A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වීම



‘මහත්තයෝ අපිත් ඔය සටනට සපෝට් එක දෙනවා හැබැයි පඩිය විතරක් වැඩි කරගෙන සටන නවත්තන්න එපා‘ යැයි ත්‍රීවීල් රියදුරෙකු සරසවි ඇදුරෙකුට කියූ කතාවක් පහුගියදා රාවයේ තිබිණ. අහම්බෙන් මෙන් එම රියදුරා හමුවී,

‘අයියා මොකෝ දැං ලෙක්චර්ස්ලගෙ සටන ගැන කියන්නෙ?‘ යැයි අපි ඇසුවෙමු.

‘මහත්තයලා.... මේකනේ..... කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වෙන්න බෑ කියලයි අපේ අත්තා කිව්වෙ. උන්ට පුළුවන් හාවො මීමින්නො වගේ ඇටිකිත්තං සත්තු මරාගන්න විතරයි‘

මේ වගත් එසේම:

ආණ්ඩුවේ පස්ස නොනවත්වා ලෙවන ධම්ම දිසා මිත්‍රයා වීම හේතුවෙන් සිය සොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂවත් විශ්වාස නොකරන බැසිල් රාජපක්ෂව විශ්වාස කර ෆූටා සභාපති නිර්මාල් විසින් අධ්‍යාපනය වෙනුවෙන් 6% දිනා ගැනීමේ සටන අමු අමුවේ පාවා දෙන ලදි. 

තමන් තනතුරේ සිටින අතරතුර මොකක් හෝ කළයුතු බැවින් වැටුප් වැඩිකර ගැනීමේ අරමුණ පෙරට ගෙන සටන පටන් ගත් නමුත් සරසවි ඇදුරු වැටුප ජනතාව දැනගැනීමෙන් පසුව ආ විරෝධය හමුවේ පෙසපෙ පුබුදුව හෙවත් ගැටළුවා ගේ අනුදැනුම ඇතිව සටන 6% ඉල්ලීම දක්වා වෙනස් වූ බව කවුරුත් දන්නා කාරණයකි. දැනුම තිබුණට සෙනඟ නැති නිර්මාල් සෙනඟ සොයා ගැනීම උදෙසා පෙසපෙ තිරය පිටුපස උපදේශකයෙකු බැවින් පෙසපෙ දේශපාලනය සහතික කරණුවස් මේ සටන භාවිතා කළ මුත් එය අසාර්ථක උත්සාහයක් වූයේ ජවිපෙ සද්දන්ත දඹර අමිල හාමුදුරුවෝ වැඩේ අත් නොහැරිය බැවිනි. වැඩේ පාවා දීමකින් කෙළවර වී නන්නත්තාර වෙන්න කිට්ටුවෙන විට පෙසපෙ (හා එහි අන්තරේ) එතනින් හලා ජවිපෙ නායකයින් හා එජාප නායකයින් සටනට ගොඩ බැස්සවීමට තරම් හාමුදුරුවන්ට හැකි වී තිබුණි.

අන්තිමේ දී රටේ අධ්‍යාපනය සඳහා මෙන්ම අනෙකුත් සටන් සඳහා ද තීරණාත්මක වූ මෙම 6% අරගලය ඛේදවාචකයක් කර පාවා දී නිර්මාල් නව ලිබරල්වාදය තුළම ඉතිහාසගත විය. නිර්මාල්ට සහය දී  අප ද අප වැනිම තවත් බොහෝ අයද ඉතිහාසම ගත විය.

මේ පොරොන්දු ඉටු නොවුනොත් තමන්ගේ තනතුර අනතරේ බව නිර්මාල් පැවසුවත් පොරොන්දු ඉටු කිරීමට පෙම් හසුනට අනුව තව අවුරුදු පහක්ම ගතවන බැවින් ඔහුගේ තනතුර තවත් අවුරුදු පහක් සඳහා සුරක්ෂිත බැව් අපට ඉඳුරාම පැවසිය හැක.

නැත්තටම නැතිවුණේ:
     නිර්මාල්

නැති වුණේ:
     ජානක හා සිසිත් ගේ ජීවිත
     දින සියයක සරසවි සිසුන්ගේ අධ්‍යාපනය
     ආයෙමත් විවි ආචාර්ය වරුන් වර්ජනයකට කැඳවීමේ හැකියාව
     තිබුණු 1.8% (2013අයවැය යෝජනා වලින් 1.5% ට අඩුකර ඇත)
     රාජ්‍ය අධ්‍යාපනය ගැන පුංචිම බලාපොරොත්තුවත්

ඉතිරි වුණේ:
    එස් බී
     අත්දැකීම්
     කකුල් කෙඩෙත්තුව
     කළුපාට කොලර් සහිත තැඹිලි පාට ටී ෂර්ට්
     තැඹිලි පාට කොලර් සහිත කළුපාට ටී ෂර්ට්
     මාස තුනේ පඩිය (පාරවල් වල රස්තියාදුවීම වෙනුවට)
     පීබී ගෙ තුනට නැවූ ලියුම් දෙක

ලැබුණේ:
     බැසිල්ගෙන් අතට අත

28 comments:

  1. විද්‍යාමාන වන්නේ, කවුරු හෝ දෙවියෙක් පැමිණ අපගේ සියලුම ප්‍රශ්න විසඳාදේවි යැ‍යි සිතා දේවාල ගානේ යන අපේ පොදු ජනයාගේ මානසිකත්වයයි. කාලෙන් කාලෙට, එක්කෝ ගහක ගැටයක්, බුදු රැස්, දේවතා එළි වැනි හාස්කම් සොයා ගොස්, ඊලඟ හාස්කම එනතුරු ඇඟිලි ගණිනා මානසිකත්වයයි. මේවා කරන්නේ බෝඩ අම්මණ්ඩිලා යනුවෙන් හෙලා දැක්කත් යම්කිසි වැදගත් ප්‍රශ්නයක් හමුවේ, ඊට එහා ගිය අවබෝධයකින් යමක් තේරුම් ගන්න බැරි මානසිකත්වයයි.

    කප් එක දිනලාම මිස පස්ස බලන්නේ නැතය යන මානසිකත්වය සහ විමල්ගේ මාරාන්තික උපවාස මානසිකත්වයෙන් මෙම අරගලය දෙස බැලිය හැකිද? ෆුටා යනු නිර්මාල් ද? එතැන සහභාගී වූ අනිත් කිසිවෙකුටවත් කොන්දක් තිබුනේම නැද්ද? මීට වඩා දෙයක් කිවයුතු නැත... අරගලය නැවැත්වීමට බලපෑ සමාජ ආර්ථික කාරණා කතා නොකර, බොල් 'පාවාදීම' යන සටන් පාඨ ඔසවාගෙන යෑම, මෙම අරගලයට වඩා බොහෝ පහල මට්ටමේ වෑයමකි.

    ReplyDelete
    Replies
    1. මේකනෙ තිසර වෑඩේ වෑටුප් සටනයි 6% අරගලයයි ඔය ඔක්කොම නෑගලා යනකොට සමහර මහත්තුරු කට්ටියක් කෑ ඔය සටනට ඵරෙහිව කෑගෑහෑව්වා.
      ඵක කට්ටියක් තමා මේ පස්චාත් නූතනවාදී කියාගන්නා ලූප් හෝල් කට්ටිය.උන්නෑහේලාට තිබුනේ නිර්මාල්ලා ඵක්ක පවුද්ගලීක ගෑටලුවක්.
      අනිත් අය තමා පෙරමුනේ රාලලා වගේ ගෝත්‍රීක බඩගෝස්තරකාරයෝ ටික.
      අනික් කට්ටිය මාරයලා වගේ මාමගේ රෑවුලට වහවෑටිල චන්දෙදෙන සන්දාන කාරයො ටික.

      ඈදුරු සටන 6% දිනාගත්තෙ නෑතත් මේරටේ ජනමතය හොද පෑත්තකට හරවලා තාවකාලිකව අවසනුනා කියන ඵක මේ රටේ සාමාන්‍ය ජනතාව වන කවුරුත් පිලිගන්න දෙයක්.
      ඵ් අතරේ බලදාරීන් විසින් ඉතාම නිනිදිත විදියට ප්‍රජාතන්ත්‍රවාදීව සටන්වෑදුනු තරුන ජීවිත දෙකක බිලිඅරන් රට හමුවේ මහදවල් නිරුවත් උනා කියන ඵකත් කවුරුත් පිලිගන්නවා.
      ජනතාව හිතන්නේ මේ ඈදුරු සටන තවත් සටන් දහසකට ඈරබුම ලබා දුන්නා කියලයි.

      සටනට ක්‍රියාකාරීව හරි වචනයක්කින් හරි දායකත්වය දීඉපු හෑමෝම සටන 100කින් නොවුනත් යම් ජයග්‍රහනයකින් කෙලවර උනා කියලා හිතද්දී,මුල ඉදලාම කකුලෙන් ඈදපු,සටනට ඵරෙහිව අවලාහ නගපු කාලකන්නි ටික විතරක් බුද් අම්මෝ සටන පාවාදුන්නෝ අපි ඉවරෝ කියලා කෑ ගහනවා.

      මුන්ගේ වදුරු නෑටුම දෑක්කම අපිට මතක්වෙන්නේ චිoචි මානවිකාවගේ චරිතය.
      සටනට ඵ්දා ඉදන් වලකපපු මතවාදීව බoකොලොත් උන කවටයන්ගේ අවලාද වලින් නෙව්යි මීට මාස 3න4කට කලින් අද්‍යාපනය සම්බන්දව සමාජයේ තිබුනු සෑලකිල්ල සහ දෑන් තියන තත්වය සන්සන්දනය කරලා සටනේ සාර්තක අසාර්තකත්වය මනිමු.
      දනවාදී බූවල්ලාව ඵක සටනකින් පරද්දන්න බෑරි බවත් හෑමපෙරමුණේම සටන් වෑලකින් පමනක් ඌව විනාසකරන්නට හෑකි බවත් මතක්කරගමු.

