A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හුටා.. ෆූටා මක්කැයි කොළේ....



නිර්මාල් හිටියේ ‘කෝ බැසිල් තාම ආවෙ නෑනෙ“ සිතමින් මඟ බලමින්ය. එස්.බී හිටියේ ‘කෝ තාම බැසිල් ගියෙ නැද්ද‘ පණිවිඩේ හරියට එනකංය. මළදානේ ඉවර වෙන්නෙත් නෑ-මං මළත් ඉවර කරන්නෙ නෑ ජාතියේ මළ කරදර ප්‍රශ්න ඉවර කරන්නට ආණ්ඩුවේ ඉන්න ලෝකෝත්තරයා බැසිල්ය. අටවත් සමත් ද දන්නෙ නැති බැසිල් ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නය විසඳන්නට එද්දි දෙපැත්තම සද්දෙ වහන් හිටියේ ඒ හින්ඳයි. බැසිල් ඇවිත් පාර ඇහුවත් කවුරු කවුරුත් බලන් හිටියේ “හා“ කියන්නටයි.

නිර්මාල් ගේ නොහැකියාවටද බැසිල් ගේ හැකියාවටද මොකකටද අපි දන්නෙ නෑ... වැඩේ කම්මුතුයි කියල ආරංචියි. ආණ්ඩුව වෙනුවෙන් පී.බී ලිව්ව පොරොන්දු ලිපිය අන්තර්ජාලයේ තැන් තැන්වල. ඒකෙ හැටියට ලැබුණ 6% ක් වත් දඩස් ගාල වෙච්ච පඩි වැඩි වීමක්වත් මොන ලබ්බක්වත් නැහැ. පොරොන්දු ගොන්නක් විතරයි. 

ඒක උඩ වැඩේ අත් හැරල දැම්මොත් නිර්මාල් ගොයියෝ.........අධයාපනය ඉතිං නන්නත්තාරම තමයි.  නැටුව නැටිල්ලෙ හැටියට අපි හිතුවෙ මේ පාර නම් තමන්ගෙ කැරැට්ටුව වත් ගොඩදාගනී කියලා. කිසිඳු බලවේගයකට යටත් නොවී රටේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා කියල කිව්ව ඔය උන්නැහෙ මේ පාරත් පච වෙලාම යන්නද ලෑස්තිය?

විමලයගේ මාරාන්තික උපවාසෙන් පස්සෙ, මාරාන්තික උපවාස අහවර උනා වගේ......එහෙම උනොත් අපි වයසට ගියාම අපේ මුණුපුරන්ට කියන්න වෙන්නේ ....

‘එදායින් පස්සෙ විස්සවිද්යාල ආචාරියෝ ස්ට්‍රයික් නම් කරේ නෑ‘

කියලයි.

10 comments:

  1. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් මාස තුනකට අදික කාලයක් කරමින් සිටි වැඩ වර්ජනය අවසන් කිරීම පිලිබඳ යෝජනාව කරලියට පැමිණීමත් සමග ෆේස්බුක් එකේ, සහ පොදුවේ අන්තර්ජාලයේ එක එක තැන වල විවිධ කොමෙන්ට් දමන, තමන්ගේ දෛනික ජීවිතය තුල සමාජය සංවිධානය කිරීමට කිසිදු වැඩක් නොකරන නිකමුන් පිරිසක් දැන් 'නැවතත් අරගලය පාවා දී ඇත' සහ 'මෙයින් වූ කිසිවක් නොමැත' කියා විශාල ඝෝෂාවක් නගමින් සිටී. එම නිසා මෙම නිකමුන්ට සහ මෝඩයින්ට ඉතා සරලව මෙයින් අප ලැබූ ජයග්‍රහණය කුමක්ද කියා මේ මොහොත තුල සලකුණු කර තැබිය යුතුය.

    අධ්‍යාපනය වෙළඳපොළ තර්කණයට යටත් කිරීම ට එරෙහිව එය පොදු-වූ-දෙය (the Commons) හා සම්බන්ධ දෙයක් වන බවත් එනිසාම මෙය රැක ගැනීම අතිශය වැදගත් සමාජීය වගකීමක් බවත් පවතින දේශපාලනික අවස්ථාව තුල ජවසම්පන්නව තහවුරු කලේ මෙම අරගලයයි. මෙම දෘෂ්ඨිවාදී ජයග්‍රහණයේ දේශපාලනික වැදගත් කම අතිශයෝක්තියට නැංවීම කිසිසේත් කල නොහැකි බව අපගේ හැඟීමයි. එම අරුතින් ගත් විට අධ්‍යාපන උරුමය වෙනුවෙන් සටන් කරනා විවිධ ගෝලීය ව්‍යාපෘතීන් අතරින් මෙම අරගලය ඉතාමත් ඉහල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.

