A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අන්තරේ නිරුවත



පසුගියදා මරා දමණ ලද ජානක හා සිසිත සොයුරන් පෙසපෙ බලාධිකාරියට යටත්ව පවතින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නින්දිත ලෙස නොසලකා හැර ඇත. මෙම සහොදරයින් දෙදෙනාම මිය ගියේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ ශිෂ්‍ය අරගල සඳහා මූලිකත්වය ගැනීමේ ප්‍රථිඵලයක් වශයෙනි (නිර්මාල්-අමිල සටන පාවා දීම වෙනම ම කතාවකි).

මෙම මරණයන් රිය අනතුරකින් සිදු නොවූවක් මෙන්ම මෙම ඝාතන සඳහා ආණ්ඩුවේ සහ පීඑස්ඩි යේ ඇති සම්බන්ධතාවය ගැන ද බොහෝ ප්‍රසිද්ධ සාක්ෂි ඇත. මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ වාර්තා, සාක්ෂි හා අවශ්‍ය අනෙකුත් තොරතුරු ලබා ගැනීමේ-එකතු කිරීමේ හැකියාව කවදත් හැමෝටම වැඩියෙන් ශිෂ්‍ය ව්‍යාපාරය සතුව ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා උවමනාව හා කැපවීම පමණි. එහෙත් අන්තරය මේ මොහොතේ ජානක හා සිසිත සෝයුරන්  විරුසිසු නම් ලැයිස්තුවට දමා ඔවුන් සැමරීමට පමණක් සීමා කිරීමට කටයුතු යොදා ඇත. ඉටි පන්දම් පත්තු කිරීමේ-කඳුළු හෙලීමේ-ආවේගශීලි කතා පැවැත්වීමේ උවමනාව පමණක් ඔවුන්ට ඇත. අඩුම ගණනේ පසුගිය සතියෙ පෙසපෙ ජනරළ පත්තරයට මෙම ඝාතන ගැන විමසීමට  මුල් පිටුවේ සටහනක් දැමීමට තරම් උවමනාවක් වත් නොතිබිණ.

සහෝදරවරුණි මේ මරණයන් නුඹලාට වටින්නේ මෙ පමණද? ජානක හා සිසිත යනු අත්හැර දැමූ සටනක අත්හැර දැමූ ජීවිත දෙකක් පමණද? ඔවුන් නුඹලාගේ විරු සිසු නම් ලැයිස්තුවට තවත් නම් දෙකක් විතරද? තරුණ ජීවිත දෙකක වටිනාකම් මේ තරම් ලේසියෙන් නොසලකා හැරිය හැකිද? ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ජානක හා සිසිත ගේ ආත්මයන් පාවාදෙන්නේ පෙසපෙ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවද?

ශිෂ්‍ය ව්‍යාපාරයේ සෝයුරනි, කේඩරයිනි, ජානක හා සිසිතගේ මරණයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින ලෙස අන්තරේ ශිෂ්‍ය නායකයන් වෙත බල කරනු!! 

33 comments:

  1. ඔවුන් නඩුවේදී කරුණු දැක්වීමටවත් පැමින සිටියේ නැති බව සහ ඒ පිළිබඳ විනිසුරුතුමා දොස් පැවරූ බව මා පුවත්පතක දැක්කා. ඇත්තෙන්ම ඔබ කියනා පරිදි මේ ගැන සොයා බැලීමට ඔවුන් සතු හැකියාව පොලිසියත් පරදන සුළුයි. ඊ නිව්ස් එකට ඇති උවමනාවවත් මොවුනට ඇති බව නොපෙනේ... තම සගයන් මේ ආකාර යැයි ඔවුන් දැනසිටියානම්....

    ReplyDelete
  2. සහෝ කොතනත් වෙන්නේ ඕකයි. අපේ කරක්ට් තේරුම් ගන්න බැරි දේත් ඕකයි. උඹට මතකද ලලිත් හා කූගන්ට උන දේ. නමුත් උන්ගෙම මහ උන් ඇල්ලිවම ඉස්සරහට එන්නේ එම්බසි වලින්. අරුන් ගැන හොයන්නේ අම්මා තාත්තායි ගෑණුයි විතරයි. මේ දරුවෝ දෙන්නට උනෙත් ඒකයි. මේ ඝාතනය් ලොකු වැරදීමක්නෙ. මොකෝ ටාගට් එක වැරදුන එකක්. නමුත් ඒ ට්ටගට් තමන් වෙනුවෙන් ජීවීත පුදපු එකේ ගුනයවත් දිබ්බද....

    දරුවනේ කාළකන්නීන්ට අහු වෙන්නේ නැතුව ඉංග්‍රීසියි පරිඝනකෙයි ඉගෙනගෙන ඩිග්‍රියක් අරන් මේ රටෙන් පිට වෙයන්. ඔය කළකන්නි දෙසරයක්ම උඹේ අයියලා අක්කල මරලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඉන්ග්‍රීසියි පරගණකයි ඉගෙන ගෙන රටින් පිට වුනාම ඔක්කොම හරියනවාද මාතලන්

      Delete
    2. රට හදන්න යන උන් හරක්. ඒක කට්ටියක් ලියාගෙන ඉවරයි.. තමන් හැදුනම හරි..