      Delete
    2. කවුරුවත් අතිපාරිශුද්ධ සහ 100%ක් ඉල්ලීම් දිනාගත හැකි අරගලයක් ලෙස මේ ෆූටා අරගලය දැක්කේ නැහැ ආයිබෝවං! දැන් මේ කකුලෙන් ඇදීම් ගැන කතා කරනවා. ඔය කකුල්වලින් ඇදීම් තිබුනේ මේ අරගලය දිහා පාර දෙපැත්තට වෙලා බලා හිටපු පාගමන යන අයට සංගුහ කරපු අය අතරේ නොවෙයි. කකුල්වලින් ඇදගත්තේ කුඩමිටි හරස්කරගත්තේ ඒකට නායකත්වය දීපු අයමයි.
      මෙච්චර කාලයක් මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල වෘත්තිය සමිතිවල සටන්පාඨය වුනේ " නිදහස් අධ්‍යාපනය රැකගනිමු " කියන එක. නමුත් ඒ සටන් පාඨය මේ අරගලයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බැහැර කරලා" රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු" කියන සටන්පාඨය ඉස්සරහට ගත්තා.මේ තුළ පුද්ගලික විශ්ව විද්‍යාල සහ එවනි සමාන්තර වාණිජ අධ්‍යාපන ආයතන වල පැවැත්ම පිළිගත්තා. මේක එතෙක් පැවැති අරගලයේ මතවාදී පදනමට දීපු පහරක් නෙවෙයිද? මේවා ගැන අහන එක කකුලෙන් ඇදීමක්ද?
      දඹර අමිල, සෝමවංශ අමරසිංහ, සමග එක්වී අන්තරය මේ අරගලයෙන් හළලා දාන්න දියත්වෙච්ච කුමන්ත්‍රණය කකුලෙන් ඇදීමක් නෙවෙයිද?
      නිදහස් අධයාපනය වෙනුවෙන් එදා ඉදලම අරගල කරපු ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරපු, අනතරය හළලා දාලා නිදහස් අධ්‍යාපනයට වළ කපපු යූ ඇන්පීය සමග පාගමන් යාම කකුලෙන් ඇදීමක් නෙවෙයිද? පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමේ පදනම දාපු, විශ්ව විද්‍යාල වධකාගාර බවට පත්කරමින් සිසු සංහාරයේ නිරතවුනු යූ ඇන්පීය සමග ගිය පාගමනෙන් අධ්‍යාපනය ගැන තිබ්බ සැළකිල්ල වැඩි වුණාද? එහෙනම් මෙන්න අපේ ආචාරය!
      මේවා ගැන ප්‍රශ්න කරන එක කකුලෙන් ඇදීම් හැටියට හංවඩු ගහලා ඒවා ගැන මතුවන විවේචන යටකරනන හදන්නේ මේ අරගලය තුළ මෝඩ චූන් එකක් අරගත්ත බොරු සෝබන කාරයො!


      Delete
    3. දේසපාලන කුහකත්වය කියන්නේ ඔකට තමයි.
      නිදහස් අද්‍යාපනය කියන ඵක ප්‍රතික්ශේපකරලා රාජ්‍ය අද්‍යාපනය කියන ඵක ඵතනට ඵබ්බෙව්වා කියලා ඔයා කියන්නේ කොහොමද?අනික නිදහස් අද්‍යාපනය කොහොමත් රාජ්‍ය විසින් පුරවෑසියාට ලබාදියයුත් ඵකක්.
      අනික ඔයා කියනවා දබර අමිල හිමියි සෝමවන්ශයි අන්තරේ හෑලුවා කියලා.මාර ජෝක් කියන්නේ ඔවා තමා.ඈත්තටම අන්තරේ හෑලුවා නෙවෙයි වඩාත් සක්‍රීය විඩ්ජියට අරගලයට සහබාගී උනා.
      ඈදුරන් ගාල්ලේ ඉදන් කොළබ ඵනකොට සිසුන් නුවර ඉදන් කොළඹ ආවාසිසුන්ගේ පාගමන ආවේ ඈදුරන්ගේ සහයට..රටේ දෙතෑනකින් ගුරුවරුයි සිසුනුයි ඵකම ගමනාන්තෙකට ආපු අති සාර්තක පාගමනක්.ඵ්කට බයවෙලා තමා මිනීමරුවො සිසුන් දෙන්නෙකුගෙ ජීවිත බිලිගත්තේ.
      ඔයා පිලිගන්න කෑමති උනත් නෑතත් අන්තරය කියන්නේ මේරටේ සරසවි සිසුන්ගේ අති බහුතරය.සරසවි ඈදුරෝ ඔවුන්ගේ ගුරුවරු.ඉතින් සෝමවංශගෙ කීමට ගුරුවරුන් විසින් තමුන්ගෙම සිසුන්ව සටනෙන් ඵලියට ඈදලාදාන්න තරම් ඈදුරන්ට ආයේ පිස්සුවක් ඈතෑද?
      අනික යූඈන්පීය ආවාය කියලා පාගමන නතරකරන්න කියලා කවුරුහරි කියනවානම් ඌට පිස්සු කියලා තමා අපිට කියන්න තියෙන්නේ.
      උඹලාට තියෙන්නේ දේසපාලන කුහකත්වය.ඔකට බෙහෙත් නෑ.ඉතිහාසයේ කුණුබක්කියට වෑටිලා ප්‍රතිගාමීත්වයට සේවය කිරීම තමා ඔකේ අන්තිමය.නිර්මාල් ඵක්ක තියන පවුද්ගලීක තරහට සටනට මඩගහන උබලවගේ මතවාදී හිගන්නන්ට පවු කියනවා ඈරෙන්න උබල මොනවාකරන්නද?

      Delete
    4. ෆූටා අරගලය ඉදිරියට එන්නේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවෙමින් තිබූ අසහනකාරී තත්ත්වය මතයි. විශේෂයෙන් ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය හේතුවෙන් මතු වුණ තත්ත්වය සාමාන්‍ය මිනිසුන්ගේ ආශිර්වාදය මේ අරගලයට ලැබීට හේතුවුණා. ඊට අමතරව විශ්ව විද්‍යාලවල පැවැති මර්දනකාරි තත්ත්වයත් කල නොවිසදී තිබූ ගැටළුත් මීට බලපෑවා. මේ තත්ත්වය අමතක කොට අරගලයට ලැබුන මේ ජනපදනම හරහා තම තමන්ගේ බංකොළොත් දේශපාලන ප්‍රතිරූප ගොඩනගාගැනීම සදහා දියත්කළ බාල" සෙරෙප්පු" ප්‍රචාරයත් දඹර අමිල පන්නයේ ෆොරටෝක් වලින් තමන්වම චූන් කරගැනීමේ මානසිකත්වයේ අවසන් ප්‍රතිඵලය තමයි විවේචන එල්ලවන විට ඒවා දරාගත නොහැකිව විවේචනය කරනවුන්ට කුහකයන් යැයි චෝදනා කරමින් විකාර කිරීමට සිදුවීම. ඒ මොකද, අරගලය ප්‍රදර්ශණාත්මක සහ ප්‍රචාරක තලයේ ඉදිරියට යනවිට ඒවායේ දේශපාලන වාසිය තමතමන්ගේ පුද්ගලික දේශපාලන ගිණුම්වලට බැරකරගත්තට අරගලයේ පසුබැසීම්වලදී ඒවායේ වගකීම් එලෙස බාර‍ගන්නට තරම් නිහතමානි කමක්වත් අවංකකමක්වත් ඔවුන් සතුව නැති නිසයි.
      රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු කියන සටන්පාඨයත් නිදහස් අධ්‍යාපනය සුරකිමු කියන සටන්පාඨයත් අතර දේශපාලන හරය අතර වෙනස්කම් හදුනාගතයුත්තේ එම සටන්පාඨවල ඓතිහාසික විකාශනය තේරුම්ගැනීමෙන් මිසෙක වචනවල අල්ලාගෙන වාචාල දෙඩවීමෙන් නෙවෙයි. මේ දෙකේ තියෙන වෙනස හදුනාගත් නිසා තමයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එයට විරෝධය පළ කළේ.ඒක වචනවල වෙනසක් විතරක් නම් මේ අරගලය තුළ ඉදිරියෙන්ම සිටි සංවිධානය වන අවිවිශිබමය විසින් මේ ගැන ප්‍රකාශයක් නිකුත් කලේ ඇයි.?

      අගොස්තු 07 වෙනිදා ජවිපෙ මූලස්ථානයේ සෝමවංශ විජිත හේරත් අනුරකුමාර, දඹර අමිලලා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති අගෝසතු 23 පළමු රැළියෙදීම අන්තරයේ නියොජිතයන් රැළිය ඇමතීමට අවසථාවක් ලබා දීමට දඹර අමිල සහ ජවිපෙ පළ කල විරෝධයට ෆූටා නායකයන් එකග වූයේ නැද්ද?

      සිසුන් නුවර සිට පැමිණිබව උඹ කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක කවුරුත් දන්නා දෙයක්. හැබැයි වෙනම පාගමනකට සිසුන්ව යොමු වීමට හේතුව ඒකාබද්ධ පාගමනට අන්තරය එක් කරගැනීමට ජවිපෙ අකැමැතිවීමයි. මේ අරගලය තුළ අන්තරය හළා දැමීමේ උවමනාව තිබුනේ ජවිපෙටත්, ෆූටාව තුළ සිටි ජවිපෙ ආචාර්යවරුන්ටත්. අනිත් අය නිවට ලෙස මේ ජවිපෙ න්‍යාය පතුයට ඉඩදුන්නා. සිසුන් නුවර සිට එන්නට තීරණය කළේ තමන්වම කොන්කර කපා හැරීමේ කුමන්ත්‍රනය පරාජය කිරීමේ අවශ්‍යතාවද ඇතුවයි. අධ්‍යාපනය සහ සිසු අයිතීන් වෙනුවෙන් දරුණු මර්දනයක් හමුවේ සටන්වැදුනු සංවිධානයක් තීරණාත්මක මොහොතක හුදෙකලා කිරීමට ගුණමකු ලෙස ෆූටාව ගත් තීරණයේ ප්‍රතිඵලය තමයි අන්තරයේ කැදවුම්කරු සංජීව බන්ඩාර අත් අඩංගුවට ගැනීමත්, තවත් සිසුන් දෙදෙනෙකු ඝාතනයට ලක්කිරීමට පහසු වටපිටාවක් නිර්මාණය කරදීමත්.