    එස්. බී. දිසානායක මහතා විසින් අධ්‍යාපනය ප්‍රාග්ධනය වෙත පූර්ණ විකසිත ලෙස විවර කිරීමට අවශ්‍ය දෘෂ්ඨිවාදී පසුබිම හැඩ ගන්වමින් සිටි විට එයට එකල විරෝධය දැක්වූයේ, මූලික වශයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පමණි. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීම නොව, එයට පක්ෂ වීම අද දවසේ විලාසිතාව බව අනුරුද්ධ ප්‍රදීප් මහතා පැවසුවේ එම නිසාය. නමුත් මෙම අරගලයේ දෘෂ්ඨිවාදී ජයග්‍රහණයත් සමගම මෙම 'විලාසිතාවට' එරෙහිව 'යථාර්ථය' වෙනුවෙන් සටන් වැදීමට අවශ්‍ය සමාජීය ශක්තිය අපිට ලැබී තිබේ. මෙම දෘෂ්ඨිවාදී ඉදිරිපිම්ම ආරාක්ෂා කර ගැනීම තවදුරටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක් වන වගකීමක් නොව, පොදු සමාජයක් වෙනුවෙන් අරගලය කරනා අප සැමගේ වගකීමකි.

    බොහෝ දෙනා ලියන කියන දේ වලින් පෙනී යන්නේ ඔවුන් දේශපාලන අරගල යනු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වැනි එකක් කියා සිතනා බවයි. ඒ අනුව මෙම වෘත්තීය සමිති අරගලය ජයග්‍රාහීව අවසන් විය යුතුව තිබුණු එකම ආකාරය වන්නේ අධ්‍යාපනය සඳහා රජය 6% වෙන් කරන බව විශේෂ නිවේදනයක් කරමින් පැවසීම වන අතර එසේ වන්නේ නොමැතිනම් මෙම අරගලය පරාජය වීම සහ එය පාවා දී තිබීම අනිවාර්යයකි. ක්‍රිකට් තරඟය පරාජය වූ සැනින් එය ලසිත් මාලිංග විසින් පාවා දී ඇතැයි කියනා මෝඩ ක්‍රීඩා රසිකයන් සහ මෙම ෆේස්බුක්-දේශපාලන-විචාරකයන් අතර වෙනසක් නොමැත. අඩුම තරමේ ක්‍රිකට් නරඹන්නන් කියන්නේ තමන් සහයෝගය දෙන කණ්ඩායමේ පරාජය දරා ගත නොහැකිව ගෙල වැල ලා ගෙන මිය යන්න තරම් අවංකත්වයක් තිබුණු මිනිසුන්ය. අපගේ ෆේස්බුක්-දේශපාලන-විචාරකයන්ගෙන් අපට එවැනි අවංකත්වයක් වත් බලා පොරොත්තු වෙන්න පුලුවන්නම් එය අපගේ ඉදිරි වැඩ වලට විශාල පහසුවක් වනු ඇත. කේමදාසගේ සෞත්‍රික නිර්මානයක කියවෙන පරිදිම, අපට අසන්නට ඇත්තේ මෙවැන්නකි: පිනට උපන් මිනිසුන් සිටිනා රට, නියම කලට වසිනා වැසි කුමටද?

    http://centrelk.blogspot.com/2012/10/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. කරුණු සමග එකඟවෙමි. වර්ජනය සදාකාලික කිරීමෙන්ද සිදුවන යහපතක් නැත. එයින් ඇතිකරන්නා වූ බලපෑම ඉහලම අවස්ථාවට පැමිණිපසු, අනාගතය වෙනුවෙන් අවැසි මාර්ගය සකසා නැවත ඔබලාගේ ප්‍රධාන මෙහෙවර වන සිසුන්ට ඉගැන්වීමට පැමිනීම ගැන සතුටුවෙමි. ඔබලාගේ අරගලය පමණක්ම සැබෑ ජයග්‍රහණයක් බව මගේ හැඟීමයි.

      Delete
    2. කවුරු හරි හෙඵවෙන් නටනව දැක්කම ඌ හෙඵවෙන් නටනව කියල පවසන එවුන් නිකමුන් සහ මෝඩයෝද.. හෙහ් හෙහ් අනේ උගත් මහත්තයෝ..

      Delete
  2. ලෝක කුසලානයේ අවසානය සහ අචාර්ය අරගලයේ අවසානය

    http://centrelk.blogspot.com/2012/10/blog-post_9.html

    ReplyDelete
  3. ෆුටා එක 6% ඉස්සරහට දාලා පඩි වැඩි කරගත්තා නම් ටිකක් චාටර් , හැබැයි පඩිත් නැතුව 6% නැතුව අකුල ගත්තා කියන්නේ අමු චාටර් !