      Delete
    3. මේ රට හදන්න පුලුවන් විදිහක් හිතාගන්න හරිම අමාරුයි කලාමැදිරියා. උඹම කියන්නා වගේ අමාවක කලුවරට මොන කලාමැදිරි එළිද? රට කරන එවුනුයි, කරන ක්‍රමය වෙනස් කරන්න අරගල කරන එවුනුයි මේ වගේ නම් (මේ ලියන කියවන අපිත් සැබෑ අවස්ථාව ආවාම අවස්ථාවාදී වෙන හැටි රටටම පෙනෙයි, තාම අපේ අවස්ථාව ඇවිත් නෑ වගේ), ඇත්තටම තනි මිනිහෙක් මොකද කරන්න ඕනේ? මම ඔය මාතලන් කිව්ව වැඩේ කරලා ඉන්නේ... මිනිහෙක්ගේ ජීවිත කාලය, රට හදන්න, ජතිය හදන්න, ගමක් හදන්න සහ තමාගේ පවුල හදන්න කියන කාරණා වෙනුවෙන් කැප කරන්න පුළුවන්. රටකට ජාතියකට වඩා තමන්ගේ පවුලට ආදරය කරන එක වරදක්ද?

      Delete
    4. //දරුවනේ කාළකන්නීන්ට අහු වෙන්නේ නැතුව ඉංග්‍රීසියි පරිඝනකෙයි ඉගෙනගෙන ඩිග්‍රියක් අරන් මේ රටෙන් පිට වෙයන්// මේ වගේ පොන්න කථා කියන උඹ වගේ හාල් පාරුවෙක්ගෙ නම මාතලන් නෙ!!අර මැරුන මාතලන්ගෙ නමටත් නිගාවක්!!උඹ වගේ ආත්මාර්ථකාමී පිංගුත්තරයන්ට වැඩිය මේ මැරිච්ච උනුයි ‍වැඩ කරපු උනුයි ඉන්නව සැතපුම් ගානක් ඉස්සරහින්.මේකෙ රචකයාගෙන් මම ආයිත් ඉල්ලන්නේ මේ වගේ දේශපාලන පොන්නයින්ට ආතල් ගන්න දෙන්න එපා.උඹ මොකක් හරි දේශපාලනයක් වෙනුවෙන් පෙනී ඉන්න බව පේන නිසයි මේ කියන්නෙ.

      Delete
  3. මොවුන්ගෙ අහිංසක දුප්පත් දෙමව්පියන්ට කොච්චරනම් දුකක් ඇත්ද ? නමුත් පෙරටුගාමීන්ට නම් වසරක් පාසා සමරන්නට දෙයක් ඇත. කලු තෙල් පාරක් කෑව කියල මැරෙන්න හදපු උන්ට, මේ කොල්ලො දෙන්නගෙ වටිනාකමක් නෑනෙ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @ රචකයා - අඩුම තරමින් මෙම මරණ ගැන අවිශිබම ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද කියා ඔබ විමසා බැලුවාද?සමාජ වැඩක් නොකරන මාතලන් තිසර වගේ නිකමුන්ට ආතල් ගන්න බෝල් දාන්නෙ නැතිව යමක් ගැන හොයල බලල ලියන්න.පෙසප පූර්ණකාලීනයෙක් ලෙස වැඩ කල ජානක ගැන මේ නිකමුන්ට නැති වේදනාවක් ඔවුන් සමග මුලු ඇගෙන්ම එකට වැඩ කල එක පතේ කාපු එකට නිදාගත්ත සහෝදරයින්ට තියෙනව.ලංකා ඊ නිවුස් එකේ උවමනාවවවත් ඒ අයට නැහැ කියල කියන නපුංසකයන්ට ආතල් ගන්න දෙනවට වඩා දෙයක් ඔබ කල යුතු යැයි මා සිතනවා.

    - මාතර මහේශ්

    ReplyDelete
    Replies
    1. කරලා තියෙනවා බම්බුවක්.. නඩුවටවත් නෑ එකෙක්වත්. මේවා හොඳ පාඩම්.. නඩු කාරයට දුකක් තියෙනවා මේ දරුවෝ ගැන.. නමුත් එක දෙයක් කියන්න ඕන.. අන්තරේ සටනෙදි.. මහ උන්ට වඩා ඉඩ්ජ්හිරියෙන් හිටියා.. ඔහේට වඩා දෙයක් අපි මේ සමාජෙට කරලා තියෙනවා..

