් ට. ලංකාව ඇමෙරිකන් කරන්න ජේආර් ට උවමනාව තිබුණ හින්දත් ජේආර් ඇමෙරිකාව කියන විදිහට නටන්න ලෑස්තිවුණු නිසාත් විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට ජේආර් කීකරුව හැසිරුණ නිසාත් ඔහුට එහෙම කිව්වා.

ජේආර්ගෙන් පස්සෙ ජනාධිපතිවරු කීපදෙනෙක් සිටියත් ඒ හැමෝමත් ඇමෙරිකාව කියනදේට ඇහුම්කන් දුන්නත් එහෙම නාමයක් ඒ අයට පට බැඳුනෙ නෑ. ඇමෙරිකාව සමඟ ඔවුනට තිබුණු සම්බන්ධතාවල දිග පළලක් කාටවත් දැනගන්න ලැබුනෙත් නැහැ. ඒහෙත් අද දවසේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමෙරිකාණු ගැති භාවය දැං දැන් එළියට එන්න පටන් අරන්. විශේෂයෙන්ම ඇමෙරිකාණු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ හරහා ආණ්ඩුවේ ඇමෙරිකාණු සම්බන්ධතා පිළිබඳව විකිලීක්ස් හරහා එලියට ඇවිත් තියෙනවා. විස්තර පළවෙන්නේ “කලම්බු ටෙලිග්‍රාෆ්“ වෙබ් අඩවියේ. අවාසනාවකට සිංහල මාධ්‍ය නම් ඉන්නේ ඒවා ගැන ගල් ගිල්ලා වගේ.

රාජපක්ෂ රෙජීමය හා කේවට්ටයෝ ටික පහුගිය ජන සංහාරක යුද්ධය කළේ එල්ටීටීයට ඇමෙරිකන් බළල් අතක් සී.අයි.ඒ කුමන්ත්‍රණයක් යනුවෙන් පට බැඳල රෙජීමය වටේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමය ඔතාගෙන. නන්දෙඩවීම් හැරෙන්නට එල්ටීටීය-ඇමෙරිකා සම්බන්ධතාවයක් ගැන ඔප්පුකර ගතහැකි කිසිවක් නොතිබුනත් ලංකාවෙ සිංහල මාධ්‍ය දකුණේ සිංහල ඔලු මත අර මතය නිවැරදිව පිහිටෙව්වා. ඉන්දියන් සාගරය නොහික්මුණු ගරිල්ලා සංවිධානයකින් බේරා ගෙන එහි  නාවුක බලය පිහිටුවීම හා භූ දේශපාලනිකව වැදගත් ලංකා භූමිය තුළ එයට අවැසි යටිතල පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව ඇතුළුව ලොව බල පොරයේ ඉදිරියෙන්ම සිටින රටවලට එල්ටීටීය විනාශකිරීමට තිබුණු උවමනාව සත්‍යයක් විදිහට පිළිගන්න කිසිවෙක් කැමති උනේ නැහැ. රාජපක්ෂලගේ දෙබිඩි යටිකූට්ටු ඇමෙරිකාණු ගැති භාවය ගැන තාමත් ලංකාවෙ දකුණ ඉන්නේ “ඇහුන් නෑ“ කියන මනෝභාවයෙන්.

ගෝඨාභයට එල්ටීටීය විනාශ කිරීම නිසා ඔහුට ඇමෙරිකාවෙන් ලැබිය යුතු නිසි ගෞරවය නොලැබුණ බවත් ඔහුගේ ඇති දැඩි ඇමෙරිකාණු බැඳිම නිසාවෙන් ඇමෙරිකාව හා ලංකාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ පෞද්ගලික උවමනාවක් තිබෙන බවත් විකිලීක්ස් වලින් හෙලිවුණූ කේබල් පණිවුඩ වල සඳහන් වෙනවා.


රාජපක්ෂලාගේ යැංකි ආණ්ඩුව තුළ අධිරාජ්‍ය විරෝධී වාසුදේව-විමල්-චම්පික-දිනේශ් ජනතාවාදී ආණ්ඩුවක් ගැන තාමත් පට්ට කෙබර නෙලනවා.

3 comments:

  1. මොකා උනත් කමක් නෑ ඇමරිකන් සිස්ටම් එක ගෙනියනවනම්.

