A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හය විතරක් ඇතිද



අධ්‍යාපනයට හය ඉල්ලන අයයි හය නොදෙන අයයි දෙන්න හදන අයයි විවිධයි. හදිස්සියේ මේ හය මේ අයට මතක් උනත් ජාත්‍යන්තර දර්ශකයක් විදිහට දළ ජාතික නිශ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීම කාලයක් තිස්සේ සම්මත දෙයක්. ඊට අමතරව සාක් රටවල අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් යුනෙස්කෝ ඉදිරිපත් කළ වැඩපිළිවෙලට ලංකාවත් 2009 දී මේ සියයට හයේ කතාවට අත්සන් කළා.  

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විනාශ වෙලා ඉවරයි. එය ගොඩගැනීමට සමස්ථය තුළම බුද්ධිමතුන්ගේ රැඩිකල් මැදිහත්වීමක් ඉක්මනින් ම අවශ්‍යයි. සමහරවිට ඒ සඳහා සියයට හයත් මදි වේවි. ඒ වගේම පහතින් සඳහන් වීනාශයේ උපරිමයට ගිය තැන් සළකා බැලුවහොත් මූල්‍ය ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ වැඩපිළිවෙල, ප්‍රමිතිය, කළමණාකරනය හා ව්‍යුහය පිළිබඳ ගැටළුවක්.

උසස් පෙල ප්‍රතිඵල අර්බුදය
සමස්ථ විභාග පරිපාටියේ අර්බුදය
පාසැල් සඳහා ළමුන් ඇතුලත් කිරීමේ අර්බුදය
පෞද්ගලික පාසැල්  ව්‍යාපාරික ස්ථාන බිහිකිරීම
නොමිලේ පාසැල් අධ්‍යාපනයට එරෙහිව ප්‍රමිතියකින් තොර ටියුෂන් අධ්‍යාපනය
පාසැල් ගුරුවරුන් අධ්‍යාපනය ලබාදීම පීළිබඳ තමන්ගේ වගකීම් පැහැරහැරීම
ගමේ කුඩා දුෂ්කර පාසල් වසා දමා නාගරික විශාල පාසැල් සංවර්ධනය
දේශපාලන මැදිහත්වීම්
පෞද්ගලික විශ්ව  විද්‍යාල පිහිටුවීම සඳහා අවසර දීම
යල් පැන ගිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය වර්තමානයට ගැලපෙන සේ වර්ධනය/වෙනස්-  නොකිරීමේ අර්බුදය
පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක නොකිරීම

එජාපයේ දයා ගමගේ හදිසියේම මේ සියයට හය එජාපය බලයට ආවොත් දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා යැයි ඊයෙ මාධ්‍යවල තිබුණා. හය ඉල්ලන්න හදිසියේ කට්ටියට මතක් උනා වගේම හය හය දෙන්න හදිසියේ මතක්වුණ එජාපය බලයේ සිටි ඒ දවස්වල අධයාපනයට වෙන් කරපු ප්‍රමාණය මීට වඩා වැඩි වෙනසක් නැහැ.  රාජ්‍ය අධ්‍යාපනය විනාශකිරීමේ මූලික අඩිතාලම් වැටුනේ එජාපයෙන් බව කවුරුත් දන්න කාරණයක්.

ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ ප්‍රමාණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස:

1970 - 3.98%
1975 - 2.75%
1980 - 2.70%
1985 - 2.58%
1998 - 3.05%
2005 - 2.59%
2006 - 2.67%
2007 - 2.59%
2008 - 2.27%
2009 - 2.08%
2010 - 1.86%

අධ්‍යාපනයට අවම වශයෙන් දල ජාතික නිශ්පාදනයෙන් සියයට හයක් වෙන් කිරීම අවිවාදයෙන්ම වියයුතු දෙයක්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ මේ සටන ජයග්‍රහනයෙන් කෙලවර විය යුතුයි. ඒ වගේම හය ඉල්ලන ආචාර්ය සංගමය රාජ්‍ය අධ්‍යාපනය ගොඩ ගැනීමට ඉන් එහාට ගිය වැඩපිළිවෙලක් සහිතව පැමිණීමත් අත්‍යාවශ්‍ය දෙයක්.