      " ඔයා පිලිගන්න කෑමති උනත් නෑතත් අන්තරය කියන්නේ මේරටේ සරසවි සිසුන්ගේ අති බහුතරය.සරසවි ඈදුරෝ ඔවුන්ගේ ගුරුවරු.ඉතින් සෝමවංශගෙ කීමට ගුරුවරුන් විසින් තමුන්ගෙම සිසුන්ව සටනෙන් ඵලියට ඈදලාදාන්න තරම් ඈදුරන්ට ආයේ පිස්සුවක් ඈතෑද?"

      මේ තරම් මන්ද බුද්ධික ලෙස ප්‍රශ්න දකින එවුන්ට කියන්න තියෙන්නේ ආචාර්යවරුන්ට පිස්සු තිබුණත් නැතත්, ජවිපෙ තම ඉලක්කය එනම් පෙරටුගාමි සමාජවාදි පක්ෂයට සම්බන්ධ අන්තරය නෙරපා හැරීමට තම පක්ෂයේ දඹර අමිල ඇතුළු ආචාර්යවරු යොදාගෙන ඉටු කර ගැනීම දැන් ඓතිහාසික යථාර්ථයක් බවට පත්වී හමාර බවයි. ඒක හංගන්න පුළුවන් දෙයක් නෙවි.

      " අනික යූඈන්පීය ආවාය කියලා පාගමන නතරකරන්න කියලා කවුරුහරි කියනවානම් ඌට පිස්සු කියලා තමා අපිට කියන්න තියෙන්නේ."

      යූ ඇන්පීය වාගේ පක්ෂ මේ රටේ වෙනත් වෘත්තීය අරගලවලටත් ඔය විදියට සම්බන්ධ වෙලා තියෙනවාද? නිදහස් අධ්‍යාපනය පිලිබද සටන්පාඨය අත්හැර දාලා " රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු" කියන එක ගෙනාවේ යූ ඇන්පී වාගේ වංචාකාර ධනපති පක්ෂවලටත් මේ අරගලය අස්සේ ගේම් ගැසීමට අවස්ථාව දීමට නෙවෙයිද?

      එහෙනම් කරුණාකරලා ‍‍ෆූටා එක විසින් මේ රටේ අධ්‍යාපනය සම්බන්ධ කතිකාව ඉස්සරහට ගෙන ආවා කියන ‍‍ගොංකතාව නොකිය ඉදහල්ලා. ‍

      විවේචන එල්ලවනවිට ඒවාට හරියට තර්කානුකූල පිලිතුරක්වත් හරියට ලියාගන්න බැරිව, හැම පැත්තටම කුහකයන් යැයි බැනවැදීමෙන් හෙළිවන්නේ උඹලාගේ ම දේශපාලන බංකොළොත්කම පමණයි.

      Delete

    5. [අගොස්තු 07 වෙනිදා ජවිපෙ මූලස්ථානයේ සෝමවංශ විජිත හේරත් අනුරකුමාර, දඹර අමිලලා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති අගෝසතු 23 පළමු රැළියෙදීම අන්තරයේ නියොජිතයන් රැළිය ඇමතීමට අවසථාවක් ලබා දීමට දඹර අමිල සහ ජවිපෙ පළ කල විරෝධයට ෆූටා නායකයන් එකග වූයේ නැද්ද? ]

      තේ කෝප්පේ කුණාටු මවනවාය කියන්නේ ඔන්න ඔය වගේ විගඩම් වලටයි.ආචාර්යවරුන්ගේ අරගලයේදී ජවිපෙට වඩා ආචාර්යවරුන් හා සමීපව සිට්යේ අවිශිබමයයි.ආචාර්යවරුන්ගේ සටනට සහය පලකරමින් මුලින්ම පාරට බෑස්සෙත් ඔවුනුයී.
      23රෑලියේදී අන්තරේ කෙනෙක්ට කතාකරන්න ජවිපෙ ඉඩදුන්නෑ කියනඵක පදනම් විරහිත කතාවක්.
      මේක කියවන කවුරුත් ඵතන නොහිටපු නිසා උබලා කියන බොරුව ඈත්ත කියලා හිතන්න ඉඩ තියනවා කියලා උඹලා හිතනවා.ඵ ඈරෙන්න අරගලයට අවිශිබම සහබාගීවීමට ජවිපෙ ඵරෙහිඋනාය කියන කතවේ කිසිම පදනමක් නෑ.උඹලට ඔප්පුකරන්න කිසිම සාඩකයක් නෑතුව හෑම සිදුවීමකටම බොරු කතන්දර නිර්මාණයකරමින් බොහොම ගුජුප්සාජනක ස්ව්‍ය වින්දනයක් ලබන බව පේනවා.

      [හැබැයි වෙනම පාගමනකට සිසුන්ව යොමු වීමට හේතුව ඒකාබද්ධ පාගමනට අන්තරය එක් කරගැනීමට ජවිපෙ අකැමැතිවීමයි. ]

      ඵතකොට උඹ කියනවිදියට අවිශිබම නුවර ඉදන් කොළඹට පාගමන ගිහින් තියෙන්නේ අද්‍යාපණය විකුන කන රජයට ඵරෙහිව නෙවෙයි.ෆූටා ඵකටයි ජවිපෙටයි විරුද්දවයි.මේ යන විදියට උඹ්ලා තවටිකකින් කියාවී අන්තරේ සසිත සහ ජානක සොයුරන්ව මෑරුවේ ජවිපේ සහ ෆූටා ඵක මිසක් සටනට බයවුනු ඵ්කාදිපති මිනීමරුවො නෙවේය කියලා කියාවී.
      මටපේන්නේ උබ මේ සටන ගෑන මෙලෝ මගුලක් දන්නෑ නෑති පාටයි.අඩුතරමේ ආචාර්යවරු සහ සිසුන් පාගමනෙදි නිකුත්කරපු දෑනුවත්කිරීමේ පත්‍රිකාව වත් උඹ කියවලා තියනවානම් මේ කතාව කියන්නෑ. පත්‍රිකාව වත් හොයාගෙන කියවපන් ඵකෙන්ම තේරේවී අදුරන්ගේ සහ සිසුන්ගේ අන්‍යෝන්‍ය අවබෝදය.අනික අන්තරේ පාගමනට පෙර සහ පසු පවත්වපු මාද්ය සාක්ච්චා වලදීම කිව්වා අදාල පාගමන සවිදානය කිරීම්න් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකකද කියන ඵක.දන්නෙ නෑත්නම් අන්තරේ වෙබ්සයිට් ඵකට ගිහිල්ලා බලපන් මෙතන බොරු කෙලින්නෑතුව.



      Delete
    6. [මේ අරගලය තුළ අන්තරය හළා දැමීමේ උවමනාව තිබුනේ ජවිපෙටත්, ෆූටාව තුළ සිටි ජවිපෙ ආචාර්යවරුන්ටත්. අනිත් අය නිවට ලෙස මේ ජවිපෙ න්‍යාය පතුයට ඉඩදුන්නා.]

      අනික උඹලා හිතාගෙන ඉන්නේ ඈදුරු සoගමේ කියන්නේ දඹර අමිල හිමි ගෙයි නිර්මාල් ගෙයි 50-50 හවුල් ව්‍යාපාරයක් කියලද?
      ගොනෝ ඔකේ ආචාර්යවරු දහස් ගානක් ඉන්නවා.අති බහුතරය මහින්දගෙ අය.අමිල හිමිටයි නිර්මාල්ටයි සෝමවoශටයි විතරක් තනි කෑමෑත්තට ඕකේ තීරන ගන්න පුලුවන් කියලා උබ හිතනවා නම් අoගොඩ ගිහිල්ලා බෙහෙත් ගනින්.
      ආණ්ඩුව පෑත්තෙන් සගoමේ ඈතුලේ මත ගෑටුමක් ඈතිවෙලා කොටසක් ඵලියට විසිවේය කියලා බලාපොරොත්තු උනා.ඵහෙම විසිවෙන අය ඵකතුකරගන්න තමා දේශප්‍රේ-මී ආචාර්ය සoගමය කියලා ඩස්පින් ඵකක් හෑදුවේ.
      නමුත් ඈදුරු සoගමේ ඈතුලේ ඵහෙම කිසිම ගෑටුමක් ඈති උනේ නෑ.
      අමිල හිමිටයි සෝමවoශටයි ඔන විදියට තීරන ගත්තනම් ඔක ඈතුලේ අනිවාර්ය ගෑටුමක් ඈතිවෙන්නේ ඔනේ.මොකද සoගමේ අති බහුතරය මහින්දට සහය දුන් අය මිසක් ජවිපෙ අය නෙවෙයි.
      ඉතින් ඵහෙම කිසිම ගෑටුමක් ඈති නොවී අරගලය ඉදිරියට ඈදිලා දේසප්‍රේ-මී ආචාර්ය සoගමය පට්ටපජාත වෙලා ගිය ඵකෙන් පේන්නේ ඈදුරු සටන ඔවුන්ගේ ඵකමුතුවෙන් ගිය ඵකක බවත් ජවිපෙ හරි වෙන කාගෙහරි බලාපෑම්වලට යට නොවුනු ඵකක් කියනඵක තමා.

      Delete
    7. මම මේ ප්‍රශ්නය නැවතත් අහනවා!
      [අගොස්තු 07 වෙනිදා ජවිපෙ මූලස්ථානයේ සෝමවංශ විජිත හේරත් අනුරකුමාර, දඹර අමිලලා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති අගෝසතු 23 පළමු රැළියෙදීම අන්තරයේ නියොජිතයන් රැළිය ඇමතීමට අවසථාවක් ලබා දීමට දඹර අමිල සහ ජවිපෙ පළ කල විරෝධයට ෆූටා නායකයන් එකග වූයේ නැද්ද? ]
      මේ ගැන නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කීමට ඇත්තේ කුමක්දැයි දැනගැනීම කැමැතියි! මේ පැත්තක ඉදගෙන කුලියට කහින ගොබ්බයන්ගේ විලාපවලින් වැඩක් නැහැ.


      වාචාල කතා කියමින් මේ ඇත්ත වසං කිරීමට උත්සාහ දරන්නේ ජවිපෙ සමග අවස්ථාවාදි සම්මුතියයි.