      Delete
    2. මචන් මාතලන් උබට දෙයක් කියන්නද දෑන් උබලාගේ ෆෑන්ටසියෙ උබලාම අතරම වෙලා කියලා අපිට පේනවා.
      උබලා බ්ලොග් අවකාශේ හරි අසාදාරනේට විරුද්දව කතාකරනවා.
      අවකාශේ අපි හෑමෝම ඵකට උබලට ගරුකරනවා.නමුත් පුතේ ගේම ඵතනින් ඉවර නෑ.
      ඈත්ත වෑඩේ යන්නේ මහපොලවේ.ඵතන කෙරුවාව අවකාශෙටවඩා සෑහෙන අවදානම්,සකීර්ණයි,වෑටීම් නෑගිටීම් බහුලයි.
      ඉතින් උබල ඵක ස්වායක්ත සිද්දියක් අරගෙන මහපොලවේ ඈත්ත කෑපවීම කරන උන්ට වාචාල ලෙස ගරහනවාට අපි විරුද්දයි.
      ඵකෙන් උබලාගේ වාචාල කම මිසක් මනුස්සකම මතුවෙන්නේ නෑ.
      අපිටනම් අන්තරේත් මේ මියගිය කොල්ලොත් රත්තරන් වගේ වටිනවා.මේ රටේ විචාරබුද්දියක් නෑති කලකන්නි විවේචකයන්ගේ බොරුකතා පස්සේ ගිහිල්ලා විහිලුකාරයෙක් වෙන්න ඵපා කියලායි උබෙන් ඉල්ලන්නේ.
      පොඩ්ඩක් ලූප් හෝඅලයාගේ පරන ලිපි කියවලා බලපන්.මූ සේවයකරන්නේ කොතනටද කියන ඵක තේරුම් ගනින්.මූ ලෝකේ පෙරලෙනවා කිව්ව හාවා වගේ බොරු කෙලිනකොට උබලා මූ පස්සේ පිස්සො වගේ දුවන්න ඵපා.

      Ano 2

      Delete
    3. //කරලා තියෙනවා බම්බුවක්.. නඩුවටවත් නෑ එකෙක්වත්. මේවා හොඳ පාඩම්.. නඩු කාරයට දුකක් තියෙනවා මේ දරුවෝ ගැන.. //

      නඩුවටවත් නැහැ එකෙක්වත් කියන එක පහදනවද?කරුණාකරල ලින්ක් එකක් සපයනවද?මේ 22 ඊලග නඩු දිනය තියනෙව.ඒකට කවුරු කවුරුත් යනව.සාක්ෂි දෙන්නම අවිශිබම අය ඉන්න.ඒ නිසා නිකම් නොදන්න බම්බු මෙතැන ගහන්න එපා.පිං සිද්ධ වෙයි.උඹේ සිගිති ආතල් එක උඹ වෙන තැනක ගනින්.තෑන්ක්ස්!!

      Delete
  6. හරකුනේ මේ ලූප් හෝලයාගේ තක්කඩි විවේචන පස්සේ දුවන්න උබලට පිස්සුද?
    පෙසපෙ අදාල ඝාතන සම්බන්දයෙන් ප්‍රමාවත් විදියට මෑදිහත් වෙන්නෑ කියලා ලූප් හෝල් කියන්නේ මොන හේතු මතද?කරුනු ඉදිරිපත් කරන්න.

    අන්තරේ උපරිම ශක්ති ප්‍රමානයෙන් මෑදිහත්වෙන බව දන්නවා.කරුමෙ කියන්නේ මේවා ජනතාව අතරට ගෙනයන්න ඔන මාද්‍ය අදාලා තොරතුරු පොල්කට්ටෙන් වහලා තියන ඵකයි.
    ලූප් හෝලයාට මෙතන තියෙන්නේ කුහක විවේචනයක්.
    ලලිත්-කුගන් ල ප්‍රබලතෑනක අතඅඩoගුවේ ඉන්න බවට ලොකු ප්‍රචාරයක් යනවා.ඵ් මිනිස්ස්සු දෙන්නාව නිදහස්කිරීමේ වගකිම නීතිවිරෝදී අත් අඩගුවේ තියන් ඉන්න උන් සතුයි.
    සිවිල් පුරවෑසියන් වශයෙන් පෙසපෙ හබයාස් කෝපූස් ඵකක අදිකරනයට ඉදිරිපත්න් කරීම සහා වඩාත් ප්‍රබල ලෙස මේ අකටයුත්තට ඵරෙහිව ජනමතය ගොඩනෑගීම තමා කරන්න පුලුවන්.ඵහෙම නෑතුව තුවක්කු අරගෙන ගිහින් නිදහස් කරගෙන ඵක කරන්න බෑ නේ.

