A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ෂී ජිංපිං අංදුං කුංදුං


ජවිපෙ පසුගියදා චීනයේ නව ජනාධිපති ෂී ජිංපිං හට සුබ පැතුම් පණිවිඩයක් හැරෙන තැපෑලෙන් යැව්වේ‍ය (සමහරවිට පෙසපෙ ඉස්සර වෙයි දැයි බයට විය හැක). ඇත්තටම චීනයේ නව ජනාධිපතිට සුබ පැතීම සඳහා ජවිපෙට ඇත්තතේ ඉතාමත්ම හොඳ සුදුසුකම් සමූහයකි. එහෙත් තමන් මාක්ස්වාදීන් යැයි ලංකාවේ සිංහල සමාජය  අන්දවමින් සිටින ජාතිවාදී සුළු ධනේශ්වර ජවිපෙ මෙමඟින් පෙන්නුම් කර ඇත්තේ ළදරු දේශපාලන මන්ද මානසික ස්වභාවයයි.

චීන පාලක පක්ෂයේ නම ‘කොමියුනිස්ට් පක්ෂය’ වීමද ජාතික කොඩිය රතු පැහැ වීමද දෑකැත්තේ හා මිටියේ සළකුණ ද චීන විප්ලවය යන වචන ද ජවිපෙ හිස නැති කඳට ගෙන එන්නේ චීනය යනු තවමත් සමාජවාදී ක්‍රමයක් සහිත රටක් බවයි. එහෙත් භූ දේශපාලනය ගැන යන්තම් හෝ අව‍බෝධයක් ඇත්තෙකු ඇත්නම් පසුගිය වසර තිහක් ඔස්සේ චීනයේ ඇත්තේ නව ධනවාදයේ ම පැතිකඩක් වන නිලධාරීවාදී ධනවාදය බවත් එය 1949 චීන විප්ලවය හා කිසිදු සම්බන්ධකමක් නැති බවත් තේරුම් ගනු ඇත. රාජ්‍ය විසින් නායකත්වය සපයනු ලබන පාලක පන්තිය සමන්විතව එහි ඇත්තේ දේපල හිමි කණ්ඩායමකින් සැදුණු රෙජීමයකිනි. ඇති නැති පරතරය නොවූ විරූ තරම් ඉතා විශාල වීම ද ඇතුළු ධනවාදයේ ඇති සියළුම ලක්ෂණයන් අඩු වැඩි වශයෙන් එහි ඇත.

හාස්‍යජනක කාරණය වන්නේ ජවිපෙ සුබ පැතුම යවන විට තමන්ගේ රටෙහිම පාලක පන්තිය වන මහින්ද රෙජීමය ද චීනයේ නව ජනාධිපතිට සුබ පැතුමක් යැවීමයි. චීන රජය ලංකාවේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන ආකාරය හා ලොව බලය තහවුරු කර ගැනීම උදෙසා ලංකාව ඇතුළු දුප්පත් රටවල් සූරාකන ආකාරයවත් ජවිපෙට මේ රට ඇතුලේම හිඳ තේරුම් ගැනීමට නොහැකි නම් තවත් කවර කතා ද.

මහින්ද ගේ හා සෝමවංශගේ සුබ පැතුම් දෙක අතෙහි තබාගෙන චීනයේ නව ජනාධිපති ෂී ජිංපිං දහ අතේ කල්පනා කරන අතරේ හිටපු ජනාධිපති හූ ජිංටාඕ පැමිණ සුබ පැතුම් දෙක උදුරා කුණු කූඩයට ඔබා ෂී ජිංපිං ගේ පිටට තට්ටුවක් දමා උනුත් මරු ෂී මුනුත් මරුකියා මාරු වූ බව ෂිංහුවා පුවත් පත වාර්තා කර තිබුණි.

ඉල කකියන්න හිනා.

3 comments:

  1. ඔය කියල තියන ටික තේරෙන්නෙ නැත්තෙ ජවිපෙ එක්ක එකතුවෙලා ඉන්න ඔලමොට්ටල ජනතාවට.සෝමෙ,ටිල්,ලාල්,අනුර,සුනිල් ඇතුළු පිරිස කියන ඔලමොට්ටල කතා එම පිරිස තාම විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. රනිල් වටේ ඉන්න ඔලමොට්ටල අයට මේවා තේරෙනවද දන්නෑ ?? නේද! අනික මේවා එලකිරියටම තේරිලා රටෙන් පැන්න ඔයා රට හදන්න බ්ලොග් වල කොමෙන්ට් කොටද්දි ඉල කකියන්න හිනා තමා.

      Delete
    2. @ Ano: රනිල් වටේ ඉන්න ජනතාව නොවෙයි ඕලමොට්ටලයින්.රනිල් වටේ ඉදගන කුලල්කා ගන්නා අයයි ඕලමොට්ටලයින්.දෙවැන්න ඇත්තවශයෙන්ම ඔව්.[දරුවන් දෙදෙනා නිසා] හිනාවෙද්දී ඉල කකියනවනම් රෝගයකි.වහාම ප්‍රතිකාරයක් ලබාගන්න.ඔබ මාගේ කොමන්ටුවක් කියවා සිනහා වී සතුටක් ලබනවානම් එය මටද සතුටකි.:)මොකද මට වඩා ලංකාවෙ හුගක් අය හිටගෙන සිනායන කතානේ කියන්නෙ.

      Delete