A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ගං කබර ලේඛනය හා දීප්ති ද ජෙන්ට්ල්මන්


ලංකා ඊ නිවුස් හි සඳරුවන් මහින්ද රාජපක්ෂව ගං කබරයා යනුවෙන් හැඳින්වීම ගැන දීප්ති ද ජෙන්ට්ල්මන් පිළිකුලෙන් යුතුව හෙලා දැක තිබුණි.  සඳරුවන්ගේ ගං කබර ලේඛන කලාව අප්‍රසන්න බැව් ඇත්තය. සියළුම වර්ගයේ සතා සිව්පාවුන් නිතරම එහි භාවිතාවෙයි. සඳරුවන් නොවන්නට අසික්කිතම භාෂා විලාශය ගැන කීර්ති වර්ණකුලසූරිය කප්ගැසීමට නියමිතව තිබුණි. හරියට යුද්දය උපරිමව තිබූ වෙලාවේ ජාතිවාදී හෙළ උරුමය නන්නත්තාර කර ජවිපෙ ජාතිවාදයෙන් කප් ගැසූවාක් මෙන් සඳරුවන් දැන් කීර්ති වර්ණකුලසූරිය පරදවා ගංකබර ලේබනයේ කප්පිත්තෙකි. සමහර වෙලාවට ‘මේ යකාට තවත් මේ විදියට ලියන්න පුළුවන් කමක් තියෙනවාදැයි‘ හිතෙන විට ඊළඟ දවසේ අළුත්ම අසික්කිත විලාසයකින් ලියන්නට තරම් ඔහු ඒ භාෂාවේ නිර්මාණශිලීය. දක්ෂය.

සඳරුවන්ගේ ලේඛනය ඔහුට අයිති දෙයකි. ජනගහනයෙන් සියයට 11.8 ක් පමණක් අන්තර්ජාලයේ සිටින ලංකාවේ  ලංකා ඊ නිවුස්  කියවන ප්‍රමාණය විශාල සංඛ්‍යාවක් විය නොහැක.  ප්‍රශ්නය තියෙන්නේ සඳරුවන්ගේ ලේඛනය ගැන නොව ‘මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වූ නායකයා‘ නිසාවෙන් ඔහුට ගංකබරයා යැයි පැවසීම පිළිකුලෙන් යුතුව හෙලා දකින ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති මහතා ගැනය. රටේ ආර්ථිකයෙන් සියයට 70 ක් පමණ පාලනය කරන රාජපක්ෂලා, සියළුම මාධ්‍යයන් හා මාධ්‍යකරුවන් අරලිය ගහ මන්දිරයේ සිට අල්ලේ නටවන රාජපක්ෂලා, නීතිය මැතිවරණ ක්‍රමය සියළුම රාජ්‍ය ආයතන ව්‍යුහයන් තම සිතැඟි පරිද්දෙන් පාලනය කරන රාජපක්ෂලා, විරුද්ධවාදීන් මරාදැමීමෙන් හෝ රටින් පලවා හැරීමෙන් හෝ ස්ව-නිහඬ ප්‍රතිපත්තියකට (යුද්ධය උපරිමයට යද්දී දීප්තිටසිද්ධ වූයේත් එයමය)  තල්ලුකර දැමීමෙන් විනාශකර ඇති රාජපක්ෂලා වෙතින් ‘ඉක්මනින් අමතකවෙන-බත් පැකට් එකට චන්දය වෙනස්කරන-ජාතිප්‍රේමයෙන් ලේසියෙන් උමතු වෙන‘ රටේ බහුතර ජනතාවගේ කැමැත්තට වූ හානිය දීප්ති අමතක කර දමා ඇත්තේ උවමනාවෙන්ද? මැතිවරණ දූෂණ සඳහා කප් ගසා ඇති රාපක්ෂලා රටේ බහුතර ජනතාවගේ කැමැත්තට කෙලවන අයුරු දීප්ති මඟහරින්න හදන්නේ මන්ද? සම්පූර්ණ නාගරික-ගැමි සමාජයෙහි සියළුම සදාචාරයන් විනාශකර දැමූ රාජපක්ෂලා රටේ බහුතර ජනතාවගේ කැමැත්ත සමඟ සූදු කෙලීම ගැන දීප්ති බබා වන්නේ කෙසේද?

අසික්කිත භාෂා විලාශයන් ගැන කතා කරන්නනේ නම් දීප්තිට ඇත්තේත් සඳරුවන්ට නොදෙවෙනි භාෂා විලාසයක් බැව් මතක් කර ගැනීමට ඇත්තේ 2004 දී එක්ස් එකෙන් කඩාගෙන ගිය සෙට් එකට අන්තර්ජාලය හරහා අමු තිත්ත පට්ට කුණුහරුපයෙන් නොනවත්වා බැන වැදුණු අයුරු සිහිකර ගැනීමය.