    කුමාර් ගුණරත්නම් ටත් දුන්නේ ලලිත්-කුගන් ට දුන්න ගේම තමා.නමුත් කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියා පුරවෑසියෙක් නිසා ඵ්කට රාජ්‍යතාන්ත්‍රික මෑදිහත්වීමක් ගන්න අවස්තාව ලෑබුනා.ඵ් ආපු අන්තර්ජාතික පීඩනය නිසා බලදාරීන්ට කුමාර් ගුණරත්නම් ව නිදහස්කරන සිද්දවුනා.
    නමුත් ලලිත්-කුගන් ප්‍රශ්නයේදී ඵහෙම අන්තර්ජාතික සාදකයක් පාවිච්චිකරන්න චාන්ස් ඵකක් නෑ.

    මෙතන පොලීසියත් නීතිපතිත් කොයි කවුරුත් ඝාතකයන්ගේ පෑත්තේ.
    ඉතින් මේ තත්වය ඈතුලේ පෙසපෙ හරි වෙනකාගේ හරි ඉල්ලීම මත බොහෝම අවක පරීක්ශන පවත්වලා මිනීමරුවන් ඵල්ලුම්ගස් යවයි කියලා කවුරුහරි කෙනෙක් හිතනවානම් ඵ්ක හරී සුන්දර හීනයක් තමා.(මතක්කරගනිල්ලා ජූලන්පිටියෙ අමරෙ නාටකය,නන්දන බාලගේ මරපු උන් පාර්ලිමේන්තුත් ගිය නාටකය.ඔන්න රටේ සාදාරණය.නමුත් ඵහෙමයි කියලා අදිකරණ ක්‍රියාමාර්ග අතරින්න කියන්නේ නෑ )

    මේ නරුම ශ්‍රීලකා යූඈන්පී තක්කඩි පන්නලා දාලා මියගිය තරුණයින් දෙදෙන පෑතූ සමාජය බිහිකිරීමට පෙළගෑසීම තමා ඵ් කොල්ලො දෙන්නට අපෙන් දෙන්නපුලුවන් ලොකුම උපහාර‍ය.

    මෙතන ඉන්න ගොඩක් පන්ඩිතයො කොම්පීතරේ ඉස්සරහා පඩි තර්ක දෙසාබානවා මිසක් මේ අකටයුතුවලට ඵරෙහිව ඈත්ත ක්‍රි‍යාකාරීත්වයකට දායකත්වයක් නෑ නේ.නෙට් ඵකේ පොරටෝක් දෙනවාට වඩා ප්‍රායෝගික දේඅසපාලනය කොච්චර අමාරුද කියලා දන්නෑති නිසයි මුන් මෙහෙම ආතබූත කියවන්නේ.

    ReplyDelete
    Replies
    1. //මේ නරුම ශ්‍රීලකා යූඈන්පී තක්කඩි පන්නලා දාලා මියගිය තරුණයින් දෙදෙන පෑතූ සමාජය බිහිකිරීමට පෙළගෑසීම තමා ඵ් කොල්ලො දෙන්නට අපෙන් දෙන්නපුලුවන් ලොකුම උපහාර‍ය.//

      ඇත්ත ඒක තමා කරන්න පුලුවන් ලොකුම උපහාරය . . . ඒත් ඒක නොකරන එකනෙ වැඩේ

      Delete
  7. "නමුත් කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියා පුරවෑසියෙක් නිසා ඵ්කට රාජ්‍යතාන්ත්‍රික මෑදිහත්වීමක් ගන්න අවස්තාව ලෑබුනා.ඵ් ආපු අන්තර්ජාතික පීඩනය නිසා බලදාරීන්ට කුමාර් ගුණරත්නම් ව නිදහස්කරන සිද්දවුන"

    හහ්..හහ්..හා... රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම වලට ගෝඨා මිට කලිනුත් නිදහස් කරල තියෙනවා..අනේ පලයං බං යන්න... අහල බලපං ආමි එකේ ලොක්කෙක් ගෙන්...එක ඇඳේ හිටිය කුමාර්වයි දිමුතුවයි නිදහස් කලේ මොකද කියන එක තොපිට කෙලවෙච්ච දවසට තේරෙයි..බලාගෙන හිටපියවි ලෝක සිතියම දිහා...

    ReplyDelete
  8. අනේ ලූප් හෝල් උබලා පෙන්නන්නෙ උබලාගේ තරම.
    සිලුමිනෙයි විපරමෙයි තියන බේගල් කුණුහරප ඵ් විදියටම කොපි පේස්ට් කරලා උබලා පෙන්නන්නේ ම්හින්ද අබේසුන්දරලාගෙත් ලූප් හෝල් උබලගෙත් කිසි වෙනසක් නෑති බවයි.
    උබලා වගේ කටෙනුයි පුකෙනුයි කතාකරන පිස්සො කියන කතාන්දර සන්දානෙට කතිරෙ ගහන මී හරක් ඈහෑවුවට මොලේ කලදක්වත් තියන උන් දන්නවා උබලගේ පපුව කුණු උබලගේ කාලකන්නි කතා ගෑන.