7 comments:

  1. මමනම් පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවට කිසිම විරුද්ධත්වයක් නෑ. ඒත් ඒක කරන්න ඕන රජයේ විශ්විද්‍යාල දංගෙඩියට දක්කලා නෙමෙයි.

    මට හිතෙන විදිහට 6%ක්ම ඉල්ලන එකට වඩා අවදාරණය වෙන්න ඕන දැන් වෙන් කරන ගණනට වඩා වෙන් කරන්න කියලා [ඔබ දක්වල තියෙන දත්ත වලින් පේනවා ඒක ක්‍රමිකව අඩු කරලා තියෙන බව]. අඩුම ගානේ 3%ක්වත්. මොකද රටක අධ්‍යාපනය කියන්නේ ඒ රටේ පදනම. කවුරු මොනවා කිව්වත් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ඨික මට්ටමට සාපේක්ශව සෞඛ්‍ය තත්ත්වය [ළඳරු මරණ අනුපාතය, ජිවන අපේක්ශාව], ශාක්සරතාව ඉහළ මට්ටමක තියෙන්නේ ලංකාවේ නොමිළේ ලබාදෙන අධ්‍යාපනය නිසා. ඒත් මේ තත්ත්වයයෙන් ගියොත්නම් අපි නවතින්නේ ස්වාසිලන්තයටත් පහළ මට්ටමක. සමහර විට පාලකයන්ටත් අවශ්‍යව ඇත්තේ ඒක වෙන්න පුළුවන්.


    ReplyDelete
  2. මේ බ්ලොග් ලියන උන්ට පිස්සු. මොන අධ්‍යාපනයක්ද බන් මමනම් කැම්පස් නෙමෙයි ඉස්කෝලත් වහල දානවනම් මනාපයි. දුප්පත් උන්ට සල්ලිත් නැත්නම් මොන අධ්‍යාපනයක්ද බන්...

    මෙන්න මම මාලන්ට දාපු කොමෙන්ට් එක..

    // ඔහේට වැරදිලා ලොක්කා.. බිහිවෙනවා, ගුණපාලලා නෙමෙයි, හිරුණිකාලා, නාමල්ලා, යෝෂිතලා, මාලකලා, ජෙහාන්ලා, අනුරුද්ධලා, දිලුම් (දරුවන්ට ගැලපෙන නම්. මෙහේ නෙමෙයි ඔට්ටේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ ඉස්කෝලවල. ඔය නිදහස් අධ්‍යාපනය දීලා, පාසල් හදලා, විස්ස විජ්ජාල හදලා, දැණුම හැමේකාටම දුන්නේ පර සුද්දානේ. මූසල හැත්ත. නැත්නම් ඉති දිසාපාමොක්ලා ගාව ඉගෙනගන්නේ කුමාරවරු විතරනේ. මට ඔය පර සුද්දා අදත් පෙන්නන්න බැරි ඒකනේ. අපිත් ඉස්කෝලේ යන්න ඕන විභාග පාස් කොරන්න ඕන. මළ වදේනේ. නැත්නම් අමුඩයක් ගහගෙන කුඹුරක් කොටලා, රෑට විටක් කාලා සෙල්ලමක් දාලා, කුමාරයා හඳට යනකොට කුඹුරේ ඉඳන් අමුඩේ ගලවලා වනන්න තිබුනනේ. //

    ReplyDelete
  3. මා කලින් මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීම සුබදායක දෙයක් ලෙස දැක්කත්, ලංකාවේ ව්‍යාපාර කෙරෙන ආකාරය දැකීමෙන් එම අදහස වෙනස් කර ගත්තා. Crony capitalism ක්‍රමයක් ක්‍රියාත්මක වන ලංකාවේ පිහිටු වනු ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිකම් ම නිකම් උපාධි කඩ බවට පත් වීම කිසිකෙනෙකුටත් වැළැක්විය නොහැක්කක්. එම නිසා මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමට ඉඩ නොදිය යුතු යි.