    ReplyDelete
  2. ඇත්තම කාරණාව නම් ඔය මතුපිට යන ඇමෙරිකන් විරෝධය සහ ඇමෙරිකාවේ රාජපක්ෂ බොරු රාජපක්ෂ විරෝධයට යටින් වෙනම වැඩක් යනවා කිටන එකයි. යුද අපරාධ චෝදනා ක්‍රමානුකූලව යට ගැසීමට ඇමෙරිකාව රාජපක්ෂලා සමග එකගතාවක් තියෙනවා. ඒකට හිලව් හැටියට ඇමෙරිකාවේ proxy wars වලට අවශ්‍ය ඩර්ටිවර්ක්ස් කරන්න ගෝඨාභය රාජපක්ෂව දැනටමත් යොදාගෙන තියෙනවා. ඇමෙරිකාව එකපැත්තකින් සුඩානය වාගේ රටවල සිදුකෙරෙන Covert Operations මෙහෙයුම් සදහා ගෝඨාගේ රක්නා ලංකා සමාගම පාවිච්චි කරනවා. අනෙක් පැත්තෙන් ඇමෙරිකාවට විරුද්ධ රටවල් අස්ථාවර කරන්න ඇමෙරිකාව විසින් ගොඩ නගපු ත්‍රස්ත කල්ලි සන්නද්ධ කරන්න අවශ්‍ය අවි සපයන්න ලංකා ලොජිස්ටික්ස් පාවිච්චි කරනවා. ඇමෙරිකාව ගෝඨා දැන් තමන්ගේ ඩ්‍රෝන් එකක් කරගෙන ඉවරයි. තුර්කිය කියන්නේ නෙටෝ රටක් වාගේම ශ්‍රි ලංකාව සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගන්න රටක්. ඇමෙරිකාව සිරියාවට එරෙහි යුද්ධයේ දී ඊනියා සිරියානු විමුක්තිකාමින් ලෙස තමන්ගේ කුළී හේවායින් එවන්නේත් සන්නද්ධ කරන්නේත් තුර්කි හමුදාව සහ බුද්ධි අංශ එකතු වෙලා.( දැන් සිරියාව ඇතුලේ ඉන්න තුර්කි කුලී හේවායෝ තමයි පසුගියදා කුර්දි කම්කරු පක්ෂ ක්‍රියාකාරිනියක් ඝාතනය කළේ. කුර්දි කම්කරු පක්ෂය ස්වාධීන කුර්දිස්ථානයක් සදහා තුර්කිය සමගත් ඉරානය ඉරාකය සිරියාව ආදි රටවල් සමග කාලයක් තිස්සේ අරගල කළ වාමාංශික සංවිධානයක් නමුත් සිරියාවට එරෙහි යුද්ධයේදී ඔවුන් ඇමෙරිකාවට සහාය දීම ප්‍රතික්ෂේප කළා.කුලී හේවායින්ගේ ව්‍යාජ විමුක්තිකාමයත් සැබෑ විමුක්තිකාමින්ගේ අධිරාජ්‍ය විරෝධයත් තේරුම්ගන්න මේක හොද උදාහරණයක්. )
    කේ. පී. ට හදිසියේ ලැබුණු සමාවේ අරමුණත් මේ අවි ජාවාරම් සදහා ඔවුන්ව යොදා ගැනීමයි. යම් හෙයකින් මේ අවි ජාවාරම් මෙම කල්ලි හරහා සිදු කරන ඝාතන හෙළි වුවහොත් ඇමෙරිකාව සෘජු සම්බන්ධයක් හෙළිවීම වැළැක්වීමටයි මේවා සිදු කරන්නේ. කේ. පී. චෝදනාවලින් නිදොස් කිරීම ගැන ඉන්දියාවේත් ලංකාවේත් ඇමෙරිකාවේත් බුද්ධි අංශ එකගතාවකින් සිදුවන්නක්. ඉරානයට එරෙහි පැනවූ සම්බාධකවලට ශ්‍රි ලංකාව එකග වූවා පමණක් නොව ගුවන් ප්‍රහාර තම ගුවන් තොටුපළවල් පවා ලබාදීමට නියමිතයි.ඇමෙරිකාවේ උදව්වෙන් රාජපක්ෂලා එළවා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට සැරසෙන අයටත් රාජපක්ෂ ලා සමග එක්වී ඇමෙරිකන් විරෝධී පෙළපාලි යන අයටත් බුදු සරණයි කියනවා ඇරෙන්න කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
  3. ඇමෙරිකන් වෙන්න හදන්නෙ මුං සුභසාධන කප්පාදු කරල විතරයි. එහෙම නැතිව කෘෂිකාර්මික හා නිෂ්පාදන පැති වලින් දියුණු කරල නොවෙයි. මුං රට කන විදිහට ඇමෙරිකාවක් වෙනුවට සෝමාලියාවක් තමයි අපිට ඉතුරු වෙන්නෙ.

    ReplyDelete