    ReplyDelete
    Replies
    1. උඹලනෙ ජේවීපී එකේ ඉන්න කාලේ ලේක් හවුස් රිංගුවෙ. ම්හින්ද අබේසුන්දරලාගෙ කරේ අත දැම්මෙ. පව් උඹල ගැන. ඕවා බොරු කියල හිතනවා ඇරෙන්න වෙන මොනව කරන්න ද? ඇත්ත කියල හිතල බඩ කපා ගන්න කියලද?

      Delete
  9. ඇනොනිමස්වරුන් වෙත...

    ලූප් හෝල් ගේ ලිපිය සහ මා දුටු පුවත්පත් වාර්තා ඇසුරෙන් කොමෙන්ට් කලෙමි. ඔබ කියනා පරිදි අවිශිබම මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් ඒවා දැක්වීම පමණයි ඔබ කලයුත්තේ..... යමෙක් බොරුවක් පවසන්නේ නම්, ඒයට විරුද්ධව සත්‍යය පාවිච්චි කරන්න... ලියන, කියවන, සහ කොමෙන්ට් කරන එවුන්ගේ ජාතකය, නපුංසකත්වය ගැන ප්‍රශ්න කිරීමෙන් ඔබලාගේ ක්‍රියාමාර්ග වලට කිසිදු යහපතක් සිදුවේ යැයි සිතෙනවාද? තමන්ට මතවාදීමය පහරක් එල්ල කල අයෙකුට විරුද්ධව ඔබ නැගී සිටින විලාශය සිහිකරන්නේ විරුද්ධ වන්නන්ට 'දෙන්නම් ගේම' යන ආණ්ඩුවේම හැසිරීම නොවේද? යම් අදහසක් ඉදිරිපත්කර ඔබලාටද පැමිණ කැමති කැමති දෑ ලියා යාමට ඉඩදී ඇති අයෙකු,හොරෙක්, තක්කඩියෙක්, කාලකන්නියෙක් යන ඔබලාගේ විශේෂණ ද සැමගේ දැනගැනීම පිණිස පලකර ඇත... තමන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ අන් අයව දැනුවත් කිරීමටවත් වැදගත් මට්ටමේ උත්සහයක් නොගෙන, තමන් දන්නෑඅ දේ, තමන්ට කල හැකි දේ අන් අයට කල නොහැකි යයි පාරම්බාමින් ඔබලා හැසිරෙන 'තග්' විලාශය, ඔබලා පිලිබඳ පැහැදිලි චිත්‍රයක් කියවන්නාගේ හිතේ මවන අතර ලූප් හෝල් හි ඇති අදහස ද සත්‍යයක් බව පසක් කරවයි.

    පරිගණක දෝෂයක් මත ඇනෝනිමස් වීමට සිදුවූ මම කලින් කොමෙන්ට් කල 'තිසර' වෙමි.

    ReplyDelete
    Replies
    1. බොස් මේ නඩුවට අවිශිබම කවුරුත් ගියෙ නැහැ කියල කොහේ තියෙලද කියෙව්වෙ?දෙනවද බලන්න ලින්ක් එකක් කරුනාකරල?

      Delete
    2. // ඔබ කියනා පරිදි අවිශිබම මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් ඒවා දැක්වීම පමණයි ඔබ කලයුත්තේ.// කරුණාකරල මේක තේරුම් ගන්න.ඔයාල මේ බයිට් එකට අරන් තියෙන්නෙ අපිත් එක්ක හිටපු අපි ආදරය කරපු අපිත් එක්ක වැඩ කරපු සහොදරයින්ගේ ජිවිත දෙකක්.ඒ සහෝදරවරු වෙනුවෙන් අපි කරපු දේවල් හා කරමින් ඉන්න දේවල් අපි දන්නව.සත පහක සමාජ වැඩක් නොකරන නිකම්මු ටිකක් මෙතැන ඒ ගැන නොදන්න බයිල ගැන කියන කොට මිත්‍රය ඒක අපේ හැගීම් වලට ගහන පහරක් කියන එක මතක තියාගන්න.අවිශිබම මුකුත් කලේ නැහැ කියල ටයිප් කොරන්න ඉස්සර මොනවද කොරේ කියල හොයල බලල ටයිප් කොරන්න.දන්නෙ නැතිනම් ටයිප් නොකර ඉන්න.තැන්ක්ස්!!