7 comments:

  1. http://centrelk.blogspot.com/2012/10/blog-post_8.html#more

    ReplyDelete
  2. දේශපාලනයෙහි එක් චරිත ස්වභාවයක් වන්නේ සතුරන්ගේ පැවැත්මයි. ලිබරල් පාර්ලිමේන්තුවාදය විසින් යටපත් කිරීමට කොතරම් උත්සාහ කලද අව්‍යාජ දේශපාලන අභිමුඛ වීමක් යනු සමාජ සමස්තය තුලින්ම එහි ප්‍රතිවිරෝධය මතු වන දෙපළුවීමකි. එම නිසා අපගේ දේශපාලන සතුරන් කරන විවිධ ආකෘතියේ මඩ ගැසීම් සම්බන්ධයෙන් ලිබරල් සදාචාරමය ගැටළු අපට නොමැති වෙයි. ඒවා එක්තරා ලෙසකින්, අපගේ දේශපාලනය අපගේ සතුරන්ගේ සාමකාමිත්වය බිඳ දමා තිබේය යන්න අපට පෙන්වන නිර්ණායකයකි.

    අප පහතින් පල කරන්නේ නිර්මාල් ට එරෙහිව අවස්ථා දෙකකදී කරන ලද මඩ පෝස්ටර් ව්‍යාපාරයන් දෙකක් හා සම්බන්ධ පෝස්ටර් හතරක ඡායාරූපයි. මින් දෙකක් 2007 දී අලවා තිබුණු අතර දෙකක් 2012 දී අලවන ලදී. මේවා නිශ්චිත වශයෙන් අලවනු ලැබුවේ කවුරුන් විසින්ද කියා අපිට ඔප්පු කල නොහැකි මුත් ඒවාට අවසාන වශයෙන් වග කියන්නේ කුමන පාර්ශවයක්ද, මේවායින් ඔවුනගේ දේශපාලන බංකොලොත් බව සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද ආදිය සම්බන්ධයෙන් නිගමන වලට ඒම අපහසු නොවේ.

    මේ අවස්ථාවන් දෙකේදීමනිර්මාල් ගේ බිරිඳ මෙයට සම්බන්ධ කර තිබෙන්නේ ඇයි? . දෙවෙනි පෝස්ටර් ව්‍යාපාරයේදී නිර්මාල් වෙනුවෙන් පෙනී ඉන්නට උත්සුක වන සුදර්ශන ගුණවර්ධන මහතාට පළමු පෝස්ටර් ගැන කියන්නේ තිබෙන්නේ කුමක්ද කියා ඔබ සිතන්නේද?

    http://centrelk.blogspot.com/2012/10/blog-post_8.html#more

    ReplyDelete
  3. අපිට කුණුහරුප ඉගැන්නුවෙත් දීප්තියා..

    ReplyDelete
    Replies
    1. Uba Lankawata Anayanaya Una Babekda? Deepthita Kiyanna Ona De Kiyanakota Gon Katha Kiyala Kathawa Wahanna Epa Gon Harako

      Delete
  4. ඇත්තමයි. මාත් ඉස්සර කුනුහරුප කියන්ඩ ලැජ්ජයි. මටත් කුනුහරුප කියන්ඩ පුරුදුකලේ ඔය හුත්තිගෙ පුතා.

    ReplyDelete
  5. දීප්තිලා වාගේ පොරවල්ට ප්‍රමිතියක් නැහැ. අද ඒගොල්ලෝ අනිත් එවුන්ව මනින්ඩ සමාජගත කරන මිණුම් දණ්ඩෙන් හෙට උන්වම මැනෙද්දි උන්ට මළ පනිනවා.
    දෙමළු මරලා " ජාතියේ ආඩම්බරකාර තාත්තා" නමින් හදාගත්ත ප්‍රතිරූපය " ගංකබරයෙක්ගේ තත්ත්වෙට වැටෙන කොට දීප්තිට හැදිච්ච අමාරුව මොකක්ද? ප්‍රේමදාස මැරුණේ " කාණුකටා" කියන විරුදාවලිය සමග වාගේම ජාතියේ ආඩම්බරකාර තාත්තා මැරෙන්නෙ " ගංකබරයා" කියන විරුදාවලිය සමගයි.

    ReplyDelete
  6. දීප්ති කළ දේශපාලනය දෙස නැවත ආපසු හැරී පරීක්ෂා කරන කල්පනාකාරී අරගලකාරයෙකු ඉතාම සාධාරණ ලෙස 180ංක් භ්‍රමණය වූ පහත ආස්ථානයන් ප්‍රශ්න කරනු ඇත.(දේශපාලන අවරසිකයකු මෙම දයලෙක්තික විරුද්ධාභාසයන් වටහා ගනු ඇත්තේ අවස්ථාවාදය, බඩගෝස්තරවාදය හා ප්‍රතිසංස්කරණවාදය ලෙසිනි).

    Read more on following URL.

    http://3mana.com/?s=180&x=0&y=0

    ReplyDelete