A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

රොටුඹේ පේමරතන හා ගලබොඩඅත්තේ ඤාණසාර


“හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ.“

      මේ අපූරු කියමන උපුටා ගත්තේ Rear Gate හි අපූරු බ්ලොග් සටහනකිනි.


පසුගිය කාලයේ ජාතිවාදය කොත් වහන්සේටත් වඩා ඉහලින් ඔසවා තබන්නට හෙළ උරුමයේ හාමුදුරුවෝ ටික පුළුවන් වීම කෙලවර වූයේ ත්‍රස්තවාදය මුවාවෙන් රටේ අනිත් කොනෙහි ජීවත් වූ දෙමළ මිනිසුන් ලක්ෂ ගානක් මරා දමන විට සාදුකාර දෙන්නට සමත් ජාතියක් ඉතිරි කිරීමෙනි. දැං ඉතිං මදිය... තවත් මොනවා හරි කළ යුතුය. ඉනාමළුවේ පරම්පරාව ආගම්වාදය ඇති තරමට පතුරුවමින් සිටී. රොටුඹේ හා ගලබඩ අත්තතේ පරම්පරාව වඳ සැත්කමට හා ගබ්සාවට විරුද්දව පාරට බැසීමට පටන් ගෙන ඇත. ජාතිය-ජාතිය, ආගම-ආගම දෙසා බාමින් පතුරුවන්නේ බුදුන් දෙසු මෛත්‍රිය වෙනුවට වෛරය පමණකි. පොළොවෙ පයගහන්නට දඟලන මිනිසුන්ට නැගිටුවන්නට අත දෙනු වෙනුවට කරන්නනේ පයින් ගැසීම පමණකි.

දකින දකින තැන දණ ගහගෙන වැද වැටුනට ෆෝන් එක තියන කොට බුදු සරණයි තෙරුවන් සරණයි කිව්වට අද ලංකාවේ මුළු සමාජයම කවදාවත් නැති තරමට පිරිහී ඇත. කාන්තාවකට දවාලකවත් තනිව පාරක බැසීමට නොහැක. දූවරුන් දූෂණය වන්නේ පියවරුන්, සීයාවරුන්, ගුරුවරුන් අතිනි. ළමා අපයෝජන ගිහි සමාජය ටත් වඩා සංඝ සාසනය පුරාම පිරී ඇත. හොර කම් මැරකම් නැති තැනක් නැත. ගෙයක් ගෙයක් ගානේ පන්සලක් පන්සලක් ගානේ සුරාවය. සූදුවය. මිනී මරන්නේ විනෝදාංශයකට මෙනි. ලක් පොළොව මතට වතුරට වැඩියෙන් උරනවා ඇත්තේ රුධිරය විය යුතුය. දේශපාලකයෝ බලය ඇත්තෝ ද ජනතාවගේ මුදල් කෝටි ගනනින් පිල්ලි ගසති. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සියළුම ආයතන විනාශ වී ඇත. ඉන්දියන් සාගරය ඇතුලත බල පොරයට චීනය ඇමෙරිකාව ඉන්දියාව පාකිස්ථානය රුසියාව රට ඇතුලට රිංගා ඇත්තේ කාටත් නොදැනෙන්ටය.

මුඬු කළ හිස තුළ ඇති මොළ කඳුල පාවිච්චි කොරල පිං කරන හාමුදුරුවනේ වැඳල ඉල්ලන්නං ධර්මයෙහි හැසිරෙන්න,  ධර්මය වදාරන්න, සාසනය රැක ගන්න මහන්සි වෙලා යහපත් චේතනාවෙන් මේ සමාජය පිරිසුදු කරන එකට පොඩ්ඩක් පාරට බහින්න.

ගිහියන් දරුවො වදන එකයි හදන එකයි ඒ ඒ අයට කැමති විදිහට පුළුවන් ප්‍රමාණයට කොර ගත්තදෙන්... ජාතියට ළමයි නොවදන එක නම් මේ වෙලාවෙ තියෙන ලොතු වින්නැහිය  හාමුදුරුවනේ  ගිහි අපිට කරදර කරන්නෙ නැතිව කරන්න තියෙන්නෙ රටේ තියෙන පන්සල් හයදාහෙ ඉන්න හාමුදුරුවො පහලොස් දාහට ථෙරවාදය වලළලා මහායාන ක්‍රමේට කසාදයක් කරගෙන අන්ලිමිටඩ් ළමයි හද හදා ඉන්නයි ඉතිං.

අපේ නම් කිසි තරහක් නැහැ අපිත් ඇවිල්ල මලක් පහනක් පූජා කරල ළමයෙක් හුරතල් කොරල යන්නම් ඉඩක් තියෙන වෙලාවට.



8 comments:

  1. සියල්ලටම එකඟය.ගනින්නාන්සේලාගේ යුගයටත් වඩා අද ශාසනය පිරිහී ඇත.ලංකා සමාජය ගසකට උපමා කළහොත් මුලේ සිට ලා දල්ල දක්වා කුණුවී ඇත.

    ReplyDelete
  2. නියම ළිපිය රියර් ගේට් එකේ එකා දීලා තිබුනා හන්දුරු කම් කෙළවෙන්නම. මුන්ට පිස්සු. බුදු හාමුදුරුවෝ හිටියනම් ඒ උත්තමයට නිවන් දකින්න වෙන්නේ නෑ. බෙල්ලේ චීවරේ ඔතාගෙන දිවි නහගන්නවා. ඇත්තටම මුන් සංඝයොද, චීවරධාරියොද...?

    ReplyDelete
  3. රොතු පිටින් බිහිවෙන මූලධර්මවාදී ගනින්නාන්සෙලගෙන් සමාජය බේරාගන්න එක තමයි දැන් තියෙන අභියෝගය.

    ReplyDelete
  4. ඉතා හොද ලිපියක්. රට කන, රට ගෝත්‍රික සමාජයක් දක්වා දක්කපු ජාතිවාදී ආගම්වාදී හැත්තට හොද පිළිතුරක්.

    ReplyDelete
  5. metana koment dala tiyena okkomala sinahla lee walin hadichcha un newei.

    ReplyDelete
  6. බස් එකක යන්න බැරි කාලයක් තිබුන.ම්ලේච්ඡ මිනීමරු කොටි බෝම්බ පුපුරවපු නිසා.ඒ අලුගෝසුව මරපු දා රටම කිරිබත් කෑව.

    ReplyDelete