A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඉල් මහ සමරුව



ආයෙත් නොවැම්බරයක් පැමිණ ඇත. හැට දහසක් මරණයන් ඇවිස්සීමට  රතු සහෝදරයෝ යුහුසුළු වෙති. සැමරුම් අයිතිකර ගැනීමට සටන් වදිති. ගුටි ඇණ ගනිති.

වසරේ අනෙකුත් කිසි දිනෙක මේ මළවුන් ඔවුනගේ හිත් වල ඇත්තේ නැත. හිතේ තිබුණා නම් කුමාර් ගුණරත්නම්-සෝමවංශ අමරසිංහ ආණ්ඩුවට පක්කලි කම් කරන දවස්වල (පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් නවයයි-කැබිනට් ඇමැති ධූර හතරයි-ඇමැතිවරු අටයි), අඩුම ගණනේ මරා දැමූ තම නායකයා වෙනුවෙන් යුක්තිය සොයා වෙහෙසිය යුතුව තිබුණි. මරා දැමූ හැට දහසක තොරතුරු එකතු කර ඔවුනගෙ පවුල් වෙනුවෙන් යමක් ප්‍රබලව කිරීමට උත්සහ දැරිය යුතුව තිබුණි. ස්මාරකයක් තැනීමට උත්සහ දැරීම කෙසේවෙතත් පසුගිය දා ඇඹිලිපිටියේ අතුරුදහන්වූ පාසල් සිසුන් ඇතුළුව අතුරුදහන්වූවන් සිහි කරමින් තැනූ අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ දමද්දී මේ රතු සහෝදරවරු උන්නාද මළා ද නැත. මොවුනගේ සැමරුම් අවස්ථාවා දී වන්නේ එබැවිනි. 

එමෙන් ම ජාතිකවාදය කරපින්නාගත් විජේවීරගේ දෘශ්ටිය කෙළවර විය යුතුව තිබෙන්නේ ජාතිවාදයෙන් මිස වෙන යමකින් නොවන සරළ සත්‍යය පසුගිය කාලයේ කුමාර් ගුණරත්නම්-සෝමවංශ අමරසිංහ විසින් මැනවින් පෙන්නුම් කරණ ලදි. ඔවුනගේ ජාතිවාදය අන්ත ජාතිවාදී හෙළ උරුමයේ ජාතිවාදයටත් එහා ගිය එකක් විය. තමන්ගේ සහෝදර සහෝදරයින් හැට දහසක් මරා දැමූ ආණඩුවේ හමුදාව කිසිදු හිරිකිතයක් නැතිව මොවුන් රණවිරුවන් නමින් අභිසෙස් කරණ ලදි. එවන් සමූල ඝාතක හමුදාවකට  ධෛර්යය සපයන ලදි.

නොවැම්බරය යනු වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් සටන් වැදුණු පරපුරක අවංක භාවය ද කැපවීම ද ජවය ද අධිශ්ඨානය ද සිහිකිරිය යුතු මාසයකි. ඔවුන් කිසිවෙක් තමන්ගේ අභිවෘද්ධිය උදෙසා සටන් වැදුනේ නැත.  ම්ලේච්ච වධ වේදනාවන්ට ගොදුරුව අන්තිම මොහොතේත් වචනයක් පිට නොකර තම සගයන් පාවා නොදුන්නෝ බොහෝය. තමන් දැරූ උතුම් අරමුණු වෙනුවෙන් සටන් වැදුණු එම නොවැම්බර් පරපුරට අප සැලියුට් කරන්නේ එබැවිනි.


5 comments:

  1. දැන් දැන් විශ්වවිද්‍යාල වල අලුත් උපමාවක් තියෙනවා..

    “අන්තරේ නැති ජවිපෙ හරියට අස්සයා මැරුණු COWBOY වගේ" කියල

    ReplyDelete
  2. මුං දෙගොල්ලන් දෙගොල්ලන්ට බැන ගන්නවා

    ReplyDelete
  3. ලූප්හෝල්ස්ගේ රෝගය - පෙරටුගාමීන් මොකක්ද ආතල් එකක් ගන්නව ඕයි මට ඒක තේරෙන්නෙ නැහැ නෙව!!පෝස්ට් පහක් දැම්මොත් තුනක මාතෘකාව මේක.ජීවිතයේ අහිමි උන ඇරියස් එකක් ඇරගන්නවට වැඩිය බ්ලොග් එකකින් කරන්න පුලුවන් වෙන වැඩක් නැද්ද ඇත්තට?අනේ අනේ ලූප්හෝල්!

    ReplyDelete
  4. ඒක නෙමෙයි ලූප්හෝල් ඔය අහිංසකයන්ගේ ආරාමය කවුද හැදුවෙ?අහිංසකයො කියන්නෙ කාටද?පොඩ්ඩක් ඒක විස්තර කරමුකො බලන්න.

    ReplyDelete