      "මේක කියවන කවුරුත් ඵතන නොහිටපු නිසා උබලා කියන බොරුව ඈත්ත කියලා හිතන්න ඉඩ තියනවා කියලා උඹලා හිතනවා.ඵ ඈරෙන්න අරගලයට අවිශිබම සහබාගීවීමට ජවිපෙ ඵරෙහිඋනාය කියන කතවේ කිසිම පදනමක් නෑ.උඹලට ඔප්පුකරන්න කිසිම සාඩකයක් නෑතුව හෑම සිදුවීමකටම බොරු කතන්දර නිර්මාණයකරමින් බොහොම ගුජුප්සාජනක ස්ව්‍ය වින්දනයක් ලබන බව පේනවා."

      මේවා එලියට ආවේ නැතිවට නිර්මාල්ලත්, අමිලලත් , අන්තරේ අයත් බැහැලා වැඩකරපු අනිත් පොදු සිසුනුත් දන්න දේවල්. උම උඩුබිරුවට මේ ඇත්ත යට කරන්න බෑ.

      "ගොනෝ ඔකේ ආචාර්යවරු දහස් ගානක් ඉන්නවා.අති බහුතරය මහින්දගෙ අය.අමිල හිමිටයි නිර්මාල්ටයි සෝමවoශටයි විතරක් තනි කෑමෑත්තට ඕකේ තීරන ගන්න පුලුවන් කියලා උබ හිතනවා නම් අoගොඩ ගිහිල්ලා බෙහෙත් ගනින්."

      ආචාර්යවරුන්ගේ අති බහුතරය මහින්ද සමග සිටින අය බව උඹ කියන්න දෙයක් නෙවෙයි. මොකද සෝමවංශත් දඹර අමිලත් මේ මැතක් වෙනකම්ම ලැග්ගේ මහින්දගේ අගුපිල්වළ නිසා ඔය මහින්දයා එක්ක ඉන්නවයි උඹ කියන දේශප්‍රෙමී ආචාරියෝයි සෝමවංශ සහ දඹර අමිල එක්ක ඉන්න ආචාරියොයි අතර ලොකු වෙනසක් නැහැ. මහිනදයා බලයට ගේනන පත්තර පිටු පුරා වෙළද දැන්වීම් දාපු ආචාර්යවරුන්ගේ ලැයිස්තුවල ඕවා 50/50% තියෙනවා.


      "ඵතකොට උඹ කියනවිදියට අවිශිබම නුවර ඉදන් කොළඹට පාගමන ගිහින් තියෙන්නේ අද්‍යාපණය විකුන කන රජයට ඵරෙහිව නෙවෙයි.ෆූටා ඵකටයි ජවිපෙටයි විරුද්දවයි"
      මම එහෙම කියලා තියෙන්නේ කොහෙද බූරුවෝ! මම මතුකරපු කාරණාව උඹට මේවාගේ ගොන්පාර්ට් උත්තර දෙන්න ලේසි වෙන විදියට විකෘති කරන්න එපා. ඔය පාගමනෙදි අන්තරේ සටන්පාඨවලින් ඒක මතුකරන්න අන්තරේට අවශ්‍යතාවක් තිබුනද? හැබැයි ජවිපෙ අන්තරේ එක්ක ඌරු ජුවල් බවත්, අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ තොරතුරු ජවිපෙ විසින් මර්දන අංශ වෙත ලීක් කර ඇති බවත් උඹ නොදන්නවාට අන්තරේ වගකිව යුතු අය සහ පෙසපෙ අය දන්නවා.

      නිදහස් අධ්‍යපනය සුරකිනු යන සටන්පාඨයට මිසෙක, රාජ්‍ය අධ්‍යාපනය අයිතිය සුරැකීමේ සටන්පාඨයට සම්බන්ධව තමන්ගේ එකගතාවක් නැත්තේ ඇයිදැයි පලකරමින් අන්තරය නිකුත් කළ පත්‍රිකාවේ උඹ මේ කොමෙන්ට්වල මුලින්ම වහං කරන්න හදපු දේට උත්තරේ තියෙනවා. ඒක හොයාගෙන කියවපං!

      Delete
  2. නිර්මාල් නියෝජනය කරන්නේත් සුළු ධනේෂ්වර පන්තිය. උන් පාරවල් ගාණේ කකුල් කෙඩෙත්තුව හැදෙනකං ඇවිද්දේ නිදහස් අධ්‍යාපනය රැකගෙන උඹලා අපි වගේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන්ද කියන එක දැන් තේරෙනවා නේද?

    මම මේ ගැන ලිපියක් ලිව්වා කැමති අය බලන්න.

    http://kaushgossip.blogspot.com/2012/10/futa.html

    ReplyDelete
  3. hema deyakma jokema karala daapan ethakota maara athal

    ReplyDelete
    Replies
    1. Kedawachaka walata wisil gahpu minissu inna rataka........okkoma joke misak wena mokakda?

      Anika..nirmal wage aya joke ekak withara nam monawa karannada ?

      Delete
  4. http://sieruwensitin.blogspot.in/2012/09/blog-post.html

    ReplyDelete
  5. http://centrelk.blogspot.in/2012/10/blog-post_4014.html

    ReplyDelete
  6. සහෝදරවරුණි

    අප පශ්චාත් නූතනවාදී නොවේ. අපට කිසිවෙකු සමඟ පුද්ගලික ගැටළු ඇත්තේ ද නැත. ඇත්තේ දේශපාලන ගැටළු පමණි. නිර්මාල් සමඟ ඇති දේශපාලන ගැටළුව නොසලකා ලූප්හෝල්ස් සිටියේ අධ්‍යාපනයට 6% සටනට දිගින් දිගටම සහය පළකරමිනි. මන්ද එම අරගලය ජය ගැනීම අධ්‍යාපනයට මෙන්ම රටට ද තීරනණාත්මක බැවිනි. එම සටන අවාසනාවන්ත ලෙස අවසන් වීම (කිරීම) ගැන අප කිසිසේත්ම සතුටු නොවේ. අපට ඇත්තේ එය දේශපාලන උවමනාවන් මත හැසිර වූ හා පාවාදුන් අය ගැන කේන්තියක් පමණි.

    අප දේශපාලන අවස්ථාවදය, දේශපාලන කුහක කම් හෙලිදරව් කිරීම තවකෙකුට නොඉවසන සුළු විය හැක. මක් නිසාද ඉක්මනින්ම අමතක වෙන මිනිසුන් සිටින රටේ අවසථාවාදය හා කුහකකම් අමතක කර කට්ටියම එකවර චූන් වීමට සැදී පැහැදී සිටින බැවිනි. මොවුන්ගේ සුළු ධනේශ්වර-නව ලිබරල්-ජාතිකවාදී හේදයකින් තොරව සිදු කරන දේශපාලන අවස්ථාවදය, දේශපාලන කුහක කම් නිසාවෙන් විනාශ වූ රට හා එහි සිටින මිනිසුන් ගැන අපට නපුරු මතකයක් ඇත. එබැවින් අපි ඒ ගැන පමණකු සංවේදීව සිටිමු.

    මෙහි ‘ඇනොනිමස්‘ ප්‍රතිචාරගැන ලූප්හෝල්ස් වගකියනු නොලැබේ.

    ReplyDelete
    Replies
    1. @Loopholes: මේකට ඊයේ මිස්ටර් ඈස් හෝල් කියල නමකින් දාල තිබුන රිප්ලයි එක මොඩරේට් කලේ ඇයි?

      Delete
  7. තිසර,
    ඔබගේ අවංක බව තේරුම් ගත හැක. ඔබට වැරදී ඇත්තේ මෙම කාරණාව බොහොම සරලින් තේරුම් ගැනීම නිසාවෙනි. නිර්මාල් යනු මෙම අරගලයේ නායකත්වය පිලිබඳ සංකේතයක් මිසක් වෙන යමක් නොවේ. සටන අත්හැරීමේ ගනුදෙනුවේදී නිර්මාල් හා ධම්මගේ සම්බන්ධය තීරණාත්මක වුවද පූර්ණ වගකීම ඇත්තේ සමස්ත විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙතය. මෙම සටන ඔවුන්ගේ වැටුප පිළිබඳ සටනක් විතරක් වී අත්හැර දැම්මේ නම් කිසිදු ගැටළුවක් නැත. එහෙත් ගැටළුව පැන නඟින්නේ එය මෙහෙයවූවන්ගේ පෞද්ගලික දේශපාලන අභිමතාර්ථයන් වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන් ජාතික ප්‍රශ්නයක් ඉදිරියට ගෙන එය විනාශකර දැමිම නියාවෙනි. මෙම 6% ජාතික ප්‍රශ්නය මතවාදයක් ලෙස විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙතවත් රටේ අනෙකුත් වෘත්තීය සංවිධාන වෙතවත් රටේ ජනතාව වෙතවත් ප්‍රචලිත නොකර කොටින්ම කියනවනම්‍ භුමිය සකස් නොකර වෙනත් උවමනා‍වන් වෙනුවෙන් සටන් පටනගැනීමෙන් විනාශ වී යන එක පුදුමයක් නොවේ. ඔබ කියන එම සමාජ කාරනා වේලපහින්ම අඳුනාගත යුතුව තිබුණි.