    බැරිවෙලා වත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කෙරුණොත්, දැනට රජයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහි වන වෛද්‍යවරුන්ගෙත් ගුණාත්මක භාවය දියාරු වීමට වැඩි කලක් ගත වන්නේ නැහැ.

    ReplyDelete
  4. රජයේ නීති විද්‍යාලයේ ජනාධිපතිගේ පුතාට විභාග ප්‍රශන පත්‍ර කලින් දීලා, ඌට තනියම කාමරයකුත් දුන්නා විභාගයට ලියන්න. ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල ගැන මොන කථාද? මේ තක්කඩි සල්ලිකාරයොන්ට සහ දේශපාලකයොන්ට අධ්‍යාපන සහතිකයක් කියන්නේ උන්ගේ මැටිකම වහගන්න සැරසිල්ලක් විතරයි. නමුත් දුප්පත් එව්වොන්ට ඒක ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්.

    ReplyDelete
  5. ෙම්ක ෙගාඩගන්න පරක්කු වැඩියි

    ReplyDelete
  6. මීට කලින් පොස්ට් එකකට කොමෙන්ට් කරපු එකෙක් කියලා තිබ්බා එරිත්‍රියාව කියන්නේ "වැදි ගෝත්‍රික" රටක් කියලා.

    "යකෝ ඵරිත්‍රියාව කියන්නේ අමුම අමු වෑදි රටක්. ජීවිතේටම ඵකම ඵක චන්දයයි පවත්වලා තියෙන්නේ. අද්‍යාපනේට වෙන්කරන්නේ ජාතික ආදායමෙන් 1.6යි(කොටින්ම ලකාවටත් වඩා අඩුයි )රටේ තෙල් තියනවා.ඔක්කොම තෙල් ගන්නේ බහුජතික සමාගම්.මාර සමාජවාදී රටක්නෙ බන්.ඵරිත්‍රියා වෑද්දො ගෑන කියන්න ගොඩක් දේවල් තියනවා බන් ලියන්න ඉඩ මදි."

    නමුත් මූ මෙතන කියන්නේ බොරුවක්. 1991 දීඉතියෝපියාවෙන් නිදහස් වෙනකොට එරිත්‍රියාවේ අධ්‍යාපනය සදහා ඉතියෝපියානු පාලකයන් විසින් වෙන් කලේ දල ජාතික නිෂ්පාදිතයෙන් 1.49%ක් විතරයි. 1970 සිට 91 දක්වාම කාලය තුළ මේ 1.49% වෙනස් වුනේ නැහැ. නමුත් 2005 වන විට එරිත්‍රියාවේ නිදහස් පාලනය යටතේ වැය කරන මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් 2.72% ක් දක්වා වැඩි කරගැනීමට ඔවුන් සමත්වෙලා තියෙනවා. බරපතල ආක්‍රමණ ඉතියෝපියාව විසින් කීපවරක්ම දියත් කර ඇති විටෙකත් ඔවුන් මෙම වර්ධනය පවත්වාගැනීමට සමත්වෙලා තියෙනවා.

    2005 වන විට මේ " ගෝත්‍රික වැදි" පාලනය ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට වඩා අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය වැඩි කරලා තියෙනවා. එන්නම එන්නම අධ්‍යාපනයට කෙරෙන කප්පාදුව වැඩිවන ආකාරය අනුව, ගෝත්‍රික සමාජයක් කරා යමින් සිටින්නේ කවුදැයි පැහැදිලියි.
    එරිත්‍රියාවේ තෙල් සම්පත ගැන කියන කතා අමූලික කෙප්ප. ඇත්තෙන්ම ඒක නියගයෙන් පීඩා විදින කෘෂිකාර්මික රටක්.

    ReplyDelete