    ReplyDelete
  4. මම කලින්ම කිව්වා මේ දේ වෙන බව. නිදහස් අධ්‍යාපනය දීලා විතරක් වැඩක් නෑ එහින් බිහිවන උගතුන්ට (බුද්ධිමතුන් නොවේ) රැකියා තියෙන්නත් ඕන. මැද පන්තියේ එක්තරා පිරිසක් ඉන්නවා ඉගෙනීමේ අගය වටහා ගත් විශේෂයෙන් ඉංග්‍රීසී භාෂාව. ඒ අය කරේ බන්ඩා ඉංග්‍රීසි නැවත්තුවත් දිගටම තම දරුවන්ට ඉංග්‍රීසී උගන්වපු එක. ඒ අය දිණුම් මොකද එයාලට ඉල්ලුමක් පිට රටවල තියෙනවා. මතක තියාගන්න ගියපු ගමන් මේ කිසි කෙනෙකුට රැකියා දෙන්නෙ නෑ. මුදල් වියදම් කරලා ඒ රටේදි කොලිෆයි වෙන්න ඕන. තව පිරිසක් ඉන්නවා සීයගේ දරුවෝ. ඒ දරුවන්ගේ දෘවොත් ජාත්‍යන්තර පාසල් වලට ගිහින් නිවන් යන මාර්ගය සලසා ගන්නවා. ඉතුරුවෙන්නේ බිස්නස් එක ගෙනියන එකා විතරයි. තව පන්තියක් ඉන්නවා උගත් සාධාරන සමාජේ බ්ලාපොරොත්තුවෙන් ඉන්න පීස. මේ තමයි නියම ගිරවු. උන් එලියට ආවම් ජොබ් නෑ. මොකෝ කඩු ශිල්ප බෑ. ඉතින් ආන්ඩුවෙන් දෙන දේ අරගෙන ගස් යටට වෙලා ඈනුම් ඇර ඇර ඉන්නවා. මම හිතන්නේ මේ රට අගාදයකට වේගයෙන් ගමන් කරනවා. දුටුගැමුනුත් යුද්දේ දින්නට ටික කලකින් අනුරාධපුරේ පැත්තෙවත් යන්න බැරි වෙනවා. පොලොන්නරු යුගෙන් පස්සේ ආයෙත් ගල් යුගයටම යනවා.. මේ වෙන්නේ ඉතිහාසය නැවත කියවීමද කියලා වෙලාවකට මට හිතෙනවා. කැම්පස් වල ඉතුරුවෙලා ඉන්නේ පොරවල් වෙන්න කැමති පිරිසකුයි, දේපල දාලා ගිහින් තුන්වන පන්තියේ එකෙක් ලෙස ජීවත් වෙන්න අකමැති පිරිසකුයි. මම කියපු අර කඩු ශිල්ප බැරි පිරිසයි පමණයි. වෛද්‍යවරුන්ගේ තත්වයත් එසේමයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා යන්නකො කැම්පස් එකකට උගන්නන්න. ඔයාල වගේ අය නොයන නිසානෙ ඒවල ඔය කියන විදිහේ වැඩකට නැති උන් ඉතුරුවෙන්නෙ.

      මම ප්‍රියන්ත හේවගේ.

      Delete
    2. කවුද කිව්වේ වැඩකට නැති පිරිසක් කියලා.. වල්ගෙ පෑගිලාද කොහෙද..

      Delete
  5. Huh..!! Parana engine ekak start kala wage eka sere saddayak awa..dhumak giya..eth weda ne..mewwa honda nandana windana kaala bila inna welawata poddak hinaha wenta.. :D

    ReplyDelete
  6. Chanthaka De Mel බැසිල් යුව රජා ගුණ කඳ ගයමු සිරි සොඳා!!

    මෙන්න පඩි කියා – අපට දුන්නු බඩපුරා
    බැසිල් මහත්මා – ගුණකඳ වනමු මෙලෙසිනා
    තුටු කඳුළු පෙරා – ඔබේ සිරි පතුල් දොවා
    දුන්නු රන් මසූ – පොදි ගෙන යමුය තුටියෙනා

    කටපුරා අපට ටින් කිරි – දුන්න එස්බියා
    නිරුවතින් එදා – මතකද පා ගමන් ගියා
    සුර ලොවින් බැසා – සුර දූතයෙක් නියා
    බැසිල් යුවරජා – අපෙ ගිණි නිවපු සිරිමතා

    FUTA එකෙ අපී – ඔබට ණය ගැතියි මැතී
    FUTA එකෙ අපී – ඔබට ලියමු ගී බැතී
    FUTA එකෙ අපී – ඔබෙ ගුණ ගයමු බිම හැපී
    FUTA එකෙ අපී – ඔබෙ පා දුහුවිලිය නිතී

    ජාතියේ පියා – ඩී. එස්. සේනනායකා
    ඒ තුමා පුතා – අපට බත් දුන්නු පියා
    බැසිල් යුවරජා – අපට පඩිය දුන් පියා
    ඔබේ සිරි දෙපා – වඳිමු සාදු කිය කියා

    ReplyDelete