    මේ වන විට සමස්ථ ධනපති පංතියම හැසිරෙන්නේ ඉතාමත් සූක්ෂම ලෙසිනි. විශේෂයෙන් ම රාජපක්ෂ රෙජීමය ඉතා සාර්ථක ලෙස එය හසුරුවමින් සිටිති. ඔවුන් අත ඇති තරම් තුරුම්පු ඇත. ඒවා ජාතිවාදී විය හැක. ජාතිකවාදී විය හැක. දේශප්‍රේමී විය හැක. මාක්ස්වාදීද විය හැක. ඔවුන් සරලව සටන් විනාශ කරන්නේ නැත. සටන් පමනක් නොව ඒ හා සම්බන්ද සියළුම අනාගත නැගිටීම් පවා ඔවුන් මේ වනවිට සාර්ථකව දියකර හරී. සමස්ථ දේශපාලන පක්ෂ සියල්ලම විනාශකර ඇත. වෘත්තිය සමිති තියෙනවාට තිබේ. මාරාන්තික උපහාස විහිළුවකි. හෙල්ලිය හැකි වැඩක් කළ හැකිව තිබුනේ වෛද්‍ය, විනිසුරු, විශ්ව විද්‍යාල ආචාර්ය, ගුරු(?) ආයතන වෙත පමණි. කරන්නන් වාලේ කර අත්හැර දැමූ මෙම සටනින් තවත් එක් ආයතනයක් දියව ගියේය. සරලව කියතොත් මේ මොහොතේ 6% නොව ගිය වසරට වඩා තවත් 0.3% අඩුකිරීමට තරම් ආණ්ඩුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය මෙන්ම රටේ ප්‍රගතිශිලින්ව නොසලකා හැරීමට ආණඩුවට හැකි වී ඇත. ඒ නිර්මාල්, පෙසපෙ, ජවිපෙ දේශපාලන් උවමනාවන් මත මෙහෙය වී අවසානයේ පාවා දුන් සටන නිසාවෙනි.
    ලූප්හෝල්ස් වෙනුවෙන් තැබූ සටහනකි.

    ReplyDelete
  8. රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය

    මාස තුනකට අධික කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා රජය යන දෙපාර්ශවය අතර සාධනීය
    එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්¡බී¡දිසානායක මැතිතුමාගේ ඉල්ලීම මත, ආර්ථීක සංවර්ධන අමාත්‍ය
    බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී¡බී¡ජයසුන්දර මහතා ඇතුලූ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිදු කළ දිගු හා ඵලදායී සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස වර්ජන ක්‍රියාමාර්ගය අතහැරීම සඳහා වන පහත සඳහන් එකඟතා ගොඩනඟා ගැනීමට දෙපාර්ශවයට හැකි විය¡
    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳා ගැනීම සඳහා අදාළ පාර්ශව යොමු කරවීම කෙරෙහි උනන්දු වූ අනෙකුත් පාර්ශව වන අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා, සියලූම පූජක උතුමන්ලා, වෘත්තීය සමිති, බුද්ධිමතුන්, මහජන නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සිවිල් සමාජ සංවිධාන දැක්වූ සහයෝගය පිළිබඳව රජයත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් යන දෙපාර්ශවයම ප්‍රසාදය පළකර සිටී¡
    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන්ව ඇති පරිදි ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීමටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ජාත්‍යන්තර නිර්නායකවලට
    අනුකුලවන ලෙස අධ්‍යාපනය පිළිබඳව වූ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ යෝජනාව පිළිබදව සැලකිලිමත් වෙමින් සහ අනෙකුත් යෝජනා ඇතුලත්වන ආකාරයටත් වූ කැබිනට්
    පත්‍රිකාවක් සාකච්ඡා ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස රජය විසින් අනුමත කරන ලදී¡
    2එම කැබිනට් පත්‍රිකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස සැලකීම, ඒ සඳහා කටයුතු කිරීමට විශේෂිත කමිටුවක් පිහිටුවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ හා විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය පිළිබඳව වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීම සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ ඵලදායී සංවාදයක යෙදීමේ අවශ්‍යතාව පිළිගැනීම යන කරුණු ද ඇතුලත්විය¡
    එසේම විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය නිදහස හා ස්වාධීනත්වය සුරැකෙන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය එකඟතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උපකුලපතිවරුන් හා
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර ඇතිකර ගැනීමට මෙම සාකච්ඡා තුල දී හැකි විය¡
    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උපකුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විසින් පවත්වන ලද සාකච්ඡා මාලාවේදී වර්ජන ක්‍රියා මාර්ගය අවසන් වූ පසු එකිනෙක විශ්ව විද්‍යලවල සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපකුලපතිවරු අතර රැස්වීමක් මෙන්ම විශේෂ සෙනෙට් සභා රැස්වීමක් ද පැවැත්වීමට එකග විය. එමගින් එකිනෙක විශ්වවිද්‍යාල වල යහපත් අධ්‍යයන පරිසරයක් ගොඩනඟා ගැනීම සඳහා වූ සංවාදයක් ගොඩනැංවිමට
    අපේක‍ෂා කෙරේ. එසේම මෙම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා වර්ෂයකට දෙවරක් උප කුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සහ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය අතර රැස්වීම් පැවැත්වීමට ද එකග විය.
    තවද විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර වු සාකච්ඡාවලින් පසු 2012.10.09 දින මුදල් අමාත්‍යාංශ
    ලේකම්වරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලන නියෝජිතයින් වෙත ලබාදුන් ලිඛිත එකගතාව කි්‍රයාත්මක කිරීමට දෙපාර්ශවයම එකගතාව පළකර සිටි.
    එසේම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් නම්කරනු ලැබ ඇති විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවේ සාධනීය කටයුතු වලට බාධාකාරීවන චක්‍රලේඛ අහෝසි කිරීමට ද එකඟතාවක් ඇතිවිය¡ විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා නවක සිසුන් සඳහා වන නායකත්ව පුහුණු
    වැඩසටහනේ ස්වරූපය තීරණය කිරීම සඳහා පීඨමණ්ඩල හා සනාතන සභාවල සහය ලබා ගැනීම එලඹි තවත් එකඟතාවකි¡
    එසේම පෞද්ගලික ආයතනවලට විශ්ව විද්‍යාලවල සම්පත් භාවිත කිරීමට ඉඩදෙමින් එවන් ආයතන සමග උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතිකර ගත් එකගතා ක්‍රියාත්මක කල
    හැකිවන්නේ පීඨමණ්ඩල සහ සනාතන සභාවල අනුමැතිය යටතේ බව දෙපාර්ශවයම පිළිගනි.
    දෙපාර්ශ්වය අතර සාකච්ඡා සුහදත්වයෙන් හා අවබෝධයෙන් යුතුව සිදුකෙරුණු අතර අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වී සිටීති

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මග හොඳට තිබේ නම් : දෑසත් හොඳින් පේනේ නම් (සංජීව සහෝදරයා සිරගත කර සිටියදී ලියන ලද ලිපිය part 1)
    Monday, 24 September 2012 01:02

    අධ්‍යාපනයේ අර්බුදයත් ඊට එරෙහි අරගලයත් මේ දිනවල දෛනික ප‍්‍රවෘත්ති නිර්මාණය කරන තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන්ම දශක ගණනාවක් පුරා නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමට සටන් වැදුනු ශිෂ්‍ය ව්‍යාපාරයේ භූමිකාවට සරසවි ආචාර්යවරුන්ද, පාසල් සිසුන්ද සම්බන්ධ වී ඇත. අරගලය පුළුල් වී ඇත. සටන් බිම උණුසුම් වී ඇත.

    ලංකාව තුළ කි‍්‍රයාත්මක වන ‘‘නිදහස් අධ්‍යාපන සංකල්පයට’’ බොහෝ දෙනෙක් පවසනුයේ නොමිලේ අධ්‍යාපනය ලබාදීම කියාය. එහෙත් සත්‍ය තත්ත්වය වන්නේ ජනතාව, සෑම මිලදී ගැනීමකදීම ගෙවන බදු මුදල් අධ්‍යාපනත් සෞඛ්‍යයත් හා යටිතල පහසුකමුත් ගොඩනැගීම වෙනුවෙන් යොදවන බවට පාලකයන් පොරොන්දු දී තිබීමයි. සැබවින්ම ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය එක්තරා ආකාරයක පෙරගෙවුම් සේවාවකි. ‘‘නිදහස් අධ්‍යාපනය’’ යන්න තුළ ඇති සැබෑ අරුත වනුයේ ‘‘අධ්‍යාපනයේ සම අයිතිය’’ සැලකිය යුතු ප‍්‍රමාණයකින් තහවුරු වී තිබීමයි. අධ්‍යාපනයේ සම අයිතිය යනු ජාති, ආගම්, කුල, ලිංග, වර්ණ හා පන්ති (ඇති නැති) භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියයි. වර්තමානයේ අපි භුක්ති විදින මෙම අධ්‍යාපන ක‍්‍රමය තුළ එය 100% කින්ම තහවුරු වී නැති බව දනිමු. එහෙත් එය අද ලැබී තිබෙන ප‍්‍රමාණයට හෝ ආරක්ෂා වූයේ ඉතිහාසයක් තුළ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කළ අරගලය නිසාය. 1980 දශකයේ අවසානය වන විට සරසවි සිසුන් 623 දෙනෙකුගේ ජීවිත පාලකයන් උදුරාගනු ලැබුයේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමටත් වඩායහපත් සමාජයක් නිර්මාණය කිරීමටත් දරන ලද උත්සාහය නිසාවෙනි.

    පසුගිය කාලය තුළත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනඑන බවට වත්මන් අධ්‍යාපන ඇමතිවරයා මොර දුන්නේය. ඒ සඳහා 2010 වසරේ මැයි මාසයේ ඔහු සිය අමාත්‍ය ධුරය බාරගත් මොහොතේ සිට කටයතු කළේ සැලැස්මකට අනුවය. ඒ සැලැස්මේ ශේෂ පත‍්‍රය දැන් අප සතුව ඇත. 2010 මැයි මාසයේ සිට 2012 ජනවාරි දක්වා පන්ති තහනම් කිරීමට ලක් වූ සිසුන් ප‍්‍රමාණය 1000 කට ආසන්නය, සිරගත කළ සිසුන් ප‍්‍රමාණය 100 කට ආසන්නය. එක් එක් අවස්ථාවල තහනම් කරන ලද ශිෂ්‍ය සංගම් ප‍්‍රමාණය 35 කි. සිසුන්ට පොලිසිය ලවා පහරදුන් අවස්ථා ගණනාවකි. තවද රුහුණ සරසවියේ සුසන්ත බණ්ඩාර සහෝදරයාට සිය ජීවිතය ද අහිමි විය. මේ සියල්ල හරහා පාලකයන් කි‍්‍රයාත්මක කිරීමට යත්න දැරූ ප‍්‍රධාන ප‍්‍රතිසංස්කරණ දෙකකි. පළමුවැන්න පෞද්ගලික විශ්වවිද්‍යාල පනතයි. දෙවැන්න රාජ්‍ය සරසවි තුළ පාඨමාලා විදෙස් සිසුන්ට විකිණීමයි. නමුත් 2012 ජනවාරි වන විට දැවැන්ත මර්දනයක් මැදින් ගෙනගිය අරගලය හරහා මේ යෝජනා දෙකම පරාජය කිරීමට හැකිවිය.