      Delete
  10. අවිශිබම ආරක්ෂා කරන සොයුර,
    මම සිසිත් ප්‍රියංකරගෙ යාළුවෙක්. අවිශිබමට සම්බන්ධ වුනේ සිසිත හින්දා. මම නිර්නාමිකව ඉන්නේ ඔබ නිර්නාමිකව ඉන්න නිසා. එහෙම නැත්තම් අපි දෙන්නා නොදන්න විදිහක් නැහැ. ඔබ පැවසූ දේ ඇත්ත. මේ හැමෝටම වඩා අපිට කැක්කුමක් තියෙනවා අපිත් එක්ක එකට වැඩ කරපු යාළුවො ගැන. මට සිසිත් ගැන ලොකු වේදනාවක් තියෙනවා. මම වගකීමෙන් කියනවා අවිශිබම මල ගෙවල් වලට කරපු දේවල් ඇරුනහම ජානකගෙයි සිසිත්ගෙයි මරන ගැන වැඩක් ඇති කිසි දෙයක් කලේ නෑ කියලා. පුළුවන්නම් කියන්න අවංකව මොනවද කලේ මොනවද ඇතිවුනු සාධනීය දේවල් කියලා. අපිට තියන කැක්කුම අවිශිබමට එපිටින් ඉඳගෙන සංජීව සහෝදරයාව පාලනය කරන කට්ටියට ඒ අමාරුව නෑ. කවුද කිව්වා වගේ ඊනිවුස් එකට ඊට වඩා අමාරුවක් තියෙනවා. ධනපති පංති පාලකයෝ ඇමතියෙක් එයාගේ ඩ්‍රැයිවර් එක්ක අනතුරකින් මලොත් දෙන්නවම සමරන කොට අවිශිබම සැමරුමට ගහපු එකේ සිසිත්ගෙ නමවත් නෑ. ඒ අයගෙ පූර්නකාලීනව වැඩ කරපු ජානක ‍සහෝදරයා විතරයි ඉන්නෙ. මොකක්ද සහෝදරයා ඒ කුහක කම. මේ විදිහට ගියොත් අවිශිබම සංවිධානය කරන දේවල් වලට එන එක ගැන අපිටත් හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මොන සැමරුමට අවිශිබම ගහපු එකේද කොල්ලො සිසිතගෙ නම නැත්තෙ?කොල්ල රුහුණේද?සෑහෙන දෙශපාලන අවබෝධයක් තියෙන කොල්ලෙක් නෙව.අපි තාම මුන නොගැහුන එකයි මට පුදුමෙ :)

      Delete
    2. අවිශිබම කැළණියෙ සැමරුමට ගහපු එක පැටියෝ......පොඩ්ඩක් ඔය පැටියගෙ වතගොත කිව්වනම් මම ඇවිත් හම්බවෙන්නම්...

      Delete
    3. අනේ බන් මීටවඩා හොදයි ශ්‍රිලනිපෙ ඔපිස්ඵකේ කක්කුස්සිය කඩාගෙන කාලා ජීවත්වෙයන්.
      ඵ්ක මීටවඩා නම්බුයි.
      අවිශිම සසිතජානක සොයුරන්ගේ ඝාතන ගෑන කර ඈරලා ඉන්නවා කියන්නේ මොන සාදක මතද?
      කරුනාකර ඉදිරිපත් කරන්න.මේක ඔයාගේ අවලාදයක් විතරයි.
      අනික ඔයා සසිතගෙ යාලුවෙක් නෙවෙයි මේ බ්ලොග් ඵකේම ඵකෙක් කියලා ඔයා ලියන විදියෙන් තේරෙනවා.ඔයාලට පෙරටුගාමීන් ඵක්ක තියන දේසපාලන ඈරියස් ඵක නිසා අවලාද නගනවා මිසක් ඔය චෝදනාවල ඈත්තක් නෑ.අන්තරේට මිනීමරුවන් අල්ල ඈවිත් ගස්බදින්න බෑනේ.ඔවුන්ට වෑඩකරන්න වෙලාතියෙන්නේ නිදාවෑටෙන පක්ශග්‍රාහි පොලිසීය,බාදාවලින් හිරවෙලා තියෙනවා යෑයි විනිසුරන්ම කියන අදිකරණය කියන පසුබිම ඈතුලෙයි.
      ජනතාව මේ තත්වය තේරුම්ගතයුතුයි.බලය රෑකගන්න මේ රටේ දරුවන් ඵකෙක් නොව ලක්ශයක් හරි මරන්න සූදානම් බලලෝබී නයාකයන් ප්‍රතික්ශේප කලයුතුයි.

      Delete
    4. ශ්‍රීලංනිපෙ කක්කුසියෙ මුකුත නෑ උඹල කාලම ඉවර වෙලා. ටෝක්ස් දෙන්නෙ නැතුව කරුණාකරල කියන්න අවිශිබම කරපු දේවල් හා මොනවද ලැබුනු දේවල් කියලා කියපං මුි දෙන්නගෙ ඝාතන වලට, නිකං සක්කිලි වැඩ කර කර කියවන්නෙ නැතුව. උඹලා හිතන් ඉන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ඉන්න ඔක්කොම ජෙප්පන්ගෙයි පෙරට්ටන්ගෙයි පස්ස ලෙවකකාක ඉන්න ඕනෙ කියලද? මිනී විකුණගෙන කන්නෙ නැතුව උන් දෙන්න වෙනුවෙන් කෑ ගහපියව්. මං කතා කලේ සිසතය හින්ද. නැත්තම් උඹ මලත් උන්ගෙන් වෙන්න ඕකම තමයි නරියො.ඒක තෙරුම් ගනිං.

