A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කියනකං හිටයෙ... විජ්ජො... අපි බහින්නම් පාරට හෙටම


විමානෙ රජ වෙන්න බලං හිටිය යකා හිටියෙ ගුහාවෙ හිරවෙ‍ලා. රතු හැට්ටයො බලං හිටියෙ යකාගෙ පිහිටෙන් ගොඩ යන්න. යකාට කිව්වා ‘යකෝ අපි උදව් කරන්නං වරෙං එලියට’.  නැකැත් බලල ගැහුවා ගිවිසුම් යකත් එක්ක. යතුරු කප්පන්නං, කරෙන් උස්සන්නං බැරි උනොත් දොර කඩන්නං උළුවහුත් බිඳින්නං කිව්වා. නන්නත්තාර වෙලා හිටිය යකාව ගත්ත ගුහාවෙන්. යකා රජ උනා විමානෙ.

යකාට ඇති වෙනකම් රතු හැට්ටයොත් හිටයෙ යකා ළඟින්මයි. අත පය තැව්වා, පවන් ගැහුවා, කොන්ඩෙ කැපුවා, නෑව්වා, පස්සත් ලෙව කෑවා. යකා ඉතිං ඇති වෙනකම් රට කෑවා රට වැසියන්ව කෑවා. යකාට වැඩක් නැතිවෙනකොට රතු හැට්ටයෝ එළියට විසිවුණා.

රට ඉවරයි. යක් රජ හැම තැනම පත බෑවිලා. නීතිය යුක්තිය මනුස්සකම් යට කරගෙන වංචාව දූෂණය වගේම හැම අලුගුත්තේරු වැඩක්ම යකා උඩට ගත්තා. යකාට ඉහළින් කාක්කෙක්ටවත් යන්න දෙන්නෙ නෑ. ලේ වලට පුරුදු වෙච්ච යකා ලේ පිපාසෙන්. ගස්සෝනවා. උස්සනවා. හප්පනවා. මරණවා.

මෙන්න යකෝ එකපාරටම විජිත හේරත් කියපි ‘දැං ඉතිං බලං හිටිය ඇති. ජනතාවට පාරට බහින්නයි තියෙන්නෙ’ කියලා (හත්වලාමේ සෝමවංශ පහුගිය දවසක  ‘ඊජිප්තුවෙ වගේ විප්ලවයක් කරනවා’ කිව්වෙ මේක වෙන්නැති ).

යකාගෙ කෙළියක්නෙ මේක. මුං පොර ටෝක් දිදී මඟුල් බෙර ගහලා එක එකාව බලයට ගේනනයි. මුංගෙ අවස්ථාවාදයට (මේකට කුමාර් මහත්තය අපිට කිව්වෙ ‘උපාය මාර්ගයක් මහත්තයෝ..... උපාය මාර්ගයක්’) කෙළවෙන කොට ජනතාවට පාරට බහින්නයි.

මහින්ද රාජපක්ෂව රජකීරීම සම්බන්දයෙන් සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ ‍දැන් තුන්‍ පොලක හිටගෙන ඉන්න සෝමවංශ-විමල්-කුමාර් තුන් කට්ටුව. තමං කරපු දේවල් වල පල විපාක වලින් මුළු රටම විඳවන කොට, තමුන්නාසෙලාට සදාචාරයක් කියල දෙයක් තියනවද මහත්ත‍යෝ ආයෙමත් අපිට පාරට බහින්නැයි කියන්න.

කියනකං හිටයෙ... විජ්ජො... අපි බහින්නම් පාරට හෙටම...

විජිත් හේරත්ගෙ තපුල්ලෑමෙන් කෑල්ලක්:

“එනිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. රටේ මතුවෙලා තිබෙන තත්වයක් සුළුපටු දෙයක් නෙවෙයි. අභාග්‍ය සම්පන්න තත්වයක් එනිසා මෙම ඇතිවෙමින් තිබෙන අරාජිකත්වයෙන් රට මුදාගැනීම වෙනුවෙන් මැදිහත්වීම ජනතාවගේ වගකීමක් ලෙෂ අපි දකිනවා. වියරු වැටුන ආණ්ඩුවේ මෙවැනි අමානුෂික ප‍්‍රහාරයන් වැලැක්වීමට ජනතාව අවශ්‍ය මැදිහත්වීම සිදුකළ යුතුයි“

3 comments:

  1. ප්‍රේමෙට ඇස් පනාපිට පලදුන්නේ එයාම කරපු දේවලට.ජනතාවගේ විලාපයන් දැන් කෙනාට පලදෙන්න පරක්කු වෙන්නේ ඔබ කියපු හැත්තට බාගයක් යන නිසයි.

    ReplyDelete
  2. මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නෑ..... නියම ජඩ දේශපාලනය

    ReplyDelete
  3. දැන් ඉතින් පාරට බැහැලා වෙඩි කාපල්ලකෝ. මුං හීන මවං ඇති දැන් අහිංසක කොල්ලෝ පාරට බැහැලා ජීවිත දීලා මුං‍ ට ආයිමත් පාර්ලිමේන්තු බත් පැකැට් ගිලින්න චාන්ස් අරං දෙනකම්

    ReplyDelete