    ReplyDelete
  11. සංජීවගේ ලිපිය 2 කොටස
    ආචාර්ය අරගලය ඇරඹුණේ 2010 වසරේදීය. එහි ආරම්භක මොහොතේදී තෝරාගත් සටන් පාඨය වූයේ වැටුප් පිළිබඳ ප‍්‍රශ්නයයි. බොහෝදෙනා අතර කියවුණ ආකාරයට එහි නායකත්වය විසින් එය පාවාදීමකට ලක්වී කෙළවර විය. එම නිසාම එහි දෙවන අදියරේදී නව නායකත්වයක් අතට එය පත්විය. දෙවන අදියර ද ඉහත සටන් පාඨම මුල්කරගත්තක් විය. නමුත් එහි තුන්වන අදියර වන විට එය වඩා පුළුල් තත්ත්වයකට වර්ධනය විය. එලෙස පුළුල් සටන් පාඨ වලට පැමිණීම එහි නායකත්වය විසින් සිදුකරනු ලැබූ සාධනීය හා දුෂ්කර මැදිහත් වීමක ප‍්‍රතිඵලයක් විය යුතුය. වෘත්තීය ප‍්‍රශ්නයට සීමා නොවී පුළුල් සටන් පාඨ වෙත පැමිණීමට ඔවුන් කළ එම වෙහෙසකාරී අරගලය පැසසිය යුතුය, ගෞරවය හිමිවිය යුතුය.

    මාස ගණනක් පුරා ඇදී යන අඛණ්ඩ වැඩ වර්ජනයක් හරහා ආචාර්ය සංගමය ආණ්ඩුවට එල්ල කර ඇති අභියෝගය සුළුපටු නොවේ. මෙය වැටුප් ප‍්‍රශ්නයට සීමා නොවී සිය සටන් පාඨ පුළුල් කිරීම හරහා ඔවුන් වෘත්තීය සමිති අරගලයට නව ව්‍යවහාරයක් එක්කර ඇත. එය එක්තරා ආකාරයකට සටන් කරන බලවේගයන් ජනතාවට හතුරු කිරීමේ ආණ්ඩුවේ උපක‍්‍රමයට ලබාදුන් කදිම ප‍්‍රතිඋපක‍්‍රමයකි. එමෙන්ම එය ප‍්‍රගතිශීලී උත්සාහයකි. එහෙත් ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටීම සඳහා කෙතරම් දුරට තම බලවේගය සුදානම් කර ඇත්ද යන්න අනාගතය විසින් නිරවුල් කරන ප‍්‍රශ්නයකි.

    මේ වන විට ආචාර්ය අරගලය තුළ ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන සටන් පාඨ තුනකි. ඉන් පළමුවැන්න දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරනු යන්නයි. දෙවැන්න රාජ්‍ය අධ්‍යාපනය සුරකිනු යන්නයි. තුන්වැන්න වැටුප් ප‍්‍රශ්නය විසදනු යන්නයි. මෙහි පළමු සටන් පාඨය ඉතා පුළුල් එකක් වන අතර අධ්‍යාපනයේ ප‍්‍රමාණාත්මක බිඳවැටීම් බොහොමයක පදනම ඇත්තේ ඒ තුළයි. එමෙන්ම ආචාර්ය සංගමය මෙලෙස පුළුල් සටන් පාඨ වලට පැමිණීම හරහා අධ්‍යාපන අරගලයට නව ජවයක් සමාජ අවධානයක් මහජන අනුමැතියක් ලබාගැනීමට හැකිව ඇත. අපට යම් දේශපාලන ගැටලූවක් පැනනගින්නේ මෙම දෙවන සටන් පාඨය සමගය. පසුගිය කාලය තුළම ආචාර්ය සංගමය විසින් වරක් ‘අධ්‍යාපනයේ සම අයිතිය ලබාදෙනු’, ‘නිදහස් අධ්‍යාපනය රැකගනිමු’ ලෙස වූ පුළුල් සටන් පාඨ ගෙන තිබෙන අයුරු අප දුටුවෙමු. එහෙත් එයින් නැවත පසුපසට යමින් ‘රාජ්‍ය අධ්‍යාපනය’ රැකගනිමු යන්නට පැමිණීම ගැටලූ සහගතය.

    මේ සටන් පාඨ දේශපාලනිකවත් සමාජ විඥානය තුළත් ස්ථානගත වන ආකාරය පිළිබඳ අප අදහසක් ගත යුතුය. අධ්‍යාපනයේ සම අයිතිය යනු කුමක්ද යන්න අප මීට ඉහතින් සඳහන් කර ඇති පරිදි භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලූ ජනතාවට හිමිවන තත්ත්වයකි. යමෙක් කුලහීනයෙක් නිසා (ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය තුළ) අධ්‍යාපනය නොලැබේනම් එය සම අයිතිය අහිමවීමකි. අයෙක් කාන්තාවක් (ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තුළ) නිසා අධ්‍යාපනය නොලැබීනම් එය සම අයිතිය අහිමි වීමකි. ලංකාවේදී එය අහිමි වීමට යන්නේ, දැනටමත් යම් ප‍්‍රමාණයක් අහිමි වී ඇත්තේ ඇති නැති පරතරය හේතුවෙනි. දුප්පතුන්ට (පීඩිත පන්තියට) අධ්‍යාපනය අහිමි කිරීම අප ඉදිරිපිට ඇති අභියෝගයයි.

    ReplyDelete
  12. සංජීවගේ ලිපිය 3 කොටස
    පෞද්ගලික සරසවි ඇරඹූ විට මුදල් ඇති අයටත් මුදල් නැති අයටත් සැලකෙන්නේ ආකාර දෙකකිනි. ‘අධ්‍යාපනයේ සම අයිතිය ලබාදෙනු’ යන්න මේ සඳහා ගත හැකි වඩා පුළුල්තම සටන් පාඨයයි.

    මීළඟට නිදහස් අධ්‍යාපනය යන්නේ අරුත කුමක්දැයි සලකමු. නිදහස් අධ්‍යාපනය යනු 1946 ගෙනආ අධ්‍යාපන පනත හැඳින්වු නාමයයි. එම පනත හරහා ලංකාවේ පීඩිතයන්ට අධ්‍යාපන ආයතන වලට ඇතුළත් වීමට ඉඩකඩ ලැබුණි. අධ්‍යාපනය වරප‍්‍රසාදයක් වී තිබුණු තත්ත්වය වෙනස් විය. පෞද්ගලික පාසල් සියල්ල 1960පාසල් ආඥා පනත හරහා රජයට පවරා ගැනුණි. එනිසා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කිසියම් ආකාරයක අවසන් විග‍්‍රයක් සිදුව නැතත් එය සමාජය තුළ ස්ථානගත වී ඇත්තේ රජය අධ්‍යාපනයට වගකිව යුතුය යන්නත් පෞද්ගලික අංශයට ඊට ඉඩ නොදිය යුතුය යන්නත් ලෙසය.

    ‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමුයැයි’ කී විට අදහස්වන්නේ කුමක්ද? එහි අරුත රාජ්‍ය විසින් පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන විනාශ නොකරනු යන්නයි. ඒවා ආරක්ෂා කරනු යන්නයි. මෙහිදී මතුවන ගැටලූව වන්නේ අධ්‍යාපනයට එල්ල වී ඇති සමස්ත අභියෝගය ආවරණය වීමට මෙම සටන් පාඨය අසමත් වීමයි. උදාහරණයකට අපට සටන් කිරීමට සිටින්නේ ඔලූ හතක් ඇති මකරෙකු සමග නම් මෙම ප‍්‍රවේශය ඉන් තෝරාගත් හිසක් සමග ගැටීමකට සමානය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ අප ආරක්ෂා කිරීමට උත්සාහ කරන දෙය වෙනත් හිසකට ගොදුරු වීමයි. සමහර විට අප එක් හිසක් සමග සටන් කරන විට තවත් හිසක් අපව ගිලගනු ලැබීමයි.

    අධ්‍යාපනය විනාශ කිරීම සඳහා වත්මන් පාලකයන්ට ඇති ප‍්‍රවේශයන් මොනවාද? රාජ්‍ය අධ්‍යාපනයට වෙන්කරන මුදල් කපා හැරීම, රාජ්‍ය අධ්‍යාපනය දුබල කිරීම, ඒ පිළිබඳ මහජන විශ්වාසය බිඳදැමීම, පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීම, ඒ සඳහා නීතිමය තත්ත්වයන් සකසාදීම, රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ මුදල් උපයන පාඨමාල ඇරඹීම, එම පාඨමාලාවලින් ලැබෙන මුදලින් රාජ්‍ය අධ්‍යාපන ආයතන පවත්වාගෙනයාමට බලකිරීම නැතිනම් ඊට සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන්ට එම ආයතන පවත්වාගෙනයාමේ බර පැටවීම, රාජ්‍යය අධ්‍යාපනයේ වගකීමෙන් නිදහස් වීම හා ඊට එරෙහිවන සිසුන්, ආචාර්යවරුන් මර්දනය කිරීම යනාදියයි. නිවසකට සොරුන් පැනීමට නියමිතනම් එහි ඉදිරිපස දොරටුව පමණක් වසා තැබීම අඥාන කි‍්‍රයාවකි. අධ්‍යාපනය පිළිබඳ අර්බුදය තෝරාගත් දුර්වල සටන් පාඨයකට ලඝු කිරීම වැරැද්දකි. ඒ හරහා ඊට අනතුරු පැමිණිය හැකි අනෙක් දොරටු පිළිබඳ අවධානය ගිලිහේ.

    තවත් ආකාරයකින් මෙම සටන් පාඨ දෙස බැලිය හැක. ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිනු’’ මෙහි ප‍්‍රතිබද්ධ අදහස කුමක්ද? රාජ්‍ය විශ්වවිද්‍යාල රැකදීමට බලකිරීමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කිසිවක් එමගින් සඳහන් වන්නේ නැත. යම් හෙයකින් නැවත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පැමිණියහොත් ස්ථාවරය කුමක්ද? රජය විශ්වවිද්‍යාල තුළ පාඨමාලා විකිණීම පිළිබඳ ස්ථාවරය කුමක්ද? ඒ ප‍්‍රශ්නය අද නොවුනත් හෙට නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ සිටින සියලූදෙනාට හමුවනු ඇත. මේ පිළිබඳ සිතාබලන ලෙස අප ආචාර්ය සංගමයෙන්ද ඉල්ලා සිටිමු.

