A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පිස්සු ගුසි



අන්තර්ජාතික ගුසි (GUSI) සාම ත්‍යාගය පියවි සිහියෙන් දෙදාස් දහය වසරේ දී ලංකා රජයේ හමුදාවේ ඉහළ නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ වෙත පිරිනමන ලදි. ජනඝාතක යුද්දය කිහිපයකට  දායක වූ මේජර් ජෙනරාල්වරයෙකුට සාම සම්මානයක් දීම අරුමයක් නොවේයැයි උපකල්පනය කළේ සාම මණ්ඩලයේ සභාපති බැරී එස් ගුසි සාමය ඉගෙන ගත්තේ ලංකාවේ හෙළ උරුමයෙන් හා දේශහිතෛෂීයන්ගෙන් සිතූ බැවිනි. දෙදාස් දොලහ වසරේ දී දීපිකා ප්‍රීයදර්ශනී ගායිකාව වෙත ඈ ගැයූ මහින්ද චන්ද්‍රෙස්කරයන්ගේ ‘සරෝජා‘ ගීතය වෙනුවෙන් සාම ත්‍යාගය පිරිනමන ගුසි සාම මණ්ඩලය මේ මොහොතේ නම් සිටින්නේ අවසිහියෙනි. එසේ පවසන්නේ දීපිකා ගැන අබමල් රේණුවක් තරම්වත් ඇති අහිතකින් නොවේ. මේ සඳහා වඩාත්ම සුදුසුම  තැනැත්තිය ඈ වන බව නොඅනුමානයි.

එහෙත් සරෝජා මගේ දුවේ.........  සරෝජා මගේ දුවේ.........   යැයි කිඹුල් කඳුළු හෙලමින් බෙරිහන් දුන්න ඇයට මේ සාම සම්මානය ලබාදිය යුත්තේ සරෝජලා දහස් ගානක් ෂෙල් ගසා මරා දැමූ ආණ්ඩුවේ මිනීමරු හමුදාවට ‘මුර දේවතාවා නුඹයි‘ යනුවෙන් ඈ ගැයූ ප්‍රශස්ති ගීතය වෙනුවෙනි.  නැත්තම් මේජර් ජෙනරාල් වයි විශාරද ගායිකාවයි එකට තියන්න බැරි කිචියක් අපේ ඇඟට දැනෙනවා..... දැනෙනවා.....වගේ.

මුර දේවතාවා නුඹයි හිමියනේ
දියගොඩ අහස ලක්බිම පියස
සුරකින දෙඇස නුඹමයි රහස
මගෙ හිමියනේ
මුර දේවතාවා නුඹයි හිමියනේ

අවි වැසි රඳන මහ වන ගහන
රුදු රළ බිඳෙන සමුදුර ගගන
රට ජාතියට උවටැන් කරන
මටත් මගෙ දූ පුතුන්ටත්
ආඩම්බරයි නුඹ හිමියනේ

රුපු ඔද බිඳුම පමණම නොවන
මහ පින්කමකි රට දැය රැකුම
ගේ දොර අඩුව ඉවසමි සොඳිණ
මටත් මගෙ දූ පුතුන්ටත්
ආඩම්බරයි නුඹ හිමියනේ

ගීතය ලිව්වේ ‘ආයුබෝවන් මහරජානෙණි‘ ගීතය ලියූ සුනිල් ආර් ගමගේ.

එහෙමත් නැත්තම් අමරසිරි පීරිස් සමඟ ඈ ගයන මේ රණවිරු උපහාර ගීතයට ද (පහලින් ඇති ලින්ක් එකෙන් බලන්න) මේ සාම සම්මානය ලබාදිය හැකිය. දෙන්නටම දෙන්න ඕනෙ නැත්තම් එක්කෙනෙක් ගෙන් නඩුවක් වැටෙන්න පුළුවන්.


ගුසි ට පිස්සු. අපිට පව්.

3 comments:

  1. ඕක දෙන්න තව අය ඉන්නවා

    ReplyDelete
  2. ඇයි ඉතින් ඔය මාතෘකා දෙකටම, එක්කෙනෙකුට සිංදු කියන්න බැරි? ගායනා කරන ගීතය තමන්ගේ ජීවන දර්ශනය වෙන්න ඔනේ නැහැනේ. ගුරුවරියක් තමන්ගේ සිසුවිය වෙනුවෙන් හැඬීමත්, බිරිඳක් යුද්ධයට ගිය තමන්ගේ සැමියා වෙනුවෙන් හැඬීමත් අපේ රටේ ගැහැණියට පොදු අත්දැකීම්.

    හැබැයි ඉතින් මහින්ද හතුරුසිංහට ලැබුණු ගුසි, දීපිකාගේ සරෝජා වෙත ලැබීම නම් පොඩ්ඩක් කිචි කිචි වගේ තමයි.

    ReplyDelete
  3. මේ රටේ ගොන් චන්දදායකන්ව රවට්ටනවා වගේ ගුසීවත් රැවට්ටුව මුන්. මිනීමරුවන් සහ කුණු රෙදි හෝදන පහත් පෙලේ කලාකරුවන් රජවුනු රටක බුද්ධිමතුන්ට සහ යහපත් මිනිසුන්ට තැනක් නැහැ.

    ReplyDelete