      Delete
    5. අර සිසිතගෙ පින්තූරය නැහැ කිව්ව ගොං කොල්ලට.ඔයා දැකල තියෙන්නෙ රත්තරං කැලනිය මහා ශිෂ්‍ය සංගමයෙන් ගහපු එක.මහා ශිෂ්‍ය සංගමය එයාලගෙ සභාපති වෙනුවෙන් ගහපු එකක් පැටිය දැකල තියෙන්නෙ.

      http://www.facebook.com/photo.php?fbid=292157354222838&set=a.292156704222903.57318.175313902573851&type=1

      සැමරුම්වලට අදාල පින්තූර මෙතන තියෙනව.කැළනිය සැමරුමෙ මම හිටිය.ඒකෙදිත් දෙන්නවම සැමරුවා.

      http://www.facebook.com/iusfsrilanka

      අනිත් කැම්පස් වල මේ දෙන්නවම සිහිකරපු හැටි මේ වගේ ෆොටෝ වලින් බලන්න පුලුවන්.රත්තරං උඹ රුහුණෙ කොල්ලෙක් නෙමෙයි කියන එක මට හොදට තේරෙනව.මේක ලියන රචකයා දාපු ඇනෝනිමස් කොමෙන්ට් එකක්වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩියි.මේ වගේ පොන්න වැඩ කරන්නෙ නැතිව‍දේශපාලනය දේශපාලනයෙන් විවේචනය කරන්න කියන එක විතරයි මේකෙ රචකයාට මට කියන්න තියෙන්නෙ.

      Delete
    6. දැන් අවිශිබම දෙන්නවම සමරලා තියෙනව කියන එකට මම සාක්ෂි ෆො‍ටෝ සහිතව ඉදිරිපත් කලානෙ.කොන්දක් තියෙනව නම් තමුන් බොරු කිව්ව කියල කියපං මිනිහෙක් වගේ!!

      Delete
    7. සාක්කිත් එක්ක ඔප්පුකරල තියෙන්නෙ උඹල කරන්නේ උන්ව සමරන එක විතරයි කියලා තමයි. උන්ගෙ මරනෙ උඹලගෙ ටෝක්ස්වල්ට විකරයි ඕනෙ. සිසිතයගෙ මිනිය උඹල විකුනන හින්ද තමයි අපිටත් තියෙන අමාරුව. උඹ දන්නවද ඔය ජාකක සහෝදරයගෙ විතරක් පොටෝ දාපු හින්ද කැලනියෙ වෙච්ච දෙවල්වත්. සටන් කරන්න ඉගෙන ගනින් එක පත කාපු සහෝදරයා වෙනුවෙන්. මම රුහුණෙ කොල්ලෙක් නෙමෙයි කියන එක උඹට හොදට තේරෙනවද. හොඳ පුතා ඔය හීනෙම ඉඳපන්.