    ReplyDelete
  13. සංජීවගේ ලිපිය 4 කොටස
    සටන් පාඨ තනුක කිරීම සටනට පහසුම මාවතයි. එහෙත් එය එක්තරා සීමාවකින් පිටට තනුක කළ විට නැවත එය මුලික සංයුක්ත සටන් පාඨය වෙත ගෙනආ නොහැකි ලෙසම දියාරු වී යනු ඇත. ‘‘අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය’’, ‘‘කොටි මරමු’’ ලෙස දුර්වල කිරීමෙන් සිදු කළ දේශපාලන වැරැද්දට අදත් ලංකීය සමාජය වන්දි ගෙවමින් සිටී.

    මෙම අරගලයට එජාපය සම්බන්ධකර ගැනීමට ආචාර්ය සංගමය නිශ්චිතව හෝ අවිනිශ්චිතව ගෙන ඇති තීරණය බරපතල තත්ත්වයකි. අප ඉතා හොඳින් දන්නා පරිදි එජාපයේත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් දේශපාලනයේ ප‍්‍රතිපත්තිමය වෙනසක් නැත. මේ පක්ෂ දෙකම අධ්‍යාපනය පිළිබඳ දරන්නේ එකම ස්ථාවරයකි. නමුත් බලය අහිමි වු විට ඔවුන් බැටළු වෙස් ගන්නා බව දේශපාලන අත දරුවන් නොවන ඕනෑම අයෙක් දනිති. එවිට ඔවුන් ඕනෑම සටන් පාඨයකට එකඟය. එහෙත් ඒ පිටුපස ඇත්තේ ඔවුන්ගේ බල උවමනාවයි. ආචාර්ය සංගමය මෙතෙක් ආ ගමනේදී සියලූ දේශපාලන බලවේග සමග මනා අවබෝධයකින් යුතුව ගනුදෙනු කළ බව අප දකිමු. එහෙත් මීළඟ අදියරේදී (පාගමන සඳහා) එජාපය සම්බන්ධ කර ගැනීමට නිශ්චිතව හෝ අවිනිශ්චිතව තීරණය කිරීම මවිතය දනවන සුළුය. ඒ පිළිබඳව වන අවධානම හැකි උපරිම අයුරකින් අවධාරණය කිරීමට අප උත්සාහ කළෙමු. එහෙත් ඔවුන් මුහුණ දී සිටින වෘත්තීය අරගලයේ කර්කශභාවය විසින් මෙවැනි තීරණයකට ඔවුන් තල්ලූ කළාදැයි අප නොදනිමු. එහෙත් මේ කි‍්‍රයාමාර්ගය අනාගතයේ දිනක ප‍්‍රශ්න කෙරෙන බවත් එය ගැටලූකාරී බවත් එය නිවැරදි නොවන බවත් අප ඉතා පැහැදිලිව අවධාරණය කරමු. ආචාර්ය අරගලයට අපගේ දේශපාලන ස්ථාවරයන් පරදු නොතබමින් දිය හැකි උපරිම සහාය හිමිවන බව තවද අවධාරණය කරමු.

    අධ්‍යාපනයේ අර්බුදයට පදනම් වන පාලකයන්ගේ ප‍්‍රධාන වුවමනාවන් 4 ක් අප දකිමු.

    01. අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස් වීම
    02. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීම
    03. අධ්‍යාපනය අයිතියක සිට වරප‍්‍රසාදයක් දක්වා පහත හෙලීම
    04. අධ්‍යාපනයෙන් සිසුන් ආචාර්යවරුන් ගුරුවරුන් පිටමං කිරීම (අධ්‍යාපනය අහිමි කිරීම හා අධ්‍යාපනයේ වුවමනාව වෙළඳපළට අනුව සැකසීම. අධ්‍යාපනය මනුෂ්‍ය වුවමනාවන්ගෙන් ඈත් කිරීම)

    අධ්‍යාපනය සඳහා දෙන මුදල් කපා හරින්නේ, පාසල් සංවර්ධන මණ්ඩල අරඹන්නේ, විශ්වවිද්‍යාල තුළ පාඨමාලා විකිණීමට යෝජනා කරන්නේ, පාසල් තුළ මුදල් අයකිරීම් වැඩිවන්නේ ඉහත පළමු වුවමනාව නිසාය. පෞද්ගලික සරසවි හරහා සිදුවන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමත් එය ලාභ ලැබෙන තත්ත්වයට පත්කිරීමට එයට මැදිහත්වන ප‍්‍රජාව තුළ එම ලාභ වුවමනාවේ පදනමින් ඒ දෙස බැලීමට හුරුකිරීමත්ය.

    ReplyDelete
  14. සංජීවගේ ලිපිය 5 කොටස
    මේ කරුණු දෙක සිදුවන විට අධ්‍යාපනය අයිතියක සිට වරප‍්‍රසාදයක් බවට පත්වීම වැලැක්විය නොහැක. දනටමත් රටේ දරිද්‍රතාවය වැඩි පවුල්වල දරුවන් ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීමේ ප‍්‍රමාණය අඩුවෙමින් ඇත. රටේ පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් 15% ක් පාසල් නොයයි.

    මෙහි සිව්වන කරුණ මීට පෙර එතරම් සාකච්ඡාවට ලක් නොවුවකි. අධ්‍යාපනය තුළින් සිසුන්, ආචාර්වරුන්, ගුරුවරුන් පිටංම කර ඇති බව අපගේ දෛනික නිරීක්ෂණයන් පෙන්වා දෙයි. දරුවන් අධ්‍යාපනය ලබන්නේ අකමැත්තෙනි. ඔවුන්ට අධ්‍යාපනය පීඩාවකි. සමහරුන් දැනුමට වෛර කරති. උගන්වන බොහෝ දේ ඔවුන්ට අදාළ නොවේ. නැතිනම් අදාළ වන අයුරින් උගන්වන්නේ නැත. ඔවුන්ට අදාළ වන්නේ සහතික පතකි. සහතික පත් අවශ්‍ය වන්නේ රැකියා සඳහායි. ගුරුවරුන්ට, ආචාර්යවරුන්ට අධ්‍යයනය සඳහා ප‍්‍රමාණවත් කාලයක් නැත. ඔවුන්ට ඇති අඩු වැටුප නිසා ඔවුන් වෙනත් අදායම් සෙවීමේ මාවත වෙත පිවිස ඇත. අධ්‍යාපනය නිසා දරුවන්ට සිය ජීවිතය අහිමි කර ඇත. දරුවන්ට සිය ළමා ලෝකය, කී‍්‍රඩා කිරීම, විනෝද වීම, මිතුරන් ඇසුරු කිරීම යන සියල්ල අවහිර කර ඇත. සරසවි තුළ කී‍්‍රඩාවට, කලාවට, දේශපාලනයට හා පේ‍්‍රම කිරීමට පවා ඇති වේලාව අහිමි කර ඇත. අධ්‍යාපයේ හෝ දැනුමේ කේන්ද්‍රස්ථානය වනවා වෙනුවට ඒවා කලකිරීමේ හා ඉච්චාභංගත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත. ගිරා පෝතකයන් සේ පාඩම් කරන, දිනපතා විභාග ලියන යාන්ති‍්‍රක, පීඩාකාරී, අමිහිරි ජීවිතයක් ගත කරන සහතික පත‍්‍ර එකතු කරගන්නන්ගේ පාරාදීසයක් බවට අධ්‍යාපන ආයතන අද පත්ව ඇත. සැබවින්ම අද අධ්‍යාපන ආයතන තුළ අහිමි කරමින් ඇත්තේ අධ්‍යාපනයයි.

    මේවාට වගකිව යුත්තේ පාලකයන්ය. ඔවුන්ට අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ලාභය සෙවීම සඳහාය. සරසවි ආචාර්යවරුන් අවශ්‍ය වන්නේ මැතිවරණ වේදිකාවලට ගැනීමට හා පුවත්පත් දැන්වීම්වලට අත්සන් ගැනීමටය. ඊට වඩා පුළුල් දැක්මක් පාලකයන්ට නැත. අධ්‍යාපනයේ සැබෑ විමුක්තිය හා ඊට සම්බන්ධ ප‍්‍රජාවන්ගේ සැබෑ විමුක්තිය ලැබෙන්නේ වඩා පුළුල් පදනමකින් නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය සමාජගත කළහොත් පමණි. ඒ සඳහා අවශ්‍ය කථිකාවට අපි සූදානම්ය. ආචාර්ය අරගලයට අපගේ දේශපාලන ස්ථාවරයන් පරදු නොතබමින් දිය හැකි උපරිම සහාය හිමිවන බව තවද අවධාරණය කරමු.

    කැදවුම්කරු
    සංජීව බණ්ඩාර
    අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
    2012-09-19

    ReplyDelete
    Replies
    1. මේ ලුප් හෝල් ලියන මහත්තයා කොච්චර කෑනහිලෙක්ද දිව දෙකේ මිනිහෙක්ද කියාලා දෑන් ඔප්පුවෙනවා.
      මෙච්චර ප්‍රගතිශීලී අදහස් තියන නිදහස් අද්‍යාපනයේ උන්නතිය උදෙසා මෙච්චර සටනක් කරන අන්තරේ ගෑන ලූප් හෝල් ලාගේ අදහස මොකක්ද?

