A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අප්පගෙ පුතා


මැනික් ෆාම් කඳවුරෙන් නිදහස් ව තම උපන් බිම වූ මුලතිව් හි කොකුලෛ ගම්මානයේ නැවත පදිංචියට ගිය ගම් වැසියන් ගේ ඉඩම් කොල්ලකෑ පුවත සිංහල ආණ්ඩුව හා ආණ්ඩුවේ අනුදැනුම ඇතුව දේශපාලන/මිලිටරි හෙන්චයියන් විසින් උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන්ගේ ඉඩම් කොල්ලකා ඔවුන් පලවා හැරීමේ ඛේදවාචාකයේ තවත් එක් කතාවකි. සවිස්තරාත්මක ලිපිය පලවී තිබුණේ ලක්බිමනිවුස් ඉංග්‍රිසි පුවත්පතෙහිය.


ඉතා අවම පහසුකම් සහිතව මෙ‍ම ගම් වැසියන් තමන්ගේ ජීවිතය ගැට ගසාගන්නට ලෑස්ති වූවා පමණකි. බීමට අවැසි ජලයේ සිට හිසට නිවසක් ද ගතට ඇඳුමක් ද දරුවන්ට සුරක්ෂිත වටපිටාවක් ද එදා වේල ගැට ගසා ගැනීම සඳහා මොකක් හෝ රැකියාවක් ද ඇතුළුව සියළුම අත්‍යාවශ්‍ය දෑ මොවුනට ඇත්තේ ගව් ගණනක් දුරිනි. පරම්පරාවෙන් ලැබුණු ඉඩමක මොකක් හෝ වගාවක් කර ගැනීම හැමෝගේම සිහිනය ව තිබුනේ ඉතිරිව තිබුණු දිරියෙන් ජීවිතය කෙසේ හෝ ගැට ගසාගත යුතු බැවිනි.

මේ අතරවාරයේ නාමල් රාජපක්ෂ මේ ගම්වැසියන් ගේ සුවදුක් බැලීම සඳහා කොකුලෛ ගම වෙත ගොස් තිබුණි. ගම් වැසියන් සමඟ කතා බස් කර ඔවුනගේ ප්‍රශ්න අසා නාමල් මහත් කනගාටුවට පත්ව තිබුණි. ඔව්න්ගේ ප්‍රශ්න සියල්ලම ඔහු විසින් හොඳින් අවබෝධ කරගෙන තිබුණෙන් ඉතා ඉක්මනින්ම ඒ සදහා පිළියම් යෙදීමට පියවරගන්නා බව පොරොන්දු වී තිබුණි. ගම් වැසියන් පිටත්ව ඇත්තේ නාමල්‍ රාජපක්ෂ ගේ පැමිණීම තමන්ගේ අසරණ කම වෙනුවෙන් පිහිටට පැමිණි දෙවියෙක් දුටුවාක් වැනි හැඟීමකිනි.

පසුවදා උපදිසාපතිවරයාට හදිසි දුරකථන පණිවිඩයකින් දැනූම් දී ඇත්තේ පවුල් 30 කට අයිති කොකුලෛ ගමෙහි අක්කර 20 ක භූමි ප්‍රදේශය ඉලිමනයිට් කැනීම සඳහා ඊස්ට් ඒෂියන් සමාගම සඳහා රජය විසින් පවරා දුන් බවකි. කොල්ලකෑ ඉඩම් නන්නාඳුනන සිංහල කූලී කරුවෝ විසින් ලහි ලහියේ ඉල්මනයිට් කැනීම සඳහා සකස් කරමින් සිටිති. තමන්ගේ පරම්පරා ගණනක් ජීවත් වූ ඉඩ කඩම් කොල්ලකෑවුන් දෙස බලාගෙන ඔප්පු දෑතින් බදා ගත් කොකුලෛ අසරණ ගම් වැසියෝ හූල්ලමින් බලා සිටිති. ඊයේ කඳුළු පිරි දෙනෙතින් තමන්ව මුණගැසීමට ඇවිත් පසුවදා මහපොළව කොල්ලකාගෙන ගියේ රටේ ජනාධිපතිවරයාගේ පුතා බව දන්න ඔවුහු තමන් වෙනුවෙන් කතා කීරීමට කිසිවෙක් නොවන බැව් ද දනිති. සමහරවිට මරණයට මෙහායින් සාධාරණයක් ඔවන් වෙත නොලැබෙණු ඇත.

ලිපිය අවසන්ව තිබුණේ බයිබලයේ සදහන් කතාවකිනි. තමන්ට බිරින්දෑවරුන් විශාල සංඛ්‍යාවක් සිටිය දීත් ඩේවිඩ් රජු තමන්ගේ ජෙනරාල් වරයෙකු  යුද පෙරමුණ තුළ දී මරා දැමීමට ඉඩහැර කුමන්ත්‍රණකාරීව ඔහුගේ බිරිඳ අත්පත් කරගත්තේය. දෙවියන් වහන්සේ ඔහුට දඬුවම් දුන්නේ   පොහොසතෙකු තමන්ට ඕනෑතරම් බැටළුවන් සිටියදීත් තමන්ගේ ආගන්තුකයෙකුට සංග්‍රහකිරීමට දුප්පතෙකු විසින් ආදරයෙන් හදාවඩා ගත් බැටළු පැටියෙකු මරාදැමීම සිහිපත් කිරීමෙනි. දඬුවම වූයේ තම අළුත් බිරිඳට ලැබෙන්නට සිටි දරුවා ප්‍රසූතියේ දී මරණයට පත් කිරීමයි.

රාජපක්ෂ ආණ්ඩුව සිදුකරන්නේත් ඉතිරි වී සිටින අහිංසක දුප්පත් දෙමළ ගම් වැසියාගේ පොඩි ඉඩම් කැබෙල්ලත් කොල්ලකෑමයි.

Image: Michelangelo’s King David statue sits in the Accademia Gallery in Florence, Italy

4 comments:

  1. 13 යි, පලාත් සභායි නෙමෙයි මේ මිනිස්සුන්ට අවශ්‍ය නිදහසයි, එය සීමා කිරීමෙන් සිඳුවන්නේ. ඉවසීම නැවතත් දෙදරායාමක් විය හැක. මහා ඇලැක්සැන්ඩර්ද ඇද වැටුනු බව අමතක කළ යුතු නොවේ...

    ReplyDelete
  2. මේ දේවල් ගැන කුමන කතිකාවතක් ගොඩ නැගුනත් වෙන්නේ ආයෙමත් මේ දේමයි...ඒ නිසා මම මුකුත් කියන් නෑ..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. yako sinhala anduwa kiyanne kohomada? demala, muslim me anduwe nadda. topita tiyenne sinhalayan ekka viraya.

    ReplyDelete
  4. උතුරෙ සිංහලයො වාර්ගික සමූලඝාතක කොටින් විසින් පලවා හරියා.උඹ්ලගෙ උපමා වලින් බලල මල්ලෙන් එළියට එනව නේද?ඩේවිඩ් රජු හහ් හහ් හා .පල්ලියෙ මහ ලොකු චන්ඩිය ප්‍රභාකරන් වගෙ එකෙක් ද ඔය ඩේවිඩා.පල්ලියෙ කෙරුම්කාරය ඉවරයි නේද .අඩපල්ල බන් යාඥා කරපල්ල බන්

    ReplyDelete