      Delete
  11. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ වාගේ සංවිධාන හැමදාම වැඩ කරන්නේ මේ විදියට තමයි. 89 දී තමන්ගේ පක්ෂය වෙනුවෙන් සටන්කරලා හමුදාවෙන් පොලිසියෙන් මැරුම්කාපු එකෙක් වෙනුවෙන්වත් යුක්තිය ඉටු කරන්න ජවිපෙ නායකයන්ට උවමනාවක් තිබ්බද? ඔය පෙරටුගාමි කුමාර් ගුණරත්නම්ලා ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉන්නකොට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 39ක් හිටියා. කැබිනට් ඇමැති ධූර 4ක් එක්ක ඇමැතිවරු 8ක් හිටියා. අඩුතරමින් තමන්ගේ දරුවෝ පැහැරගෙන ගිහින් මරාදාපු මිනමරුවන්ට එරෙහිව කටයුතු කරපු දෙමාපියන්ට උදව් කරන්න එක නීති ආධාර වැඩපිළිවෙළක්වත් ඇති කළාද? පක්ෂය හැටියට ඒ පැහැරගැනීම් මරා දැමීම් ගැන එක නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තාද?අඩු තරමින් තමන්ගේ නායකයෝ මරාදාපු උන්ගැන හොයන්න එක කොමිසමක් පත් කරගන්න උත්සාහයක් තිබුණද? 89 දී මේ රටේ 60000ක් සංහාරය වුණා. නමුත් ඒ 60000 ඝාතනය වීම ගැන වගකිව යුතු එක අපරාධකාරයෙක් හෙළිදරවුකරන්න ජවිපෙට( දැන් ඉන්න පෙරටුගාමීන්ද ඇතුළුව) අවශ්‍ය වුණාද? නැහැ! ඇයි ඒ ! ඒවා ගැන හොයන්න ගියොත් ධනපති පාරලිමේන්තුවේ වරප්‍රසාද භුක්ති විදින්න වෙන්නේ නැති බව ජවිපෙ දන්න නිසයි. කෝ මේ 60000ක් ඝාතනවලට වගකිව යුතු මිනී මරුවෝ! ධනපති රාජ්‍ය සහ ජවිපෙ නායකත්වය අතර අප්‍රකාශිත සම්මුතියක් තිබුණා. ඒවා ගැන කතා නොකර ඉන්න. ඒකට ජවිපෙට ලැබුන තෑග්ග තමයි පාර්ලිමේන්තුවාදී වරප්‍රසාද. මේ පාවාදීම ජවිපෙ පහල සාමාජිකයන් සහ 89 දී මියගිය අයගේ හිතවතුන් හමුවේ‍ සෝමවංශලා, ටිල්වින්ලා, විමල්ලා, කුමාර් ගුණරත්නලා එක පෙලට ඉදගෙන එදා යුක්ති සහගත කෙරුවේ උපක්‍රමික ස්ථාවරයක් ලෙස.
    අන්තරයේ දෙන්නගේ මරණ හමුවේ පෙරටුගාමී පක්ෂයේ ස්ථාවරයත් මේකමයි. කුමාර්ලාටත් පාර්ලිමේන්තු දේශපාලනයෙන් එයාට යන වැඩපිලිවෙලක් දැක්මක් නැහැ. තව ටික දවසකින් එයාලත් මැතිවරණවලට ඉදිරිපත් වෙයි. ඒ දේශපාලනයට වෙනුවෙන් මේ මරණ ගැන කතා කරන එක හානියක්. අන්තරේ සිසුන්ට මේ මරණ ගැන පුළුල් විරෝධතවකට යන්න උවමනාවක් තිබුණත් කුමාර්ලා ඒක පස්සට ඇද්දා. මේ මරණ රජය විසින් කරපු ඒවා කියලා ප්‍රකාශකරලා ඒවා හෙළා දකින්න තාමත් පෙරටුගාමි පක්ෂයට බැරිවුනේ නිකම්ම නෙවෙයි.
    කුමාර්ලා මේ කරන්නේ 89 දී මැරුණ එවුන්ට කරපු දේමයි.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් රචකයා මාර හිගන්නෙක්.තමුන් බ්ලොග් පෝස්ට් එක දාගෙන තමුන්ම කොමෙන්ට් දාගන්නව.ඔයාගෙ කුර සටහන් දෙකට බෙදිල ‍ලොක්ක.ඊලග පාර කමෙන්ට් එකක් දානකොට වෙන විදිහකට දාන්න පුරුදු වෙන්න.:)

      Delete
    2. උඹලනේ බං හිගන්නෝ!
      කාලයක් ජේවීපි ලොක්කෝ කියන කොට උඹලා කිසි විචාරයක් නැතිව චන්ද්‍රිකාටයි මහින්දටයි කඩේ ගියා. ඊළගට සරත් ෆොන්සේකාට කඩේ ගියා. චන්ද්‍රිකාට කඩේ යන කොට උඹලවාගේම පොරටෝක් දි දී ඒවා විවේචනය කරපු උන් ගරහපු මහලොකු විප්ලවවාදියෝ දැන් කොහෙද ඉන්නේ. ඒ සෙට් එක කැම්පස්වලින් අවුට්වෙනකොට ආපු ඊළග සෙට් එක ලව්වා මහින්දයට පෝස්ටර් ගැස්සෙව්වා. ඒවා සාදාරණිකරණය කලේ අරගලයේ ප්‍රායෝගිකත්වය ගැන කිය කිය. ඒවා විවේචනය කරපු එවුන්ටත් තොපි අද වාගේම මඩ ගැහැව්වා. ඊට පසසේ සරත් පොන්සේකා....
      මේ එක්කොම කරලා කෙළවුනාට පස්සේ එළියට ඇවිත් අපි "ප්‍රයෝගිකත්වයට ජාතිවාදයට යටත් වුණ එක වැරැද්දක්. " කියලා මහ ලොකුවට තෙපරබානවා, හරියට කවුරුවත් නොදැන හිටි දෙයක් කියනවා වාගේ.
      2005/2008 කාලයේ සිසු උද්ඝෝෂනවලට එල්ලවෙච්ච ම්ලේච්ඡ ප්‍රහාර ගැන අඩුතරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නවත් තොපේ පක්ෂ නායකයෝ ඉඩ දුන්නද? ස්වාධිනව වැඩ කරන්න හදපු එවුන්ට ස්වයං විවේචනය කරනන වුනේ නැද්ද?

      Delete
  12. Loopholes can compose whatever the crew wants as blog-posts or under the comments. But we have no fear to add our name on it, if we do so. Don’t assume that all the comments have to be posted against the Loopholes as your wish. Anyway, questioning the ownership of other’s writings is ludicrous keeping your anonymity.

    ReplyDelete