      ලූප් හෝල් ඵකේ උන් කන්න ඔන උනහම තලගොයා කබරයා කරගන්නවා.
      මේ ලිපියට අනුව අන්තරේ සටන්කාමී නිදහස් අද්‍යාපනය වෙනුවෙන් අවකව පෙනී සිටි සවිදානයක් (ඵහෙම හදුන්වන්නේ නිර්මාල් ඵක්ක තරහට ෆූටාවට මඩ ගහනකන් විතරයි ) වන අතර නිදහස් අද්‍යාපනයේ දුශ්ඨයා වනුයේ ෆූටාවයි.උන්නෑහේලා ඵ් කතාව කටින් කියන ගමන් අදෝ මාර්ගයෙන් අන්තරේ ගෑන මෙහෙම ලියනවා

      අන්තරේ නිරුවත - http://www.loopholesblog.org/2012/10/blog-post_16.html


      උබල දිවදෙකේ, උදේ ඵකක කියලා දවල්ට වෙන ඵකක්කියන අරාජිකවාදී පතෝලයො මිසක් නිදහස් අද්‍යාපනේට ආදරය කරන උන් නෙවෙයි.

      Delete
    2. මෙච්චර ප්‍රගතිශීලී අදහස් තියන ඉස්සර ජේවීපී උන්නතිය උදෙසා දැං පෙරටුගාමී උන්නතිය උදෙසා සටනක් කරන අන්තරේ ගෑන........අන්තරේ ගැන කියාදෙන්න ඔයාල බබාලද මහත්තයෝ...

      Delete
  15. Anonymous-October 19, 2012 8:26 PM වෙතයි.

    මේකෙන් ඔප්පු වෙන්නේ ලූප්හෝලස්ගේ දෙබිඩි ස්ථාවරයක් කියලා කියන එකට කිසිම පදනමක් නැහැ. හැබැයි උඹලා හිතන ආකාරයට ලූප්හොල්ස්ට අන්තරය එක්ක බැදගත්ත වෛරයක් නැහැ කියන එක නම් ඔප්පු වෙනවා. මොකද මේ අරගලයේදී අන්තරය කරපු කැපකිරීම් සහ ස්ථාවරයන් අගය කිරීමට ලූප්හෝල්ස් පසුබට නොවන බව පැහැදිලියි. නමුත් සිසිත්ලාගේ මරණ ගැන අන්තරයේ ඇල්මැරුණු ප්‍රතිචාරය ප්‍රශ්න කිරීමටත් ලූප්හෝල්ස් පසුබට වෙන්නේ නැහැ. මේ නිසා ලූප්හොල්ස් හතුරෙකු ලෙස ( බැසිල්ටත් වඩා) හංවඩු ගැසීමට ඉදිරිපත්වීම තුළ පෙනෙන්නේ මේ ප්‍රශ්න කිරීම් නිවැරදි බවයි.
    අනිත් එක සහෝ නිදහස් අධ්‍යාපනයට ආදරය කරලා විතරක් මදි, ඒකෙන් 1%ක්වත් ප්‍රයෝජනය අරගෙන උඹේ ඔය මෝඩකම් නැතිකරගනිං!

    ReplyDelete
  16. [මේකෙන් ඔප්පු වෙන්නේ ලූප්හෝලස්ගේ දෙබිඩි ස්ථාවරයක් කියලා කියන එකට කිසිම පදනමක් නැහැ. හැබැයි උඹලා හිතන ආකාරයට ලූප්හොල්ස්ට අන්තරය එක්ක බැදගත්ත වෛරයක් නැහැ කියන එක නම් ඔප්පු වෙනවා]

    ඵ්ක කොයිහෑටි වෙතත් උඹලා කන්න ඔන උනහම කබරගොයා තලගොයා කරගන්නවා කියනඵක නම් පේනවා.
    අනික නිදහස් අද්‍යාපනය උදෙසා අන්තරේ බොක්කෙන් ෆයිට් කරනවා කියලා මේ ලිපියෙන් කිව්වට කලින් ලිපියෙ අන්තරේ ගෑන කියලා තිබුනේ පෙරටුගාමීන් ඵක්ක සෙට්වෙලා ශිශ්‍යන්ව කඩේ යවන කපටි සවිදානයක් හෑටියටයි.
    අනික සසිතජානකලාගේ මරණයන්ගෑන පාලකයන්ට වඩා අන්තරේ සහ පෙසපෙ වගකියන්න ඔනෙ විදියටයි කලින් ලිපියෙ හදුන්වලා තිබුනේ.

    පෙසපෙ ඵක්ක තියන ඈරියස් ඵකට ඵහෙම ලියන ගමන් ෆූටාවට බනින්න ඔන උනහාම [ෆූටාවේ නිර්මාල් ලා ඵක්ක තියන ඈරියස්ඵක අල්ලන්න.]අන්තරේ හොද ලමයි කරලා ෆුටාව යකාට අන්දනවා.උඹලගේ බාවිතාව මහින්ද අබේසුන්දරලගේ බාවිතාවට සමානවෙන්නේ ඵකයි.

    ලූප් හෝල් ලා වගේ හීනලෝකවල ජීවත්වෙන මතවාදීහිගන්නො කටිනුයි පුකෙනුයි දෙකෙන්ම ඵකපාර මතවාද ඉදිරිපත්කරනවා කියන්නේ ඵකයි.
    ඵතකොට උඹ මට කියපන් අපි පිලිගන්න ඔනෙ උබ මේ ලිපියෙන් කියන ඵකද කලින් ලිපියෙන් කියපු ඵකද?

    [මොකද මේ අරගලයේදී අන්තරය කරපු කැපකිරීම් සහ ස්ථාවරයන් අගය කිරීමට ලූප්හෝල්ස් පසුබට නොවන බව පැහැදිලියි. නමුත් සිසිත්ලාගේ මරණ ගැන අන්තරයේ ඇල්මැරුණු ප්‍රතිචාරය ප්‍රශ්න කිරීමටත් ලූප්හෝල්ස් පසුබට වෙන්නේ නැහැ.]
    අනික උඹ ලෑජ්ජාව වහගන්න දෑන් ඵහෙම කිව්වාට කලින් ලිපියෙන් සසිත-ජානක විරුවන්ගේ ඝාතන ඉස්සරහාට දලා (ඔවුන්ගේ ඝාතනවලට සාදාරණයක් ඉටුකරන්න පවතින සන්දර්ඹය ඈතුලේ අන්තරේ කොල්ලො ටික තමුන්ට කරන්න පුලුවන් හෑම දේම කරත්දි සහ අන්තරේ සිසු විරුවන් දෙදේනාගේ මරණවලට සදාරනයක් ඉශ්ඨකරන්නෑ කියන්න ඵකම සාක්කියක්වත් උබේ කලින් ලිපියේ තිබුනේ නෑනේ.හවසට කසිප්පුගහලා ගමෙන්ම ගේම ඉල්ලන අපතයෙක්ගෙ කටින් පිටවෙන වචන වගේ හිස් වචන වෑලක් විතරයි ) )අන්තරේ සමස්ත ක්‍රියාකාරීත්වය, කාලක්න්නි ලෙස විවේචනය කරමින් තුට්ටුදෙකේ ආතල්ඵකක් ගත්තඵකයි ඵකයි කලේ.
    දෑන් උඹගේ හෙලුවෑලි නෑටුම ඵලිදරවු උනහාම සසිත-ජානක සොයුරන්ගේ මරණ පිටිපස්සේ හෑන්ගිලා බබා වෙන්න හදනවා.
    උඹලගේ මේ ගොo පාර්ට්ඵක අපිට චිචිමානවිකාවගේ ගොo පාර්ට්ඵකට සමානයි කියන්නේ ඵ්කයි.

    [අනිත් එක සහෝ නිදහස් අධ්‍යාපනයට ආදරය කරලා විතරක් මදි, ඒකෙන් 1%ක්වත් ප්‍රයෝජනය අරගෙන උඹේ ඔය මෝඩකම් නැතිකරගනිං! ]
    අවවාදයට ස්තූතී සහෝ.හෑබෑයි මට අවවාද දෙන්න කලින් උඹ නිදහස් අද්‍යාපනයේ 0.01% හරි පාවිච්චිකරලා තිබ්බනම් මේවගේ මෝඩ ආටිකල් ලියලා මෝඩ අතල් ගන්නේනෑතිඵක ශුවර්.

    ReplyDelete
  17. කවුරු කාගෙන් දඩයම් බලාපොරොත්තු වූවාද අප දන්නේ නෑ. මේ කැනහිලුන් සටන් කරන තුරු ඔය කියන සිංහයින් මොන අගුපිල්වල රිංගා සිටියේදැයි අප දන්නෙත් නෑ. කනහිලුන්ගේ සටන ඉවර නිසා කනහිලුන්ට කෝචෝක් දමමින් සිටිනවා වෙනුවට මේ සිංහයින් ලොකු දඩයමක් සඳහා සටන පටන් ගන්නේ නැත්තේ ඇයිද කියාත් අප දන්නේ නෑ. මේ කියන සිංහයින් ලොකු හෝ පොඩි දඩයමක් මෙලොව තියෙනවාද කියාත් අප දන්නේ නෑ.
    සාමාන්යක ෆුටා සාමාජිකයෙකු ලෙස මා නම් දන්නේ අප සියලු දෙනා අපගේ උපරිමයෙන් සටන් කළ බවයි. පාවා දීම් පිළිබඳ කතන්දර කරළියට විත් ඇත්තේ හරියටම ඒවා පෙර සුදානම් කරගෙන සිටි ආකාරයටයි. මෙය නිර්මාල්ගේ හෝ වෙනත් කවර ෆුටා නායකයෙකුගේ හෝ ඇඟේ ගසන්නට යන අයට ෆුටා සංවිධාන ව්යුිහය පිළිබඳව අබ ඇටයක දැනුමක් නෑ. එහෙම නැත්නම් එය දන්නවා වුනත් තමන්ට අවශ්යක දේ ඒ මේ හෝ පුද්ගලයාට පහර ගැසීම නිසා එය වැදගත් නෑ.
    ඉතුරි වි ඇත්තේ ඔය ලැයිස්තුව පමණක් නොවේ. ෆුටා කෙලවගන්නා තුරුත් නිර්මාල් කෙලවගන්න තුරුත් ඇඟිලි ගනිමින් සිටි කාලකන්නින්ගේ කෙටි කාලින ආතල් එකද ඉතිරි වී තිබේ.
    ෆුටා කාර්යභාරය තීරණය කරනු ඇත්තේ අනාගතය විසිණි. අපි බලමු! හැබැයි මීට පස්සේ බොරු සිංහයෝ කනහිලුන්ගේ පස්සේ නෑවිත් සිටීම හොඳය.

